IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පේන්ට් බාස්ගේ ඉරණම 5 වැනිදා තීන්දුවේ

ජංගම දුරකථනයක් කොල්ලකෑම සඳහා මාධ්‍යවේදීනියක් ඝාතනය කළැයි කියන ‘පේන්ට් බාස්’ට එරෙහි නඩුවේ තීන්දුව ලබන ජුලි මස 05 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීරණ කර ඇත.  


දීර්ඝ කාලයක් පුරා පැවැති මෙම නඩුවේ සාක්කි විභාගය අවසානයේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පැමිණිල්ලේ දේශනය පැවැත්වීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම කෙරිණි.  


නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පැමිණිල්ලේ දේශනය පවත්වමින් නින්දෙන් අවදි වූ මෙල් ගුණසේකර මහත්මියගේ ජීවිතයේ අවසන් විනාඩි කිහිපය ගත වූ ආකාරය හා පේන්ට් බාස්ගේ ම්ලේච්ඡත්වය එක හුස්මට මෙම අපරාධය සිදුවූ ආකාරය බලාගෙන සිටියා සේ පුරුකෙන් පුරුක එක් කරමින් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ හෙළි කළේය.  


මව පියා සහ සහෝදරයා සමඟ මෙලීෂියා ගුණසේකර හෙවත් මෙල් ගුණසේකර මහත්මිය පදිංචිව සිටියේ බත්තරමුල්ල සුභූතිපුර ප‍්‍රදේශයේය.   


තරුණ වියේ පසුවු ඇය ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ ව්‍යාපාරික පුවත් අංශයේ මාධ්‍යවේදීනියක ලෙස කටයුතු කළාය.  
ඒ 2014 වර්ෂයේ පෙබරවාරී මස 02 වැනිදාය.  


එදා ඉරිදා දිනයකි.   


පෙර දින රාත්‍රිය වනතුරුම සිය වෘත්තීමය කටයුතු බොහෝමයක් කළ මෙල් ගුණසේකර මහත්මිය පසුදා හිරු උදාවන තුරුම නිදි දෙව්දුව සමඟ සැනසුණාය. නමුත් එය තමාගේ අවසන් නින්දට පෙර නින්ද බව ඇය නොදත්තාය.  


පෙරදා රාත‍්‍රීයේ වෙහෙසව සිටින තම දියණිය ඇහැරවන්න හොඳ නැතැයි සිතූ ඇගේ මව්පියෝ මෙල් ගුණසේකර මහත්මිය නිදාගෙන සිටින අතරම ඇගේ මව, පියා සහ සහෝදරයා දෙවියන් පිදීම සඳහා දෙව්මැදුරට ගියහ. ගෙදර අය පල්ලි යෑමෙන් ගෙය හිස්වන බව දත් මෙල් ගුණසේකර මහත්මියගේ මාරයා ඇගේ නිවස දෙසට පියවර ඔසවමින් සිටියේය. ඒ ගුණසේකර මහත්මියගේ නිවසේ කිසිවකුත් නොමැති බව සිතාගෙනය.   


දැඩි දේව භක්තියකින් පසුවන ගුණසේකර මහත්මියගේ පවුලේ සියලූදෙනාම සෑම ඉරිදා දිනයේදීම දෙවියන් පිදීම සඳහා උදෙන්ම පල්ලි යන බව දැන සිටි ගුණසේකර මහත්මියගේ මාරයා ඇගේ නිවස දෙසට පියවර ඔසවමින් සිටියේ මස් කටුවකට ගිජු වූ හිවලෙකු එය ඩැහැ ගැනීමට පස්සෙන් යන්නා සේය.  


ගුණසේකර මහත්මියගේ පියාගේ ව්‍යාපාරයේ, සේවකයෙකු ලෙස ඔහු යටතේ සේවය කළ මෙල් ගුණසේකර මහත්මියගේ මාරයා 2014 පෙබරවාරි මස 02 වැනිදා උදෑසන 7.26 වන විට ඇගේ නිවස දෙසට පියවර ඔසවන අයුරු ඇගේ නිවස ආසන්නයේ නිවසක සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබිණි.  


ඒ එවකට වරාය අධිකාරීයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රියත් බන්ධු වික‍්‍රම මහතාගේ නිවසේ සවිකර තිබු සී.සී.ටී.වී. කැමරාවේය.   


මෙල් ගුණසේකර මහත්මියගේ මාරයාගේ රුව ප‍්‍රියත් බන්ධු වික‍්‍රම මහතාගේ සී.සී.ටී.වී. කැමරාවේ සටහන් වේ යැයි කිසිවකුටත් සිතා ගැනීමට නොහැකි වුවත් ‘අපරාධයක් කරලා සැඟවී ඉන්න බැහැ. කවදා කොහොම හරි කොටු වෙනවා’ යන කියමන සත්‍යයක් කරමින් ‘රොකී’ නමැති පොලිස් සුනඛයා අපරාධකරුගේ රුව සැඟවී ඇති කැමරාව නිලධාරීන්ගේ ඇසට ලක් කළේය.  


එතැන් සිට මාරයා ආවේශ වී සිටි ‘පේන්ට් බාස්’ගේ නොහික්මුණු වැඩ එකින් එක එළියට පැමිණියේය. මෙල් ගුණසේකර මහත්මියගේ නිසල සිරුර ඇගේ නිවසට ගෙන ඒමටත් මත්තෙන් ‘පේන්ට් බාස්’ගේ දෑතට විලංගු වැටිණි.  


2014 වර්ෂයේ පෙබරවාරී මාසයේ මෙල් ගුණසේකර මහත්මියගේ නිවසේ පිංතාරු කිරීමේ වැඩ ‘පේන්ට් බාස්’ විසින් සිදු කෙරිණ. මාසයක පමණ කාලයක් පුරා ඇයගේ නිවස පිංතාරු කළ ඔහු එම නිවසේ කටයුතු සිදු වන අයුරු, ගෙදර අය යන එන වේලාවල් හොඳ හැටි බලාගත්තේය. උඩින් හොඳ හිත පෙන්වු ඔහු ‘දවසක මං හොඳ ගේමක් දෙන්නම්’ යැයි යටි සිතින් හිතා ගත්තේය. ඒ සඳහා අවශ්‍ය සියලු දේ ගැන ඔහු මනාලෙස අවධානය යොමු කරගෙන සැලසුම් සකස් කළේය.  


මෙල් ගුණසේකර මහත්මියගේ පවුලේ සියලුදෙනා දැඩි දේව භක්තිකයන් බවත් ඔවුන් සියලුදෙනා සෑම ඉරිදා දිනයේදීම දෙවියන් පිදීම සඳහා උදෙන්ම පල්ලි යන බවත් ඔහු දැන සිටියේය. තුට්ටු දෙකක් සොරකම් කිරීමට ඔහු මෙල් ගුණසේකර මහත්මියගේ පවුලේ උදවිය දෙවියන් පිදීමට පල්ලි යන ඉරිදා දිනය උදේ තෝරා ගත්තේය.  


මාසයක් පමණ තුන්වේල කා ගෙදර වුන්ට කන්න දෙන්න සල්ලි හොයාගෙන ගිය ගෙදර ඇති බඩු අතපත ගා ගන්නට හිතක් පපුවක් නැති මේ අධමයාට හිත්වීම අරුමයක්මද?  


මෙල් ගුණසේකර මහත්මියගේ නිවසේ ඇතිකරන බල්ලා දකින ඕනෑම අයෙකුට බුරා වැටුණත් මේ අපරාධකරු කාලයක් තිස්සේ දැන හඳුනාගෙන සිටීම නිසා ඔහු දුටු විට නගුට වනමින් ඔහු ළඟට පැමිණියේ මාරයාගේ මොහොතේ දී මාර පුත‍්‍රයාට උදව් වීමට ද? දන්නේ මාර පුත‍්‍රයාම පමණි.  


මෙල් ගුණසේකර මහත්මියගේ නිවසේ ජනෙල් පියන ක‍්‍රීක්....... හඬක් නොනැගෙන සේ තමන් ගෙනා ඉස්කුරුප්පු නියනින් තල්ලු කොට ඇරගත් පේන්ට් බාස්, හොරෙන්ම ඇගේ ගෙට ඇතුළු වූයේ සියලුදෙනා පල්ලි ගොස් ඇති බවට වූ විශ්වාසයෙනි. ඔහු වැඩි චකිතයකින් තොරවම මෙල් මහත්මියගේ නිවසේ සාලයේ තිබු මෙල් මහත්මියගේ ජංගම දුරකථනය ද ඒ අසල තිබු රුපියල් 760/-ක මුදල ද සොරකම් කරගත්තේය.   


එතෙක් වේලා නිදි සුව විඳිමින් සිටි මෙල් මහත්මිය වතුර තිබහ වීම නිසා ඇහැරුණාය. කෑම කාමරයට පැමිණි ඇය වතුර වීදුරුවක් ගෙන බොන විට ඒ දෙසට පැමිණෙන පේන්ට් බාස්ව ඇය දුටුවාය.  


මෙල් මහත්මිය තමා දුටු බව පේන්ට් බාස් ද දුටුවේය. ඒ කාගේ කරුමයට දැයි දන්නේ මාරයාම පමණි. ‘තමුසේ මොකද මෙහේ කරන්නේ’ බ්ලැක්බෙරි වර්ගයේ ජංගම දුරකථනය සොරකම් කරගෙන සඟවාගෙන සිටි ඔහු මෙල් මහත්මියගේ හඬින් මාරාවේශ වූයේය.   


‘මාව දැක්කා දැන් මං ඉවරයි’ යන හැඟීම පේන්ට් බාස් මාරාවේශ විය. ඒ වන විට කෑම මේසය උඩ තිබු පාන් කපන පිහිය මාරාවේශ වූ පේන්ට් බාස් අතට ගත්තේ ගහලයා අතට කඩුව ගත්තා ලෙසය. පාන් කපන පිහිය පේන්ට් බාස් අතේ ඇඟිලි අතර කිටිකිටියේ තද වූයේය.   


එකවරම මෙල් මහත්මිය ළඟට පැමිණි පේන්ට් බාස් ඔහුගේ අතේ ඇඟිලි අතර කිටිකිටියේ තද වී තිබු පිහිය මෙල් මහත්මියගේ උදරය තුළට කිඳා බැස්සේය. තවත් වරක් ඔහු ඇයට ඇන්නේය. ඒ සමඟම පිහි තලය ඇගේ කුස තුළ තිබිය දී පිහිය කැඩුණේය. පිහි තලය මෙල් මහත්මියගේ බඩේය, මීට පේන්ට් බාස්ගේ අතේය. ඉන් සෑහීමකට පත් නොවු ඔහු කිහිප වරක්ම ඇයට ඇන්නේය.  


මිට කැඩුණු පිහිය වීසිකර දැමු පේන්ට් බාස් ඒ අසලම තිබු තවත් පිහියක් අතට ගත්තේ යුද බිමේදී අතට අසුවන ඕනෑම දෙයකින් සතුරාගේ තෙද සිඳින සංග‍්‍රාමික යුද සෙබළකු මෙනි. පිහි පහරවල් දෙකකින් නොසෑහුණු ඔහු අතට ගත් අනෙක් පිහියෙන් වියරුවෙන් මෙන් ඇයට ඇනගෙන ඇනගෙන ගියේය.  


මාරයා ආවේශ වී වියරු වැටී සිටි පේන්ට් බාස් පිහි පහරවලින් ඇගේ සිරුරේ තුවාල 54ක් ඇති කළේය.  


නිදි දෙව්දුවගෙන් සමුගත් මෙල් මහත්මිය විනාඩි කිහිපයක් ඇතුළත සදාකාලික නින්දට යැවූ පේන්ට් බාස්ගේ සියළඟම ලෙයින් තෙත් වී ගියේය.  


වට පිට බලන විට ඒ අසලම තිබු මෙල් මහත්මියගේ සහෝදරයා වූ දයාන් ගුණසේකර මහතාගේ කාමරයට ගිය පේන්ට් බාස් එහි පුටුවක් මත තිබු දයාන් ගුණසේකර මහතාගේ කලිසමක් හා කමිසයක් ඇඳ ගත්තේය.   


දයාන්ගේ කාමරයේ කොනක බෑගයක තිබු දේ එළියට වීසිකර දැමු ඔහු ඇඳගෙන සිටි මෙල් මහත්මියගේ ලෙයින් පෙගී ගිය ඇඳුම් ගලවා එම බෑග් එකකටම දමා ගත් බ්ලැක්බෙරි ෆෝන් එක එම බෑග් එකටම දමා ගත්තේය.   


මෙල් මහත්මියගේ නිවසට ආයුබෝවන් කී පේන්ට් බාස් ලහිලහියේ ඉන් පිටව ගියේය.  


කිසිවක්ම නොමැතිව හිස් අතින් ආ පේන්ට් බාස් බෑගයක්ද අතැතිව ආපසු පිටව යන අයුරු ප‍්‍රියත් බන්ධු වික‍්‍රම මහතාගේ නිවෙසේ සී.සී.ටී.වී. කැමරාවේ යළි සටහන් විය. ඒ වන විට වේලාව උදෑසන 8.04 විය.  


දෙවියන් වැඳ ගෙදරට පැමිණි මෙල් මහත්මිගේ මව්පියන්ගේ හිස මත වඳින්න ගිය දෙවොල කඩා වැටුණා සේය. ගෙදර දොර අරින විට ලේ විලක් මැද වැටී සිටින සිය දියණිය දුටු ඔවුන්ගේ හිත් දෙවොල් ගිනි ගත්තේය.  


සිහි එළවා ගත් දයාන් මහතා හනිකට 119 දුරකථනයට කතා කොට මේ ගැන පොලිසියට දැනුම් දුන්නේය.  
මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හා තලංගම පොලිසියේ නිලධාරීහු මෙල් මහත්මියගේ නිවස දෙසට පැමිණියහ.  


‘රෝකී’ නමැති සුනඛයා ද රැගත් නිලධාරීහු අපරාධ ස්ථානයේ වැටී තිබු ඉස්කුරුප්පු නියන ඉව කිරීමට ‘රෝකීට’ ඉඩ දුන්නේය. බුරා වැටෙන ‘රෝකී’ මෙල් මහත්මියගේ වත්තේ ගේට්ටුවෙන් පිටව ප‍්‍රියත් බන්ධු වික‍්‍රම මහතාගේ නිවස ඉදිරිපිටින් වැටී ඇති පාර දිගේ ගියේය. ඉව කරමින් රෝකී යන අතර මඟ දෙපස පරීක්‍ෂා කළ නිලධාරීන්ගේ උකුසු ඇස්වලට වික‍්‍රම මහතාගේ නිවසේ සී.සී.ටී.වී. කැමරා සවි කර ඇති අයුරු පෙණින.  


ප‍්‍රියත් බන්ධු වික‍්‍රම මහතාගේ නිවසේ සී.සී.ටී.වී. කැමරාව පරීක්‍ෂා කර බැලූ විට උදේ 7.26ට මෙල් මහත්මියගේ නිවස දෙසට එන පේන්ට් බාස් දුටු දයාන් ගුණසේකර මහතා මේ ඇනී රෝස්ගේ මල්ලීනේ කියමින් පේන්ට් බාස් හඳුනා ගත්තේය. තවදුරටත් සී.සී.ටී.වී. කැමරාව පරීක්‍ෂා කර බලන විට උදේ 8.04ට මෙල් මහත්මියගේ නිවසින් පිටව යන පේන්ට් බාස් දුටු දයාන් මේ ඇඳගෙන යන්නේ මගේ ඇඳුම්නේ.   


‘මේකට මුගේ සම්බන්ධයක් ඇති’ එකවරටම තේරුම් ගත් නිලධාරීහු පේන්ට් බාස්ගේ ජංගම දුරකතනයේ අංකය ඔස්සේ කළ පරීක්‍ෂණයකින් පසු දොම්පේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගියේය.

 
‘පේන්ට් වැඩක් බාර දෙන්න’ කියමින් ඔහු සොයා ගියත් ඔහු තවමත් ගෙදර ආවේ නැති බව නිවැසියෝ පැවසූහ. ‘කමක් නැහැ මං එනකම් ඉන්නම්’ කියු වෙස්වළාගත් පොලිස් නිලධාරීයා ඔහුගේ සාලයේ තිබු පුටුවක ඈඳි ගත්තේය.  


වැඩි වේලාවක් යන්නට මත්තෙන් දයාන් ගුණසේකර මහතාගේ ඇඳුම්වලින් සැරසී බෑගයක් අතින් එල්ලා ගත් පේන්ට් බාස් ගෙදර ආවේය. ගෙදර ළඟටම එනකම් සිටි නිලධාරියා එකවරටම පේන්ට් බාස්ගේ අතින් අල්ලා ගත්තේය.  


උදේ වරුවේ මාර පුත‍්‍රයා සේ ක‍්‍රියා කළ පේන්ට් බාස් අන්ත අසරණ තත්ත්වයකට පත්විය. පේන්ට් බාස්ගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සැඟවී සිටි පොලිස් නිලධාරීන් එතැනටම පැමිණ ඔහුගේ අතේ තිබු බෑගය ගෙන පරීක්‍ෂා කර බලන විට එහි තෙත බරිතව තිබු ඔහුගේ ඇඳුම් සොයා ගත්තේය. ඔහුගේ කලිසම් සාක්කුවේ තිබු මෙල් මහත්මියගේ ජංගම දුරකථනය ද සොයා ගත්තේය.  


බත්තරමුල්ලේ සිට දොම්පෙට බසයෙන් පැමිණි පේන්ට් බාස් විලංගු සහිතව පොලිස් ජීප් රථයට නංවා ගත් නිලධාරීහු ඔහු කොළඹට කැඳවාගෙන පැමිණියහ.  


ඔහු පරීක්‍ෂාවටට ලක් කළ නිලධාරීහු ඔහු ඇඳ සිටි මේස් බැනියම ගලවා කැලණි විශ්වවිද්‍යාලයේ රාගම පිහිටි අනුක වෛද්‍ය පීඨයට යැවූහ. ඔහු පරීක්‍ෂාවට ලක් කළ එහි පීඨාධිපති මේනකා හපුගොඩ මහත්මිය එම මේස් බැනියමේ තිබු මෙල් ගුණසේකර මහත්මියගේ රුධිරයේ ඩී.එන්.ඒ. රටාව හඳුනා ගත්තාය.  


පේන්ට් බාස්ගේ අතේ තිබු කැපුම් තුවාල රැසක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සොයා ගනු ලැබීය. මෙල් මහත්මියට පිහියෙන් අනින අවස්ථාවේ දී පේන්ට් බාස්ටත් මෙවැනි තුවාල සිදුවිය හැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මතය විය.  
සියලු සාක්කි පේන්ට් බාස්ට එරෙහිව රැස් විය.  


නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කරුණාරත්න මහතා අරුලානන්දු රැන්සන් ජොර්ජ් හෙවත් ‘පේන්ට් බාස්’ නමැත්තාට එරෙහිව දීර්ඝ කාලයක් පුරා පැවැති නඩු විභාගයේ දී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 18 දෙනෙකුගේ සාක්කි ලබා ගනිිමින් ඔහුට එරෙහි සියලු කරුණු එකින් එක සාක්කි මගින් අධිකරණය හමුවේ හෙළි කළේය.   


ඉන්පසු විත්තිකාර රැන්සන් ජොර්ජ් හෙවත් ‘පේන්ට් බාස්’ නමැත්තා විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශයක් ලබා දෙමින් සිද්ධිය සිදු වූ දින මං මෙල් මහත්මියගේ නිවසට ගියා. ඒ ගෙදර බෙල් එක ගැහැව්වත් කිසිවකු එළියට ආවේ නැහැ. ඒ නිසා මං මෙල් ගුණසේකර මහත්මියට ඇමතුමක් ලබා දුන්නා. නමුත් මං කිසිවිටෙකත් මෙල් ගුණසේකර මහත්මියගේ නිවසට ඇතුළු වූයේ නැහැ. කියා පමණක් කීය.  


ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටින ‘පේන්ට් බාස්’ට එරෙහි නඩුවේ තීන්දුව ලබන ජූලි මස 05 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය.  


මොකකින් මොකක් වෙයිද? වැලිකඩ මහඋළුගෙදර යකඩ කූරු ගණින අතරම පේන්ට් බාස් කල්පනා කරයි.  
අපිත් ඒ දෙස බලා සිටිමු.

සටහන
මනෝප‍්‍රිය ගුණසේකර



අදහස් (0)

පේන්ට් බාස්ගේ ඉරණම 5 වැනිදා තීන්දුවේ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 168 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site