(මහේෂ් කිර්තිරත්න)
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂත්වය ලබා නොදුනහොත් වෙනම පක්ෂයකින් තරග කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (03) පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහ නගර සභාවේ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේද පැවසීය.
‘‘සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් ඉදිරි දින කිහිපය තුළ මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩලය කැඳවා සම්මත කරනවා.
ඒ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා අපි තිබ්බා.ඒ දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ,රාජ්‍ය අමාත්‍ය රංජිත් අවිහාරේ,පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහිනි කවිරත්න,දඹුල්ල සංවිධායක ප්‍රියාන් විජේරත්න යන පිරිස සහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල අපේ පක්ෂයේ පිරිස්.ඒ සඳහා සියලු දෙනාගේම සහය ලබා ගන්නා බවද නගරාධිපතිවරයා පැවසීය.
අපි පක්ෂයක් ලෙස අනිවාර්යෙන් සජිත් ජනාධිපතිධූරය සඳහා දාන්න ඕන.නැත්නම් පක්ෂය දියාරුවෙලා යයි.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ලංකාවේ ඉන්න පරිණත දේශපාලනඥයෙක්.එතුමා කිසි කිනෙක් විවේචනය කරන්නෙත් නැහැ.බනින්නෙත් නැහැ.ඒ නිසා එතුම කලබල වෙන්නේ නැහැ.නිසි වෙලාවට ඒ තින්දුව ගනිවි.අවුරුදු 25ක් තිස්සේ අපිට ජනපති කෙනෙක් බිහි කරන්න බැරිවෙලා තියනවා.
ඒ අභීයෝගය අපි 2020 ගන්න ඕන.හෙට අනිද්දාට මැතිවරණ කොමිසම විසින් දිනය ප්‍රකාශයට පත් කරාවි.අපි පක්ෂයක් ලෙස විශාල වැඩ කොටස් සිදු කළා.නමුත් ඇමතිවරුන්ට ඒ දේවල් කියන්න බැරිවෙලා තියනවා.
විපක්ෂයේ අය ඕන දෙයක් කියනවා.කරු ජයසුරිය කතානායකවරයා හොද චරිතයක් ඒ වගේම පරිණත දේශපාලනඥයෙක් මේ නිසා එතුමා මේ පක්ෂයට රටට තියන ආදරේට එතුමා අපෙක්ෂකම ඉල්ලන්නේ නැහැ.
අද මහින්දගේ ජනප්‍රියතාවයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට රැල්ල හැදිලා තියෙන්නේ වෙන කාරණයක් නිසා නෙවේ.
එකිනෙකාගේ දක්ෂතා තියනවා.සජිත් ප්‍රේමදාස මහතාට එක අවස්ථාවක් ලබා දිය යුතුයි.ජනාධිපතිකම ලබා දි අපි වැඩ කරන හැටි බලමු.එයා හොද නැත්නම් වෙන කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදිව තෝරා පත් කර ගන්න ජනතාවට පුළුවන් යැයිද ඒ මහතා පැවසීය.
සජිත් එනවා රැලි මාලාවේ රැළියක් ඉදිරියේදී මාතලේ පැවැත්වීමටද සැලසුම් කර ඇති බවත් කුමන බාධක පැමිණියත් සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපෙක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් තමන් සජිත් පාර්ශ්වයේ සිටින ළගම කෙනෙකු ලෙස අවධාරණය කරන බවත් අලුවිහාරේ මහතා පැවසිය.‘‘
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘සජිත්ට අපේක්ෂත්වය නොලැබුණොත් වෙනම තරග කරන්න සැලසුම් සකස් කරනවා‘‘