IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනපතිවරණය ජයගන්නවා’

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සියලූ දෙනා පොහොට්ටුව ඉදිරිපත් කළ අපේක්ෂකයාට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටින බවත් රනිල් සජිත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය පහසුවෙන්ම ජයගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ  මහතා පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැලිවල සිටින සෙනග දැක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දියවී ඇතැයි ද මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම ගමගේ  මහතා මෙසේද කීය.

‘‘අපේ රටේ වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් පැවතුණා. අපි මේ වනවිට රටපුරා වෛද්‍ය පීඨ සහ ශික්ෂණ රෝහල් ආරම්භ කරමින් යනවා. මේ මගින් අපි වෛද්‍ය හිඟය පියවීමට පියවර ගන්නවා.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සැප්තැම්බර් 9 වැනිදා ගොඩනැගිලි 500ක් අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට ඉහළම මුදල් වෙන්කළ ආණ්ඩුව අපේ ආණ්ඩුවයි.

ලොව පුරා සිටින බෝරාවරුන්ගෙන් සමන්විත බෝරා සමුළුව මේ දිනවල කොළඹදී පැවැත්වෙනවා. මේ මගින් සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමටත් රටට විශාල ආදායමක් ලබා ගැනීමටත් හැකි වෙනවා. මේ බෝරා සමුළුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 51 ක ආදායමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා බෝරාවරුන් මේ රටට සාදරයෙන් පිලිගන්නවලූ. එක පැත්තකින් අන්තවාදය ජාතිවාදය පෝෂණය කරන ගමන් අනික් පැත්තෙන් හොද මුහුණ පෙන්වනවා. ඔවුන් මේ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළේ නැත්නම් අද අපේ රටට මේ වගේ තත්වයක් උද්ගත වෙන්නේ නැහැ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල මෙරටදී පැවැත්වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා 2013 සහ 2014 වර්ශවලදී විශාල පරිශ‍්‍රමයක් සහ මුදලක් වැය කළා. ඒ කිසිදු විකාර මුදලක් අපි මේ සමුළුව වෙනුවෙන් වැය කරලා නැහැ.

මාලදිවයිනේ නිල සංචාරයක නිරත වී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සංචාරක ප‍්‍රවර්ධන ගිවිසුම් 4කට එරට සමග අත්සන් තැබිමට නියමිතයි. සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක්  ඒ මගින් උපයා ගැනීමට හැකි වෙතැයි අපි විශ්වාස කරනවා.

අපේ රජය විශාල අර්බුදවලට මුහුණ දුන් ආණ්ඩුවක්. බහුතරයක් නැති ආණ්ඩුවක් විදියට අපේ ආණ්ඩුව බහුතරයක් තිබුණු ආණ්ඩුවලට වඩා මේ අවුරුදු හතරහමාර තුළ වැඩ කරලා තියෙනවා.

අපේ පක්ෂයේ අර්බුදයක් තියෙනවා කියලා ඇතැම් පිරිස් කියනවා. අපේ පක්ෂයේ එහෙම කිසිම අර්බුදයක් නැහැ. සමහරු ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමට පෙරම ජනාධිපති අපේක්ෂකයන් නම් කරලා තියෙනවා.

අපේ පක්ෂයේ  ඕන තරම් ජනාධිපති අපේක්ෂකයන් ඉන්නවා. ඔවුන් ඔය පොහොට්ටුව ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටිනවා. නියම වේලාව ආවහම නියම සුදුස්සා අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා  යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය.



අදහස් (0)

‘රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනපතිවරණය ජයගන්නවා’

ඔබේ අදහස් එවන්න

දියත

හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 18 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 72 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 114 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 284 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 945 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1357 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site