IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මැතිවරණයේ නාමයෝජනා දුන් පිරිසේ අපරාධකරුවන් සිටිනවා’ - පැෆරල්

(විනීතා එම් ගමගේ)

පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධකරුවන් සිටින බව හෙළිවී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 

හරක් හොරුන්, මංකොල්ලකරුවන්, මුදල් වංචාකරුවන්, නීතිවිරෝධී මත්පැනි ජාවාරම්කරුවන් ඇතුළුව විවිධ චෝදනා ලබා සිටින පුද්ගලයින් අපේක්ෂකයන් අතර සිටින බව පැෆරල්  සංවිධානය කළ සොයා බැලිම්වලදී හෙළි වී යැයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

එසේ චෝදනා ලැබු අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බව කී හෙට්ටිආරච්චි මහතා එසේ තොරතුරු තහවුරු කරගත් වහාම ඔවුන් පිළිබඳ රටට හෙළි කරන බව ද කීය. 

එමෙන්ම මෙම පුද්ගලයින්ට ඡන්දය දෙන්නට එපා යැයි ඡන්දදායකයින් ගෙන් ඉල්ලා සිටින බව කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා ඔවුනගේ තොරතුරු සොයා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය. 



අදහස් (15)

‘මැතිවරණයේ නාමයෝජනා දුන් පිරිසේ අපරාධකරුවන් සිටිනවා’ - පැෆරල්

premarathna rajapaksha Friday, 22 December 2017 01:32 PM

අපරාධකරුවන්, වංචාකරුවන්, සලෙලුන්, තක්කඩින් තවදුරටත් ඉදිරිපත් කරයි නම් ඕනෑම දේශපාලන පක්ෂයකට අපි විරුද්ධ වන්නෙමු. බුද්ධිමත් විනයක් ඇති මිනිසුන් මේ රටේ නැතිද?

:       0       913

RaveendraSaturday, 23 December 2017 04:26 AM

ප්‍රේමරත්න රාජපක්ෂ මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. අපරාධකරුවන්, වංචාකරුවන්, සලෙලුන්, තක්කඩින් , පාදඩයන් , කුඩුකාරයන්, කසිප්පු කාරයන්, මල්මාලා දමා පිළිගැනීමට අපගේම රටේ බහුතරයන් මන්දබුද්ධික කාලකන්නි සැදී පැහැදී සිටීම ඉතාමත්ම කණගාටුදායක කරුණකි.

:       0       367

K.Parthipan Friday, 22 December 2017 02:11 PM

හරක් හොරුන්, මංකොල්ලකරුවන්, මුදල් වංචාකරුවන්, නීතිවිරෝධී මත්පැනි ජාවාරම්කරුවන් විතරක් නොවේ, වවුනියාවේ ප්ලොටේ ත්‍රස්තවාදී කණ්ඩායමේ නායක මෝගන් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර සිටිනවා.

:       0       364

priyankara Friday, 22 December 2017 02:53 PM

ඇයි මේ අයගේ නම් ගම් නොදාන්නේ? නීතියෙන් වරද කරුවෙකු වී ඇත්නම් ඔබතුමන්ලා ඒ අයගේ නම් දාන්න. එතකොට ජනතාව දැනුවත්වී වටිනා ඡන්දය නිවැරදි වෙනත් කෙනෙක් සඳහා යොදා ගනීවි.

:       0       213

Ajith Nissanka Friday, 22 December 2017 05:39 PM

ඒ කියන්නේ ගැලපෙන සුදුසුම අය පක්ෂ වලින් මේ සැරේ දාල තියෙන්නේ !

:       0       30

Sathyayaa Friday, 22 December 2017 10:59 PM

බුදුන් වහන්සේ අද ජීවමානව සිටියා නම් පටාචාරාට කියනු ඇත්තේ කෙනෙක් මැරුනේ නැති ගෙදරකින් අබ අහුරක් ගේන්න කියා නොව අපරාධ කාරයින් නැති පක්ෂයකින් හොඳයි කියන්න පුළුවන් ඡන්ද අපේක්ෂකයෙක් සොයා ගෙන එන්න කියලා.

:       0       106

Rohana Saturday, 23 December 2017 12:24 AM

රටට, ජාතියට වැඩ කිරීමට පුදුම උනන්දුවක් මේ අපරාධකරුවන්ට, මංකොල්ලකාරයන් ට තියෙන්නේ. පාර්ලිමේන්තුවේත් වැඩිපුරම ඉන්නේ මේ වගේ අය. විස්මිත රටක්...

:       0       130

Tissa Saturday, 23 December 2017 12:34 AM

පළාත් පාලන මැතිවරණයේදී පමණක් නොවේ. පාර්ලිමේන්තුවේත් උගත්, බුද්ධිමත් ජවයක් තිබෙන අයගේ හිඟයක් ඇත... ඉන්නේ වයස්ගත අය, මංකොල්ල කාරයන්, අනාගත දැක්මක් නැති දූෂිත පාලකයන්.... රටට අනාගතයක් තිබේද?

:       0       12

BamunuarachchiSaturday, 23 December 2017 11:53 AM

වයස්ගත අයව මංකොල්ල කරුවන් අනාගත දැක්මක් නැති අයගේ ගණයට දැමීම වැරදී කියා ඔබට හැඟෙන්නේ නැද්ද? ඈතක යන්නෙපා ඔබේ ආදර තාත්තා ඒ ගොඩට වැටෙනවාද?

:       0       94

Pradeep Liyanage Saturday, 23 December 2017 03:22 AM

ඉතින් හරිනේ... දේශපාලකයෙකු වීමට අවශ්‍ය සියලු සුදුසුකම් ඔවුන්ට තියනවනේ.. මීටත් වැඩියෙන් තව මොනවද..?

:       0       50

Nanda Saturday, 23 December 2017 03:27 AM

ගමේ කෙනානේ ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්නේ... ගමේ අය දන්නවනේ කවුද හොරා, කවුද නොහොරා කියලා, එම නිසා හිතාබලා ඡන්දය දෙන්න.

:       0       39

rocky Saturday, 23 December 2017 04:02 AM

අපරාධකරුවන්ට නොමිනේෂන් දෙන්නේ පක්ෂ නායකයා ඒ ගැන නොදැන නොවෙයිනේ! එයින් හැඟෙන්නේ නායකයාත් කිසිම හිරිකිතයක් නැතුව අපරාධවලට සහය දෙන බවයි. ජන හතුරන්ට ඡන්දය දීමෙන් වලකින්න!

:       0       113

BamunuarachchiSaturday, 23 December 2017 11:58 AM

ඡන්දය දීමෙන් වලකින හැටි සමහර මිනිසුන් දන්නේ නැත. මෙතන ලීවාට පලවෙන්නේද නැත.

:       0       87

de silva Saturday, 23 December 2017 11:57 PM

අපරාධකරුවා සහ ලංකාවේ දේශපාලකයා යනු ගහට පොත්ත මෙනි. මේ දෙක වෙන් කරන එක ලේසි නැත.

:       0       0

Tissa Sunday, 24 December 2017 05:53 AM

බමුණුආරච්චි මහතාණෙනි, වයස්ගත අය යන්නෙන් මා අදහස් කලේ ඔවුන්ට වැඩ කිරීමේ හැකියාව, චින්තනය අඩුයි.. ඒ නිසා තරුණයන්ට තැනක් දෙන්න කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site