IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පෙමට එරෙහිවූ පියා මරා සොහොනක වළදැමූ තරුණ පුතෙක්

 මියගිය මිනිසුන්ගේ සිරුරු පමණක් නොව ඔවුන්ගේ සෝ සුසුම් දුක්ඛ දෝමනස්සයන් ද මිහිදන් කරගන්නා සුසාන භූමියක පවතින්නේ දැඩි නිස්කලංක බවකි. ඒ දැඩි නිසල බවම කෙනෙක් චකිතයට පත් කරනසුලු බැවින් ඇතැමෙක් එහි හොල්මන් දකිති. වසර ගණනක් පුරා එසේ නිසලව හුන් වාද්දුව, මොරොන්තුඩුව, කන්දකඩේ සුසාන භූමිය, පසුගියදා වාද්දුව මොරොන්තුඩුව අවට ගම්වාසීන්ගේ හදවත් සසල කළේය. ඒ හොල්මනක් නිසා නම් නොවේ. වසර අටකට පෙර අතුරුදන්වූවකුගේ සිරුරු කොටස් එහි සොහොන් ගැබකින් සොයා ගැනීමත් සමඟය.   
 කරුණාදාස පෙරේරා මහතා ගොවිතැනක් කරගෙන වාද්දුව, මාවල, කුරුන්ද ප‍්‍රදේශයේ සිය නිවෙසේ බිරිඳත් සමග දුක සැප බෙදාගෙන ජීවත් විය. දරුවන් පස්දෙනකු ලොවට බිහිකළත් ඔවුහු අවසන් කාලයේ තනිව සිටියහ. දරුවන්ගේ හව්හරණක් නැතිව සිටි කරුණාදාස මහතාට දෙදාස් නවය වසරේ මැද භාගයේදී සිදුවු සිය බිරිඳ මියයාම අභාග්‍යය උදාකළා වැනිය.   


 බිරිඳ මිය ගියපසු තමන්ගේ ආහාර වේල පවා තමන්ටම පිස ගැනීමට ඔහුට සිදුවිය. හමුදාවේ සිටින පුතා මේ නිවෙසේම පදිංචිකරුවකු වුවත් ඔහු නිවෙසට පැමිණියේ මසකට වරක් හෝ දෙකක් පමණි. දෙදාස් නවයේ අගෝස්තු 03 වැනිදා සිට කරුණාදාස මහතා කිසිවකුට දකින්න ලැබුණේ නැත. දින දෙකක් පමණ පියා නිවෙසට පැමිණෙතැයි හමුදාවේ වැඩ කරන පුතා බලා සිටියේය. අවසානයේ ඔහු පියාගේ අතුරුදන්වීම පිළිබඳව මොරොන්තුඩුව පොලිස් මුරපොළට පැමිණිලි කළේය.   


 හැට හැවිරිදි මේ පියා ගැන සොයා බැලුවද පොලිසියට නිසි තොරතුරක් ලැබුණේ නැත. කරුණාදාස මහතාගේ අතුරුදන්වීම ගැන ටික කලක් ගමේ අය තුළ කතාබහක් තිබුණත් සුපුරුදු පරිදි එය ක‍්‍රමයෙන් අමතකව ගියේය. පුතා සමඟ අමනාපව, නැත්නම් කිසියම් සිත් තැවුලකින් ඔහු කොහේ හෝ යන්නට ඇතැයි ගමේ අය සිතන්නට ඇත. කරුණාදාස මහතාගේ ගති ස්වභාවයන් හා පවුලේ එකිනෙකා අතර තිබූ සම්බන්ධතාවල දුරස්ථභාවයන් ගම්මුන්ට එසේ සිතන්නට ඉඩ සැලසුවා විය හැකිය.   

 

සිරුර ගොඩගන්නා අවස්ථාව   

 

 

ගමේ අයට කෙසේ වෙතත් පියා කොතැනක ගියාදැයි සොයා බැලීමේ වුවමනාවක් පවුලේ දරුවන්ටද තිබුණේ නැත. දැවැන්ත රහසක් වසර අටක් තිස්සේ සඟවා තබන්නට ඒ සියල්ල විශාල රුකුලක් විය. අපරාධයක් කළහොත් කුමන මොහොතක හෝ එය හෙළිදරවු වීම වැළැක්විය නොහැකි බව අපරාධයක් කරන අවස්ථාවක එයට හවුල් වන්නන් කිසිවිටෙකත් සිතන්නේ නැත. වසර විස්සක් සැඟවී තිබූ ඝාතන පවා හෙළිදරව් වී ඝාතකයනට දඬුවම් හිමිවු අවස්ථා අප අසා ඇත.   


 කරුණාදාස මහතාගේ අතුරුදන් වීම සිදුවූ ආකාරය පිළිබඳව පසුගිය දිනක වාද්දුව පොලිසියට හදිසියේම තොරතුරක් ලැබිණ. ඒ නාඳුනන පුද්ගලයකුගෙන් ලද ඇමතුමක් ඔස්සේය. වාද්දුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පිටිගල මහතාට ඇමතුම ලබාගත් පුද්ගලයා කෙටි දැනුම් දීමක් සිදුකළේය. මේ ඔත්තුකරු කියා සිටියේ කරුණාදාස මහතා අතුරුදන් වූ බවට පැමිණිලි කළ පුතා විසින් ඔහුව ඝාතනය කරනු ලැබ ඇති බවය.   


 මෙය සත්‍යයක්ම දැයි එකවර විශ්වාස කළ නොහැකි වුවත් පොලිසිය වටින්ගොඩින් තොරතුරු සොයා බැලීය. එහිදී වැදගත් කරුණක් හෙළි විය. ඒ අතුරුදන් තැනැත්තා හා පවුලේ දරුවන් අතර මනා සම්බන්ධතාවක් නොතිබුණ බවය. දියණියන් දෙදෙනෙක් හා පුතුන් තිදෙනෙක් සිටියත් ඔවුන්ගෙන් දෙදෙනෙක් විදේශගතව සිටින අතර අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙක්ද විවාහ වී වෙන්ව ජීවත් වෙති. හමුදාවේ සිටින පුතා නිවෙසට පැමිණෙන්නේ මසකට වරක් හෝ දෙකක් හෝ පමණි.   


 අතුරුදන් කරුණාදාස මහතා හා හමුදා සෙබළ පුතා අතර හිත් අමනාප කමක් තිබූ බවද දැනගන්නට ලැබිණ. මව ජීවතුත් අතර සිටියදී ඇති වූ යම් කතා බහක් නිසා පුතා පියාට පහර දී අත කැඩී තිබුණ බවටද තොරතුරු වාර්තා විය. එසේම පුතාගේ ප්‍රේම සම්බන්ධයටද පියා අකමැති වී ඇති අතර පියා අතුරුදන්ව මාස කීපයකට පසු හමුදා පුතා විවාහ වූ බවටද තොරතුරු අනාවරණ විය.   


 මෙම තොරතුරු අනුව හමුදා පුතා සැක කළ හැකි බවට නිගමනය කළ පොලිස් පරීක්ෂක අජිත් පිටිගල මහතා ඔහුව සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.   


 වසර අටක් සැගවී තිබූ ඝාතනයක සුල මුල එළියට එන්න පටන් ගත්තේ එතැන් සිටය. එකවර චෝදනාව භාර නොගත්තද තමන් සොයාගත් තොරතුරු අනුව පොලිසිය කරුණු දක්වද්දී තමන්ට තවදුරටත් ගැලවීමක් නැති බව දැනගත් සැකකාර පුතා සියල්ල හෙළි කළේය.   


 2009 වසරේ අගෝස්තු මාසයේ ඔහු නිවාඩු ලබා ගෙදර ආවේ තමන්ගේ විවාහය ගැන තීන්දුවක් ගැනීමේ අභිලාෂයෙනි. අවුරුදු තිස්පහක් කියන්නේ තවත් විවාහය කල්දැමිය යුතු වයසක් නොවේ. තරුණියක ලෙස සිය පෙම්වතිය මුහුණ දී සිටින්නේ තමන්ටත් වඩා බරපතළ තත්ත්වයකටය. එහෙත් පියාගේ දැඩි විරෝධය නිසා විවාහය දිනෙන් දින ප‍්‍රමාද කරන්නට සිදුවී තිබේ. මෙවර ඔහු නිවාඩු ලබා පැමිණියේ දෙකෙන් එකක් බේරා ගැනීමේ දැඩි අදිටනින් යුතුවය.   


 සුපුරුදු පරිදි එදිනද කරුණාදාස මහතා පුතාගේ පෙම්වතියට විරුද්ධත්වය පෑවේය. එයින් සිත් කලකිරීමට පත් සැකකාර පුතා නිවෙසින් බැහැරව ගියේ මෙයට විසඳුමක් ලබාගන්නේ කෙසේදැයි කල්පනා කරමිනි. හේ තමන්ට මුණගැසුණු මිතුරකු සමඟද මේ ගැටලුව ගැන කියා සිටියේය. මිතුරා සමඟ බොහෝ දේ කතා කරමින් සිටි සැකකරු ආපසු ගියේ අද මම මේක ඉවරයක් කරනවා යනුවෙන් මිතුරාට පවසමිනි. 

 

කරුණාදාස මහතා ජීවත් වූ නිවෙස   

 

පියා මරා දැමීමේ චේතනාවක් ඔහුගේ හිතේ ඒ වන විටත් මෝදු වෙමින් පැවතිණ. එහෙත් මරලා මොකද කරන්නේ? 

මිතුරා මුණ ගැසී පිළියම් සොයමින් ඉබාගාතේ එහේ මෙහේ ගිය ඔහුට මොරොන්තුඩුව, කන්දකඩේ සුසාන භූමිය අසලින් යන විට කදිම අදහසක් පහළ විය. පියාගේ මළ සිරුර මේ සුසාන භූමියේම වළදැමිය හැකිය. එහෙත් වළක් කපන්නට ගියහොත් එය කාට හෝ සැකයක් ඇති කළ හැකි නිසා දේහයක් තැන්පත් කළ කොන්ක‍්‍රීට් වළකට තම පියාගේ සිරුරද දමන්නට හැකි නම් කරදරයක් නැතැයි සිතීය. ඔහු සුසාන භූමියට ගොස් ඊට ගැළැපෙන තැනක් ගැනද සොයා බැලුවේය. එක් වළක උඩින් තිබු කොන්ක‍්‍රීට් ලෑල්ල කිසියම් හේතුවක් නිසා සෙලවෙන බව දැකගත හැකි විය. අවසානයේ ඊට කදිම තැනක් ලැබිණා යැයි සිතු ඔහුට සියුම් සතුටක් දැනිණ. 

 

 නිවෙසට යද්දී පියා සුපුරුදු පරිදි ඇඳේ වැතිරී සිටියේය. අරමුණ සාක්ෂාත් කරගැනීමට එය කදිම අවස්ථාවක් සේ හැඟිණ. සැකකරු තම සැලැස්ම කි‍්‍රයාත්මක කළේය. තමන්ට තිබූ ලොකුම බාධාව දැන් ඉතින් ඉවරයි. එහෙත් මාවල කුරුන්දේ සිට මළ සිරුර කන්දකඩේට ගෙන යන්නේ කෙසේ දැයි ගැටලුවක්ද ඒ සමඟම මතුවිය.   


 ත‍්‍රිරෝද රථයක මෙය ගෙන යා හැකිය. එහෙත් සිරුර පවතින ආකාරයටම ගෙන යා නොහැකිය. ඒ නිසා ඔහු එයටද උපක‍්‍රමයක් යොදා ගත්තේය. එම අමානුෂික ක‍්‍රමය පුවත්පතේ පළ කළ නොහැකිය.   


 හවස හමුවූ වඩුකාර්මික මිතුරාගෙන් උදවුවක් ලබාගත හැකි වෙතැයි ඔහු අනුමාන කළේය. ඒ ඔහු තමන්ට දක්වන හිතවත්කම වගේම වැඩේට යොදාගත හැකි ත‍්‍රිරෝද රථයක් ද මිතුරා සතුව තිබූ බැවිනි. මිතුරා හමුවීමට ගියා සැකකරු ඔහු සමග ගමේ කසිප්පු පොළ සොයා ගියේය. ඇති පදමට මිතුරාට බොන්නට දුන්නේය. මත්පැනින් සප්පායම් වූ මිතුරා සමග ආපසු එන ගමන් ඔහුව වැඩේට පොලඹවා ගන්නට සැකකරු සමත් විය. අරූව කොහෙට හරි දාලා එන්න යමු යැයි ඔහු මිතුරාට පැවසීය.   


 තීන්දු කළ පරිදි කන්දකඩේ පොදු සුසාන භූමියේ බඳින ලද වළක කොන්ක‍්‍රීට් ලෑල්ල ඔසවා එය තුළට පියාගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුරු කොටස් විසිකර දැම්මේ සියලු බාධා සියලු රහස් ඒ සමඟම වළ දැමූවැයි විශ්වාසයෙනි.   

 

 සිද්ධිය දැක බලාගැනීමට කන්දකඬේ සුසාන භූමියට ප‍්‍රදේශවාසින් පැමිණ සිටි අයුරු

 

 රබර් බෝලයක් දිය යට සගවා තබන්නා සේ අපරාධයක් කිසිදා වළලා දමා සැඟවිය නොහැකිය. කිසියම් මොහොතක අපරාධයේ හෝඩුවා එළියට පැමිණෙනු ඇත. එක්කෝ ඔවුන් ඉතිරි කළ කිසියම් සාක්ෂියක් හමුවනු ඇත. එසේත් නැත්නම් වෙනත් අපරාධයක පිළිබඳ පරීක්ෂණයකදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සැඟවුණ අපරාධ රැසක තොරතුරු හෙළිවනු ඇත. ඇතැම් විට අපරාධයට හවුල් වූවන්ගෙන් කෙනෙක් අනෙකා සමඟ වූ කිසියම් හිත් අමනාපයක් නිසා හෝ තමන්ගේ හෘද සාක්ෂියේ වදකිරීම නිසා හෝ එය හෙළි කරනු ඇත. සමහර විට ඇසින් දුටු සාක්ෂිකරුවකු වුවත් කිසියම් හේතුවක් නිසා සඟවා ගෙන සිටි රහසක් පසුව හෙළි කරන්නට පෙලඹිමෙන්ද අපරාධ හෙළිදරවු වනු ඇත. මේ කුමන හේතුවක් නිසා හෝ අපරාධයක් සදාකල් සඟවා තැබිය නොහැකි බව මෙම සිදුවීමෙන් යළි යළිත් තහවුරු කර තිබේ.   


 අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරුගේ පාපෝච්චාරණය මත දෙවැනි සැකකරු වන වඩු කාර්මික මිතුරාද අත්අඩංගුවට ගැනිණ. ඔවුන්ගේ හෙළිදරවු කිරීම අනුව පසුගිය 04 වැනිදා කරුණාදාස මහතාගේ යැයි පැවසෙන දේහය ගොඩගනු ලැබුවේ කලුතර මහේස්ත‍්‍රාත් භාරතී විජේරත්න මහත්මියගේ හා කළුතර නාගොඩ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.එස්. අත්තනායක මහතාගේ අධීක්ෂණය යටතේය.   


 ප‍්‍රධාන සැකකරුද තිදරු පියෙකි. පියා ඝාතනය කර තමන් ආදරය කළ පෙම්වතිය විවාහ කරගෙන සතුටින් ජීවත් වීමට සිතුවේ නම් දැන් ඒ සියල්ල කණ පිට පෙරැළී ඇත. ඔහු කළ අපරාධය නිසා දැන් එහි දුක විඳින්නට දරුවන්ටත් බිරිඳටත් සිදුවී තිබේ. එසේම මේ ආදර්ශ දරුවන් භාවිතයට නොඟන්නේ යැයි සිතිය හැක්කේ කාටද?   


 සිරුර ගොඩගන්නා අවස්ථාව වන විට එහි තිබුණේ ඇට කැබලි කොටස් කීපයක් පමණකි. හිස් කබල වෙනම උරයක තිබී හමුවිය. එසේම කඳ කොටස තිබූ බවට සැකකරන උරයේ තිිබී මුත‍්‍රා බටයක් සේ සැකකළ හැකි කොටසක් හමුවු අතර සිය පියාගේ සිරුරේ එවැන්නක් තිබිය නොහැකි බවත් පියා එවැනි අසනීපයකින් නොපෙළුණ බවත් ඝාතනයට ලක්වූ කරුණාදාස මහතාගේ දියණියන් පවසා තිබිණ. එහෙත් ඔවුන් කලක සිට පියා සමග සම්බන්ධතා පවත්වා නැති බව හෙළිවී ඇති නිසා ඒ අදහස් එකහෙළා භාරගත නොහැකි බව පොලිසියේ අදහස විය. ඒ අනුව සිරුර හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කිරීමට මහේස්ත‍්‍රාත් භාරතී විජේරත්න මහත්මිය නියෝග කළාය. 

 
 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක, සහකාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වාද්දුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුසිත සිල්වා, සැරයන්වරුන් වන 50185 පුෂ්පකුමාර, 41418 රත්නසිරි, 25311 ශාන්ත, කොස්තාපල්වරුන් වන 391144 මුණසිංහ, 80739 අත්තනායක, 79437 ප‍්‍රතාපසිංහ යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

 

 

 

 

 

 

මුදිතා දයානන්ද සමග 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ   

 

 



අදහස් (0)

පෙමට එරෙහිවූ පියා මරා සොහොනක වළදැමූ තරුණ පුතෙක්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 210 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16154 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2787 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site