IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘‘19 ය පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක්‘‘

(අංජුල මහික වීරරත්න ආණමඩුවේ සිට)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යනු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම සඳහා පක්ෂ බේදයකින්  තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක් යැයිද එය විවේචනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැත්තේ කාටදැයි ඉතා පැහැදිලිව පෙනෙන්නේයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණමඩුවේදී අද (22) පැවැසීය.

ව්‍යවස්ථාදායක සභාව කරන පත්වීම් හෝ ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් නොකරන්නේ 1947 වසරේ සිට පැවතෙන අතීත සම්ප්‍රදාය අනුව බව කී අග්‍රාමාත්‍යවරයා මෙරට අධිකරණ සේවා කොමිසම මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ පත්වීම් දෙනවිට හෝ ප්‍රතික්ෂේප කරන විට 1947 වසරේ සිට කිසිඳු හේතුවක් ඉදිරිපත් නොකළ බවද කීය.

මේ තත්ත්වය වෙනස් කරන්නට ගියොත් අධිකරණ සේවා කොමිසම දෙන සෑම තීරණයකටම හේතු දෙන්නට වනු ඇතැයිද එවිට විවිධ වාද විවාද ඇතිවීම වැළැක්විය නොහැකියැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ආණමඩුව නවගත්තේගම සහ කරුවලගස්වැව සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ආණමඩුව රෝහල් භූමියේ පැවැති ජන රැළියේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න,පාඨලී චමිපික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගෙ බණ්ඩාර යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.  

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 

 



අදහස් (15)

‘‘19 ය පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක්‘‘

රජින්ද Friday, 22 February 2019 02:03 PM

මහමැතිවරණය පවත්වන්න එපා කියමින් රට අස්ථාවර කල මේගොල්ලෝම අනික් අයට ඇගිල්ල දික් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින්...

:       985       1420

Raveendra Friday, 22 February 2019 02:48 PM

අනේ මෙහෙමත් විකාර...

:       316       1114

Hafeel Friday, 22 February 2019 03:29 PM

මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා අදාළ පනත්වල මොනවාද අන්තර් ගත වෙලා කියල කියවල බලනවනං, මා දන්නා තරමට 13, 18, 19 සම්මත වෙනවද? අනික ඔතන කී දෙනක්ටද කියවීම හා තේරුම් ගැනීම හැකියාව තියන්නේ. අර ගිය පාර්ලිමේන්තුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආපු නළුවක්ගෙන් මාධ්‍ය 18 ගැන විමසුවිට, 18 ගැන එයා දන්න නැතිලු. නමුත් 18 ට පක්ෂව ඡන්දය දුන්නලු. ඉතින් ආයිත් අහන්නම ඕනද.

:       44       1092

Hafeel Friday, 22 February 2019 03:30 PM

ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් අනිවාර්යයි .

:       195       838

ආර්.වික්‍රමසිංහ.Friday, 22 February 2019 04:47 PM

නැතිනම් මොනවා කරන්නද? ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.

:       8       21

විජිත් Friday, 22 February 2019 08:31 PM

නැත්නම් අපිව කොහාකට අරන්යනවද මහත්තයෝ..?

:       0       5

Bamunuarachchi Friday, 22 February 2019 04:33 PM

කාටද ඔය කියන්නේ අර 62 ටද?

:       51       960

කාවින්දි Friday, 22 February 2019 07:45 PM

අන්තිම ෆොටෝඑක මට අල්ලන්නේ නැහැ. පුතේ පරිස්සමින්.. සමනලයින් හැම තැනම.

:       15       38

අචලාSaturday, 23 February 2019 12:29 PM

දෙන්නෙක් ඉන්නවා. ආපෝ... අතගානවනේ.

:       16       0

yaha Saturday, 23 February 2019 12:11 AM

19 ගැන ලොකුවට කිව්වට ඇත්තෙන්ම ඕකේ වුනේ ජනාධිපතිගේ බලය අඩුකරලා පාර්ලිමේන්තුවට බලය ගියා සහ එමගින් සුළු පක්ෂවලට තියන තැන වැඩි වුණු එක... කොටින්ම කියනවා නම් දෙමළ සංධානයට තියෙන බලය වැඩිවුණා. මේ සියලු දේ සිද්ද වුනේ ජාත්‍යන්තරයට වුවමනා විදිහට... කොටින්ම කියනව‍ා නම් දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට... මේ දේ කරේ රනිල් ගේ තියන් විදේශ ගැති ප්‍රතිපත්ති නිසා.. අනික මේක සිද්ද වුනේ ශ්‍රී ලංකාවේ UNDP කාර්යාලය මගින් ගෙන ගිය රහසිගත ව්‍යාපෘතියක් මගින්... මහින්ද ඉන්නකන් මේක කරන්න බැරි වුණා. ආණ්ඩුව මාරු වුණු ගමන් UNDP එක මේ වැඩේ පටන් ගත්තා.. සම්මත කර ගත්තා.. මොන දේ වුනත් ජාතිවාදය නිසා නෙමේ සිංහලයන්ට තියන අවස්ථාව ක්‍රමයෙන් නැසී යන එක වෙන්නේ.. ඉතින් සිංහලයෙක් විදිහට කණගාටුයි... මේ දෙය පක්ෂ දේශපාලන ඇසින් බලන එක හොඳ නැහැ... ස්වාධීන රටක් විදිහට හිතන්න ඕනේ... දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට සහ ඒ ගොල්ලන්ගේ වුවමනාවට බටහිර රටවල් වල ඇඟිලි ගැසීම් අනුව වෙන දේවල්... නැතුව රටේ ඉන්න නියම දෙමල අයට එහෙම අවශ්‍ය නැහැ... රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් හරි... සුළු, මහා ජාති කියලා නැහැ ...මොන ජාතිය හිටියත් නීතිය එකයි..

:       137       673

රසිකSaturday, 23 February 2019 05:45 AM

නිකන් සුරංගනා කතා ගොතන්නේ නැතුව ඉන්න මහත්තයා.. ඔයාලගේ මහලොකු පක්ෂෙ ඔක්කෝම ඕකට අත උස්සලා සම්මත කලේ මොකටද එහෙනං. ඇයි එයාලා තොත්ත බබාලද?

:       321       163

Bandara Saturday, 23 February 2019 05:53 AM

නියමයි යහා.. සහතික ඇත්ත...

:       19       82

smn Saturday, 23 February 2019 06:07 AM

2015දී රටේ ජනතාව මේ අය‍ට ඡන්දෙ දුන්නේ විශේෂයෙන්ම එවකට බලාත්මකව පැවතුණු දුර්දාන්ත 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කරලා 19 වන සංසෝධනය ගෙනෙන්නයි.. දැන් ඔය 19 සංසෝධනයේ යම්යම් අඩුපාඩු තියෙන්න පුළුවන්… ඒ අඩුපාඩු හදා ගන්නවා මිස එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම බරපතළ මෝඩකමක්...

:       241       159

Raveendra Saturday, 23 February 2019 06:50 AM

නොදකින් ඇරියොත් කට බොරුමනේ... පින් මාම රවටනවා ගොට්ටන්වත් ලඟ ඉන්න... අපි නැහැ රැවටෙන්නේ ඔය ගැටවලට...

:       0       54

Rata Perata Saturday, 23 February 2019 08:42 AM

ඔබ කියන දේ ඇත්ත. එත් ආඳා වගේ නැතුව ඉක්මන් තීරණ අරගෙන 2015 දීපු පොරොන්දු දැන්වත් ඉටු කරන්න. තාම පල් හොරු, වීරයෝ වගේ ඉන්නවා පේන්නේ නැද්ද?

:       74       9

ඔබේ අදහස් එවන්න

දියත

‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 352 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 168 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1087 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 346 0

රත්මලාන බොරුපන සමගි මාවත කාමරයක් තුළදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 898 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 1106 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site