IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම  සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ අරලියගහ මන්දිරයේ ඉකුත්දා පැවැති සාකච්ඡාවෙන් පසු මෙම කමිටුව පත් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් ඊයේ පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපති සිහිනය බොහෝ දෙනෙක්ට තිබෙන නමුත් දිනන  අපේක්ෂකයා කවුදැයි හඳුනා ගෙන ඔහුට සහයෝගය ලබාදිය යුතු බවයි.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ලංකාදීපයට අදහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කීවේ අපේක්ෂකයන් නම් කිරීම ප්‍රමාද කරන්නේ අගමැතිවරයා නොව ජනාධිපති සිහින ඇති ඇමතිවරුන් කීප දෙනෙකු බවයි.

ඇමතිවරුන්ගේ සිහින වලට වඩා මුල් තැන දිය යුත්තේ පාක්ෂිකයන්ගේ සිහිනවලට බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මේ ප්‍රශ්නය ඇදගෙන යනවා නම් එලෙස ප්‍රමාද කරන්නේ කවුදැයි රට හමුවේ හෙළි කරන බවද පැවසීය. සැබැවින්ම විනය පරීක්ෂණ තැබිය යුත්තේ පක්ෂට වින කටින පිරිසට  බවද නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසීය.



අදහස් (12)

‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘

osada Monday, 16 September 2019 04:45 PM

කමිටු වාර්තා ලැබුනා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ... !!!

:       0       0

nihal Monday, 16 September 2019 08:19 PM

කමිටු වාර්තා... තමුන් බබා උක්කුන්ද... නොහැකියාවෙන් පෙලෙනා තමුන් ඉවත්වී හැකියාවක් ඇති කෙනෙකුට දෙනවා...

:       0       0

Ithali Alwis. Monday, 16 September 2019 11:53 PM

කවුරු කොහොම කිව්වත් කිරිඇල්ලත් හොඳ පුද්ගලයෙක්.

:       0       0

Sanka Tuesday, 17 September 2019 04:23 AM

අද මුළු රටම දන්නවා ඔය කමිටු ගැන.මොකද ඔය කමිටු දාලා මෙයා කල් මර මර ප්‍රශ්නය මගහරිනවා. දෙන්නම දැන් මහලු වයසේ. අද රටට ඕන මහල්ලන් නෙමෙයි. තරුණ ජවයක් තියෙන රටම ඉල්ලන දුප්පතාට සේවයක් කරන සජිත් පමණයි.

:       1       520

sirisenaTuesday, 17 September 2019 05:21 AM

තරුණ ජවය තිබුනට මදි. මොළෙත් තියෙන ඕන.

:       319       184

sena Tuesday, 17 September 2019 04:49 AM

කව්රු නම් කරත් කමක් නැහැ සජිත් නම් එපා ...

:       168       6

rangaTuesday, 17 September 2019 06:15 AM

මොකෝ සජිත්ට ඔච්චරටම බය? ගෝඨාභයට පරදින්න වෙන බව දන්නා නිසාද ?

:       35       102

sisiraTuesday, 17 September 2019 07:12 AM

අවරුදු ගානක් රට නැති කරපු අයට අයේ ඡන්දෙ දෙන්නේ රටේ ඉන්න බත් කන හරක් විතරයි. බුද්ධිය තියෙන කිසිම කෙනෙක් මෙයාලට දෙන්නේ නෑ. අපිත් 2015 රැවටුනා මෙදා ඡන්දෙදි බලන්න පුළුවන් රටේ ඡන්දදායකයින්ගෙන් සිීයට කියක් බත්කන හරක්ද කියල ?

:       36       415

priyaniTuesday, 17 September 2019 08:50 AM

නැහැ. සජිත් අවොත් සිරිසේන අවට දෙවෙනි නොවන නිසා. ජාතික නායකයෙකුට තිබිය යුතු ගුණාංග නොමැති නිසා.

:       0       0

Mahee Tuesday, 17 September 2019 07:58 AM

ඔබතුමාම පත් කල කමිටුවක් නිසා මට නම් හිතාගන්න පුළුවන් යෝජනා වෙන්නේ කාගේ නමද කියල. සජිත්වත් ඔය කමිටුවට දැම්ම නම් තමයි හොඳ. ඔහු ඔබතුමාගේ නමත් යෝජනා කරයි නේද? එහෙමනේ හොඳ ළමයි.

:       0       0

kamal Tuesday, 17 September 2019 08:18 AM

කමිටු වාර්තාව ලැබුණු සැනින් තව කමිටුවක් පත් කරන්න වාර්තාව විමර්ශනය කරන්න. විමර්ශනය ඉවර උනාට පස්සේ තව කමිටුවක් පත් කරන්න විමර්ශන කමිටුව ගැන වාර්තාවක් ලබාගන්න. ඒ වාර්තාව ලැබුනට පස්සේ තව කමිටුවක් පත් කරන්න ඒ වාර්තාව විමර්ශනය කරන්න ......ඔය විදියට කරගෙන යන්න.

:       0       0

Appu Tuesday, 17 September 2019 08:54 AM

අනේ සිසිරගේ මොලේ. රට කෑවේ මේ රජය පමණක් නොවේ,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 786 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1778 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2052 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1089 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 292 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2243 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site