IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සජිත් අනිවාර්යෙන්ම ජනපති වෙනවා: ඒ ගැන සැකයක් නෑ’

 සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අනිවාර්යයෙන් ජනාධිපති වන බවත්, ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැති බවත් තලතා අතුකෝරල මහත්මිය ඊයේ (20) ප්‍රකාශ කළාය.

තමන් ඇතුළු සියලු දෙනා බලා ඉන්නේ එය සිදුවන තුරු යැයි කී අමාත්‍යවරිය, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ද ඇතිව ප්‍රේමදාස මහතා මෙම අවස්ථාව ලබාගන්නේ යැයි  සඳහන් කළාය.

දුප්පතාගේ දුක හඳුනන, පොළවේ පය ගසා සිටින, ජනතාව වෙනුවෙන් කැප වන නායකයකු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති කරන්න තමන් ඇතුළු පිරිස කැප වන බව ද ඇය කීවාය. අතුකෝරළ මහත්මිය මේ අදහස් පළකළේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, බුංගිරියේ ඉදිවූ 204 වන ආදර්ශ ගම්මානය වන කටුරොද ගම විවෘතකිරීමේ උත්සවයේදීය.

එම උත්සවය නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම උත්සවයේදී ඇමැතිවරිය කළ කතාව සහිත නිවේදනයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබූ අතර, එය පදනම් කර ගනිමින් මෙම ප්‍රවෘත්තිය සැකසිණි.

 



අදහස් (42)

‘සජිත් අනිවාර්යෙන්ම ජනපති වෙනවා: ඒ ගැන සැකයක් නෑ’

Latha Friday, 21 June 2019 08:40 AM

දැන් ඔයාද ලංකාවේ සේරමලගේ ඡන්දෙ දන්නේ මැඩම්...

:       128       556

RaveendraFriday, 21 June 2019 10:21 AM

ලතා මහත්මිය වෙත, ලෝකේ කිසිදු රටක එල හරකුන්ට එල දෙනුන්ට මැඩම් නොකියන බව ඔබට නොදනිම කනගාටුවකි.

:       1       149

වීරවිජේFriday, 21 June 2019 10:54 AM

ආ එහෙනම් ඡන්දෙ තියන්න ඕන නැහැ. අපිට ඔබතුමියව විශ්වාසයිනේ...

:       0       67

ධනුෂ්කFriday, 21 June 2019 02:17 PM

කොහෙද ලංකාවෙද?

:       0       1

chandimaFriday, 21 June 2019 03:55 PM

අනේ එයාට මොකුත් කියන්න එපා.. මේ හැඳි මිටේ නුවණින් කියන පුද්ගලික මතයනේ...

:       0       3

BamunuarachchiMonday, 24 June 2019 02:40 AM

මැඩම්? ඔය මානසිකත්වයෙන් ගොඩ එන්න බැරිවීම ජාතියේ අවාසනාව. කරුණාකර සර් මැඩම් මානසිකත්වයෙන් මිදී අපි වගේ නමින්, විශේෂයෙන්, දේශපාලකයින් අමතන්න.

:       0       0

chamath Friday, 21 June 2019 08:54 AM

ගෝඨාභය මිසක් වෙන කිසිම කෙනෙක් ජනාධිපති වෙන්නේ නැත.

:       2089       4158

පුරවැසියාFriday, 21 June 2019 09:56 AM

ජනපති වීමට ගෝඨාභයට ඇති සිහිනය සහ ගෝඨාභය ජනපති කරවීම වෙනුවෙන් සිහින මවන පිරිසත් සජිත්ගේ ජනපති වීමට ඇති සිහිනය සහ සජිත් ජනපති කරවීම පිළිබදව සිහින මවන මේ දෙපිරිසිටම අවසානයේ අත්වන්නේ සිහිනයක්ම බව අමතක නොකරන්න

:       740       987

AmilaFriday, 21 June 2019 11:14 AM

ඇස් පේන්නේ නැති, වෙන රටවල පුරුවැසිකම් තියන් ඉන්න, සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න, 70 පැනපු මහල්ලෙක් රටේ නායකයා කරන්නද කියන්නේ. දැක්කනේ එක්කෙනෙක් ගෙනත් වෙලා තියෙන දේ. දැන් රටට ඕන තරුණ බුද්ධිමත් පලපුරුදු නායකයෙක් මිසක් වලපයයි ගොඩපයයි මහල්ලෙක් නොවේ මහත්තයා.

:       529       440

චමින්දFriday, 21 June 2019 01:04 PM

සජිත්ට වඩා නම් ඉතාමත්ම හොඳයි.. නමුත් ලේකම් කෙනෙකුගේ බලය තියෙද්දි රජයේ මුදල් යොදා අම්මගේ අප්පගේ සොහොන් හැදූ මිනිහා ජනපති වුනොත් මොනවා නොකරාවිද?

:       12       33

SUNIL MILANO Friday, 21 June 2019 08:55 AM

ඕක තමයි කියන්නේ දවල්ට නිදාගන්න එපා කියලා...

:       14       570

රජින්ද Friday, 21 June 2019 09:16 AM

හොදයි අපි බලමු... මේ රටේ මිනිස්සු ගැන ඔයාලා හිතාගෙන ඉන්න විදිහේ වැරැද්ද මෙදා පාර ඔයගොල්ලොම දකීවි.! ඇමෙරිකානු ගැත්තන්, ඉන්දියානු ගැත්තන්, චීන ගැත්තන්, එංගලන්ත ගැත්තන් හැලිලා සිංහල බෞද්ධ නායකයෙක් මේ රටට පත් වේවි. එතකන් අපි ඔයගොල්ලන් සපයන විහිලු නායකයින්ට සිනාසෙන්නම්. එකක් කියන්නම් මීළඟ නායකයා ඔය පාර්ලිමේන්තුවේ සහ බලයේ ඉන්න 226 දෙනාගෙන් එක්කෙනෙක්වත් නොවේවි. ඒක ඉර හඳ මෙන් විශ්වාසයි.!

:       2       1444

ධනුෂ්කFriday, 21 June 2019 02:15 PM

ඔබ කියන්නේ කවුරු ගැනද? අැමරිකානු ගැත්තෙක් නොවේ නම් ඝෝඨාභය වෙන්න බෑ. එතුමට ලෝකේ හොඳම රට අැමරිකාව නිසානේ ලංකාව දාලා අැමරිකාවට ගියේ... මහින්දටත් අායේ බෑ. අනික චීන ගැත්තෙකුත් නෙමෙයිනේ කියන්නේ. 226න් කෙනෙක් නොවන නිසා මට හිතෙන කවුරුත් නෙමේ කවුද හැබෑටම.. එ් හාමුදුරුවන්ට ඉල්ලන්නත් බෑ..

:       3       0

gihan Friday, 21 June 2019 09:24 AM

අපටත් ඕනේ ඔය ටික තමයි . සජිත් තමයි අපේ නියම නායකයා ... සජිත් ට තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්

:       1401       184

Soma dubayi Friday, 21 June 2019 09:24 AM

සජිත් මැතිතුමා අගමැති, රනිල් මැතිතුමා ජනාධිපති.... යහපාලන රජය 2050 තෙක් ඉදිරියටම

:       1217       130

mahesh uk Friday, 21 June 2019 09:25 AM

ඔහු ජනාධිපති වුණහොත්, කැබිනට් මණ්ඩලය උසස් සාමාජිකයින්ගෙන් සමන්විත වනු ඇත.....

:       401       115

amali Friday, 21 June 2019 09:27 AM

මේ කාලේ වැස්සනේ... දවල්ටත් නින්ද යනවා. හීනෙනුත් බය වෙනවා.

:       3       210

Nuwan Friday, 21 June 2019 09:44 AM

ව්‍යාපාර දියුණු කළා වගේ රට දියුණු කරන්න. ලංකාවට ට්‍රම්ප් කෙනෙක් ඕනෑද? දයා ගමගේ ජනපති කරන්න.

:       241       7

nuwan Friday, 21 June 2019 10:00 AM

මේ හාමිනේ ඉතින් ඉඳලා හිටලා ඔය වගේ දෙයක් කියනවා.

:       1       326

dayan Friday, 21 June 2019 10:02 AM

මේවා පරම්පරාවට යන ඒවාද? ඒක හින්දා වෙන්න ඇති ලංකාව මේ තරම් දියුණු වෙලා තියෙන්නේ. හරි හොඳයි..

:       0       67

විජිත් Friday, 21 June 2019 10:04 AM

මේ පාර කොළ, නිල්, රතු නැති ස්වාධීන උගත්, විනීත, බුද්ධිමත් රටට ආදරේ කරන නායකයෙක් පත්කරගන්න රටේ බුද්ධිමත් ජනතාවට දිරිය ශක්තිය ලැබේවා...!!! බත් මුලට, රුපියල් 1000ට, සාරියට, කුඩේට, සිල් රෙද්දට, හොර පත්වීම්වලට රැවටුණු ජනතාව මෙවර දියවන්නාවේ ඉන්න මිනීකන නරි රැලට නොරැවටෙන බව විශ්වාසයි. මේ අපි සැමටම ලැබෙන අවසන් අවස්ථාවයි. අපි සැවොම එකතුවුනොත් අපිත් දිනුම්... රටත් දිනුම්...

:       0       409

Lal Friday, 21 June 2019 10:26 AM

උස සිකියුරිටි, මිටි කම්කරු...

:       8       127

sunil perera Friday, 21 June 2019 10:38 AM

වර්තමාන ඡන්ද දායකපිරිස මනා බුද්ධිමත් පිරිසක් හෙයින් මේ දෙරණට සිදුකළ මහත් විපත මේ වසර කීපය තුළ අතිශයින් සෝචනීය බව අවබෝධ කරගෙන සිටින නිසා පාලක පක්ෂයේ කිනම් අපේක්ෂකයකු අන්ත පරාජය කරනු ඇති...!! ඊළඟ මහාමැතිවරණයෙන්ද පාලක පක්ෂය අන්ත පරාජයක් වනු නියතයි... එසේ නොවුණොත් මේ පින්බිම මහාසමුදුරේ පතුලේ වැළලී යනු සේ පෙනේ...

:       13       249

K Thilakasiri Friday, 21 June 2019 10:43 AM

මෙයාට ඔල්මාදෙ ...

:       0       133

Ajantha Friday, 21 June 2019 11:02 AM

සජිත් හිතන්නෙත් තමුන්ගේ ගැන විතරයි. ඒක ඉක්මනට්‍ම වැටහේවි. සමහරු තේරුම් අරන් ඉන්නේ මෙයාගේ වැඩ...

:       0       83

Amila Friday, 21 June 2019 11:18 AM

උඩරට ඡන්ද නෑනේ මෙයාට ලැබෙන්නේ. මහින්දලට දකුණේ ඡන්ද බහුතරයක් ලැබෙනවා 2005 වගේ සිට. මෙයා කොහොමද දිනන්නේ එතකොට...?

:       0       87

Bandara Friday, 21 June 2019 11:28 AM

අයියෝ පිස්සුද? සජිත් නම් එපා...

:       0       423

PerakumFriday, 21 June 2019 04:05 PM

හපොයි, ඉතුරුවෙලා තියන නිධන් ටිකත් ගොඩදාගන්න පුළුවනි.

:       0       1

Prabha Friday, 21 June 2019 11:29 AM

ඇති යන්තම්.. උසේ හැටියට සෙකියුරිටි රස්සාවක් ඉල්ලගන්න පුළුවන් වේවි...!!!

:       0       56

Sarasi Friday, 21 June 2019 11:46 AM

ආ... ඔබතුමියට තිබෙන එකම දැවෙන ප්‍රශ්නය ඕක වෙන්න ඇති. අනේ අපිට නම් මේ තුන් වේල ගැටගහ ගන්නේ කොහොමද කියලා හිතලාම ඇති වෙලා...

:       1       1151

Perera Friday, 21 June 2019 11:54 AM

හිටන්ද?

:       0       30

Bishan Friday, 21 June 2019 12:20 PM

60 පැනපු නාකියන් දේශපාලනයෙන් තුරන් කරමු.

:       9       2

chandima Friday, 21 June 2019 12:39 PM

ඒ කියන්නේ ආයෙත් වන් මෑන් ෂෝ ද?

:       0       7

Buddika Friday, 21 June 2019 01:59 PM

දැන් මේ රටේ මිනිස්සුන්ට වික්‍රමසිංහ, රාජපක්ෂ, සිරිසේන කියන නම් එපා වෙලා.. මොලේ නැති හරක් තමයි ඔවුන් ටික උස්සලා තියෙන්නේ.. හොරකම, වංචාවට විරුද්ධ මිනිස්සු මේ පරපුරවල් තුනම ප්‍රතික්ෂේප කරනවා. හැම කෙනාම කරන්නේ පන්සල් ගානේ ගිහින් අනුන් දෙන මල්වට්ටිය පූජාකරලා, අටපිරිකරයි, පලතුරු වට්ටියයි දීලා ආගමත්, ජනතාවත් රවටන එක... මොවුන්ට එරෙහිව සජිත් සිටිය යුතුමයි. දුප්පත් මිනිසුන්ගේ දුක දැනෙන ඔහු, ම මී ළඟ ජනපති විය යුතුයි. පරපුරක් රජ කරන්න හදන මිනිස්සු කරන්නේ හොරුන්ට අනුබල දීම නොවේද?

:       3       0

පුරවැසියා Friday, 21 June 2019 04:30 PM

බුද්ධික උදේ පාන්දරින්ම නැගිටලා හොඳට ඔලුවට තෙල් ටිකක් වැඩිපුර දාලා හොඳට රත්වෙන්න දවස් දෙක තුනක් විතර අතුල්ලලා බලන්න. එතකොට ඔය අද හිතනදේට වඩා තව ටිකක් වැඩිපුර හිතන්න පුළුවන් වේවි... හැකියාවක් තිබේ නම් ඔලුවෙන් සිටගෙන බලන්න. එතකොට ඔය ඔක්කොම හරියාවි...

:       0       0

දහනායකSaturday, 22 June 2019 01:18 AM

ඔයාගේ නම ගැලපෙන්නෙ නැහැ. පුලුවන්නම් කියන්න බලන්න සජිත් මිනිසුන්ට කුඩා කුඩා ගෙවල් හදා දුන්නාට අමතරව රටේ අනාගතයේ දියුණුවක් ලැබීමට මොනවද කලේ කියලා. එතුමාගේ දිස්ත්‍රික්කයේ නේද මන්දපෝෂණයෙන් ළදරුවෙක් මියගියේ වෙනත් කථා මොටද .

:       0       0

ravi Friday, 21 June 2019 02:32 PM

අපි, අපේ ඡන්දය දෙන්නේ.. උදේට නැගිටලා.. සිතාසි කියවමින් උසාවි ගානේ රස්තියාදු නොවෙන පුද්ගලයෙකුට පමණයි.. මොන පක්ෂයකින් ආවත් හිටපු හොරෙකුට හෝ ඉන්න හොරෙකුට අපි මේ මව්බිමේ ජනාධිපති වෙන්න අපගේ සහයෝගය නොදෙමු..!

:       0       0

Roshan Friday, 21 June 2019 04:26 PM

අඩුම තරමේ ළමයි ඉන්න තාත්තා කෙනෙක් රටේ පාලකයා කරන්න ඕනේ... ඒ මනුස්සයා අඩුම තරමේ තමන්ගේ ළමයි ගැන හිතලා රට උගස් නොකර ඉඳියි...

:       0       1

rathnaayaka vitharana Saturday, 22 June 2019 02:20 AM

සජිත් මූලසුනේ ඉන්න වෙලාවක එහෙම නොකිය මෙයා වෙන මොනවා කියන්නද ?

:       0       0

Chandima Saturday, 22 June 2019 05:15 AM

මේ අදහස් දක්වපු කිසි කෙනෙක් අවධානය යොමු නොකළ කරණය තමයි ඊළඟට පත් වන ජනාධිපතිවරයා කවුරු වුනත් ඔහුට හෝ ඇයට කිසිඳු විධායක බලයක් හිමි නොවන බව. නියම බලවතා වන්නේ විධායක බලය හිමි කැබිනට් එකේ නායක අගමැතිවරයා. ඒ නිසා සජිත් ඔය ජනාධිපතිකම ගත්තොත් අගමැතිට ඔලුව නමාගෙන නිකම්ම ඉන්නයි වෙන්නේ...

:       0       0

Bandula. Saturday, 22 June 2019 05:54 AM

අනේ එහෙමද ආස? ලංකාවේද?

:       0       0

මහගල්වැව තිලක් Sunday, 23 June 2019 07:44 AM

රටට ආදරේ ඇති නීතිය අකුරට රජකරන මානව හිතවාදී මෙන්ම අන් අයටත් ආදරේ ඇති මෝදි තුමාවගේ , තමන්ගේ පරමිපරාවට තැන නොදෙන අවංක අව්‍යාජ ,ජනතාවාදී නිර්මල මිනිසෙක්. තමයි ජනපති වෙන්නඔීන .එසේම යථාවාදී, තථාකාරී ගුණය බොහෝ දුරට ක්‍රීයාවට නැගියහැකි මිනිසෙක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 234 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 657 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1677 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1879 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 585 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 263 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site