IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා පොලීසියේ නිල ඇඳුමේ වෙනස්වීම

 

වර්තමාන ශ්‍රී ලංකා පොලීසිය  මෙරට ස්ථාපනය කිරීමේ ගෞරවය හිමිවන්නේ බි්‍රතාන්‍ය ජාතිකයන්ටය. ලන්දේසීන්ගේ පාලනයට  යටත්ව තිබූ ශ්‍රී ලංකාව ඕලන්ද රජතුමන් සහ ඉංග්‍රීසි ආණ්ඩුව  අතර සුප්‍රකට “කිවි මාලිගයේ” දී අත්සන් කරන ලද “කිවි ගිවිසුම” මගින් පාලන හුවමාරුවෙන් පසුව 1796 වර්ෂයේ ත්‍රිකුණාමලයෙන් ශ්‍රී ලංකාවට ගොඩබට බි්‍රතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලන බලය සිය ආධිපත්‍යයට යටත් කරගෙන ඇත්තේ හිරු නොබසින අධිරාජ්‍යයට තවත් එක් රටක් එකතු කර ගනිමිනි. 1798 වන විට කොළඹ, කොටුව ආශ්‍රිතව ප්‍රධාන පිස්කල් නිලධාරියෙකු ලෙස පෙඞ්ඩි්‍රක් මයිල්ස් බැරන්ස් පත්කරමින් ඉංග්‍රීසීන් ලංකාවේ පොලිස් සේවය ආරම්භ කර ඇති බව ඉතිහාසයේ දැක්වේ.


පොලිස් ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී එය යුග දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකිය. එනම් 1796 වර්ෂයේ සිට 1866 දක්වා වසර 70ක් පුරා පැවැති අසංවිධානාත්මක පොලිස් යුගය සහ 1866 සැප්තැම්බර් 03 වන දින සිට අද දක්වා පවතින සංවිධානාත්මක පොලිස් යුගයයි. මේ යුග දෙක තුළම ශ්‍රී ලංකා පොලිසිය නිල ඇඳුම ප්‍රධාන කොට හත් වතාවක් වෙනස්වීම්වලට භාජනය වී ඇති බව පැහැදිලිය.
1805 අංක 14 දරණ පනතින් ඉදිරිපත් කර ඇති රෙගුලාසි මගින් ඉංග්‍රීසි පාලකයන් පොලිස් විදානේ තනතුර හඳුන්වා දී ඇත. 1806 වර්ෂයේදී ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දෙනු ලැබූ පොලිස් විදානේ තනතුරට හිමි නිල ඇඳුම වී ඇත්තේ මඩකළපු සරමට උඩින් පලඳින කාකි පැහැති කබාය මැදින් බැඳුණු බි්‍රතාන්‍ය රාජ්‍ය ලාංඡනය සහිතව බඳ පටිය සහ පපුව හරහා පලඳින බි්‍රතාන්‍ය රාජ්‍ය ලාංඡනය සහිත බාපනයයි. පොලිස් විධානේවරුන් සැමවිටම ආයුධයක් ලෙස කිරිච්චිය භාවිත කර ඇති අතර, එකල කිරිච්චිය පොලිස් විධානේවරුන්ගේ නිල ඇඳුමේම කොටසක් ලෙස සලකනු ලැබ ඇත. පොලිස් විදානේවරුන් සඳහා පාවහන් නිකුත් කළ බවක් සඳහන්ව නැති අතර, බහුතරයක් පොලිස් විදානේවරුන් පාවහන් රහිතව රාජකාරියේ යෙදී ඇති බව මේ කාලය ආශ්‍රිතව පළව ඇති ඡායාරූප ඇසුරින් පැහැදිලිය.


පොලිස් නිල ඇඳුමේ දෙවන විකාශය සිදුව ඇත්තේ 1806න් වසර 42කට පසු 1848 වර්ෂයේදීය. 1848 වන විට ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි ජාතිකයන් තේ වගාව ආරම්භ කර තිබූ අතර, මුඩුබිම් පනත හඳුන්වා දෙමින් ස්වදේශිකයන් සතුව තිබූ වගා නොකරන ලද ඉඩම් රජයට පවරාගෙන සිය කෘෂි වගා ව්‍යාප්තිය මෙකල සිදුකර ඇත. විශේෂයෙන් 1818 සිදුවූ වෙල්ලස්ස කැරැල්ලේ උණුසුම මැකී යාමටත් ප්‍රථම 1848 ආරම්භ වූ පහතරට කැරැල්ල  ලෙස ප්‍රකට මාතලේ කැරැල්ලටද ඉංග්‍රීසීන්ට මුහුණදීමට සිදුව ඇත්තේ මෙම කාල සීමාව තුළය. 1848 හඳුන්වා දී ඇති දෙවන නිල ඇඳුම කරපියවූ අත්දිග කමිසය සහ කාකි කලිසමත්, බි්‍රතාන්‍ය ලාංඡනය සහිත බඳ පටියත්, කමිසය සඳහා බි්‍රතාන්‍ය ලාංඡනය සහිත බොත්තනුත්. හිස් වැසුමක් ලෙස රෙදිවලින්ම නිර්මාණය කරන ලද තොප්පියකින් සමන්විත වී ඇති අතර, මෙම නිල ඇඳුම සඳහා පාවහන් යුගලක් ද ලබාදී ඇත. 


නිල ඇඳුමේ තෙවන විකාශය සිදුව ඇත්තේ 1864 වර්ෂයේය. 1864 වර්ෂයේ ශ්‍රී ලංකා පොලීසියට වඩාත් වැදගත් වන්නේ රාජකාරියේ යෙදී සිටියදී වික්‍රමාන්විත ලෙස දිවි පිදූ ප්‍රථම පොලිස් භටයා ලෙස පොලිස් කොස්තාපල් “සභාන්ගේ” දිවි පිදුම සිදුව ඇත්තේ 1864 දී බැවිනි. මේ වන විටත් පැවති අසංවිධානාත්මක යුගය තුළ පසුව පොලිස් සේවයේ නිල ඇඳුම තෙවන වරටත් වෙනස් කිරීමට මුල්ව ඇත්තේ බි්‍රතාන්‍ය රාජ්‍ය නිලධාරියකු ලෙස සේවය කළ එෆ්.ආර්. සෝන්ඩර්ස් මහතා බව ඉතිහාසයේ දැක්වේ. නිල ඇඳුමේ තෙවැනි විකාශය ලෙස හඳුන්වා දී ඇත්තේ තද නිල් පැහැති (වඩාත් කළු පැහැයට හුරු) “සර්ජ්” රෙද්දෙන් නිමවන ලද නිල ඇඳුමයි. මෙම නිල ඇඳුමට දිග කලිසමක්, කරපියවූ කබායක්, ඉණවටා පලඳින බි්‍රතාන්‍ය ලාංඡනය සහිත බඳ පටිය, පිත්තල බොත්තම්, පාවහන් සහ නිල ඇඳුම නිර්මාණය කළ රෙද්දෙන්ම මසන ලද කැප් තොප්පියක් අයිතිවී ඇත. එම කැප් තොප්පිය මැද කොටසේ පොලිස් නිලධාරීන් සඳහා ඒ වන විට නිකුත් කර තිබූ නිල අංකය ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.


පොලිස් නිල ඇඳුමේ සිව්වන විකාශය 1864න් වසර 02කට පසු 1866 වර්ෂයේ සිදුව ඇති අතර, ඒ සඳහා මුල්වී ඇත්තේ අසංවිධානාත්මක පොලිස් යුගය අවසන් කරමින් සංවිධානාත්මක පොලිස් සේවයක් මෙරට ස්ථාපිත වීම සිදුකර, නූතන පොලිස් සේවයේ ආරම්භය ලෙස සැලකෙන 1866 සැප්තැම්බර් 03 වන දින ප්‍රධාන පොලිස් සුපරින්ටෙන්ඩන්ට්  ධූරයට (වසරක ඇවෑමෙන් මෙම තනතුර පොලිස්පති ලෙස වෙනස් කර ඇත.) එසේ පත්වූ ප්‍රථමයා ජෝර්ජ් රොබට් විලියම් කැම්බල් මහතාය. 1866 වෙනස් කරන ලද පොලිස් නිල ඇඳුම බි්‍රතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිස් සම්ප්‍රදායට වඩාත් ආසන්න නිල ඇඳුමක් ලෙස නිර්මාණය කර ඇති අතර, එයද තද නිල් පැහැයට හුරු “සර්ජ්” රෙද්දෙන් නිර්මාණය කරන ලද 1864 වර්ෂයේදී හඳුන්වා දුන් නිල ඇඳුමට බොහෝ සෙයින් සමාන නිල ඇඳුමක් වී  ඇත. එය 1864 නිල ඇඳුමෙන් වෙනස් වන්නේ 1864 හඳුන්වා දුන් කැප් තොප්පිය වෙනුවට නිකට වටා පටියක් සහිත මුස්ලිම් ජාතිකයන් පලඳින ආකාරයේ රෙදි තොප්පියක් නිල ඇඳුමට එක් කිරීමත්, අත් ලාංඡන සහ නළාවක් පොලිස් නිල ඇඳුමට එක් කිරීමත්ය. මෙම නිල ඇඳුම 1866 සිට 1925 දක්වා පොලිස් ඉතිහාසයේ දීර්ඝතම කාලයක් එනම් වසර 59ක් භාවිතයේ පැවති නිල ඇඳුම ලෙස ඉතිහාසයට එක්ව ඇත.


1925 වර්ෂයේ සර් හර්බට් ලෙයාර්ඞ් ඩව්බිගින් පොලිස්පති ධූරය හෙබවූ කාලය තුළ පොලිස් නිල ඇඳුමේ පස්වන විකාශය සිදුව ඇති අතර, නැවතත් බි්‍රතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරීන් 

භාවිත කළ “සර්ජ්” රෙද්දෙන් මැසූ නිල ඇඳුමට විරාමයක් එක් කරමින් බි්‍රතාන්‍යයන් සිය යටත් විජිත තුළ මහජනතාවගේ පාලනය සඳහා පත් කළ බහුතරයක් රාජ්‍ය නිලධාරීන් නිල ඇඳුම ලෙස හඳුන්වා දුන් කාකි පැහැති නිල ඇඳුම  හඳුන්වා දී ඇත්තේ 1925 දීය. මෙම නිල ඇඳුම කාකි රෙද්දෙන් නිර්මාණය කරන ලද දණහිස දක්වා සැකසුණු කොට කලිසම සහ කර පියවූ කබායකින්ද ඉණවටා බැඳි ,ක්‍ැහකදබ ඡදකසජැ, ලාංඡනය සහිත බඳ පටිය සහ, ස්ලව් චැට්, ලෙස හැඳින්වෙන කැන්වස් වර්ගයකින් නිර්මාණය කරන ලද තොප්පියද, පාවහන් සහ මේස් වෙනුවට විලුඹේ සිට දණහිස දක්වා වෙළන ලද පටි වර්ගයකින් සමන්විතව ඇත. මෙම නිල ඇඳුමේ දකුණු පස උඩ සාක්කුවට උඩින් නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද නිල අංකය සඳහන් වීම විශේෂත්වයකි.


නිල ඇඳුමේ හයවන විකාශය සිදුව ඇත්තේ 1947 වර්ෂයේ ප්‍රථම ශ්‍රී ලාංකේය පොලිස්පති වරයා ලෙස පත් වූ සර් රිචඞ් අලුවිහාරේ යුගයේදීය. මෙම නිල ඇඳුම බොහෝ දුරට 1925 හඳුන්වා දුන් නිල ඇඳුමට වඩාත් සමීප ලෙස නිර්මාණය කරන ලද්දක් වන අතර, එහි ප්‍රධාන වෙනස ලෙස හඳුන්වා දී ඇත්තේ දණහිස දක්වා දික්ව තිබූ, එකල බම්බු කලිසම ලෙස හැඳින්වූ කලිසම වෙනුවට දණහිසට අඟල් කීපයක් උඩින් පලඳින ලෙස නිර්මාණය කරන ලද කොට කලිසමත්, එකල පොලිස් නිලධාරීන් අතර ඉතා අපහසු පලඳනාවක් ලෙස සැලකූ මේස් වෙනුවට භාවිත කළ පටි ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට කළු පැහැති මේස් පැලඳීමේ වෙනස සිදුකිරීමත්ය.


1947 වර්ෂයේ සිට වසර 27ක් පුරා පැවති මෙම නිල ඇඳුමටද විරාමයක් එක් කරමින් පොලිස් නිල ඇඳුමේ හත්වන විකාශය ලෙස 1974 වර්ෂයේ එවකට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්‍ෂමන් ජයකොඩි මහතාගේ යෝජනාවක් අනුව පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාගේ යුගයේ හඳුන්වා දුන් වර්තමාන පොලිස් නිලධාරින් භාවිත කළ කාකි රෙද්දෙන් නිර්මාණය කරන ලද දිග කලිසම සහ කලිසමට යට කළ කොලර් සහිත කමිසයකින් සමන්විත වර්තමාන නිල ඇඳුම හැඳින්විය හැකිය. මෙම නිල ඇඳුම සඳහා මුල් කාලයේ උරහිස් පලඳනාවක් ලෙස ,ක්‍ැහකදබ ඡදකසජැ, යනුවෙන් සඳහන් ලාංඡනයක් පැවතියද 1978 වර්ෂයේ මෙම ලාංඡනය වෙනුවට වර්තමානයේ භාවිත කෙරෙන ,ශ්‍රී ලංකා පොලීසිය, යනුවෙන් සඳහන් අත් පලඳනාව හඳුන්වා දී ඇති අතර, එතෙක් ,ක්‍ැහකදබ ඡදකසජැ, ලෙස සඳහන්ව තිබූ ලාංඡනය ඉවත් කර ඒ වෙනුවට ,ධම්මො හවේ රක්ඛති ධම්ම චාරි, යන බුදු වදන ඇතුළත් වර්තමාන ශ්‍රී ලංකා පොලිසිය භාවිත කරන හස්ති රුව සහිත නිල ලාංඡනය හිස් වැස්මේද නිල ලාංඡනය ලෙස හඳුන්වා දී ඇත්තේ මෙම නිල ඇඳුම වෙනස් කිරීමේ ක්‍රමවේදය තුළය.


1974 හඳුන්වා දුන් මෙම නිල ඇඳුම දැනට වසර 43ක් කල් ගෙවමින් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ දෙවෙනි තැනට වඩාත් දීර්ඝ කාලයක් භාවිත කරන නිල ඇඳුම ලෙස ඉතිහාසයට එක්වෙමින් සිටි. එහෙත් මෙම නිල ඇඳුමේ ආයු කාලය කවරදාතෙක් පවතීද යන්න ප්‍රශ්නගත කරුණකි. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය වෙත නව නිල ඇඳුමක් හඳුන්වා දීමේ කතිකාවතක් ආරම්භ වී ඇත. මේ සඳහා දැනට වසර 02ක පමණ කාලයක සිට සමාජයේ විවිධ පැතිකඩවල් නියෝජනය කරන සමාජ ස්තරයන්ගෙන් අදහස්, උදහස් විමසමින් ශ්‍රී ලංකා පොලිසිය ගැඹුරු අධ්‍යයනයක යෙදි සිටී. මෙම අධ්‍යයනයට වර්තමාන නිල ඇඳුම භාවිතයේ ඇති වන වාසි මෙන්ම දුෂ්කරතා ද, ඝර්ම කලාපීය රටක් වන අපේ රටට සුදුසු රෙදි වර්ගයක් පොලිස් නිල ඇඳුම සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාවද, එවැනි රෙදි සඳහා වැයවෙන මුදල වැනි ආර්ථික හා සමාජීය කරුණු මෙන්ම දීර්ඝ කාලයක් මහජනතාවගේ දෑසට හුරුව තිබූ නිල ඇඳුමේ වෙනස්වීම පොලිස් රාජකාරි සඳහා සිදුකරන බලපෑම වැනි මානසික කරුණු ද දීර්ඝ ලෙස සැලකිල්ලට භාජනය කරමින් පවතී. පසුගියදා බණ්ඩාරවෙලදී පැවැති මහජන හමුවකදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් නිල ඇඳුමේ වෙනස් කිරීම ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ අතර, වර්තමානයේ භාවිත වන කාකි නිල ඇඳුමෙන් මිදී බොහෝ රටවල පොලිස් නිලධාරින් දැනට භාවිත කරමින් පවතින නිල් පැහැයට හුරු නිල ඇඳුමක් ශ්‍රී ලංකා පොලිසිය වෙත හඳුන්වා දීමේ සැලැස්මක් ගැන ඉඟියක් කර ඇත. 


1974 වර්ෂයේ සිට වසර 43ක් පැවතී ඇති වර්තමාන පොලිස් නිල ඇඳුම එසේම පවතීද නැතහොත් 1925 වර්ෂයේ සිදු වූ ආකාරයට මෙට්‍රොපොලිටන් සම්ප්‍රදායෙන් මිදී කාකි නිල ඇඳුමක් බවට පත් වීම නැවත පරිවර්තනයක් ලෙස කාකි නිල ඇඳුම වෙනස් වී වර්තමානයේ බහුතරයක් පොලිස් නිලධාරින් භාවිත කරන ආකාරයේ නිල ඇඳුමකට වෙනස්වේද යන්න තව කෙටි කලකින් අපට නිසැකවම දැනගත හැකිවනු ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකා පොලීසියේ නිල ඇඳුමේ වෙනස්වීම

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 168 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16141 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3932 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site