(නිමල කොඩිතුවක්කු)
බෞද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේට එක්සත් ජාතික පක්ෂය තරම් සේවය කළ වෙනත් පක්ෂයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය.
ශාසනික සේවාවන් සිදුකළත් එක්සත් ජාතික පක්ෂය වෙනත් පිරිස් මෙන් කිසිදු අවස්ථාවක ස්වාමීන් වහන්සේ හෝ අනෙකුත් ආගමික නායකයින්ව දේශපාලනිකව කඬේ යවා නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා මෙසේද කීය.
‘‘ අද වේගවත් සංවර්ධනයක් රටපුරා කරගෙන යනවා. දැන් ගම්පෙරලිය, රන්මාවත් වැනි වැඩසටහන් ක්‍රියාත්මක වේගෙන යනවා. රජය කරන සංවර්ධන වැඩකටයුතු වලට ප්‍රචාරය මාධ්‍යයෙන් ලැබෙනවා අඩුයි.
උදාහරණයක් විදියට මන්ත්රීවරයෙතක් ගිහින් ලක්ෂ අසූවක සීයක පාරක් විවාත කරහම එතුමා එතනදී දෙන හඬපටය තමයි දාන්නේ විවෘත කරන පාර ගැන සඳහන් කරන්නේ නැහැ. මාධ්‍ය වාර්තාකරණයේ දී මේ ගැනත් අවදානය යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා.
ගම්පෙරලිය වැඩසටහන මගින් සහ සංස්කෘතික අමාත්‍යාංශය මගින් ගම් දනව් වල තිබෙන දහස් ගණන් වෙහෙර විහාර දියුණු කරන්න මුදල් ආධාර ලබාදිලා තියෙනවා. අඩුම වශයෙන් ඒ පන්සල්වල දායක සභාව දන්නෙත් නැහැ මේවා ඒක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ කරනවා කියලා.
දැන් සාමන්‍යයෙන් කියන්නේ එක්සත් ජාතික පක්ෂය ශාසන ආලය නැති බෞද්ධකම නැති, දේශීයකම අගය කරන්නේ නැති පිරිසක් ඉන්නවා කියලා. බෞද්ධ ශාසනයට අපේ පක්ෂය තරම් දේවල් කරපු වෙනත් පක්ෂයක් නැහැ. හැබැයි ආපේ පක්ෂය ස්වාමීන් වහන්දෙස් හෝ අනෙකුත් ආගමික නායකයින්ව දේශපාලනිකව කඩේ යවලා නැහැ.
පන්සල් වලට වගේම අනෙකුත් ආගමික ස්ථාන වලටත් අපේ රජය විශාල සේවයක් සිදු කරලා තියෙනවා. ඒකට තමයි සැබෑ සහජීවනයේ ප්රතිමුර්තය බවට පත්ව තිබෙන්නේ. එහෙම නැතුව පන්සලට ගිහින් දායක සභාව ඉස්සරහට ගිහින් රැස්වීමක් තියලා පන්සලේ ඉඳන් දේශපාලනය කරන එක නෙමෙයි’’ යැයිද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
ඡායාරූප - ඉෂාන් සංජිව
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ශාසනයට එජාපය තරම් සේවය කළ පක්ෂයක් නෑ’