IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉපදුණු ගමන් ඇවිද්ද බිලිඳිය

 

මව් කුසින් බිහිවී මිනිත්තු 20කින් ඇවිදින්නට උත්සාහ කළ බිලිඳියක පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. දකුණු බ්‍රසීලයේ රියෝ ග්‍රන්දේ දො සුල් නගරයේ සාන්ත කෲස් රෝහලේ උපත ලද මෙම බිලිඳිය ඇයගේ උපතට සහය වූ හෙදියක විසින් සෝදා පිරිසුදු කිරීමට උත්සාහ කෙරුණු අවස්ථාවේදී මේ අයුරින් ඇවිදින්නට උත්සාහ කළ බවයි වාර්තා වූයේ. 

“සාමාන්‍යයෙන් දරුවකු ඇවිදින්නට උත්සාහ කරන්නේ අවම වශයෙන් මාස 12ක් වත් ගතවූ පසුවයි. මෙය කිසිවකු විශ්වාස නොකරනු ඇති. මා මෙවැන්නක් දුටුවේ පළමු වරටයි. මා අල්ලාගෙන සිටියදී බිලිඳිය යහන මත අඩි තබමින් ඇවිදින්නට උත්සාහ කළා” යනුවෙන් එම හෙදිය සඳහන් කර තිබෙනවා. එම රෝහලේ සිදුවූ මෙම අරුම පුදුම සිදුවීම එහි සිටි කිසිවකු විසින් රූගත කරනු ලැබ අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.


බිලිඳිය පළමුවරට ස්නානය කිරීම සඳහා සූදානම් කරන අවස්ථාවේ ඇය තම පාද තබමින් ඉදිරියට යන්නට උත්සාහ කරන ආකාරයත්,  හෙදිය යළි ඇය යහන මත සතපන්නට උත්සාහ කළද බිලිඳිය යළිත් පෙර පරිදි පාදයෙන් පාදය ඉදිරියට තබන්නට  උත්සාහ කරන ආකාරයත් මෙම රූපරාමුවල දැක්වෙනවා.


ඕක්ලන්ඞ්හි ළමා රෝග විශේෂඥවරියක වන ඈන් ටේට් සඳහන් කරන ආකාරයට මෙය ප්‍රාතිහාර්යයක් නොවෙයි. මෙය නිරායාසයෙන් සිදුවිය හැකි ක්‍රියාවක් බවත්, බිලිඳකුගේ දෑත් යටින් අල්ලාගෙන (හිස කඩා නොවැටෙන පරිදි සහයක් දෙමින්) සිටින විටෙක දෙපා සමතල මතුපිටක පවතී නම් ඔවුන් තම පාදයෙන් පාදය ඉදිරියට තබන්නට උත්සාහ දරන බවත්, අප සිතන්නේ එය ඇවිදින්නට ගන්නා උත්සාහයක් ලෙසින් බවත් ඇය සඳහන් කරනවා. 

 

බිලිඳිය පළමුවරට ස්නානය කිරීම සඳහා සූදනම් කරන අවස්ථාවේ ඇය තම පාද තබමින් ඉදිරියට යන්නට උත්සාහ කරන ආකාරය.


‘හැමෝම සිතන්නේ බිලිඳුන්ට කළ හැක්කේ ඉතා සුළු දෙයක් පමණක් බවයි. එය වැරදියි. ඔවුන්ට බොහෝ දේ කළ හැකියි. මෙය ‘ඇවිදීමේ ප්‍රත්‍යාවර්තිතයක්’ ලෙසින් හඳුන්වන්න පුළුවන්. එය මානවයාගේ ප්‍රාථමික ක්‍රියාවලියක පරාවර්තනයක් වන අතර බිලිඳකු ශාරීරිකව හෝ මානසිකව හෝ වර්ධනය වීමට පෙර ඔවුන් අවට ඇති පරිසරය අවබෝධ කර ගැනීමට හෝ ඒ හා සමඟ අනුගත වීමට හෝ ඔවුන්ගේ ස්නායු පද්ධතිය දරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් මෙවැනි දේ සිදුවිය හැකියි’ යනුවෙන් ඇය සඳහන් කරනවා.
තත්ත්පර 41කින් යුත් මෙම සිදුවීම සම්බන්ධ විඩියෝව මැයි මස 26 වැනි දින ෆේස් බුක් ගිණුමක ප්‍රචාරය වීමත් සමඟ මිලියන 68කට අධික පිරිසක් එය නරඹා ඇතැයි වාර්තා වෙනවා. ඇතැම් පිරිස් මෙම සිදුවීම විස්මයක් ලෙස සඳහන් කර ඇති අතර ඇතැමෙක් එයට උපහාසාත්මක ප්‍රකාශද යොදා තිබෙනවා. එක් අයෙක් පවසා ඇත්තේ 9 මාසයක් කුසයේ සිරවී සිට එළිමහනට පැමිණි විගස පාදවල හිරිය හැර ගන්නට බිලිඳිය උත්සාහ කරන බවයි.


බිලිඳියගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරු අල්ප වුවත් හෙදිය බ්‍රසිලයේ සාන්ත කෲස් රෝහලට අනුයුක්තව සේවය කරන බවට වාර්තා වුණා. ඒ අනුව ඇය බ්‍රසීලියානු මව්පියන්ට දාව උපත ලද්දියක බවට අනුමාන කෙරෙනවා.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (4)

ඉපදුණු ගමන් ඇවිද්ද බිලිඳිය

Lakvidu Wednesday, 07 June 2017 02:06 AM

සිදුහත් කුමාරයා ඉපදුන ගමන් ඇවිද්දා කිව්වම අපේ සමහර කට්ටිය පිළිගන්න කැමති නැහැ.

:       15       131

chandana ramasingheTuesday, 13 June 2017 07:07 AM

මෙය ප්‍රාතිහාරයකි නැතිනම් උපදින සෑම දෙනාම මෙයා වගේ ඇවිදින්න ඕනි.

:       10       12

Upali Saturday, 10 June 2017 07:07 AM

බිලිඳියක් කිව්වට බිලිඳෙක් වගෙයි පෙන්නේ. නම දමාගන්න කරපු වැඩක්ද කියලත් මට හිතෙනවා

:       0       0

bamunu Thursday, 15 June 2017 11:55 AM

සිදුහත් කුමරු උපන් ගමන් ඇවිද්දේ කොහොමද කියල මගෙන් අසපු අයට මෙන්න පිළිතුර.

:       0       0

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 219 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16154 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3939 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site