නිමල කොඩිතුවක්කු
මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා මානව හිමිකම් පිලිබඳ විද්වද් සංසදයේ මැතිවරණ නිරීක්ෂන ජාලය දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි නිරීක්ෂකයන් 302ක් යොදවා ඇතැයි එහි ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පැවසීය.
තම සංසදය වෙත මේවනවිට සිද්ධීන් 421ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඉන් 264ක්ම නීතිවිරෝධී ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බවත් ඔහු කියා සිටියේය.
මානව හිමිකම් පිලිබඳ විද්වද් සංසදයේ මැතිවරණ නිරීක්ෂන ජාලය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (1) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය උදිත ගුණසේකර මහතා මෙසේද කීය.
‘‘පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා ගත වී ඇති කාලය තුල මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය විදියට අපි මෙම මැතිවරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ දී අණාවරණ වු කරුනු අනුව පෙර මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී සිද්ධීන් ප්‍රමාණයේ යම්කිසි අඩුවීමක් තියෙනවා. නව මැතිවරණ ක්‍රමය නිසා මෙම පැමිණිලි සංඛ්‍යාව අඩුවී ඇති බවට අපි විශ්වාස කරනවා.
අපේ නිරීක්ෂණයන්ට අනුව මේ දක්වා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ලෙස සිදුවීම් 42ක් ද, නීති විරෝධී ප්රචාරක කටයුතු ලෙස පැමිණිලි 264ක ප්‍රමාණයක්ද , මහජන මතයට අනිසි බලපෑම් සිදුවන ක්‍රියාවන් 78ක් ද, ප්‍රධාන කරුණු ලෙස ඉස්මතු කර දැක්විය හැකියි.
මෙයට අමතරව රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම, රාජ්‍ය නිළධාරීන් මැතිවරණ කටයුතුවලට යොදාගැනීම, අපේක්ෂකයන් තමන් දරණ ලද තනතුරු වල රැඳී සිටීම , රාජ්‍ය නිලධාරින් බඳවාගැනීම , උසස්වීම් ලබාදීම හා මාරුවීම් ලබාදීම මෙන්ම සාමකාමී මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීම් යන අංශ යටතේ තවත් පැමිණිලි අප වෙත ලැබී තිබෙනවා යැයිද ඔහු කියා සිටියේය.‘‘
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණ නිරීක්ෂනයට නිරීක්ෂකයින් 302 ක්