මේ දිනවල උතුරු මුහුද කා අතරත් වැඩි කතාබහකට ලක්වී ඇත්තේ තැනින් තැන අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයින්ද විවිධ වූ මත් ද්‍රව්‍ය හා රත්තරන් ජාවාරම් වැනි හේතුවෙන් උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් සිටින නිසාවෙනි.
මේ උණුසුම අතරේ ලංකාවේ උතුරු කෙළවර වූ පේදුරුතුඩුව මුහුදු තීරයට පසුගියදා අලුයම් කාලයේ එකවරම අමුත්තෙක් දැකගන්නට හැකි වුණේ ධීවරයින් පිරිසකට ය.
එය ධීවර යාත්‍රාවක් මෙන් හැඩයක් ගත්ත ද උණ බටවලින් සාදන ලද පාරුවක ඉතා අලංකාරවත්ව සකසන ලද කුඩා නිවසක් ඉදිකර තිබීමත් එම නිවස තුළ ස්ථාන ගතකර තිබූ රන් පැහැති තලියක් වීමෙන් එය දුටු ධීවරයින් කා අතරත් කතාබහට ලක් විය.
ගතවුනේ සුළු කාලයකි. ධීවරයින් මෙන්ම බොහෝ පිරිසක් පේදුරුතුඩුව ධීවර වරාය දෙසට දිව ගියේ කෙදිනක හෝ දැක නැති මේ අරුම පුදුම පාරුව කුමක්ද යන්න ගැන අවබෝධයක් නොමැතිවය.
කොහොමින් හරි පේදුරුතුඩුවේ වැඩිමහල් ධීවරයින්නම් මේ පාරුවේ ඇත්තේ කුමක්ද යන්න ගැන යම් අවබෝධයකින් සිටිනා බවට පෙනෙන්නට විය. ඔවුන් හැරෙන්නට ළාබාල උදවිය පොරකෑවේ පාරුව මත ඇති මේ නිවසේ ඇත්තේ කුමක්ද යන්න වටහා ගැනීමටය. නමුත් කිසිවක් වටහාගැනීමට නොහැකි වූ ඔවුන් අවසානයේදී වැඩිමහල් ධීවරයින් කී දේ පිළිගත්තේ වෙනත් සිතන්නට යමක් නොවූ නිසාවෙනි.
වැඩිමහල් ධීවරයින්ගේ මතය වූවේ මේ පාරුව පැමිණ ඇත්තේ තායිලන්තයේ සිට බවය. ඊට හේතුව වූවේ මෙම පාරුව කිසියම් පූජා යාග හෝම කටයුත්තක් සඳහා භාවිතා කරන අතර එම පූජාවන් අවසානයේදී ඔවුන් භාරවන දෙවියන් වෙනුවෙන් මේ පාරුව පාකොට යවන බවටත්ය.
ඔවුන්ගේ කියමනේ සත්‍යතාවක් වූවේ තායිලන්ත ධීවරයින් බොහෝ පිරිසක් මේ වැඳුම් ක්‍රමය අනුගමනය කරන බවටත් ඔවුන් ධීවර කටයුතු වෙනුවෙන් වසරකට වතාවක් මෙරට හා ඉන්දීය ධීවරයින් උතුරු මුහුදේ කච්චතිව් දූපතට පැමිණ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්නාසේ තායිලන්ත ධීවරයින්ද ඔවුන්ගේ ධීවර කටයුතු සාර්ථකත්වය හා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එවැනි පූජාවන් සිදු කරන බවටයි.
එහි ඇති තවත් සත්‍යතාවක් වුනේ පේදුරුතුඩුව මුහුදු වෙරළට පාවී ආ පාරුව තුළ වූ නිවස තුළ තබා තිබූ තැලියෙන් පෙනී ගියේ යම් ඇදහිල්ලක් සිදුකොට ඇති බවටත් නිවස සරසා තිබුණේද කිසියම් යාග හෝමයක් සිදු කිරීමට සේය.
නමුත් මේ අතරේ පේදුරුතුඩුව මුහුදු වෙරළට පැමිණි සාමාන්‍ය ජනතාවගේ තවත් මතයක් වූයේ ඒ උතුරු මුහුද මේ වනවිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බැවින් මේවැනි පාරුවක ආධාරයෙන් කිසියම් මත්ද්‍රව්‍යයක් රැගෙනවිත් පාරුව පේදුරුතුඩුව මුහුදු වෙරළට පාකොට හරින්නට ඇති බවටයි.
එහි සත්‍ය අසත්‍ය සොයා බැලීමට වෙනත් පාර්ශ්වයන් සිටිනා බැවින් උතුරු මුහුදට පා වී ආ මේ පාරුව ගැන නම් ඒ හැටි බියක් වෙන්නට දෙයක් නොමැති බව තමයි පේදුරුතුඩුවේ දැන උගත් ධීවරයින් නම් කියා සිටියේ.
වන්නි රොමේෂ් මධුෂංඛ
පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට
මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර
මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද
සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම
එක් දහස් නවසිය හැට අටේ සරසවි සම්මාන උළෙලේ අවසාන වටය සඳහා චිත්‍රපට දෙකක් නම්කර තිබුණි. එයින් එකක් වූයේ හැටේ දශකයේ ජනප්‍රියත්වයට පත්වූ ලේඛකයකු වන කරුණාස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු මුහුදට පාවී ආ පාරුව මත්ද්‍රව්‍ය ගෙන ආ එකක්ද ?