IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොටස් එකලස් කර මෝටර් රථයක් හැදූ පාසල් සිසුවා

විප්ලවය යනු වෙනසයි. ඒ වෙනස ඇති කළ යුත්තේ දරුවන් වන ඔබම ය. ඒ නිසාම අභියෝග ජයගෙන අරමුණක් ඇති ගමනක් යා යුතුයි. ඔබේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නම් නව නිර්මාණ ලොවට දායාද කරන්න. එවන් අරමුණක් ඇති ගමනක් යන පාසලේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ මෝටර් රථයක් නිර්මාණය කළ 17 හැවිරිදි එස්. රුක්ෂාන් නිම්නාද සිසු දරුවා සොයා අපි ඔහු පදිංචි අලව්ව, යත්තල්ගොඩ ගම්මානයට ගියෙමු.   


අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලේ 12 වසරෙහි ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ ඉගෙනුම ලබන රුක්ෂාන් සිසුවාගේ නිවසට ගිය අපි ඉතා ගෞරවයෙන් පිළිගැනීමට තරම් මෙම පුතණුවන් කාරුණික විය. ආලින්දයෙහි වාඩි වූ අපි කවුද කියා හඳුන්වාදීමෙන් පසු, තම දක්ෂතාව පිළිබඳ සිනහමුසු මුහුණින් කතා කරමින්, රුක්ෂාන්ගේ මවත් ඔහුගේ මිතුරන් දෙදෙනා සමඟ නිවස ඉදිරිපිට නවතා තිබූ ඔහු විසින් නිර්මාණය කළ මෝටර් රථය වෙත ගියෙමු.  

 

අලව්ව පාසලේ රුක්ෂාන් සිසුවා විසින් නිර්මානය කළ මෝටර් රථය.

 

තම නිර්මාණය පිළිබඳව කතා කිරීමට පෙර අප සමඟ දොඩමලු වූයේ මෙසේය. ‘‘මං 1 වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ උඩකැකුළාවල මහා විද්‍යාලයේයි. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණා. මං පුංචි කාලයේ සිටම කාර්මික වැඩවලට කැමතියි. ආසයි. ඒ නිසා උසස් පෙළ සඳහා අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලට ඇතුළත් වී ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව යටතේ ඉගෙනුම ආරම්භ කළා.   


මේ කාලේ තාක්ෂණවේදය යටතේ පාසලේ ප්‍ර‍දර්ශනයක් සංවිධානය කළා. ඒ.එස්.එස්. ස්වර්ණතිලකා හා ආර්.එම්. ශෂිකා සඳමාලි යන ගුරුතුමියන් විසින් තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍ර‍දර්ශනයට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාපෘතියක් ලෙස මෝටර් රථයක් නිර්මාණය කිරීමට මා උනන්දු කළා. මගේ සිතේ කාලයක සිට තිබූ සිහිනය සැබෑ කර ගැනීමට හොඳම අවස්ථාව බව තේරුම් ගෙන මෝටර් රථයක් නිර්මාණය කරනවා යැයි යන දැඩි අධිෂ්ඨානය සහිතව එස්. නෙල්සන් විජේසිරි මගේ පියාට මේ බව ප්‍ර‍කාශ කළා. ඉතා සතුටින් මාව සිප වැලඳගෙන ‘හරි පුතේ අපි මේ වැඩේ කරමු’ යැයි පවසමින් මාව දිරිමත් කළා.  


මගේ පියා රථ වාහන ගෙන්වන සමාගමක රැකියාවක් කරන අතර 2017 ජනවාරි 5 වැනිදා පියාත් සමඟ උඩුගම්පලට ගොස් පරණ ත්‍රී රෝද රථයක් මිලදී ගත්තා. ත්‍රී රෝද රථය රැගෙන විත්, එහි එන්ජිම ඉවත් කර, ක්ලච් ගියර් පද්ධතිය අලුතින් සවි කළා. එන්ජිම සාර්ථක වුණා. ඉන් පසු චැසියක් සකස් කර එන්ජිම සවි කළා. පිටුපස රෝද දෙකට සමාන්තරව ඉදිරිපස රෝද සවි කළා. වැසිය ශක්තිමත්ද යන්න පරීක්ෂා කිරීමට සීට් එකක් සවි කර පදවා බැලුවා. පදවාගෙන යන විට තිරිංග පද්ධතිය ක්‍ර‍මවත් නැති නිසා අලුත් තිරිංග පද්ධතියක් සවි කළා.   


ත්‍රී රෝද රථයේ තහඩු භාවිත කළ නොහැකි නිසා, අමානෝ තහඩු මිලට ගෙන වාහනයේ සැකිල්ලට අනුව තහඩු නවා සැලසුම් කළ සැකිල්ලට සමානව සවි කළා. වාහනය පදවා බැලුවා. ගැටලුවක් නැහැ. බැටරියක් මඟින් ෆියුස් බෝඩ් එකක් හරහා වාහනයට අවශ්‍ය විදුලිය ලබාගත්තා. වාහනයේ රියැදුරු අසුන සහ තවත් අසුන් එකක් සවි කර පසුපස අසුන්ද සවි කළා. පරණ කේබල් ඉවත් කර අලුත් කේබල් නැවත සවි කර ක්ලච්, බ්රේක්, ඇක්සලේටර් සකස් කළා. ටූ ස්ට්‍රොක් එන්ජිමක් වන අතර ඉන්ධන ලෙස පෙට්‍ර‍ල් සමඟ ටූ ටී භාවිත කරනවා. පැයට කිලෝ මීටර් 30 – 40 අතර වේගයකින් යුක්ත වන අතර ගියර් තුනක් හා රිවස් ගියර් එකකින් සමන්විතයි.   
මෙසේ පහසුවෙන් හය දෙනකුට ගමන් කළ හැකි වාහනයක් නිර්මාණය කළේ 2017 ජනවාරි මාසයේ වන අතර අවසන් කළේ ගිය අප්‍රේල් මාසයේය. මට මෙවැනි නිර්මාණයක් කිරීමට මගේ පියා, මව, ගුරුවරුන් යහළුවන් වන ගිහාන්, චතුර ඇතුළු විශාල පිරිසක් උදවු කළා. ඒ සියලු දෙනාටම ගෞරවය පිරිනමන අතර මෙම දැවැන්ත කාර්යය සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් වැය වුණා. සියලු මුදල් මගේ පියා ලබා දුන් බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා’’යැයි නෙතේ කඳුළු පුරවාගත් රුක්ෂාන් අප සමඟ පැවසීය.   
රුක්ෂාන්ගේ නිවසට ගිය අවස්ථාවේ පියා රැකියාවට ගොස් සිටි අතර මව ඩබ්ලිව්. ඒ. ශිරෝමි මහත්මිය තම දරුවාගේ දක්ෂතාව පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවාය.   


‘‘අපේ පවුලේ මගේ ස්වාමි පුරුෂයාත් දරුවන් දෙදෙනාත් පමණයි සිටින්නේ. රුක්ෂාන් පුතා වැඩිමහල් දරුවා වන අතර අනෙක් දරුවාත් පාසල් යනවා. අපි සමඟියෙන් තමයි ජීවත් වෙන්නේ. රුක්ෂාන් පුතා බහ තෝරන වයසේදී සෙල්ලම් බඩු ලෙස තෝර ගත්තේ බෝනික්කො නළා නොවේ. සෙල්ලම් කාර්, වෑන්, ලොරි ඇතුළු ඒවාය. ඒ සියලු සෙල්ලම් වාහන එකින් එක ගලවා ඒ ආකාරයට සවි කරනවා.  


අපේ මහත්තයා සිනහ වෙවී කියනවා රුක්ෂාන් පුතා ගිය ආත්මෙ කාර්මිකයෙක්ද මන්දා කියලා. අදටත් යතුරුපැදියෙ අඩුපාඩු හදා ගන්නේ රුක්ෂාන් පුතා. කාර්මික වැඩ පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. ඒ වගේම තමා කීකරුකම. සෑම වැඩකදීම අපෙන් අහලා තමයි කරන්නේ. ක්‍රීඩාවටත් හරිම දක්ෂයි. වොලිබෝල් ක්‍රීඩාවට තමයි කැමති.  


මේ වාහනය සකස් කරමින් සිටියදී බෝල ගහන්නත් යනවා. මට පුදුම සතුටක් දැනෙනවා මේ දරුවාගේ හපන්කම් දැකලා. මටත් වැඩිය මගේ මහත්තයා සතුටු වෙනවා. පොඩි වයසක මෙවන් හපන්කම් කරන්න මගේ පුතාට හැකිවීම මා ලැබූ භාග්‍යයක්’’ යැයි ඇය හැඟීම් බරව අප සමඟ පැවසුවාය.   


ඉංජිනේරු තාක්ෂණවේදය විෂය භාර ආර්.එම්. ශෂිකා සඳමාලි රත්නායක ගුරු මහත්මිය හමුවීමටද ඇයගේ නිවසට අපි ගියෙමු.  
ඇය අප සමඟ මෙසේ කීවාය. “මං අලව්ව රාහුල ජාතික පාසලේ ඉංජිනේරු තාක්ෂණ අංශයේ ගුරුවරියක වශයෙන් සේවය කරනවා. මගේ පංතියේ දරුවන් 45ක් මේ විෂය හදාරනවා. රුක්ෂාන් පුතා හරිම දක්ෂයි. ඕනෑම නිර්මාණයක් කිරීමේ හැකියාව, කුසලතාව තිබෙන බව අපි හොඳින් හඳුනාගෙන තිබෙනවා. විනයගරුක ගති පැවතුම්වලින් පෝෂිත දරුවෙක්. අපේ විදුහල්පතිතුමිය අපට නිතරම කීවේ. ශිෂ්‍යයකු ලවා මෝටර් රථයක් නිර්මාණය කළ යුතුය යන බවයි. ඒ අනුව එතුමියගේ බලාපොරොත්තුව රුක්ෂාන් පුතාට ඉටු කිරීමට හැකි වුණා. ඒ වගේම රුක්ෂාන්ගේ මව්පිය දෙපළ පුදුමාකාර වෙහෙසක් මහන්සියක් දැරුවා. සෑම විටම පාසලට පැමිණ දරුවාගේ අවශ්‍යතාවන් සහ අධ්‍යාපනය පිළිබඳ සොයා බලනවා” ඉතා ආඩම්බරයෙන් ඇය අප සමඟ පැවසුවාය.   


අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලේ විදුහල්පතිනි ඒ. පුෂ්පා රෝහිණී මහත්මිය අප සමඟ අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.  

 


“මගේ සිහිනයක් තිබුණා පාසලේ දරුවකුගේ ශක්තියෙන් වාහනයක් නිර්මාණය කර වීමට. ඒ සිහිනය සැබෑ කරවූ රුක්ෂාන් පුතාට මා ඇතුළු මගේ ගුරු මණ්ඩලය මෙන්ම සිසු දරුවන්ගේ ගෞරවය පළමුකොට පිරිනමනවා. රුක්ෂාන් නිහඬ දරුවෙක්. විනයගරුකයි. ගුණගරුකයි. ඕනෑම වගකීමක් භාර දෙන්න පුළුවන්. තමා මෝටර් රථයක් නිර්මාණය කළා යැයි උද්දාමයට පත් නොවන දරුවෙක්. තාමත් පොඩි දරුවෙක් වාගෙයි. මව්පිය දෙපොළ රුක්ෂාන් පුතා වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. ඒ මව්පිය දෙපොළ ඇතුළු මේ නිර්මාණය වෙනුවෙන් අප පාසලේ ප්‍ර‍දර්ශනය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ තාක්ෂණවේද විෂය භාර ගුරු මහත්ම මහත්මීන්ට මා ගෞරවය පිරිනමන අතර රුක්ෂාන් පාසලට කීර්තියක් ලබා දෙමින් මුළු මහත් පාසල් පද්ධතිය වෙනුවෙන් ආදර්ශයක් ලබා දුන් බව ගෞරවයෙන් සිහිපත් කළ යුතු’’ යැයි විදුහල්පතිතුමිය අප සමඟ පැවසුවාය.



අදහස් (0)

කොටස් එකලස් කර මෝටර් රථයක් හැදූ පාසල් සිසුවා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 202 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16147 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7903 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2787 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site