(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය බිහි වූයේ බුදු දහම පදනම් කරගෙනය යන කාරණයෙහි කිසිදු විවාදයක් නැතැයිද බෞද්ධයන් පමණක් නොව බෞද්ධ නොවන ආගමික නායකයන්ද ඒ කාරණය පිළිගෙන ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුව තොටගමුවේදී ඊයේ(18) පැවැසීය.
පිළිම හෝ ගොඩනැගිලි කඩා දමන්නට හැකි වුවද හිතේ ඇති ධර්මය විනාශ කරන්නට නොහැකි බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට ක්‍රියා කළයුතු බවද කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ රාජ්‍ය වෙසක් උත්සවයේ දෙවන දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
හික්කඩුව තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්විණි.
රාජ්‍ය වෙසක් උත්සවයට පැමිණි අග්‍රාමාත්‍යවරයා වෙසක් දින බුද්ධ පුජා පින්කමටද සහභාගී විය. තොටගමුව පුරාණ විජයබා පරිවෙනාධිපති වතුරුවිල සුමේධ හිමියෝ බුද්ධ පුජා පිංකම පැවැත්වුහ. විහාරස්ථානයේ සම විහාරාධිපතිවරුන් වන රෑකඩහේනේ ඉන්ද්‍රසාර,පිටුවල බුද්ධසිරි සහ ඌරල ගෝතම හිමිවරුන්ගේ අනුශාසනා පරිදී මෙම පිංකම සංවිධානය කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ලාංකික ශිෂ්ටාචාරය බුදුදහම පදනම්කරගත්තක් බවට විවාදයක් නැහැ’