IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


​පොලිස් නිලධාරින්ට ​මරු කැඳවූ දුම්රිය අනතුර

විවාහ මංගල උත්සවයක දෙවැනි ගමනට සහභාගිවී යළි නිවෙස් බලා එමින් සිටි තිදෙනකු ගමන් ගත් මෝටර් රථයක් ආඳාදොළ දුම්රිය ස්ථානය අසල අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේ ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු පෙරේදා (30) සවස සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ බළපිටිය මූලික රෝහලේ හෙද නිලධාරිනියක් ගාල්ල - කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (01) උදෑසන අවසන් ගමන් ගියේ ගමම නොව රටම හඬවමිනි. කම්පාවට පත්කරමිනි.   

 

 

හික්කඩුවේ හෝටලයක පැවති සිය මිතුරකුගේ විවාහ මංගල උත්සවයට සහභාගිවූ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්‍ෂක චන්දිම ප්‍රසාද් සුබසිංහ මහතා (29) සහ ඔහුගේ දයාබර බිරිඳ වූ බළපිටිය මූලික රෝහලේ හෙදියක ලෙස සේවය කරන 27 හැවිරිදි නව්‍යා හංසනී මෙන්ඩිස් මහත්මිය ගමන්ගත් මෝටර් රථයේම පොලිස් විශේෂ කාර්ය පළකායේ උප පොලිස් පරීක්‍ෂකවරයකු වූ 33 හැවිරිදි අසංග සංජීව වනසිංහ මහතාද ගමන්ගත්තේ නිවෙස් බලා යාමේ අරමුණෙනි.  


ඇල්පිටිය - උෟරන්වල පදිංචි චන්දිම සුබසිංහ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළේය.  


වතුගෙදර - ආඳාදොළ ආවාසවත්තේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ ජයරත්න මැන්ඩිස් මහතාගේ වැඩිමහල් දියණිය වූ නව්‍යා හංසනී සමඟ 2017 වසරේ ජූනි මාසයේ විවාහ දිවියට පත් චන්දිම සුබසිංහ මහතා කාගේත් ආදරයට පත්වූයේ ඔහු තුළ තිබූ සැබෑ නිහතමානිකම මෙන්ම මිනිස්කම නිසාවෙනි.  


උප පොලිස් පරීක්‍ෂක චන්දිමගේ ආදරණීය බිරිඳවූ හංසි මියයන විට සිය කුළුදුල් දරු ප්‍රසූතිය සඳහා මහත් වූ බලාපොරොත්තු හා සිහින මැද සිටියාය. මියයන විට හංසි පස්මස් ගැබිනියකව සිටියාය. හංසිට සිටියේ සිය බාල සහෝදරිය පමණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලතිව් කඳවුරට අනුයුක්තව උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ වැල්ලවාය - වෙහෙරයාය හඳපානාගල පුබුදුවැව පන්සල අසල පදිංචි වනසිංහ මුදියන්සේලාගේ අසංග සංජීව වනසිංහ (33) මහතා විවාහ වී සිටියේ වතුගෙදර-ආඳාදොළ පන්සල් පාරේ පදිංචි මධුෂිකා ලක්මාලි ගුණතිලක සමඟය.   


2017 වසරේ මැයි මාසයේදී අසංග හා මධුෂිකා විවාහ වූයේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. මධුෂිකා ඇල්පිටිය දිසා අධිකරණයේ අධිකරණ සහකාර කළමනාකාර තනතුරක සේවය කළ අතර ඇයද සිය කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා දහසක් බලාපොරොත්තු ඇතිව සිටියාය. මධුෂිකාගේ පියා වූ ගුණතිලක මහතා මීටියාගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන අතර ආඳාදොල පන්සල පාරේ නව නිවසක් තනා ඔහු සිය දරුවන් සමඟ දිවිගෙවූයේ බලාපොරොත්තු මැදය.  


පොලිස් විශේෂ කාර්ය බළකායේම සිය මිතුරකුගේ විවාහ මංගල්‍යයේ පළමු ගමනට සහභාගිවී යළි දෙවනි ගමනට සහභාගි වීමට හික්කඩුව බලාගියේ මිතුරුදම නිසාවෙනි. උප පොලිස් පරීක්‍ෂක චන්දිම සිය බිරිඳවූ නව්‍යා හංසනි සමඟ මංගල උත්සවයට සහභාගි වීමට ගියේ මෝටර් රථයෙනි. විවාහ මංගල උත්සවයට සහභාගීවී යළි නිවස කරා එද්දී උප පොලිස් පරීක්‍ෂක සංජීව වනසිංහද මෝටර් රථයට නැග්ගේ ආඳාදොළ පිහිටි සිය බිරිඳගේ නිවසට ඉක්මනින්ම ඒමේ අරමුණින් යුතුවය.   


හික්කඩුවෙන් පිටත්වූ මෝටර් රථය ගාල්ල කොළඹ මාර්ගයේ පැමිණ බළපිටිය - බේරතුඩුව හංදියෙන් හරවා ආඳාදොළ දෙසට ධාවනය වූයේ සංජීව නිවසට ඇරලවීමේ අදහසිනි.   


ආඳාදොළ දුම්රිය ස්ථානය අසලට පැමිණි මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයට දමනවාත් සමඟම මාතර සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමි දුම්රියේ ගැටුණේ හෙණ හඬක් නංවමිනි. බේරතුඩුව සිට ආඳාදොළ දෙසට එන කිසිදු වාහනයකට කන්දෙගොඩ දුම්රිය ස්ථානය පසුකර ආඳාදොළ දුම්රිය ස්ථානය පසුකර යාමට එන දුම්රිය නොපෙනේ. දුම්රියක් බළපිටිය දෙසට එන බව පෙනෙනුයේ දුම්රිය හරස් මාර්ගය මැදට ආ විටය.  


මෝටර් රථය දුම්රි​යේ ගැටෙන විටත් ඒ දෙපස විදුලි ලාම්පු හා සංඥා දැල්වෙමින් තිබුණි. ඒ දුම්රියක් මෙම ස්ථානය පසුකර යන බවට අනතුරු ඇඟවීමටය. හෙණ හඩ නංවමින් දුම්රියේ ගැටුණු මෝටර් රථය ආඳාදොළ දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ ගැටීමෙන් නාම පුවරුවද කඩාගෙන පදික වේදිකාව පසුකොට මීටර් සියයකට නොවැඩි දුරක නතර වූයේ මෝටර් රථය සුන් බුන් ගොඩක් බවට පත් කරවමිනි. උප පොලිස් පරීක්‍ෂකවරුන්ගේ සිරුරු කැබලිවලට කැඩී වෙන්වී පොඩිපට්ටම් වී දුම්රිය මාර්ගයේ අයිනට වැටී තිබුණි.   

බරලතළ තුවාල ලබා සිටි හංසි දුම්රිය මාර්ගය මැඳ වැටී සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමිනි. මේ ඛේදවාචකය සිදු වූ බව ආරංචිය ලැබූ විශාල පිරිසක් දිව ආවේ කම්පාවෙනි. සිදුව ඇති විපත පොඩිපට්ටම් වී ඇති මෝටර් රථය දුටු ඕනෑම කෙනකුට සිතාගත හැකිය. දුම්රිය මාර්ගය දිගට ශරීර කොටස් කැබලි විසිවී තිබුණි. පෙරේදා (30) රාත්‍රියේම මියගිය උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනාගේ මරණ පිළිබඳව පරීක්‍ෂණය බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලදී.  


බලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ඩබ්ලිව්.එන්.අයි.එස්. ප්‍රනාන්දු මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවත්වූ අතර වතුගෙදර හදිසි මරණ පරීක්‍ෂක ඇම්. කරුණා -සේන මහතා විසින් හදිසි මරණ පරීක්‍ෂණ පැවැත්විණ. ධාවනය වූ දුම්රියේ හැපී සිරුරුවලට සිදුවූ බහුවිධ තුවාල වලින් මෙම මරණ සිදුව ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලබාදුන් වාර්තා සැලකිල්ලට ගනිමින් වතුගෙදර හදිසි මරණ පරීක්‍ෂකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කළේය.   
ගාල්ල - කරාපිටිය ශික්‍ෂණ රෝහ​ෙල් දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබමින් පසුවූ නව්‍යා හංසි මහත්මිය 1 වැනිදා උදෑසන මියගියාය. හංසිගේ පියා වන ජයරත්න මෙන්ඩිස් මහතා බළපිටිය - හීනටිය කනිටු විදුහලේ සේවය කොට දැනට විශ්‍රාම ලබා සිටින අතර තම ප්‍රාණය බඳු සිය දියණියගේ වියෝව ඔහුට උහුලාගත නොහැකිය. මියගිය හංසිගේ මාමා වූ මා මිතුරු එස්.බී. සුසන්තද සිටිනුයේ කිසිවක් සිතාගත නොහැකිවය.  


හංසිගේ මහගෙදර වූ ආඳාදොළ - ආවාසවත්ත නිවසට අප ගියද දොරවල් වසා තිබුණි. පසුව අප ආඳාදොළ පිහිටි සුසන්තගේ නිවසට යනවිට හංසිගේ මිත්තණිය නිවස ඉදිරිපිට හඬාවැටෙමින් සිටියේ එහි සිටි අයද හඬවමිනි.  
‘‘නිතරම හිනාවෙලා හිටියේ..... හැමෝම ආදරෙයි” හංසි ගැන හැමෝම කීවේ ඇය තුළ තිබු හොඳගතිගුණ වර්ණනා කරමිනි. බළපිටිය මූලික රෝහලේ කාර්ය මණ්ඩලයට ඇයගේ අකල් වියෝව දරාගත නොහැකිය. මියගිය හංසිගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු ගාල්ල කරාපිටිය රෝහලේදී පැවැත්වුණි. ආඳාදොළ - දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ උණ බම්බු වෙනුවට සවිකර තිබූ ආරක්‍ෂිත හරස් පොලු දුම්රිය බලධාරින් ගලවා ගෙන ගොස් තිබුණි. ඊට විරෝධය පළ කර දුම්රිය මාර්ගය හරස් කොට ප්‍රදේශවාසීන් කළ උද්ඝෝෂණය නිසා දුම්රියද පැයකට නතර කෙරුණි.  


ආරක්‍ෂක දුම්රිය හරස් පොලු වෙනුවට පැලැස්තර පද්ධතිය ලෙස යොදා ඇති සංඥා පද්ධතිය ප්‍රමාණවත් නොවන බව ප්‍රදේශවාසීහු කියති. ඉන්පසු අප ආඳාදොළ පන්සල පාරේ පිහිටි උප පොලිස් පරීක්‍ෂක සංජීව වනසිංහ මහතාගේ නිවසට ගොඩවනවිට අවමංගල්‍ය කටයුතු වලට සුදානම් වෙමින් සිටි අයුරු දක්නට ලැබුණි.  


පොලිස් පරීක්‍ෂක ගුණතිලක මහතා සිය බැනනුවන්ගේ දේහය ගෙන ඒමට කරන්දෙනිය මල්ශාලව බලා පිටත්ව යාමට සුදානම් වී සිටියේය. ගුණතිලක මහතාගේ බිරිඳ වූ පත්මා ලේකම්ගේ මහත්මිය සිය බැනනුවන්ගේ අකල් වියෝවෙන් කම්පාවට පත් වී හඬා වැලපෙමින් සිටියාය.  


මධුෂිකාගේ සහෝදරයා වූ අසංක ගුණතිලක සිය මස්සිනා ගැන මෙසේ පැවසීය.  


‘‘නංගියි මල්ලියි දෙන්න එකටම ගෙදරින් පිටත් වුණේ. නංගි ඇල්පිටියේ කාර්යාලයේ වැඩට ගියා, මල්ලි යාළුව​ෙග් වෙඩින් එකට ගියා. ඒ අතරතුර නංගිට දෙතුන් පාරක් දුරකථනයෙන් කථාකර තිබෙනවා. මියගිය මල්ලි මීටියාගොඩ පොලිසිය ළඟට ඇවිත් තාත්තාට කෝල් කරලා තිබෙනවා. එතකොට තාත්තා ගෙදර හිටියේ. අම්බලන්ගොඩට හවස හතරට ඇවිත් මල්ලි කෝල් කරාම නංගි කියලා තියෙනවා එයා හතරයි විස්සට පිටත්වනවා එන්න විනාඩි විස්සක් විතර යාවි කියලා.   


සිය ආදරණීය ස්වාමිපුරුෂයාගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටි හත්රුවන්ගේ මධුෂිකා ලක්මාලි ගුණතිලක මහත්මිය:   


මම ඇල්පිටියේ ඉඳලා ඇවිත් මහත්තයා එනකම් ආඳාදොළ හංදියට වෙලා හිටියා. පස්සේ මම කෝල් කරලා ගෙදරින් ඇහුවා මහත්තයා ගෙදර ආවද කියලා. ගෙදරින් කිව්වා ආවේ නැහැ කියලා. ඒ වන විට එයාගේ ​ෙෆා්න් එක ඕෆ් වෙලා තිබුණේ. මම ත්‍රීවීල් එකක් අරන් ගෙදර එනකොට ත්‍රීවීල් එක පදවාගෙන ආපු කෙනා කිව්වා කෝච්චියේ වාහනයක් හැපිලා කියලා. මම ඒ ගැන හිතුවේ නැහැ. ගෙදර ඇවිත් මල්ලිට ඒ ගැන කිව්වා. බළපිටිය රෝහලට ආවම තමයි දන්නේ මගේ මහත්තයත් අනතුරට ලක්වෙලා කියලා.  


මියගිය උප පොලිස් පරීක්‍ෂක චන්දිම සුබසිංහ මහතාගේ පියාවූ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ධර්මසේන සුබසිංහ මහතා මෙසේ පැවසීය.  


‘‘මගේ බිරිඳත් විශ්‍රාමික හෙද නිලධාරිනියක්. ඇය පෞද්ගලික රෝහලක සේවය කරනවා. සිද්ධිය වූ 30 දින සවස ආරංචිවුණා පුතා ගිය කාරය දුම්රියක හැපිලා කියා. මගේ ලේලියගේ තාත්තා මැන්ඩිස් මහතා කථාකරලා කිව්වා පුතා මියගියා දුවට තුවාලයි කරාපිටිය රෝහලට යනවා කියලා. පුතාගේ සිරුර බළපිටිය රෝහලේදී අඳුනගත්තා.  


මියගිය උපපොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනාගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර මැද සිදුකිරීමට නියමිතව තිබුණි.

 

 

 

 

 

 

 

 

 

 

අම්බලන්ගොඩ - හේමන්ත ද සිල්වා



අදහස් (0)

​පොලිස් නිලධාරින්ට ​මරු කැඳවූ දුම්රිය අනතුර

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 169 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site