IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුද්දන් ලංකාවේ කළ මිනීමැරුම් එංගලන්තයට ගෙන ගිය කතෝලික නීතිඥයා

“අපේ බෞද්ධ නායකයන් සෑහෙන පිරිසක් දැනටමත් හිරබාරෙට අරගෙන ඉවරයි. මාවත් හෙට අනිද්දාට හිරේට ගනීවි. මේ අවස්ථාවේ අපට පිහිටවෙන්න සිටින එකම මිත්‍රයා ඔබ තමයි. ඒ ගැන දැන් ඇෆ්.ආර්. සේනානායක මහත්මයා ඔබ එංගලන්තයට යවන්න සියලුම කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ. පෙත්සමකුත් පිළියෙල කරලා තියෙන්නෙ. මං හිතනවා ඔබ අමද්‍යප සටනට මුල්වූ කෙනකු නොවන නිසාත් කතෝලිකයකු නිසාත් ඔබ සැකයට ලක්වෙන්නෙ නැහැ. ඒ නිසා මං හිතනවා ලන්ඩන් ගිහින් ඔබට මේ කටයුත්ත අප වෙනුවෙන් එංගලන්ත පාර්ලිමේන්තුවට කියා සිටින්න පුළුවන් වෙයි කියලා.


 ආ... තව කාරණයක්. ඒ ගමන්ම එංගලන්තයට ගෙනයන්න සුදුසු රහස් ලියැවිල්ලක් මට හමුවුණා. මහමඟදී වුවත් දුටු තැන වෙඩිතබන්නට පොලිසියට අණදුන් මිනීමරු ලියැවිල්ලේ පිටපතක් රාජනීතිඥ ෆ්‍රැන්සිස් ද සොයිසා මහත්මයා මට සොයා දුන්නා” යි කී ඩී.බී. ජයතිලක අධිනීතිඥතුමා  වට පිට බලා තම කබායේ යට සාක්කුවෙන් එළියට ගත් ලියැවිල්ලක් පෙරේරා නීතිඥතුමා අතට දුන්නේය.


 මේ සිද්ධිය කවරක්ද?, එක්දහස් නවසියපහළොවේ අවුරුද්ද සිංහල, මුස්ලිම් අරගලය යෙදුණු භීෂණ සමයය. මෙය ඉංග්‍රීසි ආණ්ඩුව බිද දමනු පිණිස සිංහල බෞද්ධයන් විසින් අරඹන ලද කැරැල්ලක්ය යන වැරදි අවබෝධය අනුව ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් චාර්මස් ඇතුළු රජයේ උසස් නිලධාරීන් විසින් සිදුකරන ලද බෞද්ධ නායක දඩයම” සම්බන්ධයෙන් කෝට්ටේ ඊ.ඩබ්ලිව්. පෙරේරා නීතිඥතුමා සමඟ කැලණියේ ඩී.බී. ජයතිලක අධිනීතිඥතුමා අතර අලුත්කඬේ නීතිඥ විවේකාගාරයේදී ඇතිවූ සංවාදයකි.


“මම හිතනවා. මට ඔබ හැම වෙනුවෙන් මේ වගකිවයුතු කටයුත්ත කරන්න පුළුවන් වෙයි කියලා. මම මීට කලිනුත් වරක් එංගලන්තයට ගිහිල්ලා ලන්ඩන් කෞතුකාගාරයෙ පොත්පත් පරීක්ෂා කරලා තියෙනවනෙ. ඒ නිසා ඉංග්‍රීසි නිලධාරින්ගෙ සැකයට ලක්නොවී මට මේ කටයුත්ත කළ හැකිය කියා මා හිතනවා. දැනටම එම ගමනේ කටයුතු සකස් කරලා තියෙනවා කියලා මට ඇෆ්.ආර්. රහස් පණිවුඩයකුත් එවලයි තියෙන්නෙ.


 මේ මිනීමරු ලියවිල්ලත් ලැබුණ එක වඩා හොඳයි. මම මේ යන ගමන්ම මෙය ගෙන ගොස් එතුමා අතට දෙනවා. මම මගේ උපරිම ශක්තිය යොදවලා ඔබ හැම වෙනුවෙන් මේ යුතුකම ඉටුකරන්නම්.” යැයි පෙරේරා නීතිඥතුමා කී විට ජයතිලක අධිනීතිඥතුමෝ සැනසුම් සුසුමක් හෙළුහ.


පෙරේරා නීතිඥතුමා එවෙලේම පිටත්ව බොරැල්ලේ “ග්‍රාස්ටියර්” මන්දිරයට ගොස් සේනානායක මහතා හමුව ෆ්‍රැන්සිස් ද සොයිසා රාජනීතිඥතුමාගෙන් ලැබුණ මිනීමරු ලියැවිල්ල එතුමා අත තැබීය. එය එතුමාගේ සිත තවත් ප්‍රබෝධමත් වීමට කාරණයක් වූයේ පෙරේරා මහතාගේ සපත්තු දෙකකින් එකක පතුලට දමා එංගලන්තයේ මහරජුට ඔප්පු කරනු පිණිස සකස් කළ පෙත්සම දැන් සම්පූර්ණව ඇති හෙයිනි. මෙම මිනීමරු ලියැවිල්ල අනෙක් සපත්තුවෙ පතුලට දමා මසාදිය හැකිය. සේනානායක මහතා තම වත්තක සේවයේ යෙදී සිටි සපත්තු මහන්නකු තම මන්දිරය වෙත කැඳවා එම කටයුත්ත නිමවා තිබුණා.


 දැන් අනෙක් සපත්තු පතුළටද මෙය සූක්ෂම ලෙස දමා මැසිය හැකිය. වතුරෙන් එයට හානි නොවනු පිණිස තේ පෙට්ටිවලට යොදවන රිදී පැහැති විශේෂ කඩදාසියෙන් ආවරණය කර එය සපත්තු තුළට තබා සූක්ෂම ලෙස මසා තිබිණි. එකල මහාබෝධි විද්‍යාලයේ විදුහල්පති වූ ජේ.ඊ. ගුණසේකර මහතා සමඟ සේනානායක මහතා මෙම සුවිශේෂි පෙත්සම සකස්කර ලියා තිබිණි. පෙරේරා මහතා එංගලන්තයට ගොස් ආපසු එනතුරු හෝ සුවිශේෂි ප්‍රතිඵලයක් ලැබෙන තුරු මේ රහස පිට නොයනු පිණිස මෙම සපත්තු මසන්නා සේනානායක මැතිතුමන් විසින් තම මන්දිරයේම රඳවාගෙන ඔහුගේ නිවෙසට, පවුලට මාස ගණනක් ගත කිරීමට අවශ්‍ය මුදල් ද සපයා තිබිණි.


ඒ සමඟම පෙරේරා නීතිඥතුමාට එංගලන්තයේ මාස තුනක පමණ කාලයක් ගතකිරීමට හැකිවන සේ වූ මුළු මුදලද මේ වන විට එතුමා වෙත බාරදී තිබිණි. එසේම එංගලන්තයේදී එතුමා කටයුතු කළ යුතු අන්දම පිළිබඳවද එතුමෝ මනා විග්‍රහයක් කර සිටියහ. පසුවදාම එතුමාගේ සපත්තු කුට්ටම බාරදෙනු ලැබිණි.


 සියල්ල සූදානම්ය. දැන් පෙරේරා මහතාට තිබෙන්නේ තම එංගලන්ත ගමන උදෙසා ලංකාවේ පාලනාධිකාරිත්වයෙන් නිසි අවසරය ලබා ගැනීම පමණි. මෙම සමය පළමුවැනි ලෝක මහා සංග්‍රාමය ඇවිළෙමින් පැවැති යුගය වූ හෙයින් රටින් රට ගමනාගමනය මුහුදු මාර්ගයෙන්ම කළයුතු විය. හෙයින් සතුරු පක්ෂය විසින් ටෝර්ෆිඩෝ බෝම්බ මගින් නැව් ගිල්වා දමන අවදානමකටද ලක්වී තිබෙන කාලයක් හෙයින් මෙවන් ගමනක් යන්නට කෙනකු ලෑස්තිවන්නේ මරුවා පෙනි පෙනී සිටියදී බව කාගේත් මතය විය. එහෙත් පෙරේරා නීතිඥතුමෝ තම හිතමිත්‍ර බෞද්ධ නායකයන් වෙනුවෙන් අධිෂ්ඨාන ප්‍රතිබද්ධව ගමනට සූදානම් වූහ.


එංගලන්තයට යාම උදෙසා නිසි අවසරය ලබාගත යුතු වූ හෙයින් පෙරේරා නීතිඥතුමෝ තම හිතවතෙකු වූ  ශ්‍රීමත් ඇන්ටන් බර්ට්‍රම් විනිශ්චයකාරතුමන් හමුවී තමනට යළිත් එංගලන්තයට ගොස් ලන්ඩන් කෞතුකාගාරයේ ලියකියවිලි හා පුස්කොළපොත් පරීක්ෂාවට යාමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහ.


“ඇයි ඔබ කෙළින්ම අග්‍රවිනිශ්චයකාරතුමන් හමුවට නොගියේ?” යි මෙහිදී එතුමෝ විමසූහ.


“මට කලිනුත් කටයුතු කළේ ඔබතුමා සමඟනේ. ඒ නිසයි මෙවරත් ඔබතුමා හමුවුණේ” යි උත්තර ලැබිණ.


“ඔබ මේ ලෝක යුද්ධයක් පවතින අවස්ථාවේ යන්නට යන්නේ බරපතළ ගමනක්. සමහර විට අපේ ආණ්ඩුවට විරුද්ධව ගතු කියන්න වෙන්නත් පුළුවන්. ඒත් ඒක වුණත් සම්පූර්ණයෙන්ම නීතියට එකඟයි. සමහර විට නායක විනිශ්චයකාරතුමා හමුවුණොත් එතුමා ඔබේ මේ ගමන වළක්වන්නත් ඉඩ තිබෙනවා. මම ඔබේ ගමනට සුබ පතා අවසර ලබා දෙනවා.” යි එතුමෝ කීහ.


 එතුමාගෙන් එසේ පෙරේරා නීතිඥතුමාට නිසි අවසරය ලැබුණි. නමුත් පසුව පහළ නිලධාරීන්ගේ විවිධ හරස් ප්‍රශ්නවලට උත්තර දෙන්නටද එතුමාට සිදුවිය. එතුමෝ කිසිවක් සැකයට තුඩුදෙන අන්දමින් සිතන්නට ඉඩ නොතබා පිළිතුරු දුන්හ. එසේම ඔවුනට කෙසේ හෝ සැකයක් ඇතිවී තම පෞද්ගලික පොකැට්ටුව පරීක්ෂා කළහොත් එහි එතුමන් ලියා තිබුණේද තමනට පමණක් වැටහෙන අන්දමට රහස් වගන්ති මගින් වූ ලියැවිලිය.


 කලින් වාරයේ ලන්ඩන් ගමනින් ලද දැනුම අනුව පෙරේරා මහතා ග්‍රන්ථ දෙකක්ම මේ වන විට පළකර තිබුණ නිසාද එතුමාට වැඩි කරදරයක් නැතිව නිසි අවසරය ලැබිණ. කිසි ලෙසකින් හෝ මේ ගමන යන්නේ ඉංග්‍රීසි ආණ්ඩුවේ වැරැදි එංගලන්තයේ පාර්ලිමේන්තුව හමුවේ කියාපාන්නට බව හෙළිවුණොත් කිසිදු කතාවක් නැතිව එතැනදීම වෙඩි තබා මරා දැමීමේ අවස්ථාව උදාවන්නට ඉඩ තිබිණ.


 පෙරේරා මහතා වෙත නියමිත සපත්තු දෙක බාර දීමෙන් පසු දින අලුයම බොරැල්ලේ “ග්‍රාස්මියර්” මන්දිරය වෙත පැමිණි යුද නිලධාරීන් හා පොලිස් නිලධාරීන් නිඳි ඇඳුම පිටින්ම අලුත් ඇඳුමක් ඇදගන්නටද ඉඩ නොදීම දේශබන්දු ඇෆ්.ආර්. සේනානායක මහතා සිරබාරයට ගෙන වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් සිර කූඩුවක රඳවන ලදහ.


 මේ අවස්ථාව තමන් වෙත එසේ උදා වුවද අන්තිම මොහොතේ හෝ තම පිරිස වෙනුවෙන් නියත උපදෙස් දී පෙරේරා මහතා එංගලන්තයට පිටත් කරවීමේ සියලුම කටයුතු නිම කරන්නට ලැබීම ගැන එතුමෝ සතුටට පත්වූහ.


තමාගේ එංගලන්ත ගමන පිළිබඳව කටයුතු මනා ලෙස විධිමත්ව සැලසී තිබුණු හෙයින් පෙරේරා මහතා කොළඹ වරායෙන් නැව් නැග ගමන් ගත්තේය. සති තුනක කාලයකින් පසු ලන්ඩන් නගරයට  ගොස් බසින ලද එතුමන් නවාතැන් පහසුව ලබා ගැනීමෙන් පසුව පසුවදාම කෙළින්ම ගියේ එහිවූ එකල පළවෙමින් තිබූ ප්‍රධාන පෙළේ පත්තර කන්තෝරු තුනකටය.


 නැවේ යන ගමන්ම හදිසියේ වුවද  ලියාගන්නා ලද ලංකා දේශයේ ඉතිහාසගත තොරතුරු හා සමකාලීන සිද්ධීන් එතුමාගේ මෙම ලිපිවලට මූලික විය. විසිතුරුව රසවත්ව ලියැවී තිබුණු එම ලිපි කියවා බැලූ එම පත්තරවල කතුවරු ඒවා තම පත්‍රයේ පළකරන්නටත් එයට නිසි ගෙවීමක් කරන්නටත් පොරොන්දු වූහ. එහි පත්තර තුනටම එකකට එක් වෙනස් හරවත් ලිපි සපයන්නට එතුමා පොරොන්දු වූයේ ලන්ඩනයේ තමන් වෙසෙන කාලය ඇතුළතදී වියදම පිණිස අමතරව උපයාගන්නා ලද මුදලක් ලෙසටය. එම මුල්ම ක්‍රියාමාර්ගය එතුමාට පසුව බෙහෙවින්ම උපකාරී විය.


 ඉන්පසුව එතුමා කළේ එංගලන්ත පාර්ලිමේන්තුව රැස්වන දිනයක් බලා එහි යාමය. එකල එංගලන්තයේ පැවැතියේ කොන්සර්වේටිව් පක්ෂයේ රජයකි. එහෙයින් පෙරේරා නීතිඥතුමා කළේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවී මෙකල        “සිලෝන්” රටේ ඇතිවී තිබෙන ඉංග්‍රීසි පාලනයේ අකටයුතු සිදුවන කරුණු පිළිබඳව තමන් එහි සිට මෙහි පැමිණියේ පාර්ලිමේන්තුවට හා මහරජතුමාට පැමිණිලි කරන්නට බව කරුණු සාක්ෂි සහිතව කියා සිටීමය.


 එහෙත් එම ලියැවිලි උඩින් පල්ලෙන් බැලූ කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරු කියා සිටියේ 
“සිලෝන්” රටෙන් තමනට එවැනි වාර්තා ලැබී නොමැති බවය. ඒ ගැන කතා නොකළ හැකි බවය. මෙහිදී තරමක් පසුබෑමකට ලක්වූ පෙරේරා නීතිඥතුමා දෙවෙනිවර කළේ මේ වන විට විරුද්ධ පක්ෂයේ සිටි ලේබර් (කම්කරු) පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වෙත මේ වග සැලකර සිටීමය. එහිදී  ඔවුන් කළේ මෙම පෙත්සමෙන් හා මිනීමරු ලියැවිල්ල තමනට බලවත් සවියක් ලෙස සලකා එදිනට මෙම ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන බව කියා සිටීමය. මෙහිදී පෙරේරා මහතා කළේ පාර්ලිමේන්තුවේ ගැලරියට ගොස් ඔවුන්ගේ කතා අසා සිටීමය.


“සිලෝන් රට පාලනය කරන ශ්‍රීමත් රොබට් චාර්මස් ආණ්ඩුකාරවරයා හා ඉහළ නිලධාරීන් අත්තනෝමතිකව කටයුතු කරමින් රටේ වැදගත් නායකයන් සිරබාරයට ගනිමින් මරණයටද පත්කරමින් ගෙනයන අදූරදර්ශී ක්‍රියාමාර්ගයට විරුද්ධව එංගලන්ත පාර්ලිමේන්තුව වහාම පියවර ගත යුතුය” යන්න එවේලේ සාක්ෂි දක්වමින් ලේබර් (කම්කරු) පක්ෂයේ මන්ත්‍රීවරු එංගලන්ත පාර්ලිමේන්තුවේදී කරුණු පෙන්වා දුන්හ.


එවේලේ පාලක කොන්සර්වේටිව් අගමැතිවරයාත්, ඇමැති මණ්ඩලයත්, මන්ත්‍රීවරුනුත් ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මේ විරෝධතා හඬ මධ්‍යයේ එකම ගාලගෝට්ටියක් ඇතිවිය.


 මෙහි දක්නට ලැබුණු පෙත්සම හා මිනීමරු ලියැවිල්ල අනුව කරුණු මනා ලෙස ඔප්පු කෙරුණු බව කාහටත් පෙනෙන්නට තිබිණ. සිලෝන් රටෙන් පැමිණි නීතිඥ මහතෙක් එදින උදයේ මෙම ලියැවිලි තමන්ට පෙන්වා සිලෝන් රටේ කලබලයක් ගැන තමනට කීවද එය තමන් ගණන් නොගත් බව දැන් තමනගේ අවාසියට පෙරළී තිබෙන බව දුටු පාලක කොන්සර්වේටිව් පාක්ෂික මන්ත්‍රීවරු සන්තාපයට පත්වූහ.


එංගලන්ත පාර්ලිමේන්තුවේ එම ගාලගෝට්ටියෙන් පසුව යටත්විජිත මහලේකම්ද කැඳවා එහිදී වහාම තීරණයකට ගැනුණේ සිලෝන් රටේ ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් චාර්මස් වහාම නිලයෙන් පහකොට ගෙන්වා ගැනීමට අණ දීමය. ඉන්පසු ඒ වෙනුවට සුදුසු කෙනෙකු ආණ්ඩුකාර පදවියට පත්කොට යැවීමය.  මෙම ප්‍රශ්නය නිසිලෙස නිරාකරණය කරන්නැයිද එතුමාට උපදෙස් දීමය.


මෙසේ එක් දිනෙකින්ම තමන් මෙහි පැමිණි ගමනේ සාර්ථකත්වය සැලසුණු බව මෙනෙහි කළ ඊ.ඩබ්ලිව්. පෙරේරා නීතිඥතුමා පාර්ලිමේන්තුවෙන් එළියට වන් මොහොතේම කළේ ලන්ඩන් හි ලේබර් (කම්කරු) පක්ෂයේ ප්‍රධාන කාර්යාලය වෙත යාමය. එහි ගිය පෙරේරා නීතිඥතුමා කළේ මේ වන විට තමන් සන්තකයේ තිබූ “පොකැට් මනි” මුදලින් පවුම් පනහක් ලේබර් පක්ෂයේ අරමුදලට පරිත්‍යාග කිරීමය. තමතින් පවුම් පනහක මුදලක් මෙසේ පරිත්‍යාග කිරීම එවේලේ එතුමාගේ අතට ලොකු බරක් වූ නමුදු තමන් ලියන පත්තරවල ලිපිවලට කිසියම් ගෙවීමක් මතුදින වලදී ලැබෙන බව සිතා ගැනීමෙන් එතුමෝ සිත හදාගත්හ. පසුව වූයේද එයමය.


 මේ අනුව ක්‍රියාසූරී කාරුණික පුද්ගලයෙකු වූ ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් මැතිතුමා සිලෝන් රටේ ආණ්ඩුකාරතුමා වශයෙන් එංගලන්තයෙන් පත්කර එවා තිබිණ. තවත් සති ගණනක් ගත වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිංහල බෞද්ධ නායකකාරකාදීහු සිර දිවිය නිමාකර සිය නිවෙස් බලා ගියේ ඇන්ඩර්සන් ආණ්ඩුකාරතුමාගේ කරුණාවට පින්සිදු වන්නටය. පෙරේරා නීතිඥතුමාගේ මහඟු දූත මෙහෙවර නියමිත අන්දමට ක්‍රියාත්මක වී තිබෙන අයුරු දැක ඔවුහු සැනසුම් සුසුම් හෙලූහ.


 එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් පාලි භාෂාවද ඉගෙන මෙරටට පැමිණි ශ්‍රීමත් රොබට් චාර්මස් ආණ්ඩුකාරයා පසුකලෙක සියලු බෞද්ධයන් සමඟ භික්ෂුන් වහන්සේලා සමඟ බෙහෙවින් සමීපාශ්‍රයේ යුතුව කටයුතු කළ නමුදු මෙසේ වර්ෂ 1915 සිද්ධියේදී මිනිහා නොමිනිසා වී කටයුතු කිරීම අදහාගත නොහැකි තරම් කාරණයක් ද විය.

ඉතිරි ලබන සතියට

 සෝමසිරි කස්තුරිආරච්චි



අදහස් (0)

සුද්දන් ලංකාවේ කළ මිනීමැරුම් එංගලන්තයට ගෙන ගිය කතෝලික නීතිඥයා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 165 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16139 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3932 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site