IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘රටේ අනාගතය රඳා පවතින්නේ ආරක්ෂාව තහවුරු කළ සාගර කලාපයක් ගොඩනැගීමෙන්‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ අනාගත සාර්ථකත්වය සහ ප්‍රගතිය රඳා පවතින්නේ ආරක්ෂාව තහවුරු කළ සාගර කලාපයක නීල ආර්ථිකයක්ගොඩනැගීමෙන් යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (09) පෙරවරුවේ ප්‍රකාශ කළේය. 

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.  

තවදුරටත් සමුළුව ඇමතූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීය.

     “සමුද්‍ර විෂයපථය අද වනවිට වර්තමානය සහ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්වෙලා. ආසියා ශාන්තිකර කලාපය ලෝක දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. මෙම කලාපය සාගර භූ දේශපාලනය, ආරක්ෂාව, වෙළෙඳාම  සහ පරිසර කටයුතුවල ප්‍රධාන හා වැදගත් කලාපයක් බවට පත්ව තිබෙනවා. 

ඒ වගේම කලාපයේ සුවිශේෂී හා උපායමාර්ගික වැදගත්කමකින් යුතු ස්ථානයක පිහිටීමත් සමුද්‍රීය රාජ්‍යයක් වීමත් නිසා ශ්‍රී ලංකාව අභියෝග, අවස්ථා හා තර්ජන රැසකට මුහුණ දී සිටිනවා. ආර්ථික සෞභාග්‍යය හා ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා. අපේ රටේ අනාගතය රඳා පවතින්නේ ආරක්ෂාව තහවුරු කරන ලද ආරක්ෂිත සාගර කලාපය නීල ආර්ථිකයක් ගොඩනැගීමෙන් යැයි මම තදින් විශ්වාස කරනවා. එහිදි අනෙකුත් රටවල් සමඟ එකතුවෙමින් වෙරළ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

ඉදිරියට යෑමේදී අපට සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන තර්ජනවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. සාගර ත්‍රස්තවාදය, මුහුදු මංකොල්ලකෑම්, පරිසර හායනය හා මුහුදු මාර්ග ඔස්සේ කෙරෙන ජාවාරම් එවැනි අභියෝග කිහිපයක්. 
අප හමුවේ තිබෙන අභියෝගවලට සහයෝගය ඇතිව බුද්ධිමත්ව හා ශක්තිමත්ව මුහුණ දිය යුතුය. එකමුතුව අභියෝග ජයගත යුතුය.

සහයෝගයෙන් අවස්ථා ලබාගනිමින් ඒවායින් උපරිම පල නෙළා ගත යුතුයි.”

ආරක්ෂක අංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන්, නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියාර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියාර් අද්මිරාල් සමන්ත විමලතුංග, කොමදෝර් බී. ජයතිලක සහ රට රටවල් රැසක වෙරළ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.  

ඡායාරූප - ශාන්ත රත්නායක 

 



අදහස් (3)

‘‘රටේ අනාගතය රඳා පවතින්නේ ආරක්ෂාව තහවුරු කළ සාගර කලාපයක් ගොඩනැගීමෙන්‘‘

chandima Tuesday, 09 July 2019 04:14 PM

ලංකාවට සැතපුම් ගණනාවක් අතින් ආරක්ෂක කලාපයක් දැනටමත් අරගොල්ලෝ පිහිටුවලා ඉවරයිනේ? අපි මොනවට මහන්සි වෙනවද? ඔය මාසෙකට 2කට සැරයක් යුද්ධ නැවක් ලංකාව මාලදිවයින වටේට කැරකීගෙන යන්නේ? මාමණ්ඩි රට වටේ මුහුද කාටවත් බූදල් කරලා දීලා ඉවරයි, තව කෙහෙල්මලක් කතා කරනවා...

:       115       166

kavinda Tuesday, 09 July 2019 05:35 PM

ලැජ්ජා නැතිව බොරු කියනවනේ.

:       104       173

sharm warn Wednesday, 10 July 2019 10:27 AM

කවුද අකුරු ගලපලා වචන ටික අමුණලා දුන්නේ ? එක එක සුමානෙට එක එක නම් වලින් කියාගෙන ආවට එලියට දාන්න යන්නේ එකම හිස් දිවුල් ගෙඩිය කියලා අපි දන්නවා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 4 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1279 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 272 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1337 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1335 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1531 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site