IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තරඟෙට දුවා ජපානයේ දී සිංහ කොඩිය එසවූ ඉෂාන්

ජපානයේ පැවති ධාවන තරගයක් අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ මීගමුවේ හැදුණු වැඩුණු තරුණයකු සමත් වූයේ එම ඉසව්වට සහභාගී වූ සියලු ජපාන ක්‍රීඩකයින් පුදුමයෙන් පුදුමයට පත් කරමිනි. ඔහු නමින් ඉෂාන් සංජයයි.   


“අපි ලංකාවේ. අපිට කරන්න බැරි දෙයක් නැහැ. ජපන්නු ඉස්සරහා මේ පාරත් සිංහ කොඩිය උස්සනවාමයි.” යැයි එම තරගයට පෙර ඔහු පැවසූවේ දැඩි ආත්ම විශ්වාසයෙනි. එය වචනයට පමණක් සීමා වූවක් නොව සැබෑවක් බව ඔහු ඔප්පු කර හමාරය.   


2015 දී ජපානයට යන ඉෂාන් සංජය කුමාර ජාත්‍යන්තරය තුළ ලක් ධජය ඔසවා තබන්නට වෙර දරන්නේ බාධා කම්කටොලු රැසක් මැද අධ්‍යාපනය ලබමිනි. ඔහු ධාවන ශූරයකු වීමට පෙරුම් පුරන්නෙකි.   


මීගමුව කදිරාන ඉෂාන් ගේ උපන්ගම ය. මවගේත් පියාගේත් ලොකු පුතා වන ඔහුට තවත් එක් සහෝදරයෙක් සිටියි. ඔහුගේ මව ඇඟළුම් සේවිකාවක් වූවාය. පියා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකු විය. පසුව ඩිපෝ විනය පරීක්ෂකයකු ලෙස ද ඉෂාන්ගේ පියා සේවය කළේය.   

 

 


තිඹිරිගස්කටුව මහා විද්‍යාලයෙන් අකුරු උගත් ඉෂාන් 2009 දී උසස් පෙළ හැදෑරීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ගියේය.   
මීටර් 800 ඉසව්වෙන් 2008 දී ධාවන පිටියට පා තබන ඔහු 2010 ශ්‍රී ලංකා ජාතික තේරීම් තරගාවලියේ හත්වැනියා බවට පත් වන්නේ ඔහුගේ ක්‍රීඩා දිවියට නව උද්​ෙ‌යා්ගයක් එක් කරමිනි.   


ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ අතර යුද හමුදාවේ වසර හතරක් සේවය කළේය. ඔහු එහිදී ද තම ක්‍රීඩා කෞෂල්‍යය ඔප් නංවා ගත්තේය. ඔහු යුද හමුදාවෙන් ඉවත් වන්නේ තම පවුලේ අනාගතය ගැන සිතා ජපන් රටට යාමටය.   


ඉෂාන්ට ජපන් යාමට මුදල් ලබාගැනීමට ඉෂාන්ගේ පියා තම රැකියාවෙන් විශ්‍රාම ගත්තේය. ඉන් ලැබුණු මුදල ලොකු පුතාගේ අනාගතය වෙනුවෙන් යෙදවීමට පියා කටයුතු කළේ තම පවුලේ අනාගතය ඇත්තේ ද ඒ ලොකු පුතාගේ අතේ බව දන්නා නිසාය.  


ඉෂාන් ජපානයට යන්නේ අධ්‍යාපනයට ය. ඔහු යමතො කශිවගි ජිත්සුගියො සෙන්මොන් පාසලෙන් අධ්‍යාපනය ලබයි. ඔහු ව්‍යාපාර අධ්‍යයනය සහ තොරතුරු තාක්ෂණය හදාරමින් සිටියි. අධ්‍යාපන කටයුතුවලට වාර්ෂිකව ලක්ෂ හතක් පමණ වැය වන බව ඉෂාන් කීවේය. එම වියදම් පියවා ගැනීමට ඔහු අර්ධ කාලීන රැකියාවක් කරයි.  


ඉෂාන් ජපානයට යන විට ධාවන පිටියේ ක්‍රීඩා කිරිමට ද දැඩි අසාවක් තිබිණි. නමුත් ඔහුට අවස්ථාවක් නොවීය. ජපානයේ සිටින ශ්‍රී ලාංකික සහෝදරයින් කිහිප දෙනකුට ඔහුගේ ආසාව පැවසුවද ඔහුගේ සහයට ඉදිරිපත් වන්නට කිසිවකු සිටියේ නැත.   


ඉෂාන් ඉන් සැලුණේ නැත. ඔහු ජපානයට ගිය විගස අර්ධ කාලීන රැකියාවක් සඳහා යොමු විය. ඉෂාන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමේ මඟ පෑදුණේ එහිදීය. එම ආයතනයේ කළමනාකරු ශ්‍රී ලාංකිකයෙකි. ඔහු නමින් චන්දිම විජේරත්නය. චන්දිම මහතාගේ මඟ පෙන්වීමෙන් ඔහුට ජපන් ජාතිකයකු හමුවන අතර එම ජපන් ජාතිකයා ඉෂාන්ගේ ධාවන පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණයක් සොයා දී තිබේ.   


ඉෂාන්ගේ ධෛර්යයට අරුතක් එක්කරමින් පසුගිය සැප්තැම්බර 05 වැනි දා ජපානයේ යමතෝ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද එම මීටර් 800 ධාවන ඉසව්වේදී සියලු ජපාන ක්‍රීඩකයින් විශාල පරතරයකින් පරදා ලක් නාමය ඔසවා තැබීමට ඔහු සමත් විය.   
“ගිය පාර දෙවැනියා. මේ පාර අනිවාර්යයෙන් ලංකාව වෙනුවෙන් පළවැනියා වෙනවා. අපි ලංකාවේ. අපිට කරන්න බැරි දෙයක් නැහැ. ජපන්නු ඉස්සරහා මේ පාරත් සිංහ කොඩිය උස්සනවාමයි.” යැයි ඉෂාන් දෙවැනි තරඟයට පෙර පැවසුවේ ඉමහත් ආත්ම විශ්වාසයකිනි. එය වචනයට පමණක් සීමා නොකරමින් ඔහු එය සත්‍යයක් බවට පසක් කළේය.   


ඔහු ඉකුත් ජූලි 10 වැනි දා පැවැති පළමු වටයේ මීටර් 800 ඉසව්වේ දී ද ලක් නාමය ඔසවා තැබූවේ ප්‍රථමයාට පමණක් දෙවැනි වෙමිනි. ඔහුගේ එම ජයග්‍රහණය පිළිබඳ ජපානයේ පුවත් පත් දෙකක පළ වී තිබූ නමුත් ඔහු ගැන ශ්‍රී ලංකාවේ මාධ්‍යවල මේ වන තෙක් කිසිම සඳහනක් නොවූ බව ඉෂාන් පැවසීය.   


“මට මෙහෙ ඉගෙන ගන්න ගොඩක් වැඩ කරන්න වෙනවා. මොකද මගේ අම්මා තාත්තා දැන් ගෙදර. එයාලා දැන් වැඩ කරන්නේ නැහැ. තාත්තාත් විශ්‍රාම අරන්. මගේ ඉගෙනීමට වියදම් කරන්න සල්ලි හොයාගන්න ඕනෑ මමමයි. තාත්තත් ඉස්පිරිතාලේ ඉන්නේ. අම්මා සේරම කරන්නේ මේ අමාරුකම් එක්ක. ඔය සේරම ප්‍රශ්න පිට මෙහෙ ඉගෙන ගන්න වැඩ කරන්න මහන්සි වෙන්න ඕනෑ. සතියට නිදාගන්නේ පැය 15යි. මට හම්බෙන පොඩි වෙලාවෙත් පාරේ දුවනවා.”   


ජපානයේ ඕනෑ තරම් සල්ලිකාර ශ්‍රී ලාංකිකයින් ඉන්නා බව නොරහසකි. ලක් නාමය වෙනුවෙන් කැප වීමට වෙර දරන ඉෂාන්ට අතහිත දෙන්නට තවමත් කිසිවකු ඉදිරිපත්ව නැත.   


ඔහු තම උත්සහය ගැනත් තමන් යන මගේ ඇති බාධක ගැනත් මෙසේ පැවසීය.   


“ජීවිතේ පුදුම දුකක් විඳින්නේ මෙහේ ඇවිත්. එත් කාටවත් කියන්න යන්නේ නැහැ. කට්ට කෑවොත් ගොඩ එන්න පුළුවන්. ඒකයි හිතේ තිබ්බෙත්. දුවද්දි අප්පුඩි ගැහුවට කවුරුවත් අහන්නේ නැහැ මොනාද උඹට ඕනෑ කියලා. සේරම තනියම කරන්නේ. කාටත් හොර බොරු කරලා නැහැ. ඒ හින්දා වරදින්නේ නැහැ.   


ජපන්නු මාව දකිද්දි බයයි. මොකද උන් දන්නවා මඟේ ඇගේ තියෙන දක්ෂතාව. ඒක එළියට ගන්න ජොබ් කර කර බෑ. නිදි මරනවා එපා වෙනවා. ඒත් දුවන්නේ හිතේ ෆිට් එකට. මම වැඩ කරන තැන මැනේජර් චන්දිම අයියා හින්දා තමා මෙහෙම හරි දුවන්නේ.”   
“මෙහේ තාක්ෂණය කියලා වැඩක් නැහැ. ආසයි දැක්කමත්. ඒවා දැක්කම ආසයි ලංකාවට පදක්කමක් ගේන්න ඕනෑ. කෝටි ගණන් සල්ලි නෙමෙයි. මෙහේ ක්ලබ් එකකට සම්බන්ධ වෙලා ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි ඕනෑ.” යැයි ඉෂාන් පැවසූවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම ලක්වැසියන්ට ද සිතන්නට යමක් ඉතිරි කරමිනි.   


“මාගේ ක්‍රීඩා ගමනේ මුල් ගුරුවරු වුණේ මේජර් චන්දිම සර්, හිමාලි මිස් වගේම රසික සර්. මාරිස්ටෙලා විද්‍යාලයේදී මාගේ පුහුණුකරු වුණේ ජාතික පුහුණුකරුවකු වන පිලිප් රංජිත් ගුරුතුමා. තමිල් සර් ,ටෝනි සර්, මර්වින් පියතුමා සහ සුනම්ද පියතුමා මට උදව් කළා. යුද හමුදාවට ක්‍රීඩා කරද්දී ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, මේජර් මුතුමාල් සර් සහ මේජර් කුලසිරි සර් මට උදව් කළා.” යැයි ධාවන පිටියේ මුල් කාලයේ තමන්ට අතහිත දුන් අය ගැන සිහිපත් කරමින් ඉෂාන් පැවසීය.   

 

 


ඉදිරි දින කිහිපයේදී ඉෂාන් ජපානයේ පැවැත්වෙන තවත් තරග කිහිපයකට සහභාගී වීමට නියමිතය.   

 
 



අදහස් (0)

තරඟෙට දුවා ජපානයේ දී සිංහ කොඩිය එසවූ ඉෂාන්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 168 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1515 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site