IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙයි

2017 මහ බැංකු වාර්තාව නිකුත් විය. එම වාර්තාවේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකන් ඩොලර් 3956 කි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත ආදායම ඩොලර් 4065 කි. ඒක පුද්ගල ආදායම යනු රටක වාර්ෂික ආදායම මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදූ විට ලැබෙන අගයයි. 


එය මුලින්ම ගණනය කරන්නේ රුපියල්වලිනි. ඒ අනුව 2017 ඒක පුද්ගල දළ ජාතික ආදායම රුපියල් 603,114 කි. දළ වශයෙන් ගත් විට එක් පුද්ගලයකු මාසිකව රුපියල් 50,000 ක් පමණ ආදායමක් උපයන බව එයින් පෙන්නුම් කරයි. ලෝක බැංකුව ලෝකයේ රටවල ආර්ථික කටයුතු විශ්ලේෂණය කිරීමේදී නිර්නායකයක් ලෙස යොදා ගනු ලබන්නේ ද මෙම ඒක පුද්ගල ආදායම් මිනුමයි. ඒ අනුව ලෝකයේ රටවල් කාණ්ඩ 4 කට බෙදා දක්වයි. 


• පහළ ආදායම් ලබන රටවල් 
• පහළ මැදි ආදායම් ලබන රටවල් 
• ඉහළ මැදි ආදායම් ලබන රටවල් 
• ඉහළම ආදායම් ලබන පොහොසත් රටවල් 

 මෙම වර්ගීකරණයේදී ඒක පුද්ගල ආදායම අනුව රටවල් කාණ්ඩ කරන ක්‍රමය කලින් කලට වෙනස් කරයි. ලෝක බැංකුවේ අලුත්ම වර්ගීකරණය මේ වසරේ මුලදී ප්‍රකාශයට පත් විය. ඒ සඳහා ලෝක බැංකුව යොදා ගත්​ෙත් 2016 දී රටවල් ළඟා කරගත් ඒකපුද්ගල දළ ජාතික ආදායම්ය. 2016 දී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ඩොලර් 3753 ක ඒකපුද්ගල ආදායමකි. 


 2016 ලෝක බැංකු වර්ගීකරණයට අනුව රටක් ඇමරිකන් ඩොලර් 1005 ට අඩුවෙන් ලබා ගත් විට ඒ රට දුප්පත් රටකි. ඩොලර් 1006-3955 දක්වා ඒක පුද්ගල ආදායමක් ලබා ගත් විට ඒ රට පහළ මැදි ආදායම් රටකි. 2016 ශ්‍රී ලංකාව ලබා ගත්තේ ඩොලර් 3753 ක් නිසා ශ්‍රී ලංකාව අයත් වූයේ අඩු මැදි ආදායම් කාණ්ඩයටය. 


2016 ශ්‍රී ලංකාව 3756 ක ඒක පුද්ගල ආදායමක් ලබා ගත්තා නම් ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙස නම් කිරීමට ඉඩ තිබුණි. එහෙත් ඒ ආදායම් මට්ටම ශ්‍රී ලංකාව ලබා ගත්​ෙත් 2017 දීය. ඒ අනුව නම් දැන් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටකි. ඒ ගැන විමසමු. 


ඩොලර් 1005 ට වඩා අඩු ඒක පුද්ගල දළ ජාතික ආදායමක් ලබමින් රටවල් 31 ක් අඩු ආදායම ලබන රටවල් ලෙස නම් කර ඇත. දකුණු ආසියාවේ නේපාලය, ඇෆ්ගනිස්ථානය එම කාණ්ඩයට අයත්ය. 
 ඩොලර් 1006 ට වැඩි එහෙත් 3955 ට අඩු මට්ටමක් ලබා ගනිමින් අඩු මැදි ආදායම් කාණ්ඩයට අයත් රටවල් 53 ක් නම් කර ඇති අතර ශ්‍රී ලංකාව 2016 දී ලබාගත් 3753 ක් වූ ඒක පුද්ගල දළ ජාතික ආදායම නිසා ශ්‍රී ලංකාව එම කාණ්ඩයට ඇතුළත් කර ඇත. එම කාණ්ඩයේ පසුවන අනිකුත් දකුණු ආසියාතික රටවල් වනුයේ භූතානය, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල්ය. 


 ඩොලර් 3956 ට වැඩි 12235 ට අඩු රටවල් 56 ක් ඉහළ මැදි ආදායම් ලබන රටවල් ලෙස නම් කර තිබෙන අතර දකුණු ආසියාවේ එම තත්ත්වයට පත්ව ඇත්තේ මාලදිවයින පමණි. 2017 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම හරියටම ඩොලර් 3956 ක් වී ඇත. ඒ අනුව බලන විට 2016 ලෝක බැංකු නිර්ණායකවලට අනුව නම් 2017 දී ශ්‍රී ලංකාවද ඉහළ මැදි ආදායම් රටකි. 


එය හරියටම තීරණය වනුයේ 2017 ලෝකයේ රටවල ඒක පුද්ගල දළ ජාතික ආදායම් සංඛ්‍යා යොදාගෙන ඊළඟ වර්ෂයේදී ලෝක බැංකුව ලෝකයේ රටවල් වර්ග කරන ආකාරය අනුවය. මීට පෙර එනම් 2015 දී ලෝක බැංකුව ලෝකයේ රටවල් ඒක පුද්ගල දළ ජාතික ආදායම් සංඛ්‍යා අනුව ආදායම් කාණ්ඩවලට බෙදා දැක්වූයේ මෙසේය. 


• අඩු ආදායම් රටවල් - ඩොලර් 1025 ට අඩු 
• පහළ මැදි ආදායම් රටවල් - 1026-4035 අතර 
• ඉහළ මැදි ආදායම් රටවල් - 4036-12475 අතර 
• ඉහළ ආදායම් රටවල් - 12476 ට වඩා වැඩි 

 මෙයින් පෙන්නුම් කරන්නේ 2015 ට සා​පේක්ෂව 2016 වර්ගීකරණය සෑම කාණ්ඩයකදීම අඩු වී තිබෙන බවය. එම ප්‍රවනතාවම 2017 වර්ෂයටත් යොදා ගත්තොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව 2017 සිට ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කරනු ඇත. එය ඉහළ යන උපනතියක් පෙන්නුම කළොත් පමණක් ශ්‍රී ලංකාවේ තත්ත්වය අවිනිශ්චත වනු ඇත. එය එසේ නොවේවා’ ය යන්න අපේ පැතුමයි. 


 කෙසේ වෙතත් ශ්‍රී ලංකව ප්‍රමාද වී හෝ එම තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේ කවර නායකයන් යටතේදීද යන්න​ සොයා බැලීම කාලෝචිතය. 


 ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 120 ක් විය. 1948-56 දක්වා රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය යටතේ ඒක පුද්ගල ආදායම ඩොලර් 140 කට ඩොලර් 20 කින් පමණ වැඩි විය. 1956-1977 දක්වා ආවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ (1965-1970 හැර) ශ්‍රී ලංකා සහ යූඑන්පී රජයන් යටතේ ඒක පුද්ගල ආදායම 140 සිට ඩොලර් 294 දක්වා ඩොලර් 154 කින් වැඩි විය. 1978 විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීම සමග ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම් ශීඝ්‍රයෙන් වැඩි විය. 


 ඒ අනුව 2004 වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1063 දක්වා වැඩිකොට ශ්‍රී ලංකාව දුප්පත් රටවල් කාණ්ඩයෙන් අඩුමැදි ආදායම් කාණ්ඩයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකයින් සමත් විය. එහෙත් 1978 සිට 2004 දක්වා වසර 26 කට ම ඒක පුද්ගල ආදායම වැඩි වූයේ ඩොලර් 769 කින් (වසරකට ඩොලර් 29 කින් පමණි) 


2005 බලයට පත් මහින්ද රාජපක්ෂ ජනපති යටතේ ඒක පුද්ගල ආදායම එකවරම 1063 සිට 1242 දක්වා 179 කින් ඉහළ ගිය අතර බලයෙන් ඉවත්ව යන විට එනම් 2014 දී ඩොලර් 3821 ක් දක්වා එනම් 1579 කින් වසර 9 ක කෙටි කාලයක් තුළ වැඩිකර දුන්​ෙන්ය. (එනම් එක් වසරකට 175 කින් පමණ වැඩි වීමකි.) 2016 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ඉක්ම වීම ඔහුගේ සහ හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉලක්කයක් විය. 


 ඒ හරහා 2016 දී ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් කිරීමේ සිහිනය සැබෑ කරවීමට අදිටන් කරගෙන තිබියදී වසර දෙකකට පෙර බලයෙන් ඉවත් විය. ඊට පසු බලයට පත් ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතුන් යටතේ ක්‍රියාත්මක වූ යහපාලන රජයේ වසර 3 ක් අවසානයේදී කලින් රජයේ පැවැති ඉලක්කය ළඟා කර ගැන්මට හැකිවීමේ ලකුණු පහළ වී තිබීම සතුටට කරුණක් මෙන්ම තරමක කණගාටුවක් ද ඇතිකරන කරුණක් වනු ඇත. 


 ප්‍රධානතම කණගාටුව වනුයේ ශ්‍රී ලංකාව ලබාගත් GSP+ සහනය, ඉහළ මැදි ආදායම් රටවලට ලබා නොදීමේ කොන්දේසියයි. එසේ වුවහොත් 2016 වර්ෂයේ ඩොලර් මිලියන 10310 ක් වූ අපනයන 2017 දී 11360 දක්වා වැඩිකර ගනිමින් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමක් ලබා දීමට එක් හේතුවක් වූ GSP+ සහනය නොලැබී ගියොත් යළිත් අපනයන ආදායම් අඩු වීමේ තත්ත්වයකට තල්ලු විය හැකි නිසාය. 


 දෙවැනි කරුණ නම් ශ්‍රී ලංකාව අධික ලෙස ණය වී තිබෙන තත්ත්වයක් තුළ හා ඒවාට වැඩි වැඩියෙන් ගෙවීම් කිරීමට තිබෙන ඉදිරි වර්ෂ දෙක තුන තුළ අඩු පොළී යටතේ ඇතැම් ණය ලබා ගැනීමට තිබෙන ඉඩකඩ ඇහිරී යෑමට ඉඩ තිබීමය. තෙවැනි කරුණ නම් ලෝකයා ඉදිරියේ අපේ ආදායම් මට්ටම් කොතෙක් ඉහළ ගියත් මනුෂ්‍යයන් වශයෙන් අප තවමත් මනසින් උසස් ජනතාවක් බවට පත්වී නොතිබීමය. 


මෙම අභියෝග හමුවේ රට ලෝකයා ඉදිරියේ ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වීමට ආසන්න මේ මොහොතේ රටේ පාලකයින්, දේශපාලකයින්, වෘත්තීය සමිති නායකයින් හා ර​ෙට් සමස්ත ජනතාව තමන්ගේ ම යහපත ගැන සිතනවාට වඩා රටේ යහපත ගැන කල්පනා කොට ක්‍රියා කිරීමේ අවශ්‍යතාව දැන් දැන් දැඩිව මතුව පෙනේ. 


 ශ්‍රී ලංකාව මේ වන විටත් ගෝලීය තරගකාරිත්වය ඉදිරියේ පසුබැස තිබෙන රටකි. 2016/17 ගෝලීය තරගකාරිත්වය දර්ශකයට අනුව රටවල් 138 කින් ශ්‍රී ලංකාව 71 වැනි තැනට ශ්‍රේණිගත කර තිබේ. 2015/16 දර්ශකයට සාපේක්ෂව එය ස්ථාන 3 ක පහත වැටීමකි. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආර්ථික විවිධාංගිකරණ මට්ටමට ළඟා වීමට හා ඉහළ මැදි ආදායම් රටක් ලෙස ලෝකයා ඉදිරියේ කැපී පෙනෙන රටක් වීමට නම් පහත දැක්වෙන කරුණු වෙත අවධානය යොමු කිරීමට වගකිව යුතු පාර්ශ්වයන් වග බලාගත යුතුය. 


• ස්ථාවර ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක් ඇතිකොට විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් සැලකිය යුතු කොටසක් අත්කර ගැනීමට කටයුතු කළ යුතුය. 


• යටිතල පහසුකම්වල ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතුය. 


රට තුළ මෙතෙක් අඩුපාඩුවක්ව තිබූ අධිවේගී මාර්ග දෙකක් දැනටමත් ඉදිකර තිබෙන අතර තවත් අධිවේගී මාර්ග අවශ්‍යතාව මත ඉදිකිරීම වැදගත්ය. දැනට තිබෙන වරායන් දෙකෙන්, ගුවන් තොටුපළ දෙකෙන් මීට වඩා වැඩක් ගැනීමට පක්ෂ භේදයෙන් තොරව ක්‍රියාකළ යුතුය. ඒ සියල්ලටම වඩා විදුලිබල සැපයුමෙහි ගුණාත්මක බව පිළිබඳව තිබෙන ගැටලුවලට පිළියම් යෙදිය යුතුය. 


• පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඵලදායි ලෙස පවත්වගෙන යාමට තිබෙන නිලධාරි වාදී සීමා කිරීම් අඩු කිරීමට පියවර ගත යුතුය. 


• නවෝත්පාදන බිහිකිරීම හා ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමට පියවර ගත යුතුය. 


• උද්ධමනය ඉහළ යෑම මගින් නිර්මාණය වන අවිනිශ්චිතතාවය, මූර්ත විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වීම, දිගින් දිගට පවතින අය වැය හිඟය, ඉහළ රාජ්‍ය ණය මට්ටම හා විදේශ ජංගම ගිණුමේ අඛණ්ඩ හිඟය නිසා සර්ව ආර්ථිකය පිළිබඳව තිබෙන අස්ථාවර භාවය නැති කොට සාර්ව ආර්ථික ස්ථායිතාව වැඩිදියුණු කිරීමට, එමගින් ආයෝජක විශ්වාසය පලුදු නොවී තබා ගැනීමට ක්‍රියා කළ යුතුය. 


 මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම කැප වීමෙත් කටයුතු කරන මේ මොහොතේ අවස්ථාවාදී දේශපාලනයෙන් මිදී රට ඉහළ මැදි ආදායම් තත්ත්වයක තිබෙන බවට ලොවට හඬගා ප්‍රකාශ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට අනෙක් හැම පාර්ශ්වයක්ම වහාම කටයුතු කළ යුතු බව අවසාන වශයෙන් අවධාරණය කරමු. 



අදහස් (0)

ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙයි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 166 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16140 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3932 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site