IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මිනිසුන්ටත් එහා ගිය අලි ඇතුන්ගේ ගති සොබා

 

දුටුගැමුණු රජතුමන්ගේ (ක්‍රි.පූ. 161-187) කණ්ඩුල ඇතාට නන්දිමිත්‍ර යෝධයා කිසියම් අවමානයක් කළ බැවින් එයට යෝධයාගෙන් පළිගැනීමට ඉටාගත් ඇතා යෝධයාට පහරදීම පිණිස රවුම් ගල් කැටයක් ගෙන තම දෙකොපුල අස්සේ සඟවා තබාගෙන දිගු කලක් සිටි බැව් සද්ධර්මරත්නාවලියේ සඳහන්ය. දුටුගැමුණු රජතුමා අනුරපුර විජිතපුර මහා බලකොටුව බිඳ දැමූ මහා සංග්‍රාමයේදී කණ්ඩුල ඇතා පිට වැටුණු බිත්තියක් නන්දිමිත්‍ර යෝධයා එක අතකින් තල්ලුකර දමා ඇතා බේරාගත් මොහොතේ යෝධයාට එරෙහිව තිබුණු ක්‍රෝධය පහව ගියෙන් ඇතා නන්දිමිත්‍ර යෝධයා ඉදිරියේදීම සිය දෙකොපුල් අස්සේ සඟවා තිබුණු ගල් ගෙඩිය එළියට විසි කළේය.
හොඳක් මෙන්ම නරකක් වුවද තරයේ සිත රඳවා ගැනීම ඇත් කුලයේ පවතින විශේෂිත චර්යාවකි. සත්ත්වයන් අතර ඉතා යහපත් සිහි කල්පනාවක් මෙන්ම හොඳ මතකයක්ද, පුදුම ඉවක් ඇති සත්ත්වයා ලෙස සැලකනේනේ අලි ඇතුන්ය.


මීට වසර කිහිපයකට පෙර මින්නේරිය ජාතික උද්‍යානයේ සිටින අලියකු හබරණ ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට පිවිස සිටි අවස්ථාවේදී නොහික්මුණු ටිපර් රථ රියැදුරකු ටිපර් රථයේ වේගය අඩුකර යම් දෙයකින් අලියාට රිදෙන ලෙස පහර දුන්නේය. පහරදී රියැදුරා වේගයෙන් පොළොන්නරුව දෙසට ධාවනය කළේය. අලියා ටිපර් රථයේ අංකය හොඳින් මතකයේ තබා ගත්තේය.


මනම්පිටිය ප්‍රදේශයෙන් වැලි පටවා ගත් ටිපර් රථය පසුදින හබරණ හරහා ආපසු යන්නට  පැමිණියේය. මහා මාර්ගයේ කඳු ගැටයක් මත රැඳී සිටි අලියා දුටුවේ වැලි පටවාගෙන බැරි බැරි ගාතයෙන් කන්ද අදින ටිපර් රථයයි. එහි අංකය හොඳින් මතකයේ තිබුණු අලියා කළේ ටිපර් රථය නවතා එයට පහරදීමයි. ටිපර් රථයේ ඉදිරිපස හා එක් පසෙක වීදුරු පවා අලියා කඩා බිඳ දැමූ අතර රියැදුරු දිවි බේරා ගත්තේ අනුනවයෙනි.


විසිවන ශත වර්ෂයේ මුල් කාලය තුළ මෙරට ජීවත් වූ “බානගල ඇතා” ද එකල රටේ සිටි ප්‍රසිද්ධම ඇතා විය. බානගල ඇතා සතුව තිබූ ඉතා කල්පනාකාරී, ශාන්ත දාන්ත ක්‍රියා කලාපය නිසාත් රටේ බොහෝ මිනිස්සු ඌට ආදරය කළහ. පූගොඩ බානගල ප්‍රදේශයේ විසු ප්‍රකට වෙද පරපුරක් වන බානගල වෙද මහතාට අයත්ව සිටි නිසා බානගල ඇතා නමින් ඌ ප්‍රසිද්ධ විය. ඌ ඉතා ශක්තිවන්තයකු ලෙසද ප්‍රකටය.


ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටා තිබුණු කාලතුවක්කුවක් ඉවත් කිරීමට අලි ඇතුන් කිහිප දෙනෙකු යොදවා එය අසාර්ථක වී තිබිණි. පසුව එම කටයුත්ත බාර වුයේ බානගල ඇතාටය. ඒ සඳහා බානගල ඇතා පූගොඩ සිට ත්‍රිකුණාමලයට ගියේය. ඇත්ගොව්වාගේ විධානයත් සමග ක්‍රියාත්මක වූ බානගල ඇතා එක හුස්මට එය ඇද දැමුවේය. ඇතාගේ මෙම දස්කම එකල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.


උසින් මහතින් අනිත් අලි ඇතුන්ට වඩා වැඩි බානගල ඇතා එකල කලබල කළ අලි ඇතුන් මෙල්ල කිරීමටද යොදා ගත්තේය.
කිරිඳිවැල රජයේ විදුහල 1920 ගණන්වලදී විවෘත කිරීම වෙනුවෙන් පැවැති පෙරහරකදී සර් ජේම්ස් ඔබේසේකර මහතාට අයත් බටදොළේ වලව්වේ ඇතා කුලප්පු වූ අතර උත්සවයට පැමිණ සිටි ජනයා හිස් ලූලු අත දිවූහ.


බටදොළේ ඇතා කළ කලබලය කොතෙක්ද කිවහොත් මයිලවලානේ විජේසිංහ රාලහාමි නමැති උත්සවයට පැමිණ සිටි ප්‍රභූවරයාද මරණයට පත්විය. බටදොළේ ඇතාව වළක්වාලීමට කිසිදු ජගතෙකු ඉදිරිපත් නොවූ අතර ඒ සඳහා ඉදිරිපත් වූයේ බානගල ඇතාය. සුළු මොහොතින් බටදොළේ ඇතා මෙල්ල කිරීමට බානගල ඇතා සමත්විය. ඉන්පසුව කලබල කළ රටේ දළකාරයන් මෙල්ල කිරීමට භාවිත කළේද බානගල ඇතාය.


බානගල ඇතා හා ඇත්ගොව්වා අතර තිබුණේද මනා සබඳතාවකි. ඇතාට ඇත්ගොව්වා මෙන්ම ඇත්ගොව්වාටද ඇතා ආදරය කළේය. ඇත්ගොව්වා ඉඳහිට හවස් යාමයට මධුවිත භාවිත කළේය. දිනක් ඇතා සමග ගමනක් ගොස් සිටියදී ඇත්ගොව්වාට පදම වැඩි වී ඇතා සමග ආපසු බානගල වලව්වට ඒමටද අපහසු තත්ත්වයේ සිටියේය. බානගල ඇතා කළේ තම හොඬවැලෙන් ඇත්ගොව්වා උස්සාගෙන පැමිණ බානගල වලව්ව දක්වාම පැමිණීමයි. බානගල ඇතා 1931 වසරේදී මියගියේය.


හේනේගම දොන් නදෝරිස් අප්පුහාමි සහ ගල්පොතුගොඩ කොඩිකාර ආරච්චිගේ දොන් අදෝනිස් වෙද රාලහාමි යන දෙදෙනාටම අයත් අලියකු සිටියේය.


එම අලියා හඳුන්වන ලද්දේ “බණ්ඩා අලියා” යනුවෙනි. අනුරාධපුර ප්‍රදේශයේ වැඩකට ගිය අවස්ථාවේ තවත් අලියකු බණ්ඩා අලියාගේ ගොව්වාට පහර දුන්නේය. එම පහරින් ගොව්වා බිම ඇදවැටිණි. පසුව වියරු වූ අලියා ගොව්වා මරාදැමීමට ඉදිරියට පැමිණියේය. වහා ක්‍රියාත්මක වූ “බණ්ඩා” අලියා වියරු වූ අලියාට පහරදී තම හොඬවැලෙන් තම ගොව්වා උස්සාගෙන සිට ඔහුව බේරා ගත්තේය. බණ්ඩා අලියා මියගියේ 1948 වසරේදීය.


අද මෙන් නවීන මෝටර් රථවල මෙන් නොව එදා මනාල යුවළ ගමන් ගත්තේ අලියන්ගේ හෝ ඇතුන්ගේ හෝ පිටය. එය තමන්ට ලැබෙන මහඟු මෙන්ම ගෞරවණීය අවස්ථාවක් ලෙස එදා ජනයා විශ්වාස කළහ.


පෙරදින ආහාරයට ගත් යමක් අපත්‍ය වීමෙන් ඇතුපිට ගමන් කරමින් සිටි මනාල මහතාට නොදැනුවත්වම මලපහ විය. තියුණු ඉවක් ඇති ඇතාට මෙය දැනිණ. වහා ක්‍රියාත්මක වූ ඇතා හොඬවැල පටලවා බිමට දමා ගත් මනාලයා පාගා දැමුවේය.


පනාමුරේ ඇත්රාජා ද සුවිශේෂී  ගති ලක්ෂණ පෙන්නුම් කළ ඇත් චරිතයකි. සබරගමුවේ ජෝන් වින්සන් මඩුවන්වල දිසාවේට අයත් පනාමුරේ ඇත්ගාල අසලට දිය බීමට පැමිණෙන අලි රංචු මිනිසුන් ලවා පරිසරය කලබල කර ගිනි හුළු හා පන්දම් අතින් ගත් විශාල පිරිසක් විසින් ඇත්ගාලේ එක් කඩොල්ලක් ළඟට එළවා දමනු ලැබු අතර අලි රංචව නොදැනුම්වත්වම ගාල ඇතුළට රිංගා ගනිති. අවශ්‍ය තරම් අලි ගාල ඇතුළට ගිය පසු කඩුල්ල වසා දමන අතර අනිත් කඩුල්ලෙන් හීලෑ කරන ලද ශක්තිමත් අලි ඇතුන් යොදවා ගාලට ඇතුළු වූ අලින්ට පහරදී ඔවුන්ව මෙල්ල කරති.


 මෙරට ප්‍රභූ පන්තිය විසින් ඉංග්‍රීසි ආණ්ඩු සමයේදී කෙරුණු මෙම ඉතා ලාභදායි අලි ජාවාරමට කිසිවෙකු එරෙහි නොවුවද පනාමුරේ ඇත්රජු ඒ සඳහා විරෝධය පළ කළේය. ඇතා ඊට එරෙහිව සටන් කළේය. තම පරපුර මෙම ඇත් ගාලෙන් නිදහස් කර ගන්නට පනාමුරේ ඇතා නිතර පැමිණ ඇත්ගාල කඩන්නට පටන් ගත්තේය. මෙම කරදරය ඉවසා ගන්නට නොහැකිව එවකට පාර්ලිමේන්තුවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ අණපරිදි පනාමුරේ හස්තියාට වෙඩි තබා ඝාතනය කරන ලදී. කෙසේ වෙතත් පනාමුරේ ඇත් රජුගේ මරණය සිදුවු 1950 වසරේදීම ඇත්රජුගේ ප්‍රාර්ථනය වූ ලංකාව් ඇත්ගාල් අවසන් විය.


 අපේ අලි ඇතුන්ගේ ඉතිහාසය එසේ දිග හැරෙද්දී අද වන විටත් සුවිශේෂි ගතිගුණ ඇති අලි ඇතුන් පිළිබඳවද කියැවේ. ඒ අතින් ඉදිරියෙන්ම සිටින ඇතෙකු වන්නේ නැඳුන්ගමුවේ ඇතාය. අඛණ්ඩව 12 වන වරටත් දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය ලබා ඇති නැඳුන්ගමුවේ රාජාද විශේෂ ගතිගුණවලින් පිරී ඇත් රජෙකි. මෙම ඇතාගේ ඇති සුවිශේෂීම ගති ලක්ෂණය වන්නේ මදකිපී තිබියදී වුවද පෙරහරක ශාන්ත දාන්තව ගමන් කිරීමට ඇති හැකියාවයි. එසේම කහ සිවුරට දක්වන භක්තියයි. තමාට ආහාර දුන් ස්ථානය පිරිසිදු කර ඉන් ඉවත්වීම නැඳුන්ගමුවේ ඇතාගේ සුවිශේෂි ලක්ෂණය. එසේම පෙරහර රැසකට සහභාගිවන්නට රට පුරා ගියද ඒ හැම ප්‍රදේශයකටම යන්නටත්, ආපසු එන්නටත් රාජා භාවිත කරන්නේ තම පාදයි. මේ වන විට රාජා කිලෝමීටර් පනස් දහසක් පමණ පා ගමනින් ගොස් තිබීමද විශේෂිතය.


ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳව පළමුවෙන් සාකච්ඡාවට භාජනය වන්නේ රාවණා යුගයේදී බව කියැවේ. එම කාලයේ රාවණා රජුට අලි ඇතුන්ගෙන් සමන්විත යුද හමුදාවක් තිබූ බවද කියැවෙයි. අලි ඇතුන් හීලෑ කිරීම පිළිබඳව ප්‍රථම වරට සඳහන් වන්නේද රාවණා යුගයේදීය. එහෙත් ඒ සතුන්ට වද හිංසා කර නොවේ. සංගීත හඬක් අලින්ට අසන්නට සැලැස්වීමෙන් එකල අලි හීලෑකර අල්ලාගත් බව රාවණා ඉතිහාසයේ එයි.


 ක්‍රි.පූ. 05 වන හා 06 වන ශතවර්ෂ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් විදෙස් රටවලට අලෙවි කර විශාල ආදායමක් ලද බව කියැවේ. එහෙත් අද වන විට අලි ඇතුන් හිඟය කෙතරම්ද කිවහොත් පෙරහරකට පවා අලි ඇතුන් හිඟවන තත්ත්වයක් උදාවී තිබේ. රාවණා යුගයේ සිට පැවතෙන අපේ අලි වංශය අද වන විට අවසන් පරිච්ජේදය දක්වා පැමිණ ඇත්තේ ද වන විනාශය, අල් මිනිස් ගැටුම ආදී මානව ක්‍රියාත්මක වීම් තුළය. එබැවින් ජාතික සම්පතක් සේ සලකා අලි පරපුර රැකගැනීම කාගේත් යුතුකම වනු ඇත.



අදහස් (1)

මිනිසුන්ටත් එහා ගිය අලි ඇතුන්ගේ ගති සොබා

Chathura de silva Saturday, 18 August 2018 07:50 AM

අලි සාපේක්ෂව ගොඩක් බුද්ධිමත් තමයි. ඒත් අංක තහඩුවක් මතක තබාගැනීමට තරම් තියුණු මතකයක් නැහැ. ඒක බොරුවක්. අතිශයෝක්තියක්. නමුත් වාහනයක් හදුනාගන්නට ඔවුන්ට පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත් රජවීදියෙ කෑම ඉල්ලන සත්තු ඔක්කොම වනජීවී ජීප් රථය එද්දි කැලේ කඩන් දුවනවා. නැදුන්ගමුවෙ ඇතා පහුගිය අවුරුද්දකත් මද කිපුණු නිසා පෙරහැරකට සහභාගී නොවී හිටියා. අනිත් දේ තමයි පනාමුරේ ඇත් රාජා කියන්නෙත් මවාපාපු සාහිත්‍යමය අතිශයෝක්තියක්. පනාමුරේ ඇත් රජු කිව්වත් ඒ ඇත්තටම කෙනරක්. ඒ අලි රැලේ නායකයයි ඌ.

:       0       1

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 153 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16134 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2784 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5237 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3929 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 186 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1473 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1387 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site