IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජීවිතයක් බිලිගත් පරිප්පු කන්ද

 

පසුගිය සතියේ කැලණිය පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්ත ශාලාවක සිදුවු අනතුරකින් සේවකයෙකු මියගොස් සිව් දෙනෙකු තුවාල ලැබීය. මෙම කර්මාන්ත ශාලාව තුළ සිදු වූ ප්‍රථම අනතුර මෙය නොවේ. 2015 වසරේ මාර්තු මාසයේ ද මෙවැනි අනතුරක් සිදුවී ඇති අතර එහිදීද සේවකයෙකුගේ දිවි අහිමි විය. 


කැලණිය පට්ටිවිල, ගෝනාවල ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික කර්මාන්ත ශාලාවට ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් පියලි නොකරන ලද පරිප්පු වරායෙන් කන්ටේනර් මගින් ගෙනවිත් මෙහි ඇති අඩි 90 ක් පමණ උසැති සිලින්ඩාකාර යකඩ සහ අලුමිනියම් මිශ්‍රිත ගබඩා ටැංකිවල ඒවා ගබඩාකොට නළ මගින් හා යාන්ත්‍රානුසාරයෙන් මිනිස් ශ්‍රමය උපයෝගි කොටගෙන කර්මාන්තයේ කටයුතු පවත්වාගෙන යමින් ඒවා සුද්ධ පවිත්‍රකොට ඇසුරුම් කිරීම දක්වා ක්‍රියාවලිය සිදු කරයි. සාමන්‍යයෙන් ආනයනික බාහාලුම් 70ක පමණ පරිප්පු මෙහි එක් ටැංකියක පවතින අතර මෙවැනි ටැංකි තුනක් 2015 අනතුර වන අවස්ථාවේද එහි තිබී ඇත. 


අක්කරයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක විශාල සේවකයන් ප්‍රමාණයකට රැකියා ලබා දෙමින් මෙහි කටයුතු සිදු කරගෙන යයි. එළියේ තිබෙන විශාල ටැංකිවලින් නළ මාර්ගවලින් පරිප්පු සුද්ධ කිරීමේ ක්‍රියාවලිය සිදුවන අතර සාමන්‍යයෙන් එක නළයක විශාලත්වය අඩි දෙකත් දෙකහමාරක් පමණ වේ.


සාමන්‍යයෙන් මේ නළවලින් විනාඩි කිහිපයක් තුළ විශාල පරිප්පු ප්‍රමාණයක් පිටතට එයි. යම් හෙයකින් සේවකයෙකු ලෙස්සා එම පරිප්පු දෙසට ගියහොත් විනාඩි ගණනක් තුළ ඔහු අනෙක් සේවකයන් විසින් ‘සවල්’ යොදා පරිප්පු ඉවත්කර ගත යුතුයි. සාමන්‍යයෙන් පරිප්පු ගොඩමත පුද්ගලයෙකුට සිටීමට නොහැකිවන තරම්මය. එයට හේතුව වන්නේ එම පුද්ගලයාගේ බරට ඔහු ඇතුළතට තල්ලුවී යෑමයි.  


2015 වසරේ සිදු වුයේ මෙවැනි ක්‍රියාවලියකි. එළිමහනේ තිබෙන අඩි 90 ක් පමණ උස ටැංකි තුනෙන් පරිප්පු ගබඩා කර තිබූ එක් ටැංකියක් කඩා වැටීම නිසා එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩ කරමින් සිටි සේවකයෙකු පරිප්පු ටොන් ගණනාවකට යටවීමෙන් ජීවිතය අහිමි විය. මේ වසරේ පසුගිදා සිදු වූ අනතුර සිදුවී ඇත්තේ ද එවැනි පරිප්පු බාහාලුමකට යටවී එම ජීවිතය බේරා ගැනීම සඳහා වැඩි කාලයක් ගතවීම හේතුවෙන් එම පුද්ගලයා මරණයට පත් වීමකි. ඔහු පරිප්පු පිරිසුදු කරන සිලින්ඩරයක සිදු වූ ඇන හිටීමක් පරීක්ෂාවට ගොස් මේ අනතුර සිදු වු බව ද දැන ගන්නට ඇත.


මෙවර අනතුරෙන් දිවි අහිමි වු 39 හැවිරිදි එම්. ජේ. එම්. ෆවාස් පදිංචිවි සිටින්නේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කලාපයට අයිති හෙම්මාතගම නගරයට තරමක් ආසන්නයේ පිහිටි හිද්රාගම ප්‍රදේශයේය.


මේ මියගියේ මගේ පුතා. එයාට අවුරුදු 39 ක් වෙනවා.  මේ පුතා සිංහල මුස්ලිම් ගොඩාක් දෙනෙක් හඳුනාගත්ත හොඳ කෙනෙක්. මෙහෙම හිටපු පුතා රැකියාවක් සොයාගෙන කොළඹ ප්‍රදේශයට ගියා. මෙම ස්ථානයට රැකියාවට ගියේ 2013 වර්ෂයේ. ඒදා ඉඳලා මේ ස්ථානයේ රැකියාව කරගෙන හොඳට හිටියා. මියගිය පවාස්ගේ පියාවන එම්.අයි.එම්. නජුඞ් මහතා පැවැසීය.

සටහන - මාවනැල්ල සමන් විජය බංඩාර 
ඡායාරූප -කැලණිය ලාල් එස් කුමාර



අදහස් (0)

ජීවිතයක් බිලිගත් පරිප්පු කන්ද

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 214 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16154 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site