IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


තලවකැලේ පවුලක් අතුරුදන් කළ කතාව

සැකකාර ලිඳුල - තලවකැලේ පුරපති ඇතුළු අය අධිකරණයට රැගෙන යද්දී.

 

සැකාකර මව වන ගෞරි ශෂිකලා යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී.

 

එදවස දරු සෙනෙහසින් ගෙන්ගෙට ගිය කිසාගෝතමියක් සේ වසරක් පුරා උමතුවෙන් ගෙයක් ගානේ ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ඇවිද ගිය පියෙකුගේ කඳුළු කතාවක් කඳුකරයෙන් අසන්නට ලැබුණි. තම කුසින් බිහි නොකළත්, වසරක් පුරා දරුවකු හදා වඩා ගනිමින් මැණිකක් ලෙස එම දරුවා රැකගනිමින් සුන්දර ලෝකයක ජීවත් වූ මවකගේ නෙතින් හදිසියේ කඩා වැටුණු කඳුළු කතාවක් ද කඳුකරයෙන්ම අසන්නට ලැබුණි. දරිද්‍රතාව, නූගත්කම හමුවේ කඳුකරයේ සිදු වූ මිනිස් ජාවාරමක් පිළිබඳ එකට ඈඳුණු තුන් ඈඳුතු සිද්ධියක් අපේ රටට, අපේ සමාජයම පොදුවේ පණිවිඩ කිහිපයක් ගෙන දෙන්නට සමත් විය. 


දරිද්‍රතාව, නූගත්කම, සාමාජික හා දේශපාලනික හේතුන් මත කඳුකරයේ මිනිස් ජාවාරම සිදු කෙරෙන අයුරු අපි අසා ඇත්තෙමු. එවැනි පසුබිමක වයස 5 1/2 ක දැරියක් හා වයස 2 1/2 පිරිමි දරුවෙකු පසුපස හඹා ගිය ජාවාරමක් ද එම දරුවන් දෙදෙනාගේ මව විදේශ රැකියාවක් සඳහා යොමු කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැතිර ගිය එහෙත් සමාජ ගත නොවූ සිද්ධි දාමයක් හේතු කොට ගෙන ඉකුත් දා ලිඳුල තලවකැලේ නගරාධිපතිවරයා ඇතුළු සිව් දෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන විමර්ශනය කර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් 11 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී. 


26 හැවිරිදි කාන්තාවක් හා දරුවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එම දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු ගාල්ල ප්‍රදේශයේ යුවළකට නීත්‍යානුකූල නොවන අයුරින් හදා වඩා ගැනීමට දීමත්, අනෙක් දරුවා විහාරස්ථානයක රඳවා තැබීමත්, එම කාන්තාව විදේශ රැකියාවකට යොමු කිරීමේ අදහසින් කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථාන ගණනාවක රැකියාවල නියුක්ත කිරීමත්, එම කාන්තාව දූෂණයට ලක් කිරීමත් යන චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කොට එම සිද්ධියට සම්බන්ධ 26 වියැති දෙදරු මවත්, ඊට අනුබල දුන් තලවකැලේ ප්‍රදේශයේ තවත් සැකකරුවෙකුත්, නීත්‍යනුකූල නොවන ආකාරයෙන් දරුවෙකු හදා වඩා ගත් ගාල්ල ප්‍රදේශයේ යුවළක් ද, 2018.06.05 නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම සිව් දෙනා ද 2018.06.11 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී. 


ආගරපතන බෝඩ්මාර් වත්තේ පදිංචි ගෞරි ශෂිකලා යන අය කුඩා අවධියේ දී පිළියන්දල පදිංචිකාරියකි. ඇයගේ වයස 09 ක් වූ අවස්ථාවේ දී මව පිළිකාවක් හේතුවෙන් මියයෑම නිසා ඇගේ අත්තම්මා විසින් පිළියන්දල එස්.ඕ.එස්. ළමා ගම්මානයට බාර දී ඇත්තේ පොලිසියේ අනුදැනුම මතය. එහිදී ඈ සාමාන්‍ය පෙළ සමත්ව මහරගම අත්යන්ත්‍ර පෙහෙකම්හලක සේවයේ නියුක්තව සිටි අතර, 2011 දී ආගරපතන පදිංචි වී. ජෙගදීස්වරම් සමඟ විවාහ වී ඇත. විවාහයෙන් පසු ගෞරි ශෂිකලා යන අය ආගරපතනේ තම ස්වාමියාගේ නිවසේ ඇයගේ නැන්දණිය සමඟ කල් ගත කොට ඇති අතර, ස්වාමියා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නියුක්තව ඇත. ඔවුන් දෙදෙනාට ජෙගදීස්වරී සුදර්ශනී නමින් දියණියක ද, ජෙගදීස්වරම් විනෝදන් නමැති පිරිමි දරුවකු ද ලැබී ඇත. 


ඉකුත් වසරේ දී තම ස්වාමියාගේ මව කොළඹ ඇගේ දියණියගේ නිවසට ගොස් ඇති අතර, ගෞරි ශෂිකලා යන අය තමාට රැකියාවක් ලබාදෙන ලෙස තම හිතවතෙකු වූ ජයන්ත පීරිස් නමැති අයෙකුට දන්වා ඇති අතර, එම පුද්ගලයාගේ කැඳවීමක් මත මෙම කාන්තාව 2017.06.04 දින තලවකැලේ නගරයට පැමිණ ඇත. ජයන්ත පීරිස් නමැති අය ඉන්පසු සිද්ධියට සම්බන්ධව සැකපිට බන්ධනාගාරව සිටින ලිඳුල - තලවකැලේ නගර සභාවේ නාගරික සභික ඉෂාර අනුරුද්ධ නමැති අයෙකුගේ නිවසට මෙම කාන්තාව හා දරු දෙදෙනා රැගෙන ගොස් ඇත්තේ මෙම කාන්තාවට රැකියාවක් ලබාදීමේ පොරොන්දුව මතය. එහිදී ඇයගේ දුරකථනයේ සිම්පත විනාශ කොට ඇති බව වාර්තා වේ. එම නිවසේ දින ගණනාවක් ද එම සභිකයාගේ ඥාති නිවසක දින ගණනාවක් ද මෙම කාන්තාව හා දරුවන් දෙදෙනා රැඳී සිට ඉන්පසුව ඇගේ අවශ්‍යතාව ඉටුකර දීම සඳහා තලවකැලේ සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින නගරාධිපති අශෝක සේපාල යන අයගේ නිවසට කැඳවා ගෙන ගොස් ඇත. එහිදී ගාල්ල, හික්කඩුව ප්‍රදේශයෙන් පැමිණි වැඩිහිටි යුවළක් වූ මල්ලියවඩුගේ සුනිල් ශාන්ත, ඉන්දිකා නිරෝෂිණි ජයසේකර යන දෙදෙනාට ජෙගදීස්වරී සුදර්ශනී නමැති වයස 5 1/2 ක වූ දැරිය හදාවඩා ගැනීම සඳහා බාර දී ඇත. ඉන්පසුව මෙම කාන්තාවගේ අනෙක් දරුවා ද ඊට දින ගණනාවකට පසුව පසුකාලයේ දී මහණ කිරීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථානයකට බාර දී ඇති බව වාර්තා වේ. 


සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින තලවකැලේ පදිංචි එච්.එම්. තිලකරත්න ගෞරි නමැත්තිය විදේශ රැකියාවකට යැවීම සඳහා කොළඹ ආමර්වීදියේ විදේශ රැකියා ආයතනයකට කැඳවාගෙන ගොස් විදේශ ගමන් බලපත්‍ර සකස් කොට ඇත්තේ ඇයව විදේශ ගතකිරීමට බව කරුණු අනාවරණය වී ඇත. 


මෙම සිද්ධිය සම්බන්ධව පොලිසිය වෙත ලිඳුල - තලවකැලේ නගර සභාවේ පුරපති අශෝක සේපාල මහතාගේ සාක්ෂිය ලබාදීමේ දී සඳහන් කොට ඇත්තේ දරුවන් දෙදෙනෙකු සමඟ ගෞරි ශෂිකලා නමැති කාන්තාව කොත්මලේ ඔයට පැන ජීවිත හානි කර ගැනීමට සූදානම් වූ මොහොතේ තමා දන්නා කිහිප දෙනෙකු ඔවුන් තමා වෙතට කැඳවාගෙන ඒමෙන් පසුව ඇයට රැකියාවක් ලබාදීමට කටයුතු කරගෙන ගිය බවයි. 


මෙම කටයුතු මෙසේ සිදු වෙද්දී 2017.06.12 වන දින වී. ජෙගදීස්වරම් නමැති දෙදරු පියා විසින් කොළඹ සිට පැමිණ තම බිරිඳ හා දරුවන් දෙදෙනා අාගිය අතක් නොමැති බව පවසමින් ආගරපතන පොලිසියට ද පැමිණිල්ලක් කොට ඇත. ඒත් සමඟම නීතිඥ එස්. මෝහන් රාජා මහතාගේ මැදිහත්වීම මත වී. ජෙගදීස්වරම් යන අය කොළඹ ළමා රක්‍ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් කර ඇත්තේ තම දරුවන් දෙදෙනා හා බිරිඳ සොයා ගැනීමේ දැඩි ඕනෑකම නිසාය. 


දරුවන් දෙදෙනා හා බිරිඳ සම්බන්ධව පරීක්‍ෂණ කටයුතු සිදුකෙරෙන බව වාර්තාවීමත් සමගම ගෞරි ශෂිකලා යන අය සිද්ධියට සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින නාගරික සභිකයාගේ ඥාතිවරයකුගේ නිවසකටත්, ඉන් අනතුරුව පිළියන්දල ප්‍රදේශයේ තවත් නිවසකටත්, ඉන්පසු ඇය සුපිරි වෙළෙඳසලක සේවයේ නියුක්තව ඇත. එහිදී ඇය නව ජංගම දුරකථනයක් මිල දීගෙන ඇති බව කරුණු අනාවරණය වේ. එම දුරකථනයෙන් ඇය තමන් හැදී වැඩුණු එස්.ඕ.එස්. ළමා ගම්මානයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට ඇමතීමක් කළ අවස්ථාවේ දී 26 වියැති මෙම කාන්තාව ළමා රක්‍ෂණ අධිකාරියේ නඩු නිමිත්තකට සොයන බව එම ආයතනයෙන් කරුණු අනාවරණය කරගැනීමත් සමඟම ගෞරි ශෂිකලා යන අය බත්තරමුල්ලේ අධිකරණයේ පෙනී සිට ඇත. 


එහිදී ඇයට තම ස්වාමියා වන වී. ජෙගදීස්වරම් නමැති අය මුණගැසී ඇත. ඉන් අනතුරුව හෙළි වූ කරුණු අනුව 2018.06.01 දින ආගරපතන පොලිසිය විසින් දරුවන් දෙදෙනා හා බිරිඳ පිළිබඳව ගොනු කර තිබූ පැමිණිල්ලට අනුව සිද්ධිදාමය පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත්  අධිකරණයෙන් නුවරඑළිය පොලිසියට දැනුම් දී ඇත.

 

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ඊ. ජයසුන්දර යන මහතුන්ගේ උපදෙස් මත නුවරඑළිය පොලිස් අධිකාරි අයි.බී.ටී. සුගතපාල මහතාගේ මෙහෙයවීම මත නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චන්දන බස්නායක, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්.බී.අයි. ඉන්ද්‍රජිත්, පොලිස් පරීක්‍ෂක චන්දන රණසිංහ, පොලිස් පරීක්‍ෂක චන්දන හල්පාගොඩ, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ඒ.පී. යොෂානි යන නිලධාරින් විසින් අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකර ඊට අදාළ සැකකරුවන් අටදෙනෙකු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂණ බන්ධාගාර ගත කිරීමට කටයුතු කරනු ලැබීණ. 


මෙම සිද්ධිය සම්බන්ධව විවිධ අංශවලින් විවිධ මත සමාජ ගත වෙමින් පවතී. ලිඳුල- තලවකැලේ පුරපති අශෝක සේපාල නමැති අය වසර 04ක කාලයක් තලවකැලේ පුරපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, ඔහු විවිධ සේවා සමූපකාරයේ සභාපති ලෙස ද සමාජයේ ක්‍රියාකාරියකු ලෙස ද පෙනී සිටි පුද්ගලයෙකි. 2018 පළාත් පාලන මැතිවරණයේ දී ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීම ප්‍රතික්‍ෂේප වීම නිසා ලිඳුල - තලවකැලේ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමකින් පෙනී සිට ලිඳුල - තලවකැලේ නගර සභාවේ ආසන දෙකක් හිමිකර ගැනීමට සමත්ව ඇත. ඉන්පසුව වැඩිපුර ආසන හා සභික ධූර ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා තවත් ස්වාධීන මන්ත්‍රීවරයෙකුගේ සහභාගිත්වයෙන් පැවති පුරපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාවේ දී අශෝක සේපාල යන අය ස්වාධීන අයෙකු ලෙස පුරපති ධුරයට දෙවන වතාවටත් පත් වී ඇත. නුවරඑළිය දේශපාලනඥයින් අතර දමිළ භාෂාවෙන් කටයුතු කළ හැකි අශෝක සේපාල දේශපාලන ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන අයෙකු නිසාම ඔහුට යළි පුරපති ධුරය හිමිකර ගැනීමට සමත් වූ බව මැදහත් අයගේ විශ්වාසයයි. 


මෙම සිද්ධිය කඳුකරයේ දේශපාලනය තුළ ද දැඩි කතා බහකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. අවසාන වශයෙන් අපට සඳහන් කළ හැක්කේ නීතිය ඉදිරියේ අප කවුරුත් අවනත විය යුතු බවය. එහෙත් හුණුවටය නාට්‍යයේ පොතේ ගුරුගේ ප්‍රකාශයක් ලෙස 


“තබාගනු මැන සිතෙහි මේ වදන, දෙයක් වේ නම් යම්, සුදුස්සාටම අයිති විය යුතු; මව් ගුණය ඇති විය යුතු අය දරුවන් දිනිය යුතු වේය”

 

 

 

 

 

ඡායාරූප හා සටහන 
නුවරඑළිය 
ෂෙල්ටන් හෙට්ටිආරච්චි



අදහස් (0)

තලවකැලේ පවුලක් අතුරුදන් කළ කතාව

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 202 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16147 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7903 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2787 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site