(මුදිතා දයානන්ද)
ජනපතිවරණයේ සියලූ අපේක්ෂකයින් නම් කළ පසු, රටේ නායකත්වයට සුදුස්සෝ කවුදැයි නම් කරන ලෙස අපේක්ෂකයින් පත්කිරිමට නිර්දේශ ඉදිරිපත් කළ මහානායක හිමිවරු ඇතුළු සියලූ ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (15) පැවසූහ.
එසේ කළ නොහැකි වන්නේ නම් ආගමික නායකයින්ගේ නිර්දේශ සහිත ලියවිල්ල මේ රටේ තවත් එක ලියවිල්ලක් පමණක් බවට පත්වෙනවා යැයි ද උදිත හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසූයේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය හමුවකදීය.
තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවසූහ.
මේ වසර අවසානය හා ලබන වසර මුල් භාගය කියන්නේ මැතිවරණ කාල වකවානුවක් බව පැහැදිලි සත්‍යයක්. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන කතා බහකුත් දැන් ඇවිත් තිබෙනවා. ඒක පැවැත්වුවත් නැතත් ජනාධිපතිවරණය කල්දාන්න බැහැ. එයින් පසුව මහමැතිවරණයක් එනවා.
මේ මොන මැතිවරණය පැවැත්වුවත් තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයින් සතු විය යුතු ගුණාංග පිළිබඳව අපේ රටේ මහානාහිමිවරු ඇතුළු සියලූ ආගමික නායකයින් එක්ව නිර්දේශාවලියක් සකස් කර තිබෙනවා. මේ නිර්දේශාවලිය පසුගිය 6 වෙනිදා සියලූ පක්ෂ නායකවරුන්ට පිළිගන්වනු ලැබුවා. මෙය පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරමින් මේ ආගමික නායකයින් නොකියා කිව්වේ මෙතෙක් උඹලා පත් කළ අපේක්ෂකයින් මේ රටට සුදුසු අය නොවන බවයි.
ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කළ යුත්තේත් ඒ නිර්දේශවලට අනුවයි. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කර තිබෙනවා. 18 දා වෙනිදාට ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපි ජාතික භික්ෂු පෙරමුණත් එම අපේක්ෂකයාට සහය දෙන්න තීරණය කර තිබෙනවා. මේ නිර්දේශවලට අනුකූල අපේක්ෂකයෙක් තමයි අපි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්නේ.
මේ නිර්දේශවලට අනුකූල අපේක්ෂකයින් කවුද කියලා මහානාහිමිවරු ඇතුළු ආගමික නායකයින් රටට පැවසිය යුතුයි. එසේ නොවුණහොත් මේ ලියවිල්ලත් තවත් එක ලියවිල්ලක් පමණක් බවට පත්වෙනවා වගේම ආගමික නායකයින්ගේ ප්‍රකාශත් විහිලූවක් බවට පත්වෙනවා. ඒ නිසා අපි සුදානම් 18 වැනිදායින් පසුව මේ ලියවිල්ලට අත්සන් තැබූ ආගමික නායකයින් සියලූ දෙනා මුණ ගැසී තමන්ගේ නිර්දේශවලට අනුකුළ අපේක්ෂකයින් කවුදැයි නම් කරන ලෙස ඉල්ලීමක් කරන්න.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘සුදුස්සෝ කවුදැයි නම්කරන්න’