IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්පැන් බෝතලයකින් යමක් දරුවාට පෙවූ පියා අත්අඩංගුවේ

බෝතලයේ මත්පැන්ද-වතුරද? තීරණය වෛද්‍ය පරීක්ෂණයෙන් පසු

 

දරුවකුට දෙමාපිය ආදරය රැකවරණය තරම් වටිනා සම්පතක් තවත් නැත. එහෙත් ආර්ථික තරගයේ හැල්මේ දුවන ඇතැම් දෙමාපියකුට තම දරුවන් වෙනුවෙන් ඒ ආදරයත් රැකවරණයත් සැලසිය හැකි විවේකයක් නැත. ඇතැමෙකුට වුවමනාවක් නැත. එහෙත් කොයි දරුවාත් මේ ආදරය රැකවරණය බලාපොරොත්තු වේ. ඒ බලාපොරොත්තුව ඉටුකරනු වෙනුවට දෙමාපියන් විසින්ම දරුවන් පීඩාවට පත් කරන අපයෝජනයට ලක් කරන අවස්ථා අපට අද කොතෙකුත් අසන්නට ලැබේ. එය කෙතරම් ඛේදනීය, කෙතරම් නින්දිත, කෙතරම් අශිෂ්ට තත්ත්වයක් ද? එවැනි සමාජයක් සංවර්ධනය කරා ගෙන යා හැකි ද? 


එවැනි තවත් පියෙකු අපට පසුගියදා මුහුණු පොතෙන් හමුවිය. ඒ තමන්ගේ දරුවා ඇකයේ තබාගෙන තවත් මිතුරු කැලක් සමග එක්ව මත්පැන් සාදයකට සහභාගී වන පියෙකු විසින් මත්පැන් බෝතලයකින් දම්පැහැයට හුරු කලු පැහැයකින් යුත් කිසියම් දියරයක් දරුවාට පොවන දර්ශනයකි. දරුවාට එම දියරය පෙවූ පසු අසල සිටි අයෙකු ඌට මොකක්ද වුණා යැයි පවසනු ද, තවත් ඉල්ලනවා යැයි පවසමින් නැවත එම දියරය පොවනු ද අසන්නට දකින්නට ලැබිණ. එසේම එම ස්ථානයේ සිටින්නන් අසභ්‍ය වචන ද පවසනු ඇසිය හැකිය. මේ දර්ශනය සිදුව තිබෙන්නේ පසුගිය දාහතර වැනිදාය. එහෙත් දරුවන් සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කිසිවක් හෝ නීතිය සුරකින පොලිසිය හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. එය කනගාටුවට කරුණකි. එනිසා සිද්ධියෙන් දිනකට පසු මාධ්‍ය ආයතන මගින් මෙම සිදුවීම ප්‍රචාරය කෙරිණ. එය රූපවාහිනි නාලිකාවකින් විකාශය වී පැය භාගයක් ඇතුළත මීගලෑව පොලිසිය අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ හෝ පොලිසිය ක්‍රියාත්මක වීම සතුටට කරුණකි. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිතුමා උපදෙස් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 


සැකකරුවන් ගල්ගමුව, මීගලෑව, ගණන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පියා ගමින් ගමට ඇවිද ගොස් කොට්ට මෙට්ට විකුණා ජීවත් වන්නෙකි. බිරිඳ සහ දරුවන් තිදෙනෙක් ඔහු ජීවත් කරන්නේ එයින් ලැබෙන ආදායමෙනි. 


 සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් මෙතරම් ඉක්මනට අත්අඩංගුවට ගත හැකිව තිබෙන්නේ මීගලෑව පොලිසියේ ප්‍රජා පොලිස් නිලධාරින් තමන්ගේ බල ප්‍රදේශවල සිටින සියලුදෙනා ගැන හොඳ අවබෝධයකින් සිටිය නිසාය. ඔවුන්ගේ තීක්ෂණ මතකය නිසා මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර දරුවාගේ පියා, මාමා හා සීයා ද වීම මෙහි ඇති කනගාටුදායකම තත්ත්වය වේ. 


මේ සිදුවීමට මුහුණ පෑ දරුවා අවුරුද්දකුත් මාසයක් වයසැති බිලින්දෙකි. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් ද සිටී. ඔවුන්ගෙන් එක් අයෙක් අවුරුදු හතරක් වයස් වන විට වැඩිමහල් සහෝදරිය අවුරුදු අටක දැරියකි. මේ බිලිඳා සිදුවීමට මුහුණ දුන්නේ මව දිය නෑමට දරුවා පියා භාරයේ තබා ගිය ඇසිල්ලේය. මෙවැනි සිදුවීමකට දරුවා මුහුණපා ඇති බව මව දැනගන්නේ පොලිසියෙන් පැමිණ දරුවාගේ පියා අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී බව ද පොලිසිය පවසයි. 


අත්අඩංගුවට පත් පියා ඇතුළු සිව්දෙනා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔහු පවසා තිබුණේ දරුවාට මත්පැන් ලේබලය සහිත බෝතලයකින් පොවනු ලැබුවේ ජලය බවයි. එසේම ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ මොවුන්ගේ සමාජ තත්ත්වය අනුව සාමාන්‍ය රටේ නීතිය පිළිබඳ අවබෝධයක් නැති බවය. එසේම ඔවුන්ගේ සමාජය තුළ මෙවැනි දේවල් එතරම් ප්‍රශ්නයක් කර නොගන්නා බව ද නීතිඥවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ. 


නීතිය පිළිබඳ නොදැන සිටීම ළමා අපයෝජනයක දී පමණක් නොව කිසිම නීති විරෝධී කටයුත්තක දී සමාවට හේතුවක් නොවේ. මේ අපයෝජනයට ලක්වූයේ හෙට දවසේ රටේ අනාගතය භාරගත යුතුව තිබෙන දරුවෙකි. මෙවැනි නරක පුරුදුවලට දරුවා කුඩා වයසේ සිටම ඇබ්බැහි කිරීමෙන් විකෘති වූ මනසක් සහිතව දරුවෙකුගෙන් හෙට දවසේ රටට සිදුවනු ඇත්තේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ කවුරුන්ද? 


ළමා අපයෝජනය යනු ඔහු හෝ ඇය ලිංගික අතවරයකට ලිංගික බලහත්කාරකමකට ලක්කිරීම පමණක් නොවේ. දරුවෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව කරනු ලබන ඒ දරුවාගේ මනා සංවර්ධනයට බාධා කරන, ඔවුන් පීඩාවට පත්කරන, ඔවුන් අකමැතිව සිදුකරන ඕනම දෙයක් ළමා අපයෝජනයකි. ඒ අනුව දරුවකු අකමැත්තෙන් ඔහු හෝ ඇය ස්පර්ශ කිරීම, සිප ගැනීම පමණක් නොව ඔවුන් දෙස ඔවුන්ගේ සිත රිදවෙන බිය පත් කෙරෙන මානසික කුමන හෝ නරක බලපෑමක් සිදුවන ආකාරයෙන් බැලීම පවා දඬුවම් ලැබිය හැකි ළමා අපයෝජනයකි. මුහුණු පොතේ සැරි සැරූ මේ දර්ශනයෙන් දරුවා සිටි පරිසරය කිසිසේත්ම ඔහුට සුදුසු නොවන පරිසරයක් බව පෙන්නුම් කෙරේ. එසේම මත්පැන් ලේබලය සහිත බෝතලයක් පෙන්වමින් ඔහු සමච්චලයට ගන්නා ආකාරයක් ද දැකිය හැකිය. 


පියා අධිකරණයට පවසා ඇති පරිදි ඔහු පෙව්වේ ජලය යැයි කීව ද ඒ ජලයේ පැහැය එම වීඩියෝව නැරඹූ කවුරුත් දකින්නට ඇත. පෙව්වේ ජලය නම් ජලය පෙවූ දරුවාගේ මුහුණේ අමුත්තක් පෙන්වන බව මිතුරන් කියන්නේ ඇයි? දරුවාගේ පියා පොලිසියට ප්‍රකාශයක් කරමින් තමන්ගේ මස්සිනාට කිව්වේ ඡායාරූපයක් ගන්නට මිස වීඩියෝ කරන්නට නොවන බවත් ඔහු මුහුණු පොතේ සැරිසරමින් සිටි අතරේ ගත්ත වීඩියෝව අන්තර්ජාලයට එකතු වී ඇති බවත් එය හිතා මතා නොකළ බවත් පවසා ඇත. 


නොදැන හෝ දැන හෝ දරුවාගේ මාමා මේ සිදුවීම වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැරීම නිසා කාගෙත් අවධානය ඊට යොමු වී දරුවා අපයෝජනයට ලක්කළ සැකකරුවන් අත්අඩංගවට ගනු ලැබිණ. එහෙත් මේ සමාජයේ කිසිවෙක් නොදැන මෙවැනි අපයෝජනයන්ට ලක්වන තවත් කෙතරම් විශාල දරු පිරිසක් සිටිනු ඇත්ද? ඒ අය වෙනුවෙන් නීතියේ සාධාරණය ඉටු කරන්නේ කෙසේද? දරුවාට පෙව්වේ ජලයම ද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක්කළ අතර එම වාර්තාව තවම ලැබී නැත. එසේම දරුවාට ජලය පෙවූ බව කියන මත්පැන් ලේබලය සහිත බෝතලය ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. එය ද පරීක්ෂණ සඳහා යොමු කර ඇත. 


සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ අතර එතෙක් දරුවා පරිවාස නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මවගේ භාරයටම පත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් ජේ.කේ. ප්‍රභාත් මහතා නියෝග කළේය. එදිනට පරිවාස නිලධාරීන් ලබාදෙන වාර්තාව අනුව දරුවා තවදුරටත් මව භාරයේම තබනවා ද නැත්නම් පරිවාස භාරයට පත්කරනවා ද යන්න සම්බන්ධයෙන් අධිකරණය තීරණය කරනු ඇත. 


සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහත්වරුන්ගේ උපදෙස් පරිදි මීගලෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.පී.බී. විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන් වන 35393 සමන්, 55058 වික්‍රමසිංහ හා 75164 ප්‍රියදර්ශන යන නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

 

 

 

 

මුදිතා දයානන්ද පසුබිම් වාර්තාව 
මීගලෑව මානෙල් පී. හේවගේ



අදහස් (0)

මත්පැන් බෝතලයකින් යමක් දරුවාට පෙවූ පියා අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 215 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16154 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site