IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි

ඩයනා උදයංගනී
 
රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි ලෙස භාවිතා කරන විට ආණ්ඩුව එය පාලනය නොකිරීම වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

 
නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම මෙන්ම කවුරුන් හෝ එය වැරදි ලෙස භාවිතා කරන විය පාලනය කිරීමත් යහපාලනය බව අමාත්‍යවරයා ස`දහන් කළේය.
 
ආණ්ඩුව සිංහල ජාතිය වෙනුවෙන් පෙනී නොසිටින, වෙනත් ජාතීන්ට පමණක් සළකන, රණවිරුවන් දඩයම් කරන, රට බෙදන එකක් බව ඇතැමුන් රැස්වීම්වල කියද්දී ඒවා නැවැත්වීමට හා නිවැරදි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබූ බව ද මහලේකම්වරයා ස`දහන් කළේය.
          
 ගිනි ඇවිලවූ ඇතැමුන් දැන් ඒවා නිවන්න සහය දෙන බව කීවත්  ඔවුන් ඒ දේ කරන්නේ සද්භාවයෙන්ද යන්න ගැටලූවක් බව ද දිසානායක මහතා කියා සිටියේය.
      
ගැටුම් ඇතිකිරීමට සම්බන්ධ වූවන්ට පක්‍ෂ, ජාති භේදවලින් තොරව දඬුවම් දිය යුතු බව කී දුමින්ද දිසානායක මහතා රටේ නීතිය කාටත්    සමාන විය යුතු බැවින් එහිදී ජාතිය මුල් කරගෙන බලපෑම් නොකරන ලෙස දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවද කීවේය. 
 අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ  ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 



අදහස් (19)

ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි

An Observer Thursday, 08 March 2018 04:23 PM

ඔබතුමා හරියටම හරි. ආණ්ඩුව මන්දගාමීව තමයි වැඩ කරන්නේ. නියම විදියට මාධ්‍ය තුලින් රජයේ පණිවිඩය දීමට බැරි වෙලා.

:       1021       1526

බන්ඩා Thursday, 08 March 2018 04:28 PM

යහපාලනයෙන් නිදහස ලැබුනේ බැංකු හොරුන්ටයි දූෂිතයින්ටයි, තක්කඩින්ටයි පමණයි.

:       48       450

aselaSunday, 18 March 2018 05:54 AM

සුපිරි වදන

:       1       177

සෙනෙවි Thursday, 08 March 2018 05:23 PM

ගොවීන්ට පොහොර දීගන්න බැරිවූ මිනිහා ආණ්ඩුවෙ වැරදි කියනවා . ලබන මැතිවරණයෙදි මොහුට ඇපෙත් නැතිවෙනවා

:       196       1202

sena Thursday, 08 March 2018 06:24 PM

2015 දී බලයට පැම්ණි මෙම ආණ්ඩුව මෙතෙක් කර ඇත්තේ මහා බැංකුව කොල්ල කෑම , කොමිසන් දැමීම ,ඇඳිරි නීතිය දැමීම , හදිසි නීතිය ,බදු ගැහීම ,රිමාන්ඩ් කිරීම, FICD කැඳවීම මහින්ද පටන් ගත් ප්‍රොෙජක්ට් විවෘත කිරීම , බොරු කියා ජනතාව රැවටීම පමණය .

:       939       1687

Rohana Thursday, 08 March 2018 09:04 PM

දුමින්ද ආණ්ඩුවේ ඇමතිවරයෙක් නේ. ආණ්ඩුවේ වැරදි ගැන දුමින්දත් වගකිව යුතයි.

:       45       493

lalithsjm Friday, 09 March 2018 02:34 AM

මහජාතියට නේ ඔක්කොම බලපෑම්.

:       484       1126

Raveendra Friday, 09 March 2018 03:20 AM

අපගේ ලේකදුලින් දහදිය මහන්සියෙන් හම්බකරගත් මුදල්වලින් රජයවිසින් අපගෙන් අයකරගන්නා බදුමුදල් වලින් වැටුප් සහ සියලුම දීමනා උපරිමයෙන් බුක්ති විදිමින් "සැපවත් ජිවිතයක්" ගතකරන "ඇමති දුමින්ද දිසානායක" ගෙන් පහත සදහන් ප්‍රශ්නවලට රුජු පිලිතිරු බාලාපොරොත්තු වන්නෙමු. මල්ලියේ ...ඔහේ මෙතෙක් කල් "වැල යන පැත්තට " මැස්ස අටවා අටවා නේද හිටියේ ?????? එහෙම නේද "ඇමති දුමින්ද" දැන්වත් අවංකව කට ඇරලා කියනවා ඔහෙලට සැපවත් ජිවිතයක් ගෙවන්න මුදල් දෙන්නේ දුප්පත් මහජනතාව වන අපි, එනිසා අපිට 2000% වඩා අයිතිය තියෙනවා ඒගැන ඔහෙගෙන් ප්‍රශ්න කරන්න ?? ඇයි දැන් මොකද එක පාරටම මැස්ස ගැහිල්ල නතරකලේ ?? වැටකොළු වැලට, පතෝල වැලට ලෙඩ බෝවෙලාද ?? ඔහේ තමන්ගේ හිතට එකගවද මෙතෙක් කල් හැමදේටම කැමති උනේ ???

:       200       1315

Duminda Friday, 09 March 2018 05:30 AM

ඉස්සෙල්ල අඩුම ගානේ ප්‍රාදේශීය මැතිවරණයක් හරි දිනලා එන්නකො. අනිත් මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන්නේ නැතුව. තමන්ගේ ආසනේවත් දිනා ගන්න බැරුව තවත් කතා මොකටද?

:       374       628

ajithkaru Friday, 09 March 2018 05:42 AM

අවුරුදු තුනක් යනකම් ඔය ටික නොතේරුන එක ඇමතිවරයෙකුට තරම් නොවන බවයි මගේ අදහස

:       56       263

sisira Friday, 09 March 2018 10:57 AM

සිත නිවන කතා

:       0       249

nishan Friday, 09 March 2018 12:40 PM

පොහොර දුන්න අය දුන්නේ ලෝක වෙළඳපොලේ කුණු කොල්ලෙට තිබුන බාල උග්‍ර විෂ සහිත රසායනික පොහොර. ඒවා භාවිතා කල නිසයි වකුගඩු රෝගය රටම බිලිගත්තේ. පොහොර සහනාධාරය ඉවත් කරලා ඒ සල්ලි ගොවියාගේ බැංකුවට දැම්මා තමන් කැමති පොහොරක් ගන්න. ආණ්ඩු කල යුත්තේ වස විස බෙදීම නෙවෙයි එවන් ජනතාව ආරක්ෂා කිරීමයි.

:       633       630

vipulaWednesday, 21 March 2018 07:58 AM

ලෝකයේ අනෙකුත් රටවල භාවිතා කරන පොහොරනේ ලංකාවටත් එන්නේ... අපි දන්නවා ලංකාවට ආපු පොහොර මොනවාද කියලා. රටින් හාල් ආනයනය කළාම ඒවාට යොදලා තිබෙන පොහොර රසායනික ද්‍රව්‍ය ගැන අවබෝධයක් එනවද?

:       4       1

Tissa Saturday, 10 March 2018 02:08 AM

පොහොර ටිකවත් හරියට බෙදාගන්න බැරි ඇමතිතුමා මොනවාද කියන්නේ, 2020 ප්‍රතිපල බුක්තිවිදින්න වෙයි.

:       0       329

parakrama Sunday, 11 March 2018 06:00 AM

තමන්ගේ ආසනේවත් දිනා ගන්න බැරුව තවත් කතා මොකටද?

:       0       130

Kumara Thursday, 15 March 2018 03:41 AM

සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළේ මෙයාලමනේ.... දැන් ඒ ස්ථාවරය වෙනස් වෙලාද?

:       0       20

ranga Thursday, 15 March 2018 09:40 AM

කාලය මැවු වෙනසක අරුමේ

:       0       26

Nilanthi Thursday, 15 March 2018 10:49 AM

නිවැරැදි පිළිතුර තෝරන්න. මෙය ගුටි කෑමෙන් පසු/ පෙර කරන ලද ප්‍රකාශයකි.

:       0       29

hewawoitharana Saturday, 17 March 2018 08:04 PM

කිරි රස දන්නෝ මව අඳුරන්නෝ දෙකම නොදන්නෝ කුමට උපන්නෝ

:       0       18

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site