IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උතුරේ දෙමළ ජනයාට මුලින්ම දුම්රියක් දුන් දකුණේ සිංහලයා

සෙන්පති මොන්ටේගු ජයවික‍්‍රම

 

2013 සැප්තැම්බර් 14 දින, කොළඹ කොටුවේ සිට කිළිනොච්චිය දක්වා ‘යාල්දේවි’ දුම්රිය යළි ගමන් ආරම්භ කළේ වුවද, අගනුවර සිට කන්කසන්තුරය දක්වාම එය ධාවනය කිරීම ආරම්භ කරන ලද්දේ සෙන්පති මොන්ටේගු ජයවික‍්‍රම විසින් 1954 දී ය. එදා ඔහු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ (1953.10.12 සිට) ගමනාගමන හා පොදු වැඩ පිළිබඳ ඇමතිවරයා විය. එපමණක් නොව, එවකට පැවැති ආණ්ඩුවේ අගමැතිවරයා, නිසි ලෙස පුරුදු-පුහුණු කරන ලද කෘතහස්ත යුද හමුදා මේජර්වරයෙකු නිසාම, මොන්ටේගු ජයවික‍්‍රම සෙන්පතියාට තවත් ජාතික වගකීම් පැවරුවේය. එනම්, ඉන්දියන් සාගරය පීනා මෙරටට ඇතුළුවන දෙමළුනට වැට බැඳීමය.  

 

අද දින ‘යාල්දේවි’ දුම්රියේ, දුම්රිය මඟට එන වල්අලි සෝදිසි කිරීමට අඳුරේ ක්‍රියා කරන කැමරා පද්ධතියක් සවිකර ඇතැයි කියතත්, එදා 1954 දී සෙන්පති ජයවික‍්‍රම කල්පිටියේ සිට පේදුරුතුඩුව දක්වාම මුහුදු තීරය රාත‍්‍රියේ දී විදුලි එළියෙන් ඒකාලෝක කිරීමේ පද්ධතියක් සවි කළේය. එමගින් මසකට 5,000ක් පමණ කල්ලතෝනින් අත්අඩංගුවට ගන්නට හැකි විය. (වාර්තා)   


චීනයේ ගල් අඟුරුවලින් පමණක් රත් වෙන, එහෙත් අදටත් නිතරම සීතලව පවතින, විදුලිජනක යන්ත‍්‍රවලින් උතුරට අවශ්‍ය මෙගාවොට් 40න් 0ක්වත් නොලැබෙන තත්ත්වයක දී, 1954 දී සෙන්පති මොන්ටේගු ජයවික‍්‍රම වෙරළ තීරය විදුලි එළියෙන් ආලෝකමත් කළේ, ලක්‍ෂපානේ දිය ඇල්ලෙන් කැරකෙන අපේ ජල විදුලියෙනි.   


“එදිනෙදා භෝජනය ගැන පමණක් සිතන්න” යැයි ක්‍රිස්තුන් වහන්සේ පවසා ඇත. එමගින් මිනිසා ඉතා සරල දිවි පෙවතක අසිරිය විඳින්නට පුරුදු වේවි. බොහෝ ආශා කෙරෙහි මිනිසා උසිගන්වන සමාජයකදී ‘මිනිසා’ අන්තවාදී මංපහරන්නකු බවට පත්වේ. අද පවතින වෙළෙඳ ආර්ථිකය මත මේ චින්තනය නැතිකමට දරාගත නොහැකි තත්ත්වයෙන් මිනිසා ප‍්‍රතිපත්ති නැති නිකමකු බවට පත්ව ඇත. එනිසා කෙටි කලකින් උපයන්නට නම් ඔවුහු දේශපාලන භූමිකාවම තෝරා ගනිති. (ලැම්බෝගිනි - ඇස්ටන් මාටින් - හමර්)   
“මා මෙම සේවය කරන ලද්දේ කිසිවෙකුගෙන් හෝ බුලත් තටුවක් තරම්වත් යම් සන්තෝසමක් ලබාගෙන නොවෙයි. “ශ‍්‍රීමත් ආර්. ප්‍රේමදාස අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජයවික‍්‍රමගම ගම් පියස විවෘත කිරීමේ මහෝත්සවයේදී හෙතෙම ඉතා උස් හඬින් ප‍්‍රකාශ කළේය. එතුමා එසේ උජාරුවෙන් ප‍්‍රකාශ කළේ ඔහුට ඉතා නිහතමානීව පාරම්පරික ධනයක් උරුම වී තිබුණු නිසාය.   


මොන්ටේගුගේ සීයා වූයේ ඩී.එම්. සමරවීර මුදලිතුමාය. ලිඩියා මාග‍්‍රට් හා තංගල්ලේ විසූ ප‍්‍රසිද්ධ නීතිඥයකු වූ වෝල්ටර් ජයවික‍්‍රම, මොන්ටේගුගේ මාපියෝය. ප‍්‍රථමයෙන් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයටත් අනතුරුව කෘෂිකර්මය හැදෑරීම සඳහා පේරාදෙණියටත් ප‍්‍රවේශ වූ මොන්ටේගුට ඩොරතිනා හා එරල් නමින් සහෝදරියක් ද සහෝදරයෙක් ද වූහ.   


ගාල්ලේ විසූ මහා දානපතියකු ද සිටුවරයකු ද බඳු ප‍්‍රතාපවත් චරිතය වූ එච්.ඩබ්. අමරසූරියගේ (හෙන්රි වුඩ්වඩ් අමරසූරියගේ) නැගණිය වූ අමරා අමරසූරිය සමඟ විවාහ වීමෙන් තරුණ මොන්ටේගු ජයවික‍්‍රමගේ ධන බලය ද පිරිස් බලය ද දෙගුණ තෙගුණ විය.   


වෝල්ටර් ජෙෆර්ජ් මොන්ටේගු ජයවික‍්‍රමට කල්‍යාණ මිත‍්‍ර සම්පත්තිය සියයට දෙසියකින්ම තිබිණි. ඔහු ජීවත් වූයේ සුල්තාන්වරයකු ලෙස වූවත්, ඉතාම උපායශීලී නුවණකින් සිය පෞද්ගලික ජීවිතය ගෙන ගියේය. කිසිම කෙනෙකුට කිසිම අවස්ථාවක බැණ නොවැදුණු අතර නිතරම ඔහු අනුන් කරන හොඳ දේ අන් අය ඉදිරියේ පවා ඉතා ඉහළින් ප‍්‍රශංසාවට භාජනය කළේය. තමන්ගෙන් යම් සේවයක් අනුග‍්‍රහයක් පතා එන කෙනකු ගැන හරිහැටි අවබෝධයක් නැත්නම්, ඒ බව ඔහුට නොදන්වා පළාතේ ස්වාමීන් වහන්සේ මඟින් ඒ ගැන සෝදිසි කරගෙන දැනුම්වත්වීමේ ක‍්‍රියාන්විතයක් ද මොන්ටේගු ජයවික‍්‍රම ගෙන ගියේය.   


දඹදිව කොසොල් රජු සමයෙහි අග්ගිදන්ත නමැති ගුණ යහපත් පුරෝහිත බමුණා වරක් පිරිසක් ද කැටුව වනගත වී සිල් රකින්නට විය.   
“අප අතර කාට හෝ රහසින් හෝ පාපයක් වරදක් සිදුවී නම් ඒ අය එක වැලි ගොට්ටක් ගෙනැවිත් එකම තැනට දැමිය යුතුයැ”යි පිරිස ගිවිස ගෙන තිබිණි. එකල මෙය ‘වැලි දඬුවම්’ ලෙස ව්‍යවහාර වූ අතර ටික දිනක් යන විට විශාල වැලි ගොඩක් නිර්මාණය විය. එතැනින් ගිය නයෙක් තමන්ට කදිම නිවස්නක් ඉදිවී ඇතැයි සිතා වැලි ගොඩ තම වාසභවනය කර ගත්තේය. අග්ගිදත්ත ඇතුළු පිරිස මේ අලුත් තත්ත්වය ධනාත්මකව සිතා නයා අදහන්නට පටන් ගත්හ.   


ජනතා ඡන්දය හා සිතුම්-පැතුම් නමැති වැලි ගොඩෙහි ‘මහජන නියෝජිතයා’ ලෙස සිටින සර්පයා ද වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය තුළ වැජඹෙන්නේ මෙලෙසිනි. මොන්ටේගු ජයවික‍්‍රම එහි විලෝමය විය. ඔහු වැලි ගොඩෙහි දිය උල්පත විය. සිය පරම්පරාවේ වස්තු සම්භාරයෙන් ඔහු කළේ පොදු ජන සුබසෙත සඳහා කුමන හෝ ආකාරයකින් යමක් පරිත්‍යාග කිරීමය.   


පසු කලෙක මොන්ටේගු ජයවික‍්‍රම කොළඹ-7, වෝඩ් පෙදෙසේ පදිංචියට ආව ද ඔහුගේ උපන් ගම වූ වැලිගම තුළ පැලපදියම් වූ ඔහුගේ අභිමානය ඉතා පුළුල්ය. ජේ.ආර්. ජයවර්ධනගේ අංක එකේ කල්‍යාණ මිත‍්‍රයා වශයෙන් මොන්ටේගු ජයවික‍්‍රම නම් කළ හැකි අතර, මේ දෙදෙනාම ඵෙතිහාසික වශයෙන් තම පරම්පාරවත් බුදු දහම හා රජවරු අතර පැවතුණු නෑකම්වලට ඉමහත් ගෞරවයක් දැක්වූහ.   
ක‍්‍රි.පූ. 250-210 කාල වකවානුවේ දී ලංකාවේ රාජ්‍යය කළ දේවානම්පියතිස්ස නරනිඳුන්ගේ සමයෙහි ශ‍්‍රී මහ බෝධියේ දෙතිස් ඵල රුහ බෝධීන් අතරෙත් අග‍්‍ර වූ බෝධිය පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව වැලිගම් වෙහෙර හෙවත් අග‍්‍රබෝධිය විහාරයෙහි රෝපණය කරන ලදී. මෙම උතුම් බෝ රදුන්ගේ ආරක්ෂාවට හා බෝධියට ආවතේවකම් කිරීමට හා පුදපූජා පැවැත්වීමට රජු විසින් පිරිසක් නතර කරන ලදී. ආරම්භක කාලයේදී රහතුන් වහන්සේ නමක් ද සිටි බව ග‍්‍රන්ථාගතය.   

 

 

මේ යුගය වනවිට වර්තමාන ගාලු මාතර දිස්ත‍්‍රික්කය ඉතා ඝනව වැඩුණු වනාන්තරවලින් යුක්ත ප‍්‍රදේශයක් වූ අතර, කෙසේ හෝ සමුද්‍රාසන්න ප‍්‍රදේශයක් වීම හා ආරක්ෂිත තොටුපොළක් වීම හේතුවෙන් බෝධිරෝපණයට පෙර වෙ​ෙළඳ සබඳතා මත ජනතාව පදිංචි වන්නට ඇතැයි ඉතිහාසඥයින්ගේ අදහසයි. එනම් වැලිගම තොටෙන් ද විජයාගමනයට සමගාමීව ආර්ය කණ්ඩායමක් පැමිණෙන්නට ඇතැයි යනු පුරාවිද්‍යාත්මක විශ්වාසයකි.   


අනුරාධපුරයේ පොළොන්නරුවේ හා රුහුණු මාගම් හි බෞද්ධ ආගමික සිද්ධස්ථානවලට හැර මහ රජවරුන් හය (6) දෙනෙකු හා මහ රැජිනියන් දෙදෙනෙකු ද මහ ඇමතිවරුන් තුන් දෙනෙක් ද මෙම විහාරයේ අභිවර්ධනය වෙනුවෙන් අපරිමිත කාර්ය පද්ධතියක් කර ඇත. ජේ.ආර්. ජයවර්ධන/ හෙලේනා විජේවර්ධනලාට කැලණි විහාරය යම් සේ ද ජයවික‍්‍රමලාට වැලිගම රහතුන් වහන්සේලා රාශියක් වැඩ සිටි බවත්, අවසන් රහතන් වහන්සේ ‘සිද්ධාර්ථ’ නම් වූ බවත් ජනශ‍්‍රැතිවලින් කියැවේ.   


වැලිගම බැබළවූ තවත් ජන නායකයන් අති විශාල සංඛ්‍යාවක් රාජ යුගයන්හි සිටි අතර ඉලංගකෝන්, දකුණු පළාතේ මහමුදලි ඩී.එම්. සමරවීර ඉන් ප‍්‍රධානය. ආගමික හා රාජකීය පසුබිමක් ගුරු තැන්හි තබාගෙන මොන්ටේගු ජයවික‍්‍රම සිය දේශපාලන න්‍යාය පත‍්‍රය සකස් කරගත්තේ ඩී.එම්. සමරවීර මුදලිතුමා ගමන් තරුවක් ලෙස සලකමිනි.   


ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හමාරයේ තරුණ මොන්ටේගුගේ ඇල්ම යුද හමුදාව වෙත ද ඇදී ගොස් තිබූ නිසා 1936 වැලිගම නගර සභාවේ නගරාධිපති තනතුරට නිතරගයෙන් පත්වන්නට පෙරාතුව යුද හමුදාවේ ද සේවය කළේය. ඒ කාලයේදී ශ‍්‍රී ලාංකිකයෙකුට මේජර්වරයෙකු දක්වා උසස්වීමක් ලැබීම අසීරු කාරණයක් වුවත් (සී.ඒ. ධර්මපාල මෙන්ම) මොන්ටේගුට ද මේජර් වරප‍්‍රසාද ලැබිණි.   
1942 අපේ‍්‍රල් 5 වැනිදා කොළඹ අහස දෙදරවමින් ජපන් ගුවන් යානා ලංකාවට ද බෝම්බ දැමීමේ වුවමනාවෙන් කඩා වැදුණේය. එහිදී අගනුවර ඉහළ අහස භාරව සිටියේ මේජර් සී.ඒ. ධර්මපාල හා මේජර් මොන්ටේගු ජයවික‍්‍රමය. වැරදීමකින් එක බෝම්බයක් පමණක් අංගොඩ මානසික රෝහල අද්දරට වැටුණු නමුත් ජපනුත් පළවා හැරීමට දෙදෙනා සමත් වූහ. සිදුවීමට ගිය මහ ව්‍යසනයකින් එදා කොළඹ නගරය බේරිණි.   


“මහත්මා දේශපාලනය මෙන්ම නායකත්වය පිළිබඳව ද කදිම උදාහරණයක් ලෙස සැලකිය හැකි මොන්ටේගු ජයවික‍්‍රමට, එම කුසලතාව ලැබෙන්නට ඇත්තේ යුද හමුදා සේවයෙන් ලැබූ විනය නිසා” යැයි හිටපු ජනාධිපතිවරයා ද පවසා ඇත.   


නගරාධිපති වශයෙන් කටයුතු කිරීමෙන් දේශපාලනය පිළිබඳව මූලික විදුහුරුව ලබා සිටි නිසා 1947 දී එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කර වැලිගම ආසනය දිනාගැනීමට සමත් වූ මොන්ටේගු, දේශමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නියෝජ්‍ය ඇමති පදවියෙත් මංමාවත් හා ප‍්‍රසිද්ධ වැඩ පිළිබඳ නියෝජ්‍ය ඇමති පදවියේත් රාජකාරීවල නිරත විය. රුහුණු කුමාරි, යාල් දේවි, උඩරට මැණිකේ දුම්රියන් මොන්ටේගු ජයවික‍්‍රම ඇමතිතුමාගේ සේවයේ ප‍්‍රබල සංකේත වේ. එතෙක් ‘ට‍්‍රන්ක් කෝල්’ ක‍්‍රමයට ක්‍රියාත්මක වූ මෙරට විදුලි සංදේශ හා දුරකථන ක්‍රියාවලිය, ‘ඍජු-ඇමතුම්’ ක‍්‍රමයට පෙරළුවේත් සෙන්පති මොන්ටේගු ජයවික‍්‍රම යැයි වාර්තා වේ.   


තමන්ගේම කාර්යභාරය පිළිබඳව ස්වයං ලිඛිත ලේඛනයක් 1986 දී ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ 40 වසරක උත්සවයේ දී ඉදිරිපත් කළේය.   

 


එහි මෙසේ සඳහන් වේ.   


“එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමට පෙර තිබුණු ලංකා ජාතික සංගමයේ අවසාන සභාපතිවරයා දිවංගත ජෝර්ජ් ඊ. ද සිල්වා මැතිතුමා වූ අතර, දිවංගත ඩඩ්ලි සේනානායක සහ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාත් එහි සම ලේකම්වරු වූහ. පී. ද ඇස්. කුලරත්න, පීටර් කෙනමන් සහ මම එහි සාමාජිකයෝ වීමු. ජේ.ආර්. ජයවර්ධනට අයත්ව තිබුණු තට්ටු නිවාසයක බොහෝ සෙයින් අපි සතියකට වරක්වත් හමු වී සාකච්ඡා කළෙමු.   


නිදහස උදෙසා සටන ආරම්භ වී තිබුණේය. මේ රට නිදහස් කර ගැනීමේ අරගලයට එක්වීමට ජනතාව පොළඹවනු වස් රට පුරා රැස්වීම් තබනු ලැබීය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සිංහල මහ සභාව ආරම්භ කළේය. මහාමාන්‍ය සර් ජෝන් කොතලාවල ද සිංහල මහ සභාවට සම්බන්ධව සිටි බව මට මතකයි. එජාපය පිහිටුවූවාට පසු එකල සෞඛ්‍ය ඇමතිව සිටි ජෝර්ජ් ඊ. ද සිල්වා ලංකා ජාතික සංගමයේ ඓතිහාසික වැදගත්කම නිසා, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇප කැප වූ ස්වාධීන දේශපාලන පක්‍ෂයක් වශයෙන් මතුවටත් ක්‍රියා කළ යුතු යැයි අදහස් කොට එහි ලේකම් ධුරය ලබාගන්නා ලෙස මට ආරාධනා කළේය. සිරිලක පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත ඩොමීනියන් තත්ත්වය ලබාගන්නා තුරුම ලංකා ජාතික සංගමය සජීවීව තිබිණි.” ඔහු දිවි හිමියෙන් සාමාජිකත්වය දරුවේ ද සෙවණැල්ල සේ සිටියේ ද එජාපය සමගිනි. 

 
ඔහුගේ ජීවිතයේ ඉතාම තියුණු පරිච්ෙඡ්දයක් උදාවන්නේ 1977න් පසු එන සිදුවීම් හරහා ය. ජේ.ආර්. ඔහුට සිය අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති පදවිය මෙන්ම (එතෙක් ජේ.ආර්. ගෙන් හිස් වූ පක්‍ෂයේ භාණ්ඩාගාරික පදවිය ද වසර 14 ක් එක දිගට දරා සිටියාට අමතරව), එම්.ඩී.එච්. ජයවර්ධනගෙන් හිස් වූ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ද මොන්ටේගුට භාර දුන්නේය.   
අමාත්‍යවරයෙකු ලෙස සිටියදී මොන්ටේගු ජයවික‍්‍රම ඇමතිවරයා විසින් කොතෙකුත් ප‍්‍රජා සේවා කර ඇතත්, ඇතැම් ව්‍යාපෘති ගැන අමුතුවෙන් කතා නොකර බැරිය. ඒ අතරින් ලක්ෂපාන ජල විදුලි යෝජනා ක‍්‍රමයේ දෙවැනි පියවර අවසන් කර විවෘත කිරීමත්, ඌව පළාතත් - දකුණු පළාතත් අතර දුර අඩු කිරීම සඳහා සැතපුම් 20ක් වූ ඇල්ල-වැල්ලවාය පාර මහා ගිරිදුර්ග මතින් ඉතාම අඩු මිලකට නිම කිරීමත් ප‍්‍රධානය.   


ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ වංශ කතාවේදී, ලංකාවේ එවකට පැවැති ‘එයාර්-සිලෝන්’ ගුවන් සේවය සමඟ කේ.එල්.එම්. ගුවන් සේවය ඒකාබද්ධ කරනු ලැබුවේත් මොන්ටේගු ජයවික‍්‍රම විසිනි. ඔහුගේ 34 වසරක දීර්ඝ දේශපාලන දිවි ගමනේදී කලණ මිතුරන් තෝරාගැනීමත්, ඔවුන් සමීපයෙන් රඳවා ගැනීමත් ඉතා සුවිශේෂී කරුණුය.   


වරක් එජාපයේ හිටපු මහලේකම්වරයකු වූ එන්.වී.කේ.කේ. වේරගොඩ මහතා 1977 වකවානුවේ දී සේවය කළේ හම්බන්තොට දිසාපති හැටියට ය. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හැටියට දිවයිනේ සියලුම දිසාපතිවරුන් මොන්ටේගු ජයවික‍්‍රම යටතට පැමිණි අතර, මහ මැතිවරණයෙන් පසු දකුණේ විශාල වැඩ කොටසක් ජේ.ආර්. ජයවර්ධන විසින් ඇමතිවරයාට පවරා තිබූ නිසා මොන්ටේගු, වේරගොඩ මහතාව මාතර දිසාපති හැටියට පත් කර ගත්තේය. විශේෂයෙන් 1989 ජවිපෙ භීෂණය දක්ෂිණ ලංකාව වෙළගත් අවස්ථාවේ දී මුළු දකුණේම නොනිල - ආරක්ෂාව මොන්ටේගු අත පැවතිණි.   


එහි යම් වැඩ කොටසක් ඉතා තීක්‍ෂණ ලෙස කෝට්ටගොඩ/ තංගල්ල ප‍්‍රදේශවලදී එච්.ආර්. පියසිරි විසින් මෙහෙයවනු ලැබූ අතර, ජවිපෙ මර්දනය උච්චඡව පැවැති නිල්වැල්ල, බතීගම, රන්න ප‍්‍රදේශය පුරා ක්‍රියාත්මක වූයේ සෙන්පති මොන්ටේගු ජයවික‍්‍රමගේ අධීක්‍ෂණය යටතේ සකස් වූ ක්‍රියාන්විතයකි.   


‘ඩිකී අංකල්ගේ වෙස්ටර්න් ඩිෂස්’ ගැන කතා කරන මොන්ටේගු ජයවික‍්‍රමයන්ගේ කනිෂ්ඨ දියණිය, ජේ.ආර්. ගේ බටහිර පන්නයේ කෑම වට්ටෝරු පිළියෙළ කර දීමට ඉන්දියාවෙන් ආ වෙනම කෝකියකු සිටිය බව මතක් කරන්නේය. (කර්තෘ සම්මුඛ සාකච්ඡා/ ක්‍රිෂානි ජයවික‍්‍රම) නමුත් ජේ.ආර්. මේ ආහාර වට්ටෝරුවලට ගියේ වෝඩ් පෙදෙසේ නිවසේ දී නොව, වැලිගම පිහිටි ඔහුගේ වෙනත් බංගලාවකදී ය. විවිධ සුප් වර්ග සහ විවිධ මාංශජනක ආහාරවලින් ‘වීරප්පන්’ නමැති මේ ‘කුකා’ ජේ.ආර්. ට ප‍්‍රණීත භෝජන සංග‍්‍රහ නිෂ්පාදනය කළ අතර, වැඩි ඈතක නොවූ නිසා මොන්ටේගු ජයවික‍්‍රම පවුලේ අය ද පොදුවේ මේ සංග‍්‍රහවල කොටස්කරුවෝ වූහ. වීරප්පන් මේ හැමදෙනාගේම ‘සුහද සොහොයුරකු’ වූ අතර ඔහුගේ සේවය එතරම්ම අගනා නිසා ඔහුට ලංකාවේ පුරවැසිකම පවා ලබාගැනීමට අවස්ථාව හිමිවිණ.   


නමුත් ජනතා විමුක්ති පෙරමුණ ‘යැංකි ඩිකීගේ’ මේ දෙබිඩි පිළිවෙත නොහොත් ‘ඩබල් ඇක්ටින්’ අනුමත නොකළ අතර ජේ.ආර්. ගේ බංගලාව වූ ‘රෙඩ් ක්ලිෆ්’ ද මොන්ටිගේ ‘චාලි මවුන්ට්’ වත්ත ද මොන්ටිගෙ ආච්චිගේ වත්ත ‘මහේන්ද්‍ර වත්ත’ ද විප්ලවයේ ගිනි දැල්වලින් සුන්නත්දූලි කරන ලද්දේය. (1989) (කර්තෘ සම්මුඛ සාකච්ඡා/ පානබොක්කේ මැතිනිය)   


කොතරම් රුදුරු අභියෝග ආවේ වුවද, මොන්ටේගු හා ජේ.ආර්. අතර ඉතා ශක්තිමත් ආත්ම ශක්තියක් ගොඩනැගී තිබිණි.   
එකල කැබිනට්ටුවේ දී අන්‍ය හිතෛෂීන්ගේ ද මතය අනුව රටේ අනුපෙළ සෑදී තිබුණේ ජනාධිපති අගමැති හා මොන්ටේගු යන පිළිවෙළටය. ඒ අනුව ඔහු රටේ තුන්වැනියාව ක්‍රියා කළ බව දන්නෝ කියති. ජවිපෙ භීෂණය උග‍්‍ර වකවානුවේ ඇතැම් උණුසුම් අවස්ථාවලදී ජේ.ආර්. පයින්ම පැමිණ ‘තාත්තා’ සමග සාකච්ඡා කරන්නට වුණු බව ඔහුගේ දරුවෝ කියති.   


කොළඹට හිර වී තිබුණු සියලු බලය ද වරප‍්‍රසාද ද රට තුළට ව්‍යාප්ත කිරීමට දෙදෙනාම සැලසුම් සැදූහ. කළමනාකරණ ඒකකය ශ‍්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ ට රැගෙන යාමට ජේ.ආර්. ම උත්සුක වූ අතර, හැමදාම කොළඹ ම මුළු දෙන නිදහස් දිනය මාතර පැවැත්වීමට මොන්ටේගු සමත් විය. (1980 පෙබරවාරි 4)   


මහජන සංග‍්‍රහයේදී ඉතා විවෘත නිර්ලෝභී පුද්ගලයෙකු නිසා රජයේ නිලධාරීහු විශේෂයෙන් මොන්ටේගු ඇමතිතුමා සමඟ නිරීක්‍ෂණ චාරිකාවලට බොහෝ ආශාවෙන් සහභාගී වූහ. සෑම චාරිකාවක්ම දිවා කාලයේදී නිමා කරන ඇමතිතුමා සහභාගී වූ සියලු දෙනාටම සිය පුද්ගලික වියදමින් සංග‍්‍රහයන් කළේ උපරිම මට්ටමිනි.   


බරණැස විසූ තෝදෙයිය බමුණා මසුරුකමට ඔහුගේ ම ගෙදර බැල්ලියගේ පැටියකුව ඉපදුනත්, මොන්ටේගු ජයවික‍්‍රම ඇමතිතුමා කටයුතු කළේ භාරතයේ අනේපිඬු සිටුතුමා මෙනි. සිටුතුමා 18 කෝටියක් මිනිසුනට ණයට දී නැතිකර ගත් බවත්, තවත් 18 කෝටියක් නිරපරාදේ විනාශ වුණු බවත් බණ කතාවල පැවසේ.   


තිබුණා හෝ නොතිබුණා හෝ වේවා මේ වැලිගම සුල්තාන්ගේ දර්ශනය දැකීමට, කටහඬ ඇසීමට ඔහුගේ වැසියෝ දැක්වූයේ තද ආකර්ෂණයකි. සැරියුත් රහතන් වහන්සේ බණ දේශනා කරන කල කිරි වවුළන් පවා පැමිණි බව වංශ කතාවල සඳහන් වන්නා සේ, මොන්ටිගේ අදහස් විමසීමට ජේ.ආර්. ද දැක්වූයේ මහත් අභිරුචියකි. වයස 78දී වයඹ ආණ්ඩුකාර පදවිය ද දැරූ හෙතෙම, 1987 පාර්ලිමේන්තු බෝම්බයෙන් ආබාධිත වූ නිසා, 1988 දී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත්තේය.   

 

 

 

 

 

 

 

 

 

රවි ප‍්‍රසාද් හේරත් විසිනි

 



අදහස් (0)

උතුරේ දෙමළ ජනයාට මුලින්ම දුම්රියක් දුන් දකුණේ සිංහලයා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 175 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7900 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1452 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site