IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


​කෝපය ඇති වීම සහ පාලනය

ලෙඩක හැටි

බස් නැවතුම ඉදිරිපස පුංචි ඉඩක අටවා ගත් කුඩා ලෑලි කූඩුවක බුලත් විට විකුණන වයෝවෘද්ධ තැනැත්තා බුලත් විට ගන්නා, නොගන්නා කාගේත් සිතෙහි රැඳුණ අයෙකු විය.   


දෙනෙත් වශී කරවන රුවක් ඔහු සතු නොවූවත් මුව රැඳි සිනහව කාගේත් මතකයේ රැඳුණි.   


උදෑසන දුටුවද දහවලේ දුටුවද රාත්‍රියේදී දුටුවද එම සිනහවේ ක්ෂය වීමක් නැත.   


ඒ සොඳුරු මිනිසා සමග මම දොඩමලු වූවෙමි. ‘‘බස් එක ටිකක් ප්‍රමාදයි වගේ?’’ ඔව් දුවේ ඊයෙත් බස් එක ආවේ පරක්කු වෙලා. බස් පරක්කු වුණාම කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි මගීන්ගෙන් අම්මා මුත්තා නැතිවෙන්න බැණුම් අහනවා. සමහර වෙලාවට නහයෙන් කටින් ලේ එන්න ගහ ගන්නවා. වචනයක් ඇහැව්වත් මිනිස්සු එන්නේ රණ්ඩුවට. හෝන් එකක් ගැහැව්වොත් වාහනයෙන් බැහැලා ඇවිත් මොකද යකෝ හෝන් ගහන්නේ කියලා රණ්ඩු වෙනවා. මිනිස්සු හැම​ෙද්ටම රණ්ඩු වෙනවා. බල්ලෝ බළල්ලු වගේ.   


මනුස්සයෙක් තවත් මනුස්සයකුගේ දිහා බලලා හිනා වෙන්නෑ. සුහදව කතා කරන්නෑ.   


කුලප්පු වුණ කඩි වගේ දුවනවා. මිනිස්සු හරිම අවිවේකයි.   


කොයි වෙලාවෙත් ගොඩක් මිනිස්සු ඉන්නේ අබ දැම්මත් පිපිරෙන ගාණට මූණවල් තරහෙන් පුරෝගෙන. වැස්ස දාට වැස්සට බණිනවා. පායනකොට අව්වට බණිනවා. අනේ මන්දා මිනිස්සු සෑහීමකට පත් වෙන්නේ කවදාද කියලා.   


බස් නැවතුමට එන ගොඩක් අය මගෙන් අහනවා තාත්ත කොහොමද මෙච්චර සතුටින් ඉන්නේ කියලා. පුතේ සතුට තියෙන්නේ අපි හම්බ කරන සල්ලිවලවත් තනතුරු තාන්න මාන්නවලවත් නොමෙයි, හිතේ. මහා ධන කුවේරයෝ දුකෙන් අසතුටින් ඉද්දි මේ මහ පොළොවේ එක බිම් අඟලක අයිතියක් නැති උන් හරිම සතුටින් ජීවත් වෙනවා.   


ඔහුගේ කතාව තුළ හිතන්නට බොහෝ පැති ඉතිරි කර ඇත. සතුට පරම ලාභයක් වුවද එම උතුම් ලාභය භුක්ති විඳීමට මිහිපිට මිනිසුන්ගෙන් හැකි වී ඇත්තේ අතළොස්සකට පමණි. ලෝකයේ සතුටින්ම සිටිනා රටවල් හා සංතෘප්ති දර්ශකයන් (Happiness Index) වාර්ෂිකව ප්‍රසිද්ධ කරන අතර, එම දර්ශකයේ ප්‍රථම ස්ථානය මෙවර හිමි කරගෙන ඇත්තේ පින්ලන්තයයි. නෝර්වේ රාජ්‍යය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් එලෙස ලොව සතුටින්ම මිනිසුන් සිටිනා දර්ශකයේ පෙරමුණට පත්ව ඇත. 

 
එම දර්ශකයේ ලංකාවට හිමි වී ඇත්තේ 116 වැනි ස්ථානයයි.   


සිංගප්පූරුව සහ දකුණු ඇමෙරිකාවේ කොස්ටරිකා අතර කළ සමික්ෂණයකදී වාර්තා වී ඇත්තේ ඒක පුද්ගල අදායම ඇමෙරිකානු ඩොලර් 56000 ක් වන සිංගප්පූරුවට වඩා ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 14000 ක් වන කොස්ටාරිකා වැසියන් සංතෘෂ්ඨි දර්ශකයේ ඉදිරියෙන් තිබෙන බවය. මින් ගම්‍ය වෙන්නේ මුදල හා ආදායම මත පුද්ගයෙකුගේ සතුට නො​රැඳෙන අතර හුදෙක් සතුට සහ සැනසීම රඳා පවතිනුයේ පුද්ගලයෙකු යම් කරුණක් දෙස බලන ආකල්පමය වෙනස මතය.  මනසින් උසස් මිනිසාගේ සතුට උදුරා දමා මිනිසා ප්‍රකෘති තත්ත්වයෙන් මුදාලන කෝපය ගැන ලෙඩක හැටි විශේෂාංගයෙන් කතා කිරීමට අදහස් කළේ, එය කාලීන අවශ්‍යතාවක් ලෙස සිතාය. පුද්ගලයා මානසිකව පමණක් නොව​ දිගු කාලීනව කායික රෝග රැසකට ඇද දමන කෝපය ඇති වීමට බලපාන හේතු ගණනාවකි.   


වෛද්‍ය විද්‍යාත්මක කරුණු ​ෙපන්වා දෙන්නේ පුද්ගල පෞරුෂය සහ පුද්ගල අත්දැකීම් මත පුද්ගලයකුගේ දරා ගැනීමේ ශක්තිය නිර්මාණය වෙන බවය. යම් අවස්ථාවකදී අයෙකු සුබවාදීව ප්‍රතිචාර දැක්වීමටත් තවත් කෙනෙකු අසුබවාදීව ප්‍රතිචාර දැක්වීමටත් මූලිකව හේතුව වන්නේ එයයි.   


කෝපය ඇති වීමට හේතුව,   


යම් දෙයක් තමා බලාපොරොත්තු වූ ආකාරයටම සිදු නොවීම.   


අනපේක්ෂිතව යම් යම් අයහපත් දෑ වලට මුහුණදීම, බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉටු නොවීම, ආකල්ප අමනාප වැනි කරුණු යම් පුද්ගලයන්ට කෝපය ඇති වීමට බලපාන කරුණු විය හැකිය. යම් අවස්ථාවකදී කෝපයට පත් වන පුද්ගලයා තමාට හෝ අන් අයට පහර දීමට හෝ පදනම් විරහිතව බාහිර පාර්ශ්වයන්ට බැණ වැදීමට පෙලඹේ. ඇතැම් විට අවට දෑ කඩා බිඳ දමා ද තම ආවේගයන් පාලනය කර ගැනීමට පෙලඹිය හැකිය.   
මෙම සියලු කරුණුවලින් ඔබ කුමන තරාතිරමක සිටියද ඔබගේ පෞරුෂයට වන හානිය තක්සේරු කළ හැකි වන්නේ නැත. මෙවැනි හැසිරීම් රටා හඳුනාගෙන තම චිත්තා​ෙව්ගයන් පාලනය කිරීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගත නොහැකි වුවහොත් සිදුවන්නේ ඔබ ප්‍රශ්නවලට මුහුණ දිය නොහැකි කිපෙන අයෙකු ලෙස හංවඩු ගැසීමය. එහෙයින් ප්‍රශ්න හමුවේ නොසැලී සිටීමට චිත්ත ශක්තිය ගොඩනගා ගැනීම ජීවන නිපුණතාවකි. එය මුවහත් කර ගැනීම ඔබ සතු යුතුකමකි.   


චිත්තාවේගයන් පාලනය කර ගැනීම, 


සෑම විටම කෝපයක් ඇති වූ විට චිත්තාවේග හඳුනා ගැනීමට උත්සාහ ගත යුතුය. ඒ තුළිත් තමා එම චිත්තාවේගයට පත් වූ අවස්ථාව තේරුම් ගැනීමට හැකි වේ.   


චිත්තාවේගයට අදාළ හේතුව සහ අවස්ථාව මෙනෙහි කරන්න. මෙම ක්‍රියාවෙන් ඔබටම ස්වයං අවබෝධයක් ලබා ගත හැකි වෙන අතර ස්වාධීනව ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දරන්න.   


මට කේන්ති ගියේ ඇයි? එයට හේතුව කුමක්ද? මා දැක්වූ ප්‍රතිචාරය යහපත්ද? අයහපත්ද? ආදී ලෙසින් සිතන්න. ඕනෑම චිත්තාවේගයක් වඩාත් පීඩාකාරී වෙන්නේ එයට මුල් වූ හේතුවට වඩා චිත්තාවේගයට තමා දෙන අර්ථකථනය නිසාය. එම නිසා වැදගත් වෙන්නේ චිත්තාවේගයට අදාළ සිදු වීමට හේතුව පිළිබඳව හේතුවාදීව විග්‍රහ කිරීමය. එහිදී සිදුවීම පිළිබඳව ඝෘණාත්මක ආකල්ප අවම වෙන පරිදි ධනාත්මක සිතුවිලි ආදේශ කර ගැනීමට උත්සාහ දැරිය යුතුය. උදාහරණයක් ලෙසට අධික වාහන තදබදයකදී ඔබගේ ගමනාන්තයට වෙනත් විකල්ප මාර්ගයක් භාවිතා කළ නොහැකි නම් ඔබ ඔබේ වාහනයට වෙලා තදබදයට බැණවදින එක නිෂ්ඵල දෙයකි. මන්ද ඔබ කොපමණ කේන්ති අරන් වීදුරුවලින්ම වැසුණු වාහනයට වී බැණ වැදුණත් එයින් වාහන තදබදයට සෘජු බලපෑමක් ඇතිවන්නේ නැත. බලපෑම ඇත්වන්නේ ඔබටට සහ වාහනයේ ගමන් ගන්නන්ටය. එලෙසින් බැණ නොවැද එම වෙලාවේදී මියුරු ගීතයක් අසන්නට, ජංගම දුරකථනය භාවිතයෙන් තොරතුරු සෙවීම හෝ ඉදිරිය ගැන සැලසුම් සකස් කිරීම ආදී ඵලදායි දෙයකට එම කාලය යෙදවිය හැකිය.   


ඔබ තදබදය නිසා කාර්යාලයට වාර්තා කිරීම ප්‍රමාද ​ෙවන්නේ නම් එම සත්‍ය කරුණ දැනුම් දීම හෝ ඔබට අයිති සේවා කාලයෙන් ඒවා හිලව් කිරීම හෝ පියවරක් අනුගමනය කළ හැකිය. එක් දිනක් ප්‍රමාද වීම කාර්යාලයකින් නෙරපා හැරීමට හේතුවක් වන්​ෙන් නැත.   


හිතට කෝපයක් ඇතිවන අවස්ථාවේදී ඇඩ්‍රිනලීන් නොඇඩ්‍රිනලීන් හා කෝට්සෙරල් යන රසායනයන් වහනය වෙන අතර එය දීර්ඝ කාලීනව සිදුවීම පුද්ගල නිරෝගීකමට බාධාවක් විය හැකිය.   එම තත්ත්වය පාලනය කර ගැනීමට භාවනා කිරීමෙන් සහ ව්‍යායාමවල යෙදීමෙන් ගොඩනගා ගන්නා චිත්ත ශක්තිය මහත් රුකුලක් වේ. එම නිසා සෑම විටම දෛනික ජීවිතයේදී භාවනා කිරීමට හෝ සුදුසු ව්‍යායාමයක නිරත වීමට කාලය යොදවන්න.   
ආවේගයක් ආ විට 6 සිට 1 දක්වා ආපස්සට ගණන් කරන්න.   


​ෙකා්පයක් ඇති වූ විට කළ හැකි සරලම ක්‍රියාකාරකමක් වන්නේ කඩදාසි කොළයක් ක්‍රමානුකූලව එකම ප්‍රමාණයකට ඉරීමය. මෙමගින් කෝපය ඇති වූ අවස්ථාවේදී හදවත ගැහෙන වාර ගණන වැඩි වීම හුස්ම ගැනීමේ වේගය වැඩි වීම ආදී තත්ත්වයන් පාලනය වේ.   


තද හුස්මක් ඉහළට ගෙන දහය වෙනකම් හිතෙන් ගණන් කර හුස්ම පිට කිරීමද ආවේග පාලනය වෙනුවෙන් කළ හැකි සරල ක්‍රියාකාරමකි.   


චිත්‍ර ඇඳීම වර්ණ ගැන්වීම සුරතල් සතුන් සමග ගත කිරීම ගීත ගායනය නර්තනය සංගීත භාණ්ඩ වාදනය මියුරු ගීතයකට සවන් දීම ව්‍යායාමයක නිරත වීම වැනි මනස නිර්මාණශීලීත්වයෙන් පුරවන කටයුත්තක නිරතුරුවම රැඳීම සතුටින් සිටීමට ඉවහල් වෙන කරුණු වේ.   


තවද කාර්ය බහුල ජීවිතයෙන් මිදී අවශ්‍යතාව අනුව ටික වේලාවක් හෝ විවේකීව සිටීමද මනසේ නිදහස් භාවය වෙනුවෙන් කළ හැක්කක් වේ.   


ලෝකයේ ඇති සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් ඇති බැවින් ලැබූ මිනිස් ජීවිතය සතුටින් ගත කරන්න. අභියෝග හමුවේ නොසැලෙන ශක්තිය ඔබව සාර්ථකත්වයට ඔසවා තබන බැවින් සියලු කුසලතාවන් මොට කර පුද්ගල ප්‍රතිරූපය මුළුමනින්ම විනාශ කරනා කෝපය මුලින් හඳුනාගෙන උදුරා දැමීමට උත්සාහ දරන්න.   


එය  ඔබගේ කායික මෙන්ම මානසික යහපැවැත්මට උපකාරි වන කරුණකි.

 

 

 

 

 

 

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය



අදහස් (0)

​කෝපය ඇති වීම සහ පාලනය

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 152 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16134 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2784 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5237 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3929 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1469 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1386 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site