IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘විදෙස්ගත ශ්‍රමිකයන්ටත් ඡන්දය ප්‍රකාශකිරීමට හැකි වැඩපිළිවෙළක් අවශ්‍යයි’

(මොහොමඩ්  ආසික්)

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි ලක්ෂ ගණනක පිරිසක් විදේශගතව සිටීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඔවුන්ට  අහිමි වන බවයි.

ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා විදේශ විනිමය උපයන මෙම පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීම  බරපතල කරුණක් බවත් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ඉදිරියේදී සැකසිය යුතු බවත්  හෙතෙම අවධාරණය කරයි.

විදෙස්ගත ශ්‍රමිකයින් අතුරින්  වත් පොහොසත්කම් ඇති ඇතැම් අය පමණක් මැතිවරණය සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව පෙන්වා දෙන  අහමඩ්  මනාස් මහතා සදහන් කරන්නේ  තානාපති කාර්යාල ඔස්සේ  ඊට සුදුසු වැඩපිළිවෙළක් සැකසිය හැකි බවයි.

විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම අගය කළ යුතු ක්‍රියාවක් බව ඒ මහතා පෙන්වා දෙයි. නමුත් විදෙස්ගත පිරිසෙන් අති මහත් බහුතරයකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ගිලිහී යන බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.



අදහස් (14)

‘විදෙස්ගත ශ්‍රමිකයන්ටත් ඡන්දය ප්‍රකාශකිරීමට හැකි වැඩපිළිවෙළක් අවශ්‍යයි’

Wasantha Tuesday, 12 November 2019 12:09 PM

හොද අදහසක්. පිටරට ඉන්න අය රටේ ඇත්ත තත්වය දකිනවා. වෙන රටවල් වල අයට එහෙම පහසුකම් තියෙනවා.

:       0       5

Dasuni Tuesday, 12 November 2019 01:50 PM

කරන්න පුලුවන්නම් ඉතා වටිනා දෙයක්. මේ රට වල ඉන්න වැඩි දෙන දේශපාලන වහලුන් නොවේ. රටට යහපතක් වෙන ආකාරයට ඡන්දය පාවිච්චි කරාවි

:       1       166

බද්රානි Tuesday, 12 November 2019 02:44 PM

අනේ ඒ වැඩේ නම් අවශ්‍ය නැහැ. අම්මගේ තාත්තගේ මළ ගෙදරටවත් ලංකාවට එන්නේ නැති මිනිස්සු දැන් ඔය පෝලිම් ගැහිලා එන්නේ ඡන්දෙ දාන්න. පිටරටවල ජීවත් උවත්, කල්ලි ගැසුන ගුබ්බෑයම් සංස්කෘතිය තුල ජීවත් වෙන ඔය කියන ගෝත්‍රිකයින්ට තිබෙන එකම විනෝදාංශය තමයි ලංකාවේ දේශපාලනය. ඒ මදිවාට,මුදල් සම්මාදමටත් හරිම දක්ෂයි. පුහු දේශප්‍රේමය මවා පෙන්වා රට වෙනුවෙන් කියලා, ගානක් පහසුවෙන් සාක්කුවට දා ගන්නත් පුළුවන්නේ. පක්ෂ වලට බෙදුණු කල්ලි හැර, වෙනත් රටවල ජාතීන් මෙන් එකට සිට රටක් නියෝජනය කල හැකි ජාතියක් අවාසනාවට, අප රට සතුව දැන් නැහැ.

:       307       181

sandy123Wednesday, 13 November 2019 05:07 AM

තමන් කව්දැයි මුළු ලංකාදීප පාඨකයන්ට දැන ගැනීමට සැලසුවාට ඔබට තුති. තමන් කව්ද තව කෙනෙක්ගේ ඡන්ද අයිතිය තීරණය කරන්න. තමුන් සහ පිරිවර ජීවත් වෙන්නේ විදෙස් ශ්‍රමිකයන් නිසා බව ඔබ කොහොම හිතන්නද?

:       0       12

Kamal KoyralaWednesday, 13 November 2019 05:54 AM

බද්රානි කියන්නේ සම්පූර්ණ ඇත්ත. මේවා ප්‍රායෝගික නැහැ. ලංකාව හොදනම් ඇයි අපේ අය රට යන්නේ? මේ ජනාධිපතිවරණයේදී එකදු අප්පෙක්ෂ්කයෙක්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල විදේශ ශ්‍රමිකයන් ගැන තිබ්බද? මැදපෙරදිග අයට තමා වඩාත්ම ප්‍රශ්න සහ කිසිදු සහනයක් නැත්තේ. කවුරු අවාත් තමා හිසට තම අතමය සෙවනැල්ල.

:       0       70

PradeepWednesday, 13 November 2019 08:01 AM

බද්රානි, ඔබ හෝ ඔබ දන්නා කීපදෙනෙක් තම මව්පියන්ගේ මලගමටවත් නොආවට සියල්ලෝම එසේ නොවන බව වටහා ගන්න තරම් පැසුණු බුද්ධියක් ඔබට නොමැතිවීම ගැන කණගාටුයි.. සමස්තයක් ලෙස ප්‍රශ්නයක් දෙස බලන්න පුරුදු වන්න.

:       0       38

Liyanage Tuesday, 12 November 2019 05:25 PM

ලොව ඕනෑම රටක වෙසෙන මාලදිවයින් ජනතාවට තමන් සිටින රටේ ඇති මාලදිවයින් තානාපති කාර්යාලයට ගොස් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් එරට රජය මගින් සකසා තිබෙනවා. එවන් ක්‍රමයක් අපිටත් අවශ්‍යයි..

:       1       53

Mann Tuesday, 12 November 2019 05:31 PM

ලංකාව ජීවත් කරවන මේ මිනිසුන්ට ඡන්දය අයිතිය ලබා දීම මගීන් ඔවුන්ගේ අවශ්‍යතා ගැනත් විමසිලිමත්වන්න දේශපාලකයන්ට බලකෙරෙනු ඇත.

:       0       42

Perakum Tuesday, 12 November 2019 08:17 PM

ගැටලුව කුමක්දැයි නොපෙනේ. ලංකාවේ සිටින මාලදිවයින් සංචාරකයින් ඔවුන්ගේ තානාපති කාර්යාලයට ගොස් ඡන්දය ප්‍රකාශ කරන අන්දම අප දැක ඇත. අවශ්‍යතාවය ඇත්නම් බලධාරීන්ට මෙය ඉතා පහසු කාර්යයකි.

:       0       1

සේන Wednesday, 13 November 2019 05:30 AM

මේ වැනි දෙයක් ක්‍රියාත්මක වන තුරු කවදා නැතත් මේවර අපි ලංකාවට ලැමින ඡන්ද භාව්තා කරන්නෙමු. අපි ලෝකයේ කොතැනක රැකියාවක් කළද මව්බිම රැකී තිබිය යුතුය. ඒ අපේ එකම උරුමයයි.

:       0       1

Sujeewa Wednesday, 13 November 2019 05:54 AM

ඡන්දෙ ගන්නනම් කතා කරනවා. පිටරට දුක් විදින මිනිස්සුන්ට කිසිම රජයකින් කිසිම දෙයක් කරනවද?

:       0       1

Shahiwal Wednesday, 13 November 2019 05:58 AM

අනේ ඡන්දේ ඕනේ නැහැ. මෙහෙත් මේ පිල්වලට බෙදිලා මරාගන්න හදන්නේ. ඔය යන විදිහට යමු.

:       0       1

sam Wednesday, 13 November 2019 07:50 AM

ගෝඨාභය පිලට නම් මේ ප්‍රශ්නය බලපාන්නේ නැහැ. විදේශගතව ජීවත්වෙන ඔවුන්ගේ පාක්ෂිකයන් 180,000 දෙනා ඡන්දය දැමීම වෙනුවෙන්ම ලංකාවට එන බව සති කිහිපයක ඉඳලා ප්‍රසිද්ධියේ කියනවානේ.

:       0       0

බද්රානි Wednesday, 13 November 2019 09:15 AM

සමහරුන්ට ඇත්ත, යතාර්ථය ඇති සැටියෙන් ඇසුනාම භූමිතෙල් ගෑවුණු ගැරඩින් සේ දැඟලීම මා හට නම් අමුතු දර්ශනයක් නොවේ. ලංකාවේ දේශපාලකයින්ට පින්සිදු වන්නට උපන් දේශය හැරදමා ගොස් විදේශ රටවල සිට තම දෙමව්පියන් සහෝදර සහෝදරියන් ජීවත් කරවන අති බහුතර ශ්‍රී ලාංකිකයින් ගැන මම නොදන්නවා නොවෙයි. ඔවුන් සම්බන්ධයෙන් මා තුල ඇත්තේ විශාල ගෞරවයක්. විදේශගතවී සිටින එවැනි වැදගත් ලාංකිකයින්ට, ලංකාවේ දේශපාලන නාඩගම් වෙනුවෙන්, කාලය හෝ මුදල් වැයකරමින් ඔවුන්ට ආවැඩීමේ රුදාවක් ද නැත. ලංකාවේ සිටි හොර තක්කඩි ඔස්තාර්ලා දේශපාලකයින්ගේ අනුහසින් පිරටවලට පැනගෙන විවිධ ක්‍රම අනුගමනය කරමින් අසරණ ජනතාවගේ මුදල් ගසාකන අවස්ථාද අප අසා ඇත. ප්‍රබුද්ධ ජනතාවක් වෙසෙන රටක ජනතාවකට නම් මේ විදේශගත ඡන්දය ඉතාම වටිනා හා එය ක්‍රමානුකුලව කළ හැකි වුවත්, ලාංකිකයින්ට නම් එය" වඳුරාගේ අතට දැලිපිහිය දුන්නා" වැනි යමක් සිදුවෙන බව මට ඉවෙන් මෙන් හැඟෙයි.?

:       32       0

ඔබේ අදහස් එවන්න

දියත

වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 223 0

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 140 0

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 248 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 690 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 242 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1640 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 137 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1412 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site