IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තරු පහේ කෑම පිටකොටුවෙන් ගන්න

 

කොළඹ ප්‍රධාන පෙළේ අවන්හල් සහ සුපිරි පන්නයේ භෝජන ශාලාවල ආහාරපාන රසවිඳින්න ඔබට නිතර නොලැබෙන අවස්ථාවක් තවත් නෝබෝ දිනකින් පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ දී උදාවනු ඇත. ‘‘පෙටා ෆුඩ් ෆියෙස්ටා’’ (පිටකොටුව ආහාර සැණකෙළිය) නමින් අගො​්ස්තු විසිහතර වැනිදා සිට විසිහත්වැනිදා දක්වා පැවැත්වෙන මෙම උ​ෙළල පිළිබඳව ​ෙතාරතුරු සොයා බැලීම සඳහා අප නිරීක්ෂණ චාරිකාවක නිරත වූයෙමු.

වෙළෙඳ කුටි හැත්තෑවකට අධික ප්‍රමාණයකින් සමන්විත පාවෙන වෙළෙඳ සංකීර්ණයේ මේ වනවිට වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව ඇත්තේ වෙළෙඳසල් අටක් නවයක් අතර ප්‍රමාණයක් පමණි. නිතර විදේශිකයන් යනෙන ප්‍රදේශයක් වූවත් ඒ ආශ්‍රිතව විදේශිකයන්ගේ අවශ්‍යතාවන්ට හෝ ඔවුන්ගේ රුචිකත්වයට සරිලන යමක් නොමැති තරම්ය. රුපියල් මිලියන තුන්සීයකට වැඩි පිරිවැයක් දරා ඉදි වූ පාවෙන වෙළෙඳ සංකීර්ණය මේ වනවිට අවභාවිත තත්ත්වයට පත්වෙමින් තිබෙන බවක් අපි දුටුවෙමු. ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ මේ තත්ත්වය වෙනස්වනු ඇතැයි එහිදී අපට හමු වූ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා සඳහන් කළේය. අලුත්වන පාවෙන වෙළෙඳ සංකීර්ණය පිළිබඳවත් පිටකොටුව ආහාරපාන සැණකෙළිය පිළිබඳවත් එහිදී ඔහු තවදුරටත් අප සමඟ දැක්වූ අදහස් මෙසේය.  


පාවෙන වෙළෙඳ සංකීර්ණය නැමති ස්ථානයක් වැඩි වියදමක් දරා ඉදිවූවත් අඩුම තරමින් කොළඹ, ගම්පහ ආදී අවට ප්‍රදේශවල අයවත් මෙම ස්ථානයට එන්නේ නැහැ. පිටකොටුව එක්සත් වෙළඳ සංකීර්ණය විදිහට අපි තීරණය කළා මේ තත්ත්වය වෙනස් කරන්න.

නාගරික සංවර්ධන අධිකාරිය මහනගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා අපට සහයෝගය දක්වා තිබෙනවා. ඒ වගේම කොළඹ සුපිරි අවන්හල් සුපිරි නිමි ඇඳුම්හල්, සම්භාණ්ඩ අලෙවිසල් වගේම දේශීය විසිතුරු භාණ්ඩ නිෂ්පාදකයන් රැසක් එහිදී අප සමඟ එක් වීමට නියමිතයි.  


එළඹෙන විසිහතර වැනිදා සිට විසිහත්වැනිදා දක්වා පැවැත්වෙන සැණකෙළියේදී ආහාරපාන, නිමිඇඳුම්, විසිතුරු භාණ්ඩ ප්‍රදර්ශන කුටි වෙළඳකුටි මෙන්ම රාත්‍රී සංගීත සංදර්ශන, කැලිප්සෝ හා ඩී.ජේ. සංගීත සංදර්ශන ඇතුළු විනෝදාත්මක විශේෂාංග රැසක් එක්කර තිබෙනවා. එසේ අපූර්ව අත්දැකීමක් වශයෙන් මෙම සැණකෙළිය පැවැත්වීමට අප අදහස් කරනවා.  


මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි තරුණ ශිෂ්‍ය ප්‍රජාවට වෘත්තීමය අවස්ථා උදාකරගැනීම සඳහා නව පාඨමාලා සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් හා මාර්ගෝපදේශන ලබාදෙන වැඩසටහන් ද මේ යටතට අයත් වෙනවා. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද ආකර්ෂණය ලබාගැනීමේ විවිධ වැඩසටහන් විශාල සංඛ්‍යාවක් එහිදී ක්‍රියාවට නැංවෙනවා. පහසු මිලට ආහාර පාන ලබාගැනීමටත් විනෝද සවාරියක අත්දැකීම් නොඅඩුව ලබා දීමටත් අප උත්සාහ කරනවා. කුඩා ළමයින් සඳහා විනෝද ක්‍රීඩා වගේම බේරේ වැව හැමිල්ටන් ඇළ, ග්‍රෙගරි වැව කේන්ද්‍ර කර ගනිමින් දිවා රාත්‍රි බෝට්ටු සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සකස් කළ විශේෂාංගයක් ද සූදානම්කොට තිබෙනවා.  


ජාත්‍යන්තර මට්ටමේ ආහාර හා වෙළෙඳ ප්‍රදර්ශනයක් විදිහට මෙම සැණකෙළිය පැවැත්වීමයි අපේ අරමුණ. රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික අංශයේ ආයෝජකයෝ රැසක් ද මේ සමඟ එක්වීමට නියමිතයි. පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමයට උපදේශකත්වය හා අනුශාසකත්වය සපයන අමාත්‍ය චන්දිම වීරක්කොඩි, අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ද විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී සුවිශේෂ සහයෝගයක් දක්වන බව සිහිපත් කළ යුතුයි. ඒ වගේම විවිධ ව්‍යාපාරිකයන් රැසක් ද අපට සහයෝගය දක්වන අතර ඉතාම ආදරයෙන් අප අමතන ඇපල් සුනිල් මුදලාලි කණිෂ්ක මහත්තයා වැනි පිරිසක් විශේෂයෙන් මතක් කළ යුතුයි.  
පිටකොටුවෙන් යමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් බියෙන් පසුවූ ජනතාවට ඒ සැකබිය අමතක කරලා අප සමඟ එකතු වෙන්න කියලා අපි ආරාධනා කර සිටිනවා. පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය විදිහට අප සමඟ කඩහිමියන් හත්සිය විසිහතරකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් සියලු දෙනාම ඉතාම සාධාරණව හා නීතිගරුකව ව්‍යාපාරික කටයුතු සිදුකරන අයයි.

 


ඇත්ත වශයෙන්ම පිටකොටුව පළමු හරස් වීදිය, දෙවන හරස් වීදිය ඇතුළුව තවත් අතුරු මාර්ගවලත් පිහිටි ව්‍යාපාරික ස්ථාන සියල්ල ගණනය කළොත් දෙදහසකට වඩා වාඩි ප්‍රමාණයක් තිබෙනවා. අතීතයේ ඒවා පැවැති තත්ත්වයන්ට වඩා දැන් පවතින තත්ත්වය හුඟක් වෙනස් ජාති ආගම් භේදයකින් තොරව සාධාරණ විදිහට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන බොහෝ පිරිසක් සිටිනවා.  


පිටකොටුව පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් නීතිය හා සාමය රැකෙන පරිදි මේ සඳහා උපරිම මහජන සේවාවක් ඉටු කරනවා. පෙර කාලයේ පැවැති වංචනික කූට ව්‍යාපාර කිරීම් දැන් සියයට අනූනවයකින්ම අඩුවී ඇති බව අපට පැහැදිලිවම සඳහන් කළ හැකියි.  

 


පාවෙන වෙළඳ සංකීර්ණයේ ආහාරපානවල මිල ගණන් අධිකයි කියලා ඇතැම් අයගේ මතයක් තිබෙනවා. නමුත් එහි අලෙවිවන ආහාරපාන ඉතාම පිරිසිදු ලෙස ඉතාම අඩු මිලකටයි ලබාදෙන්නේ. ඒවායේ ගුණාත්මක භාවය ගැන අපට රාජ්‍ය මට්ටමින් සහතික ලබා දී තිබෙනවා. පිටකොටුවට එන පොදු ජනයාට නැවතී ගිමන් හැර ඉතා අඩු මුදලකට කුසගින්න නිවාගත හැකි ස්ථානයක් ලෙස පාවෙන වෙළඳ සංකීර්ණයේ ආපනශාලා ඉදිරියට පවත්වාගෙන යෑමයි අපේ අරමුණ. ඒ නිසා අවිශ්වාසයකින් බිය සැකයකින් තොරව අප සමඟ එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා’’යැයි චමින්ද විදානගමගේ මහතා අප සමඟ කියා සිටියේය.  


පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සතුව පැවැති ‘කොළඹ ගෙදර’ නමැති ගිමන්හල වෙනත් රාජ්‍ය ආයතනයක් මගින් පවරා ගෙන ඇති හෙයින් පාවෙන වෙළෙඳ සංකීර්ණයට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාගැනීමට ස්ථානයක් නොමැති බැවින් එම නවාතැන නැවත පාවෙන වෙළෙඳ සංකීර්ණයට භාර කරන ලෙස අදාළ රාජ්‍ය ආයතනයට දැනුම්දුන්න ද එය තවමත් ඉටුවී නැතැයි විදානගමගේ මහතා සඳහන් කළේය.  

 


මෙම වෙළෙඳ සැණකෙළියට සුවිශේෂ දායකත්වයක් ලබාදෙන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතාට වෙළෙඳ සංගම් නිලධාරීහු විශේෂ ස්තුතිය පළකර සිටිති.

සටහන : සමන්තිකා මාධවී
ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය



අදහස් (0)

තරු පහේ කෑම පිටකොටුවෙන් ගන්න

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 215 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16154 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1679 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site