IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සීගිරි ගල උඩට කේබල් කාර් දානවද ?

 

ලෝක ප්‍රකට සීගිරි ගල තරණය කිරීම සඳහා කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීම ගැන කතාබහක් මේ දිනවල මතු වී තිබේ. 


මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් මැතිඇමැතිවරුන් මෙන්ම සීගිරියට කේබල් කාර් ව්‍යාපෘතිය ගෙන එන ශ්‍රී ලංකා සමාගම යෝජනය කරන පිරිස් මෙන්ම මහජනතාව ද තම අදහස් ප්‍රකාශ කරන්නට වූහ. 
 සීගිරිය පිළිබඳව වෙනම අටුවා ටීකා අවශ්‍ය නැත. කේබල් කාර් සිද්ධිය මීට පෙරද සීගිරියේ කතාබහට ලක් විණි. නැවත මෙය කරළියට එනු ලැබුවේ සියලුදෙනාටම හොර රහසේ වීම විශේෂත්වයකි. එනිසාම දින ගණනාවක් තිස්සේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටින චීන ජාතික පිරිසක් මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ පුරාවිද්‍යා භාර නිලධාරීන් සමඟ ගවේෂණාත්මක ක්‍රියාවලියක නිරතව සිටින බව මාධ්‍යයට තොරතුරු ලැබිණි. ඒ අනුව පසුගියදා මෙම තොරතුරුවල සත්‍ය අසත්‍ය සොයා මාධ්‍ය ගවේෂණයක නිරත වීමට අපට හැකියාව ලැබිණි. 


මෙම ගවේෂණයේ දී සීගිරි පව්වට ගොඩවීම සඳහා කේබල් කාර් අවශ්‍යද අනවශ්‍ය ද යන්න අප කථා නොකළෙමු. ලෝක උරුමයක් වූ සීගිරි ගලට රහසිගතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවාද නැද්ද එසේත් නොමැති නම් මෙය ඉතා රහසිගතව සිදු කරන්නේ ඇයිදැයි යන්න ජනතාවට දැනගැනීම සඳහා මෙම ගවේෂණයේ අපි නිරත වන්නට වීමු. 


මාධ්‍ය ගවේෂණය නිසා මෙම කේබල් ව්‍යාපෘතිය පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාට පවා දැන ගැනීමට හැකි වීම මෙම ගවේෂණයේ තවත් සුවිශේෂී කරුණකි. හිටපු අමාත්‍යවරුන් සහ වර්තමාන අමාත්‍යවරයා අද එහි නියම ස්වරූපය හඳුනා ගෙන සිටි දැයි යන්න එම අයගේ ප්‍රකාශ සහ නිකුත් කර ඇති නිවේදන පිළිබඳව සොයා බැලීමේදී අපට වැටහිණි. 


දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සීගිරි කලාපය භාර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී ප්‍රියරංජන කුමාර මහතා මෙම මාධ්‍ය ගවේෂණයේ දී සුවිශාල දායකත්වයක් අපට ලබාදීම සිහිපත් කළ යුතුව තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලය මාධ්‍යවේදීන් හට තොරතුරු ලබාදෙන්නට පසුගිය කාලයේ සිටම මැළිකමක් දැක්වීම නිසාය, විශේෂයෙන්ම එහි තොරතුරු රැසක් මාධ්‍යයට වසන් කිරීම නිසාම අපට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමේදී සුවිශේෂී වූ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. 


චීන ජාතික පෞද්ගලික ව්‍යාපාරයක පිරිසක් සහ ශ්‍රී ලංකා නියෝජිතයෙකු පැමිණ මෙහි නිරීක්ෂණ කටයුතු සහ සැලසුම් සකස් කරන බවට ලැබුණු තොරතුරක් පිළිබඳව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියරංජන කුමාර මහතා මුලින්ම ජංගම දුරකථනය හරහා මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු විශ්‍රාමික යුද හමුදා මේජර් අනුර නිශාන්ත මහතාගෙන් විමසීමක් කළේය. 

 

 


 ඊට ප්‍රතිචාර දැක්වූ ව්‍යාපෘති කළමනාකරු අනුර නිශාන්ත මහතා මෙවැනි ප්‍රකාශයක් කළේය. 


“සන්ග්‍රිරිල්ලා කියලා කම්පැනියක් එවලා තිබ්බා කොළඹින් එයාලා ෆොටෝ වගයක් අරගෙන ප්‍රොපෝසල් එකක් දෙන්න යනවා. දාන්ඩ නෙවෙයි යෝජනාවක් තියෙනවා. කරන්න පුළුවන් ද කියල තමයි බලන්නෙ. මම හිතන්නේ නෑ ඔය වැඩේ වෙයි කියලා. ඔව් එහෙම අදහසක් තියෙනවා නාමල් උයනේත් ඒ අය ගියා. මමත් නං ඒ වැඩේට කැමැත්තක් නෑ. මාධ්‍යවල මේවා පල කරපුහාම මටත් හොඳ නැහැ. ඒ නිසා මාධ්‍ය වාර්තා පළ කරන්න එපා. ඕක වෙන්නෙ නෑ කියල මට ෂුවර්. පරීක්ෂණ කරනවා විතරයි.” 


ඔහු එසේ පිළිතුරු සපයා දුරකතනය විසන්ධි කළේය. ඊට පෙර අප ඔහුට කියා සිටියේ ඔහු හමුවීම සඳහා සීගිරි ව්‍යාපෘති කාර්යාලයට පැමිණෙන බවය. පැය බාගයක් පමණ ගත වෙද්දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා අප සීගිරි ව්‍යාපෘති කාර්යාලයට ගොස් මෙහි සත්‍ය තොරතුරු අනාවරණය කිරීමට ව්‍යාපෘති කළමනාකාරවරයා මුණගැසීමට ගිය ද ඔහු හදිසියේ ආයතනයෙන් පිටව ගිය බව එහි සේවකයෝ පැවසූහ. 


පසුව අපි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳව විමසුවෙමු. 


අධ්‍යක්ෂ ජනරාල්වරයා මුලින්ම අප සමඟ කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර සිට අවස්ථා ගණනාවකදීම කේබල් කාර් පිළිබඳව යෝජනාව පැමිණ තිබුණු බවයි. එමෙන්ම අවස්ථා දෙකකදී තමන් මේ පිළිබඳව සාකච්ඡාවට සහභාගී වූ බවත් සඳහන් කළේය. චීන පුද්ගලික සමාගමක නියෝජිතයන් තමන් දැනුවත් කොට පැමිණ ඇති බව ද හෙතෙම කීවේය. කෙසේ වෙතත් අප දිගින් දිගටම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරන්නට වූයේ මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් මෙම සිද්ධිය මාධ්‍යයෙන් වසන් කිරීමට දරන උත්සාහය සහ මෙම නිලධාරින්ට දින ගණනාවක් තිස්සේ සංචාරක හෝටලයක රඳවාගෙන විවිධ වරප්‍රසාද, ආහාරපාන සහ විවිධ සාද පවත්වන්නේ කුමක් නිසා දැයි යන්න පිළිබඳවය. පසුව අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව තමන් නොදන්නා බව පැවසීය.


දිගින් දිගටම මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තොරතුරක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ චීන ජාතික සමාගමක් මේ පිළිබඳව සාකච්ඡා කොට තිබුණු බව සත්‍යක් බවය. කෙසේ වෙතත් මේ දිනවල චීන ජාතික සමාගමේ නියෝජිතයන් සිගිරියට පැමිණ එහි ගවේෂණ කටයුතුවල නිරත වන බවක් තමන් නොදැන සිටි බව ද කියා සිටියේය. කිසිවක් තමන්ට නොදන්වා මෙම ගවේෂණ කටයුතු සිදු කළ බව නැවත නැවත අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීම තවත් සුවිශේෂී සිද්ධියකි. 


මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට එම සිද්ධියට සම්බන්ධව සිටි පහළම කම්කරුවා දක්වාම එම සිද්ධිය වසන් කිරීම බරපතළ ප්‍රශ්නයක් නිසා අප එම මාධ්‍ය වාර්තා පළ කිරීමත් සමඟ විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව කරුණු දක්වන්නට විය. 


පසුව සීගිරිය නැරඹීම සඳහා එම අවස්ථාවේ පැමිණ සිටි සංචාරකයන්ගෙන් අප කේබල් කාර් ව්‍යාපෘතිය පිළිබඳව අදහස් විමසන්නට වූයෙමු. 


සීගිරිය නැරඹීම සඳහා පැමිණ සිටි හල්විටිගල විමලජෝති හිමියන් මෙසේ අදහස් ප්‍රකාශ කළහ. 


 ‘‘ඇත්තටම සීගිරිය කියන්නේ අපේ උරුමයක්. සිගිරිය නිර්මාණය කළේ විදේශීය සංචාරකයන් බලාගෙන නෙවෙයි. අපේ උරුමයන් ආරක්ෂා කරගන්න තමයි මේ ස්ථානය පවතින්නේ. ඒ නිසා අද සංචාරක කර්මාන්තය රටේ ප්‍රධාන ආර්ථිකය කරගෙන තියෙන නිසා තමයි මෙවැනි යෝජනා එන්නේ. එනිසා මෙවැනි යෝජනා පිළිබඳව හිතා බලන්න ඕනැ. මොකද සීගිරිය කියන්නේ එක වරම ගල උඩට නගින එක නෙවෙයි. පිට දිය අගලේ ඉඳලා පව්වට යන තුරුම අපේ අතීතයේ මුතුන් මිත්තන්ගේ ක්‍රියාකාරකම් පවතින්නේ. මේවා තමයි ලෝක උරුමයක් බවට පත් වුණේ. එහෙම නැතුව සීගිරි පව්ව ගල් බැම්ම විතරක් නෙවෙයි මම නම් සම්පූර්ණයෙන්ම අකමැතියි මේ කේබල් කාර් දානවට.” 


සීගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙන්ම සීගිරිය විදේශිකයන්ට මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන අයකු අපට හමු විය. 


 ‘‘අද සීගිරියට වෙලා තියෙන්නෙ සීගිරි උරුමය ලෝක උරුමයක් කරලා අපේ අයට කරුමයක් කරලා තියෙන්නෙ. සීගිරියේ පදිංචි අපිට අඩුම තරමේ වැසිකිළි වළක් වත් කපන්න දෙන්නේ නැහැ. සීගිරි ගලේ ඉඳලා මීටර් 400 ක් යනකම් අපිට ඉදිකිරීමක් කරන්න දෙන්නෙ නෑ. මගේ ගේ සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරලා දැම්මා. ගේ හැදුවා කියලා මාව හිරේ දැම්මා. මං විතරක් නෙවෙයි තවත් බොහෝ දෙනෙක් හිරේ හිටියේ. බොහෝ දෙනෙක්ගේ හදපු නිවෙස් කඩලා දැම්මා ඩෝසර් ගෙනල්ලා මීටර් 400 සීමාවේ ඉදිකරලා කියලා. හැබැයි ඒ මොනවත් නැතුව අද චීන සමාගමක් ඇවිල්ලා සීගිරි ගල උඩට යන්න කේබල් කාර් ව්‍යාපෘති ගැන හොයලා බලනවා. ඒ නිසා අපි මේකට කිසිම ආකාරයකින් ඉඩ දෙන්නේ නෑ.”

 
 දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියරංජන කුමාර මහතා. 


 “අපි සීගිරිය ආරක්ෂා කළේ බොහොම ගෞරවයෙන්. අපි අද ජීවත් වෙන්නේ සීගිරිය නිසා. මීට පෙරත් සීගිරියේ වැසිකිළි වළවල් හදනවා කියලා කේබල් කාර් දාන්න ආවා. අපි ඒවට ඉඩ දුන්නේ නෑ. මොකද සීගිරිය ආරක්ෂා කරගන්න ඕනෑ නිසා. මේ අය පුරාවිද්‍යාඥයින් පරිසර නීති මේ ඔක්කොම මොනවත් නැතුව ඇවිල්ලා එක වරම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න යනවා. ඒ නිසා අපි මේකට ඉඩදෙන්නේ නෑ. පහුගිය දවසක විජේදාස රාජපක්ෂ ඇමතිතුමත් සීගිරියට ආවා. මේවා නිරීක්ෂණය කළා. එතුමා ඇවිල්ලා මේවා නිරීක්ෂණය කරන අවස්ථාවේදී ඔය චීන ජාතික සමාගමේ අය කේබල් කාර් දාන ව්‍යාපෘතිය ගැන සීගිරියේ ගවේෂණයක නිරතවෙලා හිටියෙ. ඒ නිසා අපි කියන්නේ මමත් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. අපිට මේක ආරක්ෂා කළොත් තමයි ජනතාව ආරක්ෂා වෙන්නේ. ඒ නිසා අපිට සීගිරිය ආරක්ෂා කිරීම පක්ෂ ආරක්ෂා කරනවා වගේම වැඩක්. මේක රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙවත් බූදලයක් නෙවෙයි. මේක මහජනතාවගේ. ඒ නිසා මේක ආරක්ෂා කරන්න සීගිරි ගලෙන් පැනලා වුණත් මම දිවි දෙන්න සූදානම්,” 


 සීගිරියේ කේබල් කාර් සිද්ධිය වාර්තාවීමත් සමඟ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා  - කියා සිටියේ කේබල් කාර් ව්‍යාපෘතිය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය. එමෙන්ම හිටපු අමාත්‍යවරයාගේ කාලයේ මෙය ක්‍රියාත්මක වූ එකක්ද යන්න සොයා බලන බවය. කෙසේ වෙතත් තමන් පසුගියදා සීගිරිය පර්වතය නිරීක්ෂණයට ගිය අවස්ථාවේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ කිසිම නිලධාරියකු මෙවැනි සිද්ධියක් ක්‍රියාත්මක වන බව තමන්ට නොදන්වා සිටි බවද හෙතෙම සඳහන් කළේය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව තමන් වෙනම පරීක්ෂණයක් පවත්වන බවත් සඳහන් කළේය. කිසිදු ආකාරයකින් කේබල් කාර් සීගිරියට අනුයුක්ත කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බවද හෙතෙම සඳහන් කළේය. 


මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ හිටපු අමාත්‍ය, විශේෂයෙන් යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. 


අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ, 


“විෂය භාර අමාත්‍යවරයා ලෙස මා මධ්‍යම සංස්කෘතික අරමුදලට නායකත්වය ලබාදෙන විට මෙරට උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීත්‍යානුකූල ලෙස සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ක්‍රියා කළ බව වගකීමෙන් යුතුව අවධාරණය කරමි. දේශපාලනික වශයෙන් අවාසිදායක වුවද මා නිවැරදි දේ නිවැරදිව සහ නිත්‍යානුකූල අයුරින් ඉටු කිරීමට පියවර ගත් අතර මෙරට අතීත උරුමයන් සහ ජාතියක් ලෙස අපේ ප්‍රෞඪත්වය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා අවශ්‍ය නායකත්වය ලබා දුනිමි. මෙරට යුනොස්කෝ සභාපතිවරයා ලෙසත් යුනෙස්කෝ නිර්දේශයන්ට අනුව උරුම සංරක්ෂණය සඳහා නොබියව තීන්දු තීරණ ගෙන ඇති අතර අද වෙන විට ද යුනෙස්කොවේ ලංකාවේ සභාපතිවරයා ලෙස එම වගකීම මා වෙත පැවරී ඇති බවද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. සීගිරියට කේබල් කාර් ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් මා කිසිදු ආකාරයක යෝජනාවක් හෝ ඉල්ලීමක් සිදුකර නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කරමි. 


මගේ විෂය පථයට අයත්ව පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අතට පත් කරන විට ද පැවැතියේ එම තත්ත්වමය. වර්තමානය වෙන විට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විෂය භාර අමාත්‍යවරයා වන්නේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාය. එබැවින් දැන් ඒ සම්බන්ධව තීන්දු තීරණ ගැනීම එතුමන් විසින් සිදුකරන අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදි කරන බවට පවසමින් චීන කණ්ඩායමක් සිදු කළේ යැයි පැවසෙන ගවේෂණය පිළිබඳ නිවැරදි කරුණු සොයා බැලීම වර්තමාන විෂය භාර අමාත්‍යවරයා විසින් සිදුකරනු ඇති අතර ඔහු විසින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ද හෙළි කරනු ඇති බව මාගේ විශ්වාසයයි” කාරියවසම් ඇමැතිවරයා සඳහන් කරයි. 


කෙසේ වෙතත් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ අවශ්‍යතා සපුරාලීම, පහසුකම් සපයා දීම බලධාරීන්ගේ වගකීමකි. මෙම සියලු බලධාරීන් නිලධාරීන් වැටුප් ලබන්නේ මෙරට ජනතාවගේ බදු මුදලින්ය. එසේ නම් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර තිබියදීත් බදු මුදලින් වැටුප් ලබා ගන්නා නිලධාරීන් ඉතා රහසිගතව මෙවැනි ජාතික කාර්යයක් ඉටු කිරීමට යන්නේ කුමන පදනමක් යටතේද යන්න මාධ්‍යවේදීන් වූ අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. කෙසේ වෙතත් බලධාරීන් අමාත්‍යවරුන් චෝදනා කරනු ලබන්නේ මාධ්‍ය වාර්තා පළවීම නිසා තමන් අපහසුතාවට පත්වූ බව කියමින් රජය අපහසුතාවට පත්වන බවය. රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු උසස් නිලධාරීන් මෙවැනි සිද්ධීන් ජනතාවගෙන් වසං කොට සිදු කරන්නේ මන්දැයි යන්න මැති ඇමැතිවරුන් ප්‍රශ්න නොකරන්නේ මන්දැයි අප සමාජයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඉතිරි කොට සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතිය සිදුවෙන ආකාරය බලා සිටින්නට අපට සිදු ඇත. 

 

 

 

 

සටහන ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස



අදහස් (0)

සීගිරි ගල උඩට කේබල් කාර් දානවද ?

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 166 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16140 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3932 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site