IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සරසවියට නොගත් පනස් දාහකට සරසවි යන්න ඉඩක්

අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්වී විශ්වවිද්‍යාලවලට පිවිසීමට සුදුසුකම් ලබන බොහෝ ශිෂ්‍යයින් හට විශ්වවිද්‍යාලයන්හි ඇති සීමිත ඉඩකඩ හේතුකොටගෙන ඇතුල්වීමට අවස්ථාව නොලැබීම නිසා, වර්තමානයේ තරුණන් අතර දැඩි කලකිරීමක් පවතී. සුදුසුකම් ලත් උ/පෙළ 150,000ක් පමණ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 25,000ක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙති. තවත් 125,000ක් ඉතිරි වෙති. මින් පෙනී යනුයේ සමත්වන්නන් අතරින් 17%ක් පමණක් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේදී 83%ක් මඟ හැරී යන බවය.   


ඕනෑම රජයක මූලික අරමුණ විය යුතු, ශ්‍රී ලංකාවෙහි උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාවන් උපරිමකරණය කිරීම අප විසින් කළ යුතුය. ආර්ථිකයේ සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව සහ තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය සහ සේවා අංශවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නව හැකියාවන් සහ අමතර සංඛ්‍යාවන් උත්පාදනය කරමින් ඉල්ලුම් පවත්නා උපාධි වැඩ සටහන් සලසාදීමේ ඒ කාන්ත අවශ්‍යතාවක් ඇත.   


අද ඉන්දියාව, ප්‍රධාන වශයෙන් එහි ව්‍යක්තව ඉංග්‍රීසි භාෂාවෙන් කථා කළ හැකි තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු උපාධිධාරින් විශාල සංඛ්‍යාවක් සිටින නිසා ඔවුනට සේවා නියුක්තිය සහ හොඳ වැටුප්ද ලබාදෙමින්, රටට අගනා විදේශ විනිමය උපයා ගන්නා ලෝකයේ බහිර් සේවාර්ථන කර්මාන්තයේ ගමනාන්තයක් වී ඇත. එසේ වී ඇත්තේ අවශ්‍ය නිපුණතාවයන්, සුදුසුකම් සහ සංඛ්‍යාවන්ගෙන් උපාධිධාරින් බිහි කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව නිසාය.   


අප අපගේ ඉතිහාසයේ ඉතා වැදගත් අදියරක සිටින අතර තමන්ට සිය මවුබිමෙහිදී ලබා ගැනීම අහිමි කරන උපාධියක් ලබා ගැනීම සඳහා අපගේ තරුණයන් වටිනා විදේශ විනිමයද යොදා ගනිමින් දහස් ගණනින් පිටරටට යැවෙන මෙම බලගතු ගැටලුවට ජනතාවට විසඳුම් අවශ්‍යව ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනඥයින්, වෘත්තිකයන් සහ රටේ ව්‍යාපාරික ප්‍රජාවගේද සහාය ඇතිව මෙයට විසඳුමක් සපයා ගෙන තරුණයින්ට විශ්වවිද්‍යාල අවස්ථා සපයාදීම රජයේ ප්‍රමුඛතාවයක් විය යුතුය. ඔවුන් අප රටෙහි අනාගතය වන අතර ශ්‍රී ලංකවෙහි ආර්ථික වර්ධනයට ඔවුනට දායකවීමට හැකිවනු ඇත.   
තරුණයින්ට, විදේශයන්හි ඉඩ ප්‍රස්ථා සොයා යාම වෙනුවට සිය මවුබිමෙහිම අනාගතයක් සැපයෙන ශික්ෂණයන්හි පුහුණුව ලැබීමට අප අවස්ථාව සපයා දිය යුතුය.   


වර්තමානයේ බොහෝ විදේශ විශ්වවිද්‍යාලයන්, කිසියම් හෝ රාජ්‍ය අධ්‍යාපන අධිකාරියක පාලනයකින් තොරව, පුද්ගලික ආයතන ඔස්සේ උපාධි පිරිනැමීමේ වැඩ සටහන් පවත්වාගෙන යති. මෙම උපාධි වැඩ සටහන් ඉදිරිපත් කරනුයේ ඉතා ඉහළ පිරිවැයකට වන අතර ඒවා දේශීය වශයෙන් පාලනයකටද යටත් නොවේ. තවද බොහෝ සිසුහු බැංකු ණය ලබා ගැනීම සඳහා සිය දෙමාපියන්ගේ නිවාස සහ දේපල උගසට තබා විදේශ විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් වෙති.   


එහෙයින්, සිය මවුබිමෙහි විශ්විවද්‍යාල අධ්‍යාපනය අහිමිවන විශාල සංඛ්‍යාවකට, දරා සිටිය හැකි පිරිවැයක් යටතේ ගුණාත්මක භාවයෙන් යුතු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සැපයීම සඳහා අප විසඳුමක් සැපයිය යුතු අතර, අනෙකුත් රටවල් මගින් ඒ සම්බන්ධයෙන් සපයා ඇති විසඳුම් සැළකිල්ලට ගත යුතුය.   


 

ශ්‍රී ලංකාවට විකල්ප ආකෘතියක්   


 ශ්‍රී ලංකාවට ඇති ඉතාමත් විශිෂ්ඨ අවස්ථාවන්ගෙන් එකක් වනුයේ, ඉතාමත් සාර්ථක වී ඇති විවිධ විශේෂායනයන් යටතේ විශාල විශ්වවිද්‍යාල උපාධිධාරීන් සංඛ්‍යාවක් බිහිකර ඇති විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විද්‍යාල පවතින ඉන්දියානු ආකෘතිය පිළිබඳව සැළකිල්ල යොමු කිරීමයි. මෙම ක්‍රමය යටතේ විද්‍යාල පද්ධතිය ඔස්සේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවන් සඳහා ඇතුළත් කර ගන්නා සංඛ්‍යාව ක්ෂණිකව ඉහළ නංවනු ඇත. එහිදී, ඇතුළු වීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් හසුරුවනු ඇති අතර සියලුම විෂයමාලා සැපයීම හා විභාගයන් පැවැත්වීමද විශ්වවිද්‍යාලයන් මගින් සිදුකරන අතරදී සියලුම සිසුන්ට දරාගත හැකි පිරිවැයක් යටතේ අධ්‍යාපනය ලබාදීම විද්‍යාලයන් මගින් සිදුකරනු ඇත. අරමුදල් අවශ්‍යවන ශිෂ්‍යයන් සඳහා රජය මගින් හෝ මහපොළ භාරකාර අරමුදලින් ශිෂ්‍යත්ව ලබාදීම හෝ පසුගිය අයවැය මගින් කරන ලද පරිදි බැංකුවලින් සැපයෙන ණය පහසුකම් ලබාදීම මගින් සිදුකළ හැකිය.   


අනුබද්ධ විද්‍යාල ක්‍රමය අපගේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාව විසින් මනාව අත්හදා බලා පරීක්ෂා කරන ලද ක්‍රමයක් වන අතර, එමගින් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා උනන්දුවන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ප්‍රතිලාභ දීමත්, ජාතික ආර්ථිකය සංවර්ධනය සඳහා විශාල ලෙස දායකවීමත් සිදුකර ඇත.   


ඉන්දියානු අනුබද්ධ විද්‍යාල ක්‍රමය   


ඉන්දියාවෙහි එක් විශේෂ ප්‍රදේශයක් තුළ ප්‍රාදේශික පාලනය ඇති විශ්විවද්‍යාල ප්‍රතිපාදන විද්‍යාලයකට, අනුබද්ධතාවය ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලය මගින් නියම කරන ලද සම්මතයන් පවතින අතර ඒවා සම්පූර්ණ කිරීමෙන් පසුව අනුබද්ධතාව ප්‍රදානය කෙරේ.   


ප්‍රදානයන් දිය හැකි සහ ප්‍රදානයන් දිය නොහැකි යනුවෙන් විද්‍යාල කාණ්ඩ දෙකක් ඇත. ප්‍රදානයන් දිය හැකි යන්නෙන් අදහස් වනුයේ ඒවාට රජයෙන් ප්‍රදානයන් දෙනු ලබන බව වන අතර එහෙයින් ඒවායේ ගාස්තුද සැළකිය යුතු ලෙස අඩුය. මෙම විද්‍යාලයන් සඳහා ගාස්තු නියාමනය කිරීමට රජය මගින් ස්ථාපිත කරන ලද ගාස්තු කමිටුවක්ද වේ. 

 
විශ්වවිද්‍යාලය මගින් විභාග පවත්වනු ලබන අතර විද්‍යාලයන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති හෙයින් විද්‍යාලයන්හි සිසුහු මෙම විභාගවලට පෙනී සිටිති.   


විශ්වවිද්‍යාල විදුහල්වල ඉඩම්, ගොඩනැගිලි, ආචර්ය සහ ආචාර්ය නොවන කාර්ය මණ්ඩල, පුස්තකාල, රසායනාගාර යනාදිය සඳහා අනුබද්ධ කිරීමේ නියාමනයන් පවතී.   


ඉන්දියාවෙහි බොහෝ විද්‍යාලයන් සහ පුද්ගලික විශ්වවිද්‍යාලයන් පිහිටවනු ලැබ ඇත්තේ භාරකාර මණ්ඩල ආඥා පනත යටතේ වන අතර ඒවා ලාභ නොලබන සංවිධාන වන අතර ස්වයං අරමුදලින් සම්පාදනය වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයන් සහ ස්වයං අරමුදල් සම්පාදනය කරගනු ලබන වෙළෙඳ සහ වාණිජ අමාත්‍යංශය යටතේ ස්ථාපිත කරන ලද සහ දැනට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනය සහ සහතික ලත් කළමනාකරණ ගණකාධිකරුවන්ගේ ආයතනවලට සමානව, ශ්‍රී ලංකාවෙහි අධ්‍යාපන අංශය සඳහා යොදා ගත හැකි ඉතාමත් හොඳ සංකල්පයක් වනු ඇත.   


 

ශ්‍රී ලංකාව සඳහා ඉදිරි ගමන් මග:   


විශ්වවිද්‍යාල විද්‍යායතනයන් පිහිටුවීමට සහ අදාළ රෙගුලාසි සම්පාදනය සඳහා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කළ යුතුය.   


මෙම වැඩ පිළිවෙළ සාර්ථකභාවයට පත් කිරීම් වස්, පැරැණි සහ ප්‍රකට විශ්වවිද්‍යාලයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් විශ්වවිද්‍යාල විද්‍යායතනයන් අනුමත කිරීම සඳහා සියලුම විශ්වවිද්‍යාලවලට අධිකාරි බලය ලබාදිය යුතුය.   


අාරම්භක අධියරයන්හිදී ග්‍රාමීය සහ අනෙකුත් දිස්ත්‍රික්කයන්හි විශ්වවිද්‍යාල විද්‍යායතන සඳහා රජයේ ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍රයන් පස්වරු සැසි සඳහා ලබාදෙනු ඇත.   
අවශ්‍යතා සහිත සිසුන් සඳහා රජය මගින් ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපනය කිරීම   


විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින්, අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම් හා සමානව උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව සිදු කරනු ඇත.   
උපාධි සහතිකය, විශ්වවිද්‍යාල මගින් අනුබද්ධ විද්‍යාලයේ නම සහිතව නිකුත් කරනු ඇත. විෂය මාලාව, විශ්වවිද්‍යාල මගින් සපයනු ඇති අතර විභාගයන් ද විශ්වවිද්‍යාල මගින් පවත්වනු ඇත.   


රටට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ 

 
උසස් අධ්‍යාපනය සඳහා යොමුවන සංඛ්‍යාව ඉහළ නැංවීම මගින් සහ උසස් පෙළ සුදුසුකම් ලබන ශිෂ්‍යයින්ට ඔවුන්ගේ ඉහළ අධ්‍යාපනය සඳහා අවස්ථා සපයාදීම මගින් ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීම.   


වඩා වැඩි සිසුන් සංඛ්‍යාවකට උපාධි සුදුසුකම් ලබා ගත හැකිවනු ඇති අතර රට තුළ වඩා වැඩි උගත් තරුණයින් සංඛ්‍යාවක් සහ වඩා ඉහළ පුහුණුවක් සහිත පුද්ගලයින් සංඛ්‍යාවක් බිහිවනු ඇත. උසස් අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍යයින් ගේ ප්‍රතිශතය අප්‍රමාදව 50%ක් දක්වා වැඩිවීමත් ඉන්පසුව වාර්ෂිකව ඉහළ යාමක් සිදුවනු ඇත.   


දේශීය ශිෂ්‍යයන් හට පාඨමාලාවන් දැරිය හැකි වියදමකට සැපයෙනු ඇති අතර රටින් බැහැරට යැවෙන වටිනා විදේශ විනිමය ඉතිරිවනු ඇත.   


දැනට අඩු සැපයුමක් ඇති පුහුණු තරුණයන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සිටීම නිසා විදේශ වෙළෙඳපොළ සඳහා දැනුම පාදක කරගත් ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස, වඩා වැඩි ඍජු විදේශ ආයෝජනයන් ප්‍රමාණයක් ආකර්ෂණය වනු ඇත.   


රජය, පහසුකම් සපයන්නෙක් වියහැකි අතර, විශ්වවිද්‍යාලයන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් මෙම විද්‍යාලයන්හි ගුණාත්මකභාවය සහ ගාස්තු පාලනය කිරීම කළ හැකිය.   
ඉල්ලුමක් ඇති කුසලතාවන් සහ ශිල්ප ක්‍රම සඳහා වැඩි විද්‍යාල සංඛ්‍යාවක් ස්ථාපනය කළ හැකි අතර එමගින්, ආර්ථික සංවර්ධනයද කර්මාන්ත, වානිජ සහ සේවා අංශ, වැවිලි කර්මාන්තය සහ කෘෂිකර්මය යන අංශයන්හි සංවර්ධනයක්ද ඇති කෙරෙනු ඇත.   


මෙම රටෙහි තරුණයින්, ඔවුන්ගේ මවු බිම තුළදීම උපාධියක් ලබා ගැනීම සඳහා ඇති හැකියාව දකිනු ඇති අතර, එමගින් සිය දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදේශයන්ට යැවීමට තමන් සතුව ඇති කිසියම් හෝ වත්කමක් උගස් කිරීමට සිදුවන මව්පියන්ගේ ගැටළු ද එමගින් සහනය කෙරෙනු ඇත.   


විශ්වවිද්‍යාලයන්ට ඇතුල්වීමට සුදුසුකම් ලබන 150,000 ක් පමණ වන උසස් පෙළ සිසුන් අතරින් 25,000ක් තරම් සංඛ්‍යාවක් පමණක් ඇතුල්වීමට වරම් ලබන තත්ත්වයක් යටතේ සෙසු පිරිසට ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව අහිමි කෙරේ. එයින්, තමන් සුදුසුකම් ලැබුවද තම වරදක් නොවන හේතුවක් නිසා සිය අනාගතය අඳුරු වීමෙන් සිසුහු සහ දෙමව්පියෝ කලකිරීමට පත්ව සිටිති. මුදල් ඇති අය අපගේ වටිනා විදේශ විනිමය යොදා ගනිමින් විදේශ ගතවන අතර, සුදුසුකම් ලැබීමෙන් පසු ඔවුන්ගෙන් බොහොමයක් ආපසු ශ්‍රී ලංකාවට නොපැමිණෙන හෙයින් එයද රටට මෙන්ම දෙමව්පියන්ටද තවත් විශාල අවාසියක් වෙයි.   


විශ්වවිද්‍යාල අනුබද්ධ විද්‍යාල ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් මෙම බාධකය ඉවත් කර ගැනීමට හැකිවනු ඇති අතර එමගින් දේශීය විශ්වවිද්‍යාලයන්ට ඇතුල්කර නොගන්නා ශිෂ්‍යයන් හට අතිරේක ස්ථානයක් සපයා දිය හැකිය. අසල්වැසි ඉන්දියාවේ සහ අනෙකුත් රටවල භාවිතා කර අත්හදා බලා ඇති මෙම නව යෝජනාවන් ක්‍රියාත්මක කිරීමෙන් උගත් සහ සුදුසුකම් ලත් තරුණයින් විශාල සංඛ්‍යාවකට උසස් පෙළ සමත්වීමෙන් පසු ඉහළ අධ්‍යාපනය ඔස්සේ ශ්‍රී ලංකාව තුළම පමණක් නොව විදේශ රටවලද අනාගතයක් දැකිය හැකිවීමේ වාසිය අත්වනු ඇත. පිරිවැයද වැදගත් කාරණයක් බවද, දේශීය උපාධි සහ වෘත්තීය සුදුසුකම් පමණක් මෙම ගැටලුවට පිළිතුරු සපයනු ඇති බවද අප සිහියේ තබාගත යුතුය. මෙරටින් බැහැරට යන අගනා විදේශ විනිමයද ඉතුරුකර ගනිමින් අප ජාතියේ සෞභාග්‍ය සඳහා දැනුම් ආර්ථිකයක් ගොඩනගමු.   



අදහස් (0)

සරසවියට නොගත් පනස් දාහකට සරසවි යන්න ඉඩක්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 160 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16137 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2785 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5237 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3930 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1487 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site