IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘සැබෑ දමිළයෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ’

(රොමේෂ් මධුෂංඛ)

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පළාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනයේ පිහිටි නිවසේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මහතා මෙසේ කීය.

‘සැබවින්ම දෙමළ ජාතිකයකු නම් කිසිදිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන්නේ නැහැ. මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා. ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක් එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි. එමෙන්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි. එවැනි පුද්ගලයකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළැයි ද යන්න නම් දන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදාවෙනවා. ඒ නිසා ඔහුට ඡන්දය ලබා දෙන්න කියලා කියන්නෙත් නැහැ. කිසිම තැනක කියලත් නැහැ. ඒ මගේ ස්ථාවරය" යනුවෙනි.



අදහස් (36)

‘සැබෑ දමිළයෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ’

Amila Sunday, 18 August 2019 04:48 AM

සමහරු ජාතීවාදේ ආගම්වාදේ පතුරුවනවා රට වටේම. මෙවැනි අන්තවාදීන්ගේ ඉල්ලකය අලුත්ම තරුණ චන්ද. මොකද ඒ අයගේ ඔලු හෝදන එක ලේසී නිසා... අනිත් පිරිස තමයි ගෙවල් වල උඩ බලන් ඉන්න පිරිස. ඕන කුණු ගොඩකට අහුවෙනවා.

:       3       68

chandanaSunday, 18 August 2019 07:10 AM

මෙතනට නිවැරදිම අර්ථකථනය තමයි සැබෑ ත්‍රස්තවාදියෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නැහැ කියන එක...

:       0       0

AsankaSunday, 18 August 2019 07:19 AM

දෙමළ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සියලුම ශ්‍රී ලාංකිකයින්ටත් ඉන්න වෙන්නේ අඳුරු යුගයක. මොහු හදිස්සියේවත් ජනාධිපති වුණොත් මුළු රටම ලෝකයෙන් කොන්වෙලා රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.

:       0       0

RaveendraSunday, 18 August 2019 10:04 AM

අමිල ඔබගේ අදහස් යම් තාක් දුරට නිවැරදිය. සැබෑ දමිළයන් මෙලේච්චයන් නොවන්නේය. තවද සැබෑ දමිළයන් හොදින් කාලගුණ සලකන්නේය .

:       0       5

Sugath Premalal Sunday, 18 August 2019 05:03 AM

සියලුම සිංහල ජනතාව දැන් ඉන්නේ එකට... එය කාටවත් වෙනස් කරන්න බැහැ... ජාතිවාදී අදහස් අතහැර දමා රට, ජාතිය, රටේ ආරක්ෂාව ගැන හැමදෙනාම එකා වගේ සිතන්න.

:       25       294

DilanSunday, 18 August 2019 06:17 AM

මේ වගේ සුළුජාතීන් එක්ක ජීවත් වෙන්න ලැබීම අපේ අවාසනාවක්...

:       5       82

ගල්කටස් Sunday, 18 August 2019 05:04 AM

මෙක බෞද්ධ රටක්.. තමා මහත්මයා. ඔයා නියම ජාතිවාදියා මෙහෙමත් මනුස්සයෙක් රටේ නීති කුමන අයුරකින් අවභාවිතා කළාද දන්නේ නැහැ. කොහෙන්ද මන්දා වෙන රටකින් කඩා පාත්වෙච්ච ජාතීන් අපිටම කෙලින්න හදනවා. එපා නුඹලාගේ ඡන්දෙ අපි පත් කරගන්නම්... මේක තමා එකම හොඳම අවස්ථාව සිංහලයින්ගේ බලය ලෝකයටම පෙන්වන්න...

:       282       539

Bamunuarachchi Sunday, 18 August 2019 05:12 AM

මේ රට සිංහල බෞද්ධ රටක් කියා සිතන සෑම සිංහලයෙක්ම ගෝඨාභයට චන්දය දිය යුතුයි. සමහරු කියන විදිහට සිංහලයා ශ්‍රී ලාංකිකයෙකු නොව මේ සිංහල අපගේ රටයි කියා සිතා සිංහලයෙකු විය යුතුයි. එසේ නොසිතන සිංහලයා සිංහලයෙකු නොවේ. සමහරු කරන්නේ සිංහල ඡන්දය බෙදා කොටස් කර සුළුජාතීන්ට බලය ලබා දීමයි.සමහරු කරන්නේ සුළු ජාතින් සමග මහ ජාතිය වන සිංහලයා සම කිරීමයි.

:       341       911

Kumar Sunday, 18 August 2019 05:14 AM

ඔබ කියන දෙය නිසා තමයි අපි අපේ ඡන්දය ඔහුට දෙන්නේ.

:       55       415

Ruwan Sunday, 18 August 2019 05:34 AM

එතකොට ළමයි සිංහල අයට බන්ඳලා දුන්නේ....

:       1       102

BamunuarachchiSunday, 18 August 2019 07:01 AM

අනේ මහත්තයෝ ඒවා අනවශ්‍ය ප්‍රශ්න... විග්නේශවරන්ගෙන් උනත් දේශපාලනයට සම්බන්ධ ප්‍රශ්න අහමු .

:       1       15

Ruhunu Sunday, 18 August 2019 05:35 AM

ජාතිය ගැන නොහිතා රට ගැන හිතන්න පුරුදු වෙන්න.මොකද ඔබත් මේ රටේ පුරවැසියෙක් නිසා...මොනවා උනත් ඔබ සැම අද මරබියෙන් තොරව ජීවත් වෙන්නේ ඒ මිනිසුන් නිසයි.

:       78       283

thusharaSunday, 18 August 2019 11:57 AM

ඔයාගේ අදහස අනුමත කරන්න බැහැ. සිංහලයා පමණි රට ගැන හිතල වැඩ කරන්නේ. අනිත් ජාතින් වැඩ කරන්නේ ඔවුන්ගේ වර්ගය බෝ කිරීම උදෙසා.

:       0       105

Abey Sunday, 18 August 2019 05:43 AM

සමගියෙන් සාමයෙන් සතුට ලබන්න පුළුවන්. මේවා වෙනස් කරන්න බෑ.

:       0       30

chris Sunday, 18 August 2019 05:44 AM

වාසු මස්සිනා මොකද කියන්නේ?

:       0       125

dare Sunday, 18 August 2019 05:47 AM

මේ දේශපාලුවෝ බලන්නෙම රට ආගම, ජාතිය අනුව බෙදල එයාලගේ ඡන්ද ගොඩවල් තරකර ගන්න. 225ම එපා කියන මිනිස්සු අපහු කෑලිවලට බෙදන්න. නුඹලා මේ රටට සාපයක්...

:       0       60

jagathwana Sunday, 18 August 2019 05:59 AM

අපි ගෝඨාව ගේන්නේ නුඹලා වගේ ජාතිවාදය පතුරන වපුරන අය යවන්න තමයි. (අහිංසක දෙමල ජනතාව හැර), මේ අර සහරාන්ට එහාවෙනවා. මේ ලංකාව සිංහල බෞද්ධයින්ගේ තමයි, උතුරත් දකුණත් නැගෙනහිරත් එක්ක මුළුරටම...

:       96       655

Thilina Sunday, 18 August 2019 06:00 AM

මේ හේතුවම ඇති ගෝඨාභයට ඡන්දය දෙන්න. මේ රට සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන තාක් අනෙක් සියළු ජාතීන්ට නිදහසේ ඉන්න පුලුවන් වෙයි.. සිංහලයා කවදාවත් තමන්ගේ ආගම වෙනුවෙන් මිනී මරන්නේ නැහැ.. අනික් ආගමික සිද්ධස්ථාන බලෙන් අල්ලගන්නෙත් නැහැ.

:       36       361

Soma dubayi Sunday, 18 August 2019 06:11 AM

අපිත් ඔහුට ජන්දේ දෙන්නේ නෑ. අපි ජන්දෙ දෙන්නේ සහජීවනය.සංහිඳියාව ඇති කරන යහපාලන අපේක්ෂකයෙකුට.

:       397       125

ගල්කටස් Sunday, 18 August 2019 06:38 AM

හ්ම්... හ්ම්... ඩුබායි ඉඳන් වෙන්ටෑ ඡන්දෙ දෙන්නේ...

:       2       80

Chanak los angelesMonday, 19 August 2019 08:40 PM

2005 මැතිවරණයේදී ඇමරිකානු පුරවැසියෙක් ලෙස සිටිමින් නීති විරෝධීව ලංකාවේ ඡන්දය පාවිච්චි කළා නම් මොහුට බැරිද ? අන්න ඒ වරදටත් පරීක්ෂණයක් අත ළඟ ..

:       0       0

යාපා Sunday, 18 August 2019 06:18 AM

ගෝඨාභය දෙමළ මිනිස්සුන්ට කරපු වරද යුද්ධය ඉවරකරපු එකද? මේ වගේ කාලකන්නි නායකයෝ නිසා තමයි අහිංසක දෙමල මිනිස්සු රැවටෙන්නේ...

:       33       314

shan Sunday, 18 August 2019 06:35 AM

අපට කාගෙවත් ඡන්ද එපා. ගෝඨාභය මහත්තයා දිනන හැටි බලාගෙන ඉන්න.

:       109       156

de silva Sunday, 18 August 2019 06:46 AM

ගොඨා ආවත්, නැතත් නිකන් බොරුවට උඩ පනිමින් ජතිවාදය අවුස්සන නුඹලා වගේ දේශද්‍රෝහී ජාතිවාදීන් ඉදිරියේදී සුදු වෑන්වල යැවීමට සිදුවෙනබව කණගාටුවෙන් මතක් කරදෙමි.

:       61       25

සෙනෙවි Sunday, 18 August 2019 06:49 AM

මේ වෛරය ඇති වෙන්න ඇත්තේ තම දරුවන් සමග දීගගිය සිංහල පවුල් සමග ඇති ආරවුලක් නිසා වෙන්න ඇති ...

:       0       80

Bandula. Sunday, 18 August 2019 06:53 AM

මේ වගේ අය තමා මේ රටේ ඉන්න අහිංසක මිනිසුන්ගේ ඔලුවට ත්‍රස්තවාදය පතුරවන්නේ.කොළඹට ඇවිත් සුර සැප විදිනවා. කඩේ යන අයටත් ගහල එලවන්න ඕනේ.

:       0       47

kule Sunday, 18 August 2019 07:04 AM

ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ව අනුමත කරන අයෙක් සිටීද? ඔහු ගෝඨාට විරුද්ධ වීම පුදුමයක්ද නොවේ...

:       0       0

de silva Sunday, 18 August 2019 07:08 AM

ගෝඨාභය, ෆොන්සේකා සහ මහින්ද ඇතුළු පිරිස ඔය යුද්ධය ඉවර කරන්න කටයුතු කලේ නැත්නම් පසුගිය අවුරුදු 10ක දෙමළ මිනිස්සු කී දාහක් උතුරේ මැරෙනවද? පසුගිය අවුරුදු 10ක ගෙවල් දොරවල් හදාගෙන කොපමණ සතුටෙන් ඔවුන් දිවි ගෙවනවද? මේවා විග්නේශ්වරන්ට තේරෙන්නේ නැත. ඔහු නම් කොළඹ 7 ගෙදරට වෙලා සතුටෙන් දිවිගෙව්වා..

:       0       0

teen tan Sunday, 18 August 2019 07:36 AM

නයි කයිද රෝස්පාන් ....

:       0       1

Prabha Sunday, 18 August 2019 08:23 AM

ඕකට තමා මහත්තයෝ කියන්නේ බොරදියේ මාලු බෑම කියලා.

:       0       3

සනත් Sunday, 18 August 2019 08:31 AM

සැබෑ සිංහලයෝ නම් ජාතිවාදයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න ඕනෙ.ඉන්දියාවේ ජනතාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් ,අන්තවාදයට එරෙහිව ඡන්දෙ දීලා දැන් අති ප්‍රබල මහ ආණ්ඩුවක් හදාගත්තා.ඉන් කළ දේ කාශ්මීරයේ අන්තවාදින්ට තිබුන ස්වයං පාලනය ඉවත් කිරීම වගෙ රටේ අනාගතයට බලපාන කරුණු ඉටු කරගත්තා. මේ අන්තවාදින්ට එරෙහිවත් සිංහල ඡන්ද එක් විය යුතු අන්තිම අවස්ථාව මේකයි.

:       103       42

සේනාරත්න Sunday, 18 August 2019 08:35 AM

විග්නේෂ්වරන් යනු දෙමළ ජනතාව ම නොවන බවත් බදුර්දීන් ,හකීම්..යනු මුස්ලිම් ජනතාව ම නොවන බවත් ගෝඨාභය යනු සිංහල ජනතාව ම නොවන බවත් තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් සියල්ල විසින් තමා අයත් ජනවර්ගයෙහි එකම නියෝජිතයන් ලෙස අදහස් දක්වමින් තමන්ගේ ඡන්ද පදනම රැකගන්න ජනතාව ඇවිස්සීම කලාවක් බව පෙනේ .සිංහල ජාතියේ ම පමණක් නායකයෙක් බිහිවෙිවා යන්න යතාර්ථයක් වීමට නම් මිනිස්සු දහස් ගණනක් මරපු අය වෙනම ඊලාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළ අය කෙලෙසද ගෝඨාභයට සහයදෙන්නෙ...ජනතාව බුද්ධිමත් වියයුතුය .සියලු ජනතාවට එකට ජීවත් වන්න පහසු රටක් වෙනුවෙන් කැපවෙමු. බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න රටේ ඇත්තටම විය යුත්තේ එයයි.

:       37       2

සේනාරත්න Sunday, 18 August 2019 08:35 AM

සියලු ජනතාවට එකට ජීවත් වන්න පහසු රටක් වෙනුවෙන් කැපවෙමු. බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න රටේ ඇත්තටම විය යුත්තේ එයයි.

:       30       0

siri Sunday, 18 August 2019 08:36 AM

මෙයා "කොරහේ කිඹුල්ලු දකිනවා".......

:       0       1

Aris Sunday, 18 August 2019 09:28 AM

උතුරේ ජනතාවට චන්ද අයිතිය ලැබුනෙත් ගෝඨාභය යුද්ධ කරවපු නිසා බව මතක තබා ගත යුතුයි. මෙතුමා මොනවා කිවත් උතුරු නැගෙනහිර පළමු මහ ඇමතිගේ සහයත් ගෝඨාභයටයි. ලැබූ නිදහස ආරක්ෂාකර ගැනීමටත්, සංවර්ධනය වැඩි දියුණු කර ගැනීමටත් සිතන ජනතාව මොහුගේ මතයට ගරු කරන්නේ නැහැ.

:       0       48

Bandara Sunday, 18 August 2019 09:55 AM

ගෝඨාභය දින්නොත් හොඳයි.

:       97       108

ඔබේ අදහස් එවන්න

දියත

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 33 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 12 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 103 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 17 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1685 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 497 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site