IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘යළිත් යුද්ධයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නෑ’

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ) 
 
යළිත් රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 
 
රට තුළ වර්තමානයේ දී ඇති වී ඇති ත්‍රස්තවාදය තුරන් කිරීමට ජාත්‍යන්තර සහයෝගය ද ලබා ගනිමින් ක්‍රියා කරන බව ද  වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 
මෙය ආගම් පදනම් කරගත් ත්‍රස්තවාදයක් වුවත් බහුතර මුස්ලිම් ජනතාව එයට විරුද්ධ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
 
1983දී එල්.ටී.ටී.ඊයට සහය දැක්වූයේ සුළු පිරිසක් වුවත් එය ජාතිවාදී කෝලාහලයක් වීමෙන් තත්ත්වය දුර දිග ගිය බව කී අගමැතිවරයා වත්මන් තත්ත්වය එසේ දුර දිග යාමට ඉඩ නොතබන බව කීවේය.



අදහස් (18)

‘යළිත් යුද්ධයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නෑ’

පිටිගල මිලානෝ Tuesday, 23 April 2019 10:34 AM

එසේ නම් කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. ඔබට රටට කල හැකි ලොකුම සේවය එයයි.

:       0       0

Keppetipola Tuesday, 23 April 2019 11:49 AM

තමන්ගේ වැරදි වහගන්න කියන නිවට කතා..

:       0       0

Thilina Tuesday, 23 April 2019 11:59 AM

කරපු හරිය හොඳටම ඇති.. අනේ තවත් මොකුත්ම එපා. තවත් මේ රට ලේ විලක් නොකර පිං අයිති වෙයි අයින්වෙලා යන්න. පහුගිය අවුරුදු 4 තිස්සේ මොවුන්ව නේද හුරතල් කලේ..? මහජාතිය ජාතීවාදීන් කියලා හංවඩු ගහලා හිරේ දාලා අන්තිමට සත්තු වගේ මරලා දැම්මට පස්සේ තවත් මොනවද ඔහේලට ඕනේ..? තමුන් බාරගත්තේ ත්‍රස්ත්‍රවාදය තුරන් කරපු රටක්.. ආර්ථිකය හොඳට තිබ්බ රටක්.. අද මුලු රටම ලේ විලක් කරලා. වේදනාව කියාගන්න බැහැ.

:       0       0

Kumar Tuesday, 23 April 2019 12:31 PM

බයිලා ගහන්න එපා හලෝ...

:       0       0

Sajith Tuesday, 23 April 2019 12:31 PM

නැවත එහෙම නොවෙන්න නම් ඉල්ලා අස්වෙන්න.

:       0       0

chandima Tuesday, 23 April 2019 12:33 PM

මොකද දෙවියෝ පොරොන්දු වුනාද එහෙම කරනවා කියලා?

:       0       0

chandima Tuesday, 23 April 2019 12:39 PM

ආයේ මේ බහුතර බයිලාවක් ගහනවා. බහුතරේ කැමති දේවල්ද මේ රටේ වෙන්නේ? දැන් ඔබතුමාට බහුතරයක් කැමතිද? බහුතරයක් කැමති දේද ඔබතුමා කරන්නේ?

:       0       0

Kamal Tuesday, 23 April 2019 12:41 PM

පුළුවන් දෙයක් කියන්න. වොක්ස්වැගන් චුයින්ගම් වගේ. ඕවා ඔයාට බරපතල වැඩියි.

:       0       0

රොමේෂ් Tuesday, 23 April 2019 12:50 PM

කොහොමත් මේ යනවිදිහට යුද්ධ කරන්න වෙන එකක් නැහැ. මේ අදූරදර්ශී පාලකයෝ තවටික දවසක් උන්නොත් නිකන්ම යටත්වෙයි. ත්‍රස්තවාදය තුරන්කරපු රටේ ත්‍රස්තවාදයේ බීජ වපුරන්න ඉඩහැරලා, පැලවෙලා, ගස්වෙලා, වනාන්තර වෙනතුරුම නිදාගෙන උන්නු මනුස්සයා නින්දෙන් අවදිවෙලා ත්‍රස්තවාදය තුරන් කිරීමට ජාත්‍යන්තර සහයෝගය ඉල්ලනවා. මොවුන්ට කඩේ යන මිනිස්සුත් ඉන්නවනේ තාම...

:       0       0

Cisco Tuesday, 23 April 2019 01:02 PM

83 ජාතිවාදී ප්‍රශ්නය යොදාගෙන ඔබතුමාලගේ පක්ෂය ජවිපය කහනම් කළා. ඇත්තටම එයට උඩගෙඩි දුන්නේ ඔබතුමාත් සාමාජික වෙච්ච රජයයි. මේ සැරේ මොකටද මේ අය හදන්නේ මිනිසුන් අතර ලොකුවට ජාතිබේද? තියෙන ජාතිබේද අවුස්සන්නේ දේශපාලකයන්ම තමයි.

:       0       0

Nihal Tuesday, 23 April 2019 01:15 PM

දැන් ඇතිවෙලා තියෙන්නේ සුනාමියක්නේ

:       0       0

Pradeep Tuesday, 23 April 2019 01:33 PM

ජාත්‍යන්තර සහය වුවමනා නෑ අගමැතිතුමනි.. අත්අඩංගුවේ, හිරගෙවල්වල ඉන්න අපේ රණවිරුවන්ව නිදහස් කරලා එයාලට බලය දෙන්න. එයාලා දන්නවා කරන්න ඕනෑ දේ. තොප්පිගල කැලෑවක්, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු අයට බැරි වුණාට.

:       0       0

Pradeep Tuesday, 23 April 2019 01:33 PM

ජාත්‍යන්තර සහය උවමනා නෑ අගමැති තුමනි, අත්අඩංගුවේ, හිර ගෙවල් වල ඉන්න අපේ රණ විරුවන්ව නිදහස් කරලා එයාලට බලය දෙන්න. එයාල දන්නවා කරන්න ඕන දේ. තොප්පිගල කැලෑවක්, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු එවුන්ට බැරි වුනාට.

:       0       0

Bamunuarachchi Tuesday, 23 April 2019 02:41 PM

මුසල්මානුවන් ගැන දන්නා ප්‍රමාණය තමයි ඔය පෙන්නුවේ. ලෝකේ සිදුවීම් දිහා බලලා කතා කරන්න.

:       0       12

Bamunuarachchi Tuesday, 23 April 2019 02:46 PM

යුද්දය තීරණය කොරන්නේ පාර්ශව දෙකකින්. එක පාර්ශවයකට යුද්දය නවත්වන්න පුලවන් පාවාදීමෙන් පමණයි. කලින් කරන්න හැදුවා වගේ.

:       0       94

Dan Tuesday, 23 April 2019 03:53 PM

මෙයිට වඩා මොනවා වෙන්නද ? ඔයා කරපු හැමදේටම ස්තුතියි !

:       0       114

එම්. ජේ Tuesday, 23 April 2019 05:35 PM

"මෙය ආගම් පදනම් කරගත් ත්‍රස්තවාදයක් වුවත් බහුතර මුස්ලිම් ජනතාව එයට විරුද්ධ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය" - නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න අගමැතිතුමා!!!

:       0       0

Udaya Wednesday, 24 April 2019 12:36 PM

රටම කාලා අන්තිමට මේක දඩමීමා කරගෙන එෆ්.බී.අයි එකත් මේකට රිංගන්න පාර කපලා තව යුද්ධයක් ගැන කියවනවා. තොප්පිගල කැලයක් කියලා හමුදාවට අපහාස කළා. හමුදාවේ කොල්ලො හිරේ දැම්මා. යහපාලනය කියලා අන්තවාදීන් හුරතල් කරලා තව කිඹුල් කදුළු හෙලනවා.

:       0       25

ඔබේ අදහස් එවන්න

දියත

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 30 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 268 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 974 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 538 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1562 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site