(අනීෂා මානගේ)
මැතිවරණයක් පැමිණි පසු රජය සුනාමියට හසුවුණ පොල් කෝම්බයක් සේ ගසාගෙන යන මැතිවරණ ප්රථිඵලයක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට සිය පවුලේ ඥාතීන් සමඟ අද(16) තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණි අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ගැටළුවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
“ජනතාව පත්වෙලා තිබෙන පීඩනයෙන් මුදවා ගැනීම සඳහා කුමනාකාර හෝ මැතිවරණයක් දිනවා ගැනීමයි අපගේ ප්‍රධාන අරමුණ. ජනතාව මේ සියලු දුක්ඛ දෝමනස්ස විඳගෙන ඉන්නේ කුමක් හෝ මැතිවරණයක් ආවාම මේ රජය සුනාමියට අහුවුණ පොල් කෝම්බයක් වගේ ගහගෙන යන මැතිවරණ ප්රථිඵලයක් ලැබෙනකල්.
එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය ආදායම් මාර්ගය නොමැති වීම නිසා ගත්ත ණය වාරික පොලී ගෙවා ගැනීමට බැරිවීමෙන් සුළු පරිමාණ ණය ගත්ත අයත් බැංකුවල තැන්පත් කළ සියලු දෙනාත් විශාල පීඩනයකට පත්වෙලා ඉන්නවා. දේපළ උගස් වෙලා සින්නවෙන්න යන තත්ත්වයට පත්වෙලා.
අප්‍රේල් 13 වැනිදා සමූපකාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරල තිබෙනවා ප්‍රවේශමෙන් මහබැංකුව දී තිබෙන උපදෙස් බලලා සමූපකාර සමිතිවල තැන්පත් කරන්න කියලා. සමූපකාර බැංකුවකවත් තැන්පත් කරන්න බැහැ. ෆිනෑන්ස් සමාගම් 15%, 16% පොලිය දෙන්නම් කියලා ණය ගන්නවා.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු යුගයේ තිබුණ ප්‍රධාන ලක්ෂණය තමයි රටේ ණය පොලි අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වීම. සියයට 8%ට 9%ට ණය ගන්න පුළුවන්. දැන් ණය ගත්තම ණය දෙන මිනිහට හොඳ වුණාට ණය ගන්න මිනිහා නැත්තටම නැතිවෙනවා. ආණ්ඩුවේ අයවැය ලේඛනයේ තිබෙන මුදල් අර්බුදය වගේම මූල්‍ය අර්බුදයක හැම ගමකම තිබෙන්නේ. ත්‍රී රෝද රථ හිමියන්ට ලක්ෂ විස්ස බැගින් ණය දෙනවා ආදී වශයෙන් අයවැය ලේඛනයෙන් විශාල බොරු ප්‍රමාණයක් කියා තිබෙනවා. බැංකු පවත්වාගෙන යන්නවත් විදියක් නැතුව ඉන්නේ. බදු සහ පීඩාව පමණක් වැඩි අවුරුද්දකුයි ලබා තියෙන්නේ. එයින් මිදෙන්න මහින්ද මහත්තයගේ ආණ්ඩුවක් එනකලෙ තමයි ජනතාව බලාගෙන ඉන්නේ.
මේ දවස්වල රවී කරුණානායක මහත්තයත් සජිත් ප්‍රේමදාස මහත්තයත් ද්විඝට්ටනාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. රවී කරුණානායක සජිත් ප්‍රේමදාස මහත්තයට කියන්නේ මවගේ පියාගේ දේශපාලනය විකුණලා ඉස්සරහට එන්න බැහැ කියලයි. සජිත් ප්‍රේමදාස මහත්තයා, කරූ ජයසූරිය මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, නවීන් දිසානායක මහත්තයා මේ ඔක්කොම නායකත්වය සඳහා පොරයකයි ඉන්නේ. රාජපක්ෂ පවුල රටක් ගොඩගත්ත, රටක් රැක්ක පවුලක්. මේ එක පවුලක්වත් රට විනාස කළ පවුලක් මිසක් රට ගොඩගත්ත පවුලක් නෙවෙයි.”
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
“මේ රජය සුනාමියට අහුවුණ පොල් කෝම්බයක් වගේ වෙනවා”