IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘පශ්චාත් යුද සංක්‍රාන්තිය ගැන සැලැස්මක් ක්‍රියාවට නැංවිය යුතුයි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව පශ්චාත් යුද සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාල පරාසයක් සහිත සවිස්තර උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (20) ප්‍රකාශ කළාය. 

ස්වාධීන සත්‍ය සහ සංහිඳියා (ප්‍රතිසන්ධාන) කොමිසමක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව ඊට පසුව ගත යුතු වැදගත්ම පියවර විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කීවාය.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමෙන් පසුව කවුන්සිලය අමතමින් ඇය එම කරුණු සඳහන් කළාය. 

ඇය එහිදි මෙසේ ද සඳහන් කළාය.

“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සහ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනා සහ ඒවායේ නිර්දේශ සම්බන්ධයෙන් මගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියාගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීම අගය කළ යුතුයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදල හරහා අඛණ්ඩව ශ්‍රී ලංකාව තාක්ෂණික සහයෝගය ලබා දී තිබෙනවා. 

හමුදාව අත්පත් කරගෙන තිබූ උතුරේ සහ නැගෙනහිර ඉඩම් නැවත ලබාදීමේදී යම් ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් එම ඉතා වැදගත් ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම සඳහා තවත් පියවර ගත යුතුයි. 

ගෙන ඇති පියවරවලින් මීට වසර හතරකට පෙර පුළුල් ආයතනික සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් ශ්‍රී ලංකා ලබාදුන් පොරොන්දු සහ ඒවා ඉටු කිරීමේ ප්‍රගතිය පෙනී යනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ නිර්දේශ කිරීමේදී ශ්‍රී ලංකාව මීට වඩා වේගවත් විය යුතු අතර එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉටු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඉහළම නායකත්වය තුළ ඒ සඳහා පොදු දැක්මක් නොමැතිකම ප්‍රමාදවීම්වලය හේතු වූ ප්‍රධාන සාධකයක් බව පෙනී යනවා. එහි ප්‍රතිඵලයක් ශ්‍රී ලංකාවේ සියලුම වාර්ගික කොටස් ආගමික කොටස් සමාජ කණ්ඩායම් යනාදී සියල්ලට අහිතකර බලපෑම් එල්ල කරනු ඇත. 

ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නීතිය කඩ කළ බවට චෝදනා එල්ල වී තිබෙන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ තනතුරකට පත් කිරීම ද කනගාටුදායක කරුණක්.

අතීතයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත නොවීම වගබලා ගැනීමටත්, මානව හිමිකම් ආරක්ෂා කරන මානව හිමිකම්වලට ගරු කරන වගවීම සහිත සුරක්ෂිත අනාගතයක් උදෙසා සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාව නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුයි”.

නෝර්වේ, කැනඩාව, බෙල්ජියම, ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මොන්ටෙනීග්‍රෝ, ඩෙන්මාර්කය යන රටවල සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද මෙහිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. 

 



අදහස් (11)

‘‘පශ්චාත් යුද සංක්‍රාන්තිය ගැන සැලැස්මක් ක්‍රියාවට නැංවිය යුතුයි‘‘

vimukthi Wednesday, 20 March 2019 01:20 PM

ඔයාලගේ රටේ වෙන දේවල් බලන්න. ආවා මෙතන අපිට උපදෙස් දෙන්න..

:       1       401

Nishantha Wednesday, 20 March 2019 01:44 PM

වෙච්ච දේ වුණා. ඔබතුමන්ලාට, දෙමළ ජනතාවට, ඔච්චර උදව් කරන්න ඕනෑ නම් මෙහෙ ඉන්න දුප්පත් දෙමළ ජනතාවට ඒ ගොල්ලන්ගේ ජීවිතය ගොඩනගන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නකෝ. අනෙක් කරුණ තමයි ඔය පිටරට ඉන්න අවස්ථාවාදියෝ දෙමළ මිනිසුන් ගැන කතා කරන්නේ දෙමළ ජනතාවට තියෙන ආදරේට නෙමෙයිනේ... ඒ ගොල්ලන්ව ඉන්න රටවල් වලින් පිට කරයි කියන බයටනේ...

:       0       377

Thushara Sampath Wednesday, 20 March 2019 03:00 PM

ඔය පිටරට ඉන්න අවස්ථාවාදියෝ දෙමළ මිනිසුන් ගැන කතා කරන්නේ දෙමළ ජනතාවට තියෙන ආදරේට නෙමෙයි. ඒ ගොල්ලන්ව ඉන්න රටවල් වලින් පිට කරයි තියන බයට.

:       0       262

kule Wednesday, 20 March 2019 03:44 PM

ඔය කියන ක්‍රෝඑ්ශියාව මොන්ටනේග්රෝ කියන රටවල් යුගොස්ලාවියාවෙන් වෙන්කරේ ඇමෙරිකාව යුරෝපය එක්වීලයි. ඒ බියකරු යුද්ධයේදී ලක්ෂ ගණන් ජනතාවත් ආරක්ෂක හමුදාවත් මියගියා ලක්ෂ ගණන් අවතැන්වී යුරෝපයේ අනිකුත් රටවලට සංක්‍රමණය වුනා .. අපේ තිස් වසරක යුද්ධයට වඩා ඒ යුද්ධය බියකරු වුනා. එ්ත් ඔය කියන සත්‍ය සංහිඳියා කොමිසන් වගවීම් කොමිසන් යුද සංක්‍රාන්ති සැලැස්මවල් ඒ යුද්ධයෙන් පසු අනුයුක්ත කලේ නෑ. එකම දේ කලේ ඔවුන්ගේ හතුරා වූ මෙලොශේවික් ජාත්‍යන්තර යුද අධිකරණයක ඉදිරිපත් කර මරා දමපු එක විතරයි.

:       0       382

susanthaWednesday, 20 March 2019 04:27 PM

කුලේ, ඉතින් ඒකම තමයි මෙහෙත් කරවන්න හදන්නේ.

:       0       28

menna Wednesday, 20 March 2019 03:52 PM

මටත් ලංකාවේ මානව හිමිකම් ගැන ප්‍රශ්න තියෙනවා. ලංකාවේ මානව හිමිකම් පන්සලකට, පල්ලියකට ගිහිල්ලා අනේ අපොයි කියන තත්වේ... ලංකා පොදු සමාජයේ මානව හිමිකම් හරියට නිකම් ගෙදර තාත්තාගෙන් ඕනෑ එපාකම් කරවගන්නවා වගේ. ඒ කෙසේවෙතත් මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාවට කරන්න හදන්නේ දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ ජපානයට කරපුදේ. එදා පුංචි රටේ ජයවර්ධන මැතිතුමා කියපු වයිරයෙන් වයිරය නොසන්සිදේ කියපු කතාව ලොකු රටක් ලව්වා ලංකාවට කියලා දෙන්නයි හදන්නේ... මම දන්නා විදේශිකක් කියන්නේ ජපානය බේරුනේ ඉන්දියාවේ මනුස්සයෙක් හින්දා කියලලු.. ඔහු දන්නේ. ඒ තරමටම ලංකාවේ මිනිස්සු කරපු හොඳ දේවල් යට ගැහිලා. ඉන්දියාවේ කොඩියේ පාට ලංකා කොඩියෙත් තියෙන එකේ ඒ ගොල්ලන්ට හිතෙනවා ඇති ලංකාවයි, ඉන්දියාවයි එකයි කියලා...

:       0       95

ravi Wednesday, 20 March 2019 06:09 PM

මෙයාලව ආපහු හරවලා යවන්නයි තියෙන්නේ. ඉරාකයට, ලිබියාවට, සිරියාවට පුලුවන්නම් ජර්මනියටත් එවන්න... ජර්මනියේත් මෙයාලව ඉතා ඉක්මනින් අවශ්‍ය වෙලා තියනවා. මේ ඔක්කොම යටිකුට්ටු හොරු !!!

:       7       105

මම සපුමල් Wednesday, 20 March 2019 06:09 PM

මේ කියන කතා ඔක්කොම අපි පිළිගන්න ඕනේ නැහැ. ඒත් රටක් පැවැත්මට වැදගත් වෙන දේවල් පිළිගැනීමට තරම් අපි බුද්ධිමත් විය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තීන්දු තීරණ ගැනීමට පුර්ණ බලතල තියෙනවා. රටේ ආර්ථික තත්වය, භූ දේශපාලනික වැදගත්කම, විදේශ වෙළදාම, අපේ ණය බර ආදී ඒ කිසි දෙයක් මෙහිදී අමතක කරන්න බැහැ. අපිට ඕනේ ඕනේ දේවල් කරන්න බැරි බව රාජපක්ෂලා ආණ්ඩුව දාලා දිව්වා එකෙන්ම පෙනුනා. මෙහිදී අප වැඩ කල යුතු වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව, ඔලුවෙන් මිසක්, අක්මාවෙන් නෙමේ. මම සපුමල්

:       297       176

Mama Kidaaram Mal.Thursday, 21 March 2019 02:34 AM

සුවඳවත් සපුමලකට මුවාවී මේ ගඳ ගසන කීඩාරම් මල ඊයේ පෙරේදා සිට අප සිත් ගඳ ගැස්සුවා. මේ සංවිධාන වලින් මේ රට විනාශ කරන්න දඟලන බව මොහුට පේන්නේ නැහැ. ඔය කියන රට රතු ඉන්දියානුවන් සමුල ඝාතනය කොට බලෙන් ලබාගත් කිලිටි හා ලේ තැවරුණ අය අපේ මානව හිමිකම් සොයනවාට වඩා රතු ඉන්දියානුවන්ගේ සමුල ඝාතනය ගැන සොයා බැලුවහොත් වඩා වැදගත් නේද ? සපුමලකට මුවා වූ මේ කීඩාරම් මල තමන්වද රවටවා ගෙන රටද රවටන්න හදනවා. මෙහෙමත් අනුවණයන්. අපි රැවටෙයි ඕවට. අනේද කියන්නේ ?

:       1       107

Amith Thursday, 21 March 2019 05:35 AM

අපේ රටගැන පුදුම අමාරුවක් මේ අයට තියෙන්නේ . මගේ යෝජනාව නම් ශ්‍රී ලංකාව ඔය මානවහිමිකම් සංවිධානයෙන් ඉල්ලා අස්විය යුතුයි‘ නැවතත් අනුන්ට අත නොපාන ජාතියක් බවට පත්විය යුතුයි......

:       0       0

දිලුම් Thursday, 21 March 2019 06:37 AM

කට වහගෙන ඉන්න මිචෙල් බැචලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 97 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 228 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 983 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 310 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 286 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site