IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සමයං මැරූදා... රතිඤ්ඤා පත්තුකළාට පිඩලි තුෂාරට වෙඩි පිට වෙඩි

 

සිංහල අලුත් අවුරුද්ද උදාවීමට හෝරා කිහිපයක් තිබියදී රතිඤ්ඤා පුපුරන්නා සේ එක දිගට නැගුණු වෙඩි හඬින් කඩුවෙල කොතලාවල ප්‍රදේශය දෙදරුම්කා ගියේ ප්‍රදේශවාසීන්ද බියෙන් සලිත කරවමින්ය.


වෙඩි ප්‍රහාරයට ගොදුරුවීමෙන් දෙදෙනෙක් මැරුම්කෑවේ කොතලාවල ජයසිංහ මාවතේදීය.


වෙඩිකා මියගිය එක් අයෙක් කඩුවෙල පහළ බෝමිරියේ විසූ රුවන් තුෂාර (43) නමැත්තාය.


ප්‍රදේශයේ කොයි කවුරුත් ඔහු දැන සිටියේ පිඩලි තුෂාර යන නමින්ය.


පිඩලි තුෂාර පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකි.


තවත් පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන සමයං නමැත්තා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් පස්දෙනෙකුට සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අත්අඩංගුවට ගැනීමට සොයා ගියේද අංගොඩ ලොක්කා නමැති මෙම පාතාල නායකයාය.


අංගොඩ ලොක්කා තවමත් පොලිස් ඇසට වැලිගසමින් සැඟව සිටින අයෙකි.


පිඩලි තුෂාර නමැත්තා සමග වෙඩිකා මියගිය අනෙකා වනුයේ පහළ බෝමිරියේ විසූ කොතලාවලගේ දොන් පියවංශ (48) නමැති තිදරු පියෙකි.


පියවංශ නමැත්තා පාතාලයට හෝ වෙනත් කිසිම අපරාධයකට හෝ කිසිසේත්ම සම්බන්ධයක් නොමැති අහිංසකයෙකි.


පියවංශට අකාලයේ සිය දිවියෙන් වන්දිගෙවීමට සිදුවූයේ පාතාලයට සම්බන්ධ බව කියන පිඩලි තුෂාර ඉලක්ක කර ගනිමින් තැබූ වෙඩි ප්‍රහාරයට ගොදුරුවීමෙනි.


යතුරුපැදියකින් ආ පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලා ගිය බව කියති.


පියවංශ මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුවී මිය ගියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවසට ආලේප කිරීමට තීන්ත ගෙන ඒමට යමින් සිටි අතරවාරයේය.


පොලිසිය පවසන ආකාරයට රුවන් තුෂාර හෙවත් පිඩලි තුෂාර නමැත්තා පාතාල නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා සමග කාලයක් තිස්සේ සමීප සම්බන්ධතා පැවැත්වූ අයෙකි.


සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් පස්දෙනෙකු වෙඩි තබා මරා දැමීමෙන් පසු කඩුවෙල ප්‍රදේශයේදී රතිඤ්ඤා පත්තුකර ඇති අතර එයට මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇත්තේ පිඩලි තුෂාර යැයි කියති.


රතිඤ්ඤා පත්තුකර නොනැවතුණු පිඩලි තුෂාර ඔහුගේ සමීපතමයන් රැසක් සමග එක්වී සමයං ඇතුළු ඔහුගේ ගෝල බාලයන් පස්දෙනා ඝාතනය කළ සතුට සැමරීමට මත්පැන් සාදයක්ද මහ ඉහළින් පවත්වා තිබෙන බව පැවසේ.


මේ තොරතුරු අනාවරණ කරගනු ලැබ ඇත්තේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.


සමයංගේ ගෝල බාලයන්ට මේ බව ආරංචිවී පිඩලි තුෂාර නමැත්තා ඝාතනය කළේද යන්න ගැනද පොලිසියට සැක සංකා මතුවී තිබෙන නිසා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වාගෙන යයි.


වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ ටී 56 හිස් උණ්ඩ 18 ක් පමණ වැටී තිබී පොලිසිය සොයාගත්තේය.


පිඩලි තුෂාර නමැත්තා මිනීමැරුම්, කොල්ලකෑම් හෝ කප්පම් ගැනීම් වැනි අපරාධවලට සම්බන්ධ වූ බවට මෙතෙක් තොරතුරු ලැබී නොමැති වුවත් හෙරොයින් ජාවාරමේ නිරතව සිටි අයකු බවට සාක්ෂි ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.


මොහුට එරෙහිව අධිකරණයේ හෙරොයින් නඩු දෙකක් විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි.


රුවන් තුෂාර ගෙවතු අලංකරණය රැකියාව වශයෙන් කරන අයෙකි.


ගෙවතු අලංකරණයේදී පස් පිඩලි ඇල්ලීමද කරන නිසා පිඩලි තුෂාර කියන නම ඔහුට පටබැඳී ඇති බව තතුදත් අය පවසති.


ගෙවතු අලංකරණ වැඩ කටයුතුවලට කුලී වැඩකරුවන් ලෙස තුෂාර සේවයට යොදාගෙන ඇති වැඩිදෙනෙක් හෙරොයින්වලට ඇබ්බැහිවූවන් බව කියති.


හෙරොයින් පැකට් එකක් දෙකක් හෝ අඩු මුදලක් ලබාදී එවැනි අයගේ සේවය ලබාගත හැකි නිසා පිඩලි තුෂාර හෙරොයින්වලට ඇබ්බැහිවූවන් මේ කටයුත්ත සඳහා යොදවා ගෙන ඇති බවද පැවසේ.


පිඩලි තුෂාරව මීට කළින්ද වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර ඇතත් ඔහු ඒ අවස්ථාවේ ජීවිතය බේරාගෙන ඇත්තේ අනූනවයෙනි.


ඒ මීට වසරකට පමණ ඉහතදී ඔහු නිවසේ සිටි අවස්ථාවකය.


පිඩලි තුෂාරට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ඌරුජුවා සහ චමින්ද නමැත්තෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඌරුජුවා නීතිඥයකුගේ මාර්ගයෙන් අධිකරණයට භාර වූ අතර චමින්ද පොලිස් අත්අඩංගුවට පත් විය.


මේ දෙදෙනාම සමයංගේ පාතාල කල්ලියේ ප්‍රබල ගෝලයෝ දෙදෙනෙකි.


පිඩලි තුෂාරට වෙඩි තැබීම සම්බන්ධයෙන් නීතිඥයකුගේ මාර්ගයෙන් අධිකරණයට භාරවූ ඌරුජුවා නමැති පාතාලයාට එවැනි අන්වර්ථයක් අංගොඩ ලොක්කාගේ පාතාලයන් විසින්ම පටබඳිනු ලැබ ඇතැයි කියන්නේ ඔහුට පොඩිදේටත් නිතරම කේන්ති යන අයෙකු නිසා යැයි දැනගැනීමට ඇත.


සමයං ඝාතනය කිරීමට අංගොඩ ලොක්කා සමග කඹුරුපිටියේ මධුෂ නමැති පාතාල නායකයා එකතු වන්නේ මධුෂ්ගේ ඥාති සහෝදරයෙක් වන හර්ෂ නමැත්තා කොළඹ රාජගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීමටය.


හර්ෂව ඝාතනය කරනු ලැබුවේ සමයංගේ පාර්ශ්වයෙනි.


හර්ෂ ඔහුගේ සගයෙක් සමග සමයංගේ සමීපතමයකුගේ හිසට පිස්තෝලයක් තබා දණ ගස්සවා එම දර්ශනය 3 ජී තාක්ෂණය ඇති ජංගම දුරකථනයක් මගින් බන්ධනාගාර ගතව සිටින සමයංට ඔහු සන්තකයේ තිබෙන 3 ජී තාක්ෂණය ඔස්සේ දැක බලා ගැනීමට සලස්සවා ඇත.


මෙයින් සමයං හොඳටම බියට පත්ව ඇත්තේ පවුලේ සමීපතමයා මරා දමාවි යැයි සිතූ නිසාය.


සමයංටද දණ ගසන ලෙස හර්ෂ නියෝග කර එසේ දණ නොගසන්නේ නම් පවුලේ සමීපතමයා මරා දමන බවට තර්ජනය කර ඇති අතර මෙයින් බියට පත්වූ සමයං හර්ෂගේ නියෝගයට අවනත වෙමින් දණ ගසා ඇත.


සමයං දණ ගසාගෙන සිටින ආකාරය ඔහුගේ (සමයංගේ) පවුලේ සමීපතමයාට ද 3 ජී තාක්ෂණය මගින් පෙන්වීමට හර්ෂ කටයුතු කර තිබේ.


බන්ධනාගාරය ඇතුළේ සිට සැලසුම් කර හර්ෂව මරා දැමීමට සමයං කටයුතු කරන්නේ මේ සිද්ධියෙන් පසුවය.


හර්ෂ නමැති තම ඥාති සහෝදරයා මරා දැමීමෙන් පසු අංගොඩ ලොක්කා සමග එක්වී සමයං පමණක් නොව බන්ධනාගාර ගතව සිටින ඔහුගේ ගෝල බාලයන්වද මරා දැමීමට ප්ලෑන් කරන්නේ ඒ අනුවය.


මේ අනුව සමයං ඇතුළු ඔහුගේ ගෝල බාලයන් මරා දැමීමට බලපෑ හේතු සාධක කිහිපය අතරේ හර්ෂ මරාදැමීමද එක් හේතුවක්වී තිබිණි.


අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු සමයංගේ ගෝලයන් විසින් මරා දමනු ලැබීම සමයං මරා දැමීමට මධුෂ් සමග අංගොඩ ලොක්කා හවුල්වීමට බලපා ඇත.


මේ තොරතුරු අනාවරණය කෙරීගෙන ඇත්තේද පාතාලය ගැන තොරතුරු සෙවීමේ නිරතව සිටින බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.


මේ පාතාල කල්ලි අතර පවතින ගැටුම් නිසා වරින්වර 10 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට මියපරළොව ගොස් ඇති බව පොලිසිය කීය.


සමයංව කුඩා කාලයේ සිට හදාවඩාගෙන ඇත්තේ ගුරු යුවළක් විසින් වන අතර පසුව ඔහු පාතාලයට එකතුවී ඇත.


අංගොඩ ලොක්කා වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා ඇති අයෙකු වන අතර ඉගෙන ගන්නා කාලයේ ඔහු පාසල් මිතුරන් සමග තමා ගණකාධිකාරිවරයකු වන බව නිතර පවසා තිබෙන බව තතුදත් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබිණි.


එහෙත් අංගොඩ ලොක්කාගේ පාසල් අධ්‍යාපනය අතරමගදී කඩාකප්පල් වී ඇත්තේ ඔහුගේ මව සහ පියා අතර නිතර පැවති අඬදබර හා ආර්ථික ප්‍රශ්න නිසාය.


බැරිමතැන අංගොඩ ලොක්කා කසිප්පු පෙරා විකිණීමේ ජාවාරමට එක්වන්නේ පාසල් අධ්‍යාපනයට සදහටම ආයුබෝවන් කියමිනි.
ඒ නිසා කාලයක් තිස්සේ ඔහුට තිබූ ගණකාධිකාරීවරයකු වීමේ සිහිනය බොඳවී ගියේය.


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ නවගමුව පොලිස් ස්ථානාධිපති මංජුල සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් කොතලාවල ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

සමයං මැරූදා... රතිඤ්ඤා පත්තුකළාට පිඩලි තුෂාරට වෙඩි පිට වෙඩි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 173 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site