IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වාහනේ යන ගමන් හරකාගේ ගෙලට තොණ්ඩුව දමා මස් කඩේට දක්කන හැටි

අනේ බුදු සර්.... මගේ එළදෙනයි පැටියයි මහ එකයි. හොරු අරන් ගිහින්.  


මම මගේ පණවගේ හදාගත්ත සත්තු.  


පැටියා හරිම හුරතල්.... එළදෙණ ගේ නම ටීනා. ටීනාට පැටියෙක් ලැබෙන්න හිටියා ‘අදවත් පැටිය වැදුවද දන්නේ නැහැ’.  


අනේ සර් මේ එළ කිරි විකුණුවේ නැහැ. නැති බැරි අයට නිකම් දුන්නා... 

 
මට මේ දුක ඉවසා ගන්න බැහැ..  


හල්දුම්මුල්ල, සීලතැන්න පදිංචි ඩබ්ලිව්.එම්. ගුණරත්න නමැත්තා


හල්දුම්මුල්ල පොලිස් ස්ථානයට පැමිණ ස්ථානාධිපති එම්. පී. ද සිල්වා මහතා ඉදිරියේ හඬා වැටෙමින් එසේ දුක කීවේය.  


ඒ වන විටත් මේ පොලිස් බල ප්‍රදේශය තුළ ගව හොරකම් 4 ක් සිදුව තිබූ අතර මේ පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා දැනුවත් කළේය ..  


“මේ වැඩේ වහාම නතර කරන්න ඕනෑ. අහිංසක මිනිස්සු ඇති දැඩි කරන ගවයන් හොරකම් කරගෙන යාම සංවිධානාත්මකව සිදුවෙනවා. තවත් ප්‍රදේශ කීපයකින් මේ ගව හොරකම් වාර්තාවෙලා.  
පසුගියදා අර බදුල්ලේ ආබාධිත කාන්තාවක ගේ එකම ආදායම් මාර්ගය වූ කිරි විකිණීමට හදාවඩාගත් ගවයා හොරකම් කරලා මස් කරලා අරන් ගිහින් තිබුණා.  


ඕ. අයි සී ඔයා මේ වැඩේට බහින්න ඕනෑ. පොලිස් අධිකාරිවරයා දිගින් දිගටම කියාගෙන ගියේය. 

 
‘ඒත්... සර්... කිසිම හෝඩුවාවක් හෝ සාක්කියක් මෙතෙක් ලැබිල නැහැ’ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.  


මම ඔයාට කියන්නද වැඩක් පාර අයිනේ තියෙන සී.සී.ටී.වී. කැමරා චෙක් කරන්න.  


අපිට හෝඩුවාවක් හොයා ගන්න බැරිවෙන එකක් නැහැ.  


පොලිස් අධිකාරිවරයා එසේ උපදෙස් දුන්නේය.  


පොලිස් ස්ථානාධිපතිවරයා අභියෝගය බාරගත්තේය .  


ඔහු හල්දුමුල්ලේ සිට පඹහින්න දක්වා මාර්ගය දෙපස ව්‍යාපාරික ස්ථානයන්හි හා නිවාස ඉදිරියේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවල දර්ශන පරික්ෂා කිරීමේ මෙහෙයුම පටන් ගත්තේය .   
උපපොලිස් පරීක්ෂක අනුරුද්ධ හා සැරයන්වරුන් වන ලීලසෝම, සමන් හා ජයසිංහ ගේ සහාය ද මේ සඳහා ලැබිණ.  


පැය ගණන් ගත කරමින් පසුගිය දින කීපය පුරා සි සී ටී වී කැමරා රැසක දර්ශන දවස් ගණනක් පරීක්ෂා කිරීමේදී නෙත් අදහාගත නොහැකිවූ දසුනක් දක්නට ලැබිණ. 

 

 

ගවයෝ පාරේ සිටිති. සුදුපාට වෑන් රියක් පැමිණේ. වෑන්රිය තුළ සිටි අයෙක් එළියට විසිකරන්නේ කඹයකින් හැදු තොණ්ඩුවකි. දිවයන වහුපැටවෙකු ගේ බෙල්ලේ තොණ්ඩුව වැටෙයි. කඹයෙන් ම ඇද වහුපැටියා වෑන්රියට ඇදලා ගනී. වෑන්රිය තුළ සිටි තවත් දෙදෙනක් ඊට සහාය දෙති.   


මේ දඩයම සදහා ගත​ෙවන්නේ තත්පර දෙකක පමණ කාලයකි.  


තවත් විනාඩි කීපයකින් වෑන්රිය අනෙත් පැත්තට ධාවනය වෙයි. යළිත් එවැනිම වහුපැටියෙකුගේ බෙල්ලට තොණ්ඩුව වැටෙයි. ඌ ද වෑන් රිය තුළට වැටෙයි.  


පොලිස් නිලධාරිහු දෙතුන් පාරක් මේ දර්ශන ඒ මේ අත යවමින් තවත් සෝදිසි කරන්නට වූහ. 

 
චිත්‍රපටියක දර්ශන මෙන් වූ මෙම දර්ශන අපේ රටේ ගවයන් පැහැරගැනීමේ අලුත්ම උපක්‍රමය බව අනාවරණය කරගත් පොලිස් පරීක්ෂක එම්. පී. ද සිල්වා බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාට එසැණින් අමතා මෙහෙයුමේ සාර්ථකත්වය විස්තර කළේය.  


“දිගටම විමර්ශන සිදුකරන්න. සැකකරුවන් සියලු දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න” පොලිස් අධිකාරිවරයා උපදෙස් දුන්නේය.  


ඒ උපදෙස් මත ක්‍රියාත්මක වු පොලිස් නිලධාරි කණ්ඩායම වාහනයේ තොරතුරු සොයාගත්හ. ඒ අනුව එය යන එන මං ගැන සෝදිසි කළහ.  


බුද්ධි නිලධාරින්ගේ ද සහායෙන් මේ කටයුතු සිදුවෙද්දි සැකටයුතු වෑන්රිය බදුල්ල - බළංගොඩ මාර්ගයේ පඹහින්න පසුකරමින් එන බවට තොරතුරු ලැබිණ.  


පොලිසිය මග සැඟවී රැක සිටියහ. වෑන්රිය ඉදිරියට එත්ම පොලිස් යතුරුපැදියක් මාර්ගය හරස් කෙරිණ.   

 

වෑන්රථය නතර කිරීමට සිදුවිය.  


එහි තුළ තිදෙනෙකි.  


පොලිසිය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරිණ.

  
මතින් මත්වී සිටි ඔවුහු ඉතා බැගෑපත් වූහ.  

 


‘කමක් නැහැ, අපි පොලිසියට යමු. පොලිස් ස්ථානධිපතිවරයා එම වෑන් රථයේ රියදුරු අසුනට නැග්ගේය. සෙසු පොලිස් නිලධාරිහුද එම වාහනයට නැග්ගාහ.  


වෑන්රිය හල්දුම්මුල්ල පොලිසිය දක්වා ධාවනය විය. පොලිසියේදි සැකකරුවෝ මේ මහා ගව කොල්ලය හෙළි කරන්නට වූහ.  


“සර්.. අපි බළංගොඩ, අපි පඩියට වැඩකරන්නේ. අපේ බොස් තමයි අපි මෙ‍හෙයවන්නේ. මේ වාහන ගන්නේ කුලි පදනම මත.   


අපිට තියෙන්නේ වාහනයෙන් යන ගමන් මේ විදියට ගවයන් අල්ලාගෙන ගිහින් දෙන එකයි. මහා රෑ නැතිනම් එළිවෙන ජාමේ තමයි මේ වැඩේ කරන්නේ. මොකද ඒ වෙලාවට පාරේ මිනිස්සු නැහැනේ. පාරේ හරක් නම් ඉන්නවා.  


හල්දුම්මුල්ලේ හරක් හොරකම් ක​ෙළත් අපි. එ් හරක් දැනටමත් මස්වෙලා ඉවරයි.  


මොණරාගල, වැල්ලවාය, බදුල්ල, බණ්ඩාරවෙල පැත්තෙනුත් අපි මේ විදියට ගවයන් පැහැර ගත්තා. අපි විතරක් නෙවෙයි අපේ තවත් කණ්ඩායම් ඉන්නවා.  


මේ හරක් මස් කරලා ඩීෆ්‍රීසර් තියෙන ඇලුමිනියම් බොඩි සහිත ලොරිවලින් කොළඔට යවනවා.  


වහුපැටියන්ගේ මස් එළුමස් වගේ නිසා එළුමස් එක්ක මිශ්‍රකරලා එළුමස් විදියට විකුණනවා.  


ගැබිනි වැස්සියන් මරල බඩේ ඉන්නා පැටියා ගන්නවා. ඒ මස්වලට සංචාරක හෝටල්වල ලොකු මිලක් ගෙවනවා. මොකද විදේශීය සංචාරකයෝ විශ්වාස කරනවලු ඒ මස්වල ලිංගික උත්තේජනයක් තියෙනවා කියල’ යනුවෙන් සැකකරුවන් පවසා ඇත.   


සැකකරුවන්ගේ පාපෝච්චාරණය අනුව ප්‍රධාන සැකකරු සොයා විමර්ශන සිදුකර ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.  


එම සැකකරු මීට පෙර වෙනත් ප්‍ර​ෙද්ශයකදී හොර හරක් ලොරියක් ගෙන යද්දී එය නැවත්වීමට තැත්කළ පොලිස් නිලධාරින් ද හප්පාගෙන පලාගිය කෙනෙක් බවද අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.  


හින්දු බැතිමතුනට ගවයා දෙවියෙකි.  


බෞද්ධයාට කිරි මවකි. මැටි ‍බිමේ ගාන්නේද, වගාබිම් සරුකරන්නේ ද ගවයා ගේ ගොම ය. කුඹුරු වගා කරන ගොවියාට ද ගවයා දෙන්නේ විශාල සහායකි.  


දුෂ්කර ගම්මානවල සිට තවලම් මගින් බඩු ගෙනෙන්නේ ද ගවයන්ය. එළකිරි පෝෂ්‍යදායී පානයකි. එළකිරිවලින් පෝෂ්‍යදායි ආහාර නිෂ්පාදන රැසක් සිදුකෙරෙයි.   


එපා එපා මස්කන්නට කිරි අම්මාගේ යැයි නිහාල් නෙල්සන් ගීතයත් ගැයුවේද මේ අරුමය කියාපාන්නය.  


එහෙත් හොර හරක් ජාවාරමේ කෙළවරක් දැකීමට තවමත් නොහැකි වී ඇත.


නිල ඇඳුම් රාජකාරි කරන ඇතැම් නිලධාරින්ගේ මෙන්ම හරක් හොරුන්ට නීතියේ ඇති දඬුවම් ප්‍රමාණවත් නොවීම මේ තත්ත්වයට හේතුවී ඇති බව අප කළ විමර්ශනයේදී අනාවරණය විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප - බදුල්ලේ
පාලිත ආරියවංශ



අදහස් (0)

වාහනේ යන ගමන් හරකාගේ ගෙලට තොණ්ඩුව දමා මස් කඩේට දක්කන හැටි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 168 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site