ඇමෙරිකා එක්සත් ජනපද පැසිපික් නාවික බළඇණිය හමුදා නිලධාරීන් හා මානුෂීය මෙහෙයුමේ ස්වේච්ඡා නිලධාරීන් රැගත් USNS Fall River නෞකාව පසුගිය 7 වැනිදා හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායට ළඟා විය.
නෞකාවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා සිදු කරන කාර්යය සම්බන්ධව දැනුවත් කිරීමේ කෙටි උත්සවයක් මාගම්පුර වරායේ 2 වැනි ජැටියේ දී ඇමෙරිකා එක්සත් ජනපද පැසිපික් නාවික බළඇණි හමුදා නිලධාරීන් ද ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
පැසිපික් සහයෝගිතා දූත මෙහෙවරේ යෙදෙන මෙම පිරිස රැගත් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පළමුවරටය.
පැසිපික් සහයෝගිතා වැඩසටහන ශ්‍රී ලංකා පළමු සංචාරයේ දී හම්බන්තොට, මාතර, ගාල්ල දිස්ත්‍රික්කයන් තුළ මාර්තු 7 සිට 18 දක්වා මෙම දූත මෙහෙවර ක්‍රියාත්මක කෙරේ.
පැසිපික් සහයෝගිතා දූත මෙහෙවර තුළින් මානුෂීය අභියෝගයන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්විමටත්, පසුගිය ස්වභාවික විපත්වලදී උගත් වැදගත් පාඩම් හවුලේ බෙදා හදා ගැනීමට එක්සත් ජනපදය දිගටම ආධාර උපකාර කරනු ඇතැයි එක්සත් ජනපද තානාපති අතුල් කොෂාප් මහතා සඳහන් කළේය.
මෙම පිරිස රැගත් හම්බන්තොට මාගම්පුර වරායට පැමිණි මෙම නෞකාව දිගින් මීටර් 103 කි. පළල මිටර් 28.5කි. ඇලුමිනියම් ලෝහයෙන් සම්පූර්ණයෙන්ම තනා නිමකර ඇති හෙයින් ඉතා වේගයෙන් ගමන් කරන මෙම නැවේ සැහැල්ලු බව නැවේ කපිතාන් චාර්ලිස් බොලක් මහතා කීය. වේගය පැයට නාවික කිලෝමීටර් 80ක් පමණ වේ. වර්ග අඩි 22,000ක් වන අතර අශ්වබල 22 ඒන්ජින් 4කින් සමන්විතයි. මෙම නැව ටොන් 22,000ක බරකින් යුක්ත වේ. නැව තුළ ඇති ශාලාව ආසන 312කින් සමන්විත වන අතර ඉතා පහසුවෙන් මගීන්ට ගමන් කළ හැකි වේ. සුඛෝපභෝගී ලෙස නැව සකස් කර ඇත. 2014 වසෙර්දී මෙම නැව නිෂ්පාදනය කර ඇත.
මානුෂීය මෙහෙයුම සඳහා කාර්ය මණ්ඩලය 200ක පිරිසක් පැමිණ ඇත. මෙම පිරිස මෙරට නාවික හමුදාව සහ ප්‍රාදේශීය සංවිධාන හා එක්ව ක්‍රියාත්මක කරන මෙම දූත මෙහෙවර යටතේ ප්‍රජා සෞඛ්‍ය සායන, පාසල් හා රෝහල් පිළිසකර කිරීම්, වෛද්‍ය සායන, ස්වභාවික විපත්වලට මුහුණ දෙන්නන් සඳහා දැනුම්වත් කිරීම, සාමය හා ආරක්ෂාව පිළිබඳ කරුණුවලදී කාන්තා භූමිකාව ප්‍රවර්ධනය කිරීමේ සම්මන්ත්රණ ආදිය සිදු කෙරේ.
එක්සත් ජනපද 7 වැනි බළඇණියේ තූර්ය වාදක කණ්ඩායම ඉදිරිපත් කරන සංගීත සංදර්ශන මාලාවක් ද මෙම වැඩසටහනට අයත් වේ. ඒ යටතේ ගාලු කොටුව, තංගල්ල, හම්බන්තොට, බටඅත, මාතර යන ස්ථානවලදී සංගීත සංදර්ශන පැවැත්වේ.
පැසිපික් සහයෝගිතාව සෑම වසරකම ඉන්දු පැසිපික් කලාපයේ පවත්වන ව්‍යසන සහන දූත මෙහෙවරේ විශාලම බහුජාතික මානුෂීය වැඩ සටහන මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව එක්සත් ජනපද තානාපති අතුල් කොෂාප් මහතා කීය. මෙම මානුෂීය මෙහෙයුම සඳහා එක්සත් ජනපදයේ නිලධාරීන් හා ඕස්ටේ්රලියාවේ ජපානයේ හමුදා සහ සිවිල් විශේෂඥයෝ සහභාගි වෙති.
හම්බන්තොට මහ රෝහල සහ හෙදි පුහුණු පාසල, තිස්සමහාරාම මූලික රෝහල සහ අනෙකුත් රෝහල් හා සායනවල පුහුණු කටයුතුවලට මෙරට වෛද්‍යවරුන්ට හා හෙදියන්ට දූත මෙහෙවරේ යෙදෙන වෛද්‍යවරු පුහුණුව ලබා දීම සිදු කෙරේ. මෙම කාර්යයන් විවිධ ස්ථානවල වෛද්‍ය සායන පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එක්සත් ජනපද නාවික හමුදා නිලධාරීන් හා සිවිල් ඉංජිනේරුවරුන්ගේ දායකත්වයෙන් රෝහල් හා පෙර පාසල් ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කෙරේ.
මෙම අවස්ථාවට දකුණු නාවික ආඥාපති නිශාන්ත උළුගෙතැන්න, ඇමෙරිකානු නාවික හමුදා අද්මිරාල් ගේබ් බි්රලියන්, මිෂන් කැප්ටන් චේන්, අධ්යක්ෂ නාවික මෙහෙයුම් කළණ ජිනදාස, හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනෙත් ලෝචන, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
සටහන : අම්බලන්තොට සනත් ගමගේ
පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට
මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර
මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද
සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම
එක් දහස් නවසිය හැට අටේ සරසවි සම්මාන උළෙලේ අවසාන වටය සඳහා චිත්‍රපට දෙකක් නම්කර තිබුණි. එයින් එකක් වූයේ හැටේ දශකයේ ජනප්‍රියත්වයට පත්වූ ලේඛකයකු වන කරුණාස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සොබාවික විපතකදී පිහිටවෙන මෙහෙයුමකට ඇමෙරිකානු නැවක් මාගම්පුරට
nalin Monday, 20 March 2017 02:58 AM
මොකද්ද මේ වෙන්නේ කොහේ තියෙන ආපදාවක්ද අපේ රටට මෙහෙම හමුදා කණ්ඩායම් එවන්න ඇමෙරිකාවට තියෙන අයිතිය මොකද්ද ????