IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘බලයට පත්වී වසරක් යන්නට පෙර අලුත් ව්‍යවස්ථාවක් ගේනවා‘‘

(එෆ්.අස්ලම්)

බලයට පත්ව වසරක් යන්නට මත්තෙන් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිසැකවම ගෙන එන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ අද (17) ප්‍රකාශ කර තිබේ.

එම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමත් ජාතික ගැටළුවට පූර්ණ බලතල බෙදීමක් සිදුකිරීමත් සිදුවනු ඇතැයිද අගමැතිවරයා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ සඳහන් කළ බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර මීට දෙමළ ජාතික සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙකු හැර අනෙක් සියළුම මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.

මෙහිදී තමන් මීළඟ ආණ්ඩුව තුළින් බලයට පත්ව වසරක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එතුළින් දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට පුළුල් බලතල බෙදීමක් සහිත දේශපාලන විසඳුමක් ගෙන එන බවත් නව මැතිවරණ ක්‍රමයක්ද ව්‍යවස්ථාව තුළින් හඳුන්වා දෙන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ අවධාරණය කර තිබේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා හමුවේ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහාය අගය කරන බවය.ඊට උපරිම සහයක් දෙමළ ජාතික සන්ධානයෙන් හිමිවන බවය.

එමෙන්ම කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ බලතල සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන අතර එම කාර්ය තමන් කඩිනමින් සිදුකරන බවට අගමැතිවරයා මෙහිදී පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සඳහන් කළහ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා වෙත දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තිදෙනෙකු යෝජනා වී ඇතැයි පෙනෙන බවය.

මෙය දෙමළ ජාතික සන්ධානයේ අර්බුදයක් නොව එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් වන හෙයින් එක්සත් ජාතික පක්ෂය විසින්ම ස්ථිර ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන්ද වග තීර්ණය කරගනිමින් පක්ෂයේ ඇති ගැටළුව විසදාගත යුතු බවය.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානය වශයෙන් මෙතෙක් කවුරුන්ට සහාය දැක්විය යුතුද යන්න තීරණය කර නැති බවත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට කන්දෙන විශ්වාසනීය පොරොන්දුවක් ලබාදෙන අපේක්ෂකයා හට දෙමළ ජාතික සන්ධානය සහාය වන බවද සම්බන්ධන් මහතා අවධාරණය කර ඇත.

තවද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියළුම දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බවත් සන්ධානයේ සහාය එම සාකච්ඡා අනුව තීරණය කරන බවත් සම්බන්ධන් මහතා අගමැතිවරයා හමුවේ අවධාරණය කර ඇතැයිද දෙමළ ජාතික සන්ධාන ආරංචිමාර්ග කියයි.



අදහස් (30)

‘‘බලයට පත්වී වසරක් යන්නට පෙර අලුත් ව්‍යවස්ථාවක් ගේනවා‘‘

Kumar (Gulf) Tuesday, 17 September 2019 03:45 PM

බොරුවේ මුල...

:       0       0

samin Tuesday, 17 September 2019 03:51 PM

එතකොට දැන් ඉන්නේ බලේ නෙමෙයිද? අපි හරක් නෙමෙයි ඕවා විශ්වාස කරන්න.

:       0       0

Raveendra Tuesday, 17 September 2019 03:55 PM

පාවාදීමේ අවසාන කොටස සම්පූර්ණ කරන්න නේද මේ " " මිනිසුන්ගෙන් ඡන්දෙ හිඟමන් යදින්නේ... මව්බිම පාවාදුන්නු මෙන්ම පාවාදීමට සැරසෙන එකෙකුටවත් හොඳක් වුණාද යන්න අතීතය හොඳින් පාඩම් කියාදී ඇති බව සූත්තර පුංචාට නිතරම අමතක වෙන දෙයක්නේ..

:       0       0

සෙනෙවි Tuesday, 17 September 2019 04:01 PM

ඔව් ඉතිං රට කෑලිවලට කඩලා දීලා හරි බලයට ආවොත් ඇතිනේ...

:       0       0

Imalk Tuesday, 17 September 2019 04:09 PM

කාගේ වුවමනාවටද? මේ ඔක්කොම කොටි ත්‍රස්තවාදීන් නියෝජනය කරන දෙමළ සන්ධානයේ වුවමනාවට... ඡන්ද ටික කඩා ගන්න. මිනිස්සුන්ට ඕවා නෙමෙයි ඕනේ. දියුණු ආර්ථිකයක්, දුප්පත් මිනිස්සුන්ගේ සමාජ සුභසාධනය, හොඳ අධ්‍යාපනයක්. නීතියේ ආධිපත්‍යයක්, මේවා තමයි අද ලංකාවට ඕනේ... මෙයා හදන්නේ රටම විකුණලා හරි බලය ගන්නයි. යහපාලනේ කියලා රටම කාලා දැන් බයිලා ගහනවා. රට, ආගම ගැන කිසිම හැඟීමක් නැහැ.

:       0       0

Srimalhami. Tuesday, 17 September 2019 04:16 PM

එහ්ටකොට දැන් බලය නැද්ද?

:       0       0

මම නොවන මම Tuesday, 17 September 2019 04:17 PM

ඉතාම හොද ප්‍රවනතාවයක්. ඉතිහාසයෙ ප්‍රතම වතාවට ස්තිරසාර විසදුමක් ලැබෙයි වගේ මේ ප්‍රශ්නෙට.

:       0       0

Sirimalhami Tuesday, 17 September 2019 04:18 PM

හි ...හි... එතකොට දැන් නින්නේ බලයේ නෙමෙඉද?

:       0       0

sam Tuesday, 17 September 2019 04:21 PM

මේවා තවත් විස්වාස කරන මිනිස්සු ලංකාවේ නෑ

:       0       0

මුණසිංහ Tuesday, 17 September 2019 04:32 PM

ඇයි දැන් 5ක් හිටියා මොකද කලේ? බලයේ හිටියේ නැත්ද? මේවා මේ ද්‍රවිඩ සංධානය වෙනුවෙන් කරන කතා. හැබැයි පුතෝ මෙවර නම් ද්‍රවිඩ ජනතාව රැවැට්ටුවට සිංහල ජනතාව නම් රවට්ටන්න බැහැ.

:       0       0

surath Tuesday, 17 September 2019 05:12 PM

ප්‍රශ්නය පැන නොනගී...

:       0       0

CHANDIMA Tuesday, 17 September 2019 06:23 PM

පස්සේ මොකටද? දැනටමත් බලයේ නේද ඉන්නේ? අනික මේ ඡන්දෙටම ඒ වගන්තියත් ඇතුල් කරන්නකෝ. අපි ඡන්දෙ දෙන්නම්. බය වෙන්න එපා. දැන්නම් ගුලි ගිලලා ගිලලා ඇතිවෙලා තියෙන්නේ.

:       0       0

හිච්චිමහතිතෙයා Tuesday, 17 September 2019 07:51 PM

ඇයි දැනටත් බලයට පත් වෙලානේ ඉන්නේ අවුරුදු හතර හමාරකට.

:       0       0

banda Tuesday, 17 September 2019 08:51 PM

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ......

:       0       0

Ruhunu Tuesday, 17 September 2019 09:27 PM

ඔබතුමාගේ වැඩ කටින් විතරයි. ඔබතුමා පත්වුනොත් මුලින්ම කරන්නේ නෙලුම් කුලුන විකුණන එක.

:       0       0

beau Tuesday, 17 September 2019 11:23 PM

මෙයාට ඡන්දය දෙන්න එපා. ඔහු රට තුනට කඩනවා.

:       0       0

mp Wednesday, 18 September 2019 01:42 AM

ඹබට නැවතත් බලය පවරන්න අපිට පිස්සුද ?

:       0       0

ලංකාපුත්‍ර Wednesday, 18 September 2019 01:50 AM

ජාතික ධනය නිකරුනේ වනසන පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමද කළ යුතු කාර්යයකි.ඒ අතර උතුරේ තියෙනවා කියන අර්බුදය විසඳීමට දරුවන්ට හෝඩියේ සිටම අපහසුනම් 5 වැනි ශ්‍රේණියේ සිටවත් ත්‍රිවිධ භාෂාවන් අනිවාර්යය කළ යුතුය.ඒවාට පහසුකම් සැලසිය යුතුය. පුරවැසි සියල්ලන්ටම රටේ තිබෙන භාෂාවන් ලිවීම කියවීම හා කතා කිරීමට හැකිනම් සියලු ප්‍රශ්න විසදේවි (.කවුරුහෝ පසුගිය දිනක සිංහල භාෂාවත් බුදු දහමත් ඉගෙනීම දරුවන්ට බරවැඩියි කියා තිබුන බවක් අසන්නට ලැබීම අපේ අභාග්‍යයක් කියන්න වෙනවා.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කරන්නේ නම් ජනතාවගේ අදහස් ලිඛිතව ගන්නා ක්‍රමයක් ඇතිකර එවැනි යෝජනා විද්වත් මණ්ඩලයක් විසින් විමසා සුදුසු අදහස් ගෙන ව්‍යවස්ථාව සකස්කරන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 18 September 2019 01:56 AM

‘‘බලයට පත්වී වසරක් යන්නට පෙර අලුත් ව්‍යවස්ථාවක් ගේනවා‘‘ 2900 දි විතර වෙන්න ඇති නේද ?

:       0       0

Chathuri Wednesday, 18 September 2019 02:53 AM

කිමද? වෙන්නේ අනේ නොදැනේ... මෙයින් මතුදා.

:       0       0

Nimal Wednesday, 18 September 2019 03:00 AM

අනේ නිකන් ඉන්න මගේ දරුවෝ, අවුරුදු පහකට කර නැති වැඩ දැන් අවුරුදෙන් කරන්න කතා. අපි නම් අහුවෙයි ඕවට...

:       0       0

anura UAE Wednesday, 18 September 2019 03:17 AM

අපි කරලා බලමු .

:       0       0

SL Wednesday, 18 September 2019 03:51 AM

අම්මපා .. අවුරුදු 5ක් ගියා. කොන්දක් නැහැ රටට එක නීතියක් ගෙනෙන්න. එක එක ජාතික අන්තවාදීන්ට යටවෙලා රටේ නීතිය, සාමය පහතට දාලා දැන් එනවා අවුරුද්දෙන් නීති හදන්න. ඈ බොල, තවම ලංකාවේ ISIS කාරයෝ අල්ලලා හිරේ දාන පුළුවන් නීති තියෙනවද? නැගෙනහිර අරාබි මාර්ග ලකුණු ඉවත් කළාද? ගෙදර යන්න... කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න.

:       0       1

sharm warn Wednesday, 18 September 2019 04:12 AM

බලයට පත් වී... හිතාගෙන ඉන්නේ ආයෙමත් එන්න ලැබෙයි කියලද ? අඩු ගානේ පක්ෂේ අපේක්ෂකයාව තෝර ගන්න බැරි නායකයෙක් . කාටද මෙයාව ආයෙමත් රට භාර දෙන්න තරමට විශ්වාස කරන්න පුළුවන් ? අවුරුදු 5ක් ලෝකේ තියෙන ඔක්කොම වැරදි වැඩ කරලා අන්තිමේදී මතක් වෙලා රට සංවර්ධනය කලේ නැහැ නේද කියලා . තව අවුරුදු 5ක් දුන්නමත් ඔය ටිකම තමයි කරන්නේ . රැවටෙන්න එපා මේ ද්‍රවිඩ චන්ද ටික අල්ලගන්න ගහන තුරුම්පු වලට .

:       0       0

Manoj Wednesday, 18 September 2019 04:32 AM

දැන් එතකොට මෙයා විපක්ෂයකද ඉන්නේ...?

:       0       1

Bandula. Wednesday, 18 September 2019 04:40 AM

එතකොට මෙච්චර දවසක් මොනවද කලේ? අනේ මහන්සි නැද්ද ඔයතරම් වැඩකරන්න.

:       0       1

Lebbe Wednesday, 18 September 2019 05:08 AM

මෙයාව ඊළග පාර තේරුවොත් ලංකාව කියලා එකක් නෑ විකුණගෙන කාලම....

:       6       1

සේන Wednesday, 18 September 2019 05:35 AM

ඔව් ඔව් අදාළ අය එක්ක කතා කරලා තීරණයකට එන්න ඇතිනෙ.

:       0       1

fairoos Wednesday, 18 September 2019 06:28 AM

ආපහු බලයට ආවොත් නේ ?

:       0       1

Sidath Wednesday, 18 September 2019 06:59 AM

එතකොට දැන් බලයේ ඉන්නෙ කව්ද? අපිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 895 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 114 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 353 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 775 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 251 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 316 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site