(විනීතා එම් ගමගේ)
තිස් වසරක් තිස්සේ ඇදෙමින් පැවැති මිනීමරු යුද්ධයක් නතර කරගන්නට හැකියාව තිබු ගෝඨාභය රාජපක්ෂ මහතාට නවකවදය නතර කිරීම එතරම් ලොකු දෙයක් නොවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
නවක වදය සම්පූර්ණයෙන්ම තුරන් කර නිදහස් අධ්‍යාපනය ලබන්නට දරුවන්ට අවස්ථාව දිය යුතු යැයි කී අමාත්‍යවරයා නවකවදය නිසා වසරක දී ශිෂ්‍යයින් 2000ක් විශ්ව විද්‍යාල හැර ගොස් ඇතැයි ද සඳහන් කළේය.
නවකවදය නවත්වා ගන්නට ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාව නවක වදයේ වින්දිතයන් සඳහා සහන සැලසීමට විශ‍්‍රාමික විනිසුරුවයකුගේ ප‍්‍රධානත්වයෙන් සත් පුද්ගල විමර්ශන කමිටුවක් පත් කර ඇති බවත් එවැනි සිද්දීන්ට ගොදුරු වූ මෙන්ම නවකවදය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයකුට මේ සම්බන්ධව අදහස් පළ කළ හැකි බවත් එම තොරතුරු වල රහස්‍ය භාවය හෙළි නොකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මේ සම්බන්ධව ජාතික පුවත්පත්වල අද (10) දැන්වීමක් පළ කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මාධ්‍ය හමුවේ දී විවෘත විශ්ව විද්‍යාලය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉකුත් දෙසතියේ නළියන පොපියන යම් වැඩ පිළිවෙලක් ඇතැයි පෙනී ගිය බැවින් තමන් පෙරවරුවේ එහි ගිය බව පැවැසීය.
සම්ප‍්‍රදායික විශ්ව විද්‍යාල පද්ධතියෙන් බැහැරව ඇති කළ විවෘත විශ්ව විද්‍යාලය ඕනෑම අයකුට උපාධියක් දක්වා යන්නට මගක් වන බව ද මේ වනවිටත් 30,000 කට ආසන්න පිරිසක් එහි උපාධි පාඨමාලා හදාරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහි කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන දෙකක් අවශ්‍ය යැයි ද එහි අයකරන ගාස්තුවලින් මෙම මුදල සොයා ගැනීමට නොහැකි යැයි ද පෙන්වා දුන් ගුණවර්ධන මහතා 2019 වසරේ දී වැටුප් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 600 ක් අඩුවෙන් බව ද පැවැසීය.
එහි ගිය බැවින් එම ප‍්‍රශ්නය හෙළි කරගත් බවත් එම ප‍්‍රශ්නවලට වහා විසඳුම් සොයන බවත් ඔහු කියා සිටියේය. විදේශවලට ඇදී යන විදේශ විනිමය මෙරට ඉතිරි කරගන්නට මෙම විශ්ව විද්‍යාල උපකාරි වන්නේ යැයි ද මෙම විශ්ව විද්‍යාල අකර්මණ්‍ය කිරීමෙන් විදේශ විශ්ව විද්‍යාලවලට යන්නට පාර කැපෙන්නේ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීම සඳහා අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය මේ මස 20 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව කී අමාත්‍යවරයා එම අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය මේ මස 14 වැනිදා ලෙස මීට පෙර ප‍්‍රකාශයට පත් කර තිබු නමුත් එය 20 වැනිදා දක්වා දිර්ඝ කළ බව ද පැවසීය.
මේ සඳහා අයදුම්පත් www.presidentoffice.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට, පදිංචි ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයාගෙන් සහ සාමදාන විනිශ්චයකාරවරයකුගෙන් සහතික කර තැපැල් දෙපාර්තමේන්තුවේ අධිවේගී තැපෑලේ කුරියර් සේවාව ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අයදුම්පත් එවිය යුතු යැයි ද මේ පිළිබඳ වැඩි විස්තර 011 2433261 අංකයෙන් ලබාගත හැකි යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය හෝ උපාධියට සමාන පිළිගැනීමක් ඇති ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර වසරකට වඩා කාලයක් ගතවී ඇති අයට පමණක් මෙම රජයේ රැකියා අවස්ථාව හිමිවන බවත් ඔවුන්ට වසරක් යන තුරු නායකත්ව පුහුණුව හා රැකියා පුහුණුව ලබා දෙන බවත් කී ගුණවර්ධන මහතා එම කාලය තුළ ඔවුන්ට හිමිවන්නේ රුපියල් 20,000 ක දීමනාවක් පමණක් යැයි ද කියා සිටියේය.
වසරකින් පසු ඔවුන් රැකියාවෙහි ස්ථිර කරන බවත් එසේ ස්ථිර කළ ස්ථානයේ වසර පහක් සේවය කරන බවට ගිවිසුමකට එළැඹිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට රැකියා විරහිත උපාධිධාරින් 55,000 ක් 60,000 ක් අතර ප‍්‍රමාණයක් සිටිතැයි ගණන් බලා ඇතැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දු ප‍්‍රකාරව කටයුතු කර ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘යුද්ධය නිමා කළ ජනපතිට නවකවදය නතර කිරිම ලොකු දෙයක් නොවේ’