IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘මුස්ලිම් ජනතාව කම්පනයෙන්’

(විනීතා ගමගේ)
 
සාමාන්‍ය මුස්ලිම් ජනතාව දැන් ඉන්නේ කම්පන අවස්ථාවක බවත් ඔවුනට ආරක්ෂාව අවශ්‍ය බව රජයට කියා සිටින බවත් සමස්ත ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අස්ලම් නුරාවි මවුලව්තුමෝ පැවැසූහ.
 
කිසියම් අන්තවාදී මතයක ඉන්න තරුණයන් ඉන්නවා නම් හඳුනගන්න කියලා මේ වනවිට පල්ලිවලට කියා තිබෙන බව ද මවුලව්තුමෝ කීහ.
 
සමාජ ජාලවල නොයෙක් දේ හුවමාරු වුණත් මෙවැන්නක් වේයැයි තමන් නොසිතු බව පැවසූ අස්ලාම් නුරාවි මවුලවිතුමෝ ‘මේ  ප‍්‍රහාර එල්ලවීම ගැන දැනගෙන හිටියා... අපි දන්නවා...’ කියා රජයේ නියෝජිතයන් පොඩි ළමයි මෙන් කියනවිට තමන්ටත් ලැජ්ජා සිතෙන බව ද පැවසූහ.
 
  බොරැල්ල අගරදගුරු නිල නිවසේ අද (22) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මවුලවිතුමෝ මෙසේ ද කීහ. 
 
”අපේ දරුවො පල්ලියට යන්න බයයි. කෝවිලට යන්න බයයි. ආගමේ මැදිහත් කම ආරක්ෂාව නැහැ කියන මතයක් දැන් තිබෙනවා...අපි දැනුවත් කරල තියෙනවා. නමුත් කි‍්‍රයාත්මක වෙලා නැහැ කියා පෙනෙනවා. නමුත් අපට නීතිය අතට ගන්න බැහැ. මිනිස් ජීවිත ආරක්ෂා කරන්න අපටත් වගකීමක් තිබෙනවා”
 
”මේ ත‍්‍රස්ත කණ්ඩායම් මොන නමින් හිටියත් මේ වගේ ප‍්‍රහාර එල්ල කරන පිරිස් මනුෂ්‍ය ජාතියේ වෙන්න බැහැ. මේ මානසික රෝගීන් රෝගී තත්ත්වයෙන් මුදවා ගන්න ලැබේවා කියා පතනවා...”
 
”ජීවිත ගණනාවක් අහිමි වුණා..... සමාජ මාධ්‍ය තුලින් මුස්ලිම් සමාජයට දිගටම එල්ල කරන චෝදනා වලට එරෙහිව අපි හා අත්වැල් බැඳගැනීම ගැන අපි මේ ස්වාමින් වහන්සේලාට ස්තුති වන්ත වෙනවා”
 
මේ තත්ත්වය තුළින් අපගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. රජයෙන් ඉල්ලන්නේ අපට ආරක්ෂාව දෙන්න කියලයි... දෙවියන් වහන්සේගේ සහ ඉන් පසුව රජයේ ආරක්ෂාවයි අපි බලාපොරොත්තු වෙන්නේ. මහජන මුදලින්  පාලනය වන මේ රටේ මේ වගේ ජීවිත විනාශවීම් වලකා ගන්න බැරි ඇයි? ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකටයුතු අය අත්අඩංගුවට ගන්න බැරි ඇයි? 

”ජීවිත 290 කට විනාශ වුණාට පසුව නම් ක‍්‍රියාත්මක වුණේ මොකක් නිසාද එහෙම වෙන්නේ කියා සොයා බැලිය යුතුයි”

”අපි සියලූ දෙනා එක්ව ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට සූදානම් වෙමු. මේ ප‍්‍රහාරවලින් කවුරුවත් දිනන්නේ නැහැ. රටේ ආර්ථිකය වැටෙනවා විතරයි. වගකිව යුතු මුස්ලිම් වැසියෙක් ඉන්නවා නම් ඒ අය අත් අඩංගුවට ගන්න අපේ සහය දෙනවා” යැයි ද මවුලවිතුමා කියා සිටියේය.

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)



අදහස් (27)

‘මුස්ලිම් ජනතාව කම්පනයෙන්’

රජින්ද Monday, 22 April 2019 11:22 AM

සාමාන්‍ය මුස්ලිම් වැසියන් ගැන කිසිඳු ගැටළුවක් නැතත්, ඔවුන් ත්‍රස්තවාදීන්ට හෝ අන්තවාදීන්ට උදව්දීම වැළැක්වීමට ඔවුන් විසින්ම පියවර ගත යුතුයි. ආගමික අන්තවාදයකට තම වර්ගයා තල්ලු කරන යම් පිරිසක් වේද සූක්ෂමව ඔවුන් ගැන ආරක්ෂක අංශ දැනුවත් කළ යුතුය... ඒ කිසිවක් නොකර මෙවැනි බිහිසුණු තත්වයක් නිර්මාණය වූ පසු අප අහිංසකයින් යයි කියා පලක් වන්නේ නැත. අනෙක් පසින් ඕනෑම රජයක් රටක ආරක්ෂාව ගැන ඇති බැදීම විහිලුවකට නොගත යුතු අතර සුළු තොරතුරක් උවත් ඒ ගැන දැඩි අවධානයක් දිය යුතුය. කාත්තන්කුඩි වල ක්‍රියාත්මක වන වෙනම නීතිය ගැන රජය දැන්වත් සිහිබුද්ධියෙන් කටයුතු කර මොවුන්ගේ සියලු සංවිධාන හා ආගමික පාසල් දැඩි නියාමනයකට ලක්කළ යුතුය...

:       14       921

Sanjeewa Monday, 22 April 2019 11:30 AM

දෙවියන් වහන්සේගේ සහ ඉන් පසුව රජයේ ආරක්ෂාවයි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම වෙන දේ තේරුම් ගත්තොත් ඇති. දෙයියෝ කෙසේවෙතත් ආරක්ෂක අංශයේ අය හිටියේ නැතිනම් කොහොමත් රිටර්න් හම්බවෙනවා.

:       408       235

MAHEESHMonday, 22 April 2019 12:23 PM

මුළු රටම කම්පා වෙන මොහොතේ මොනවාද ඔය දොඩවන්නේ .ඔය ප්‍රකාශ තමයි මේ වගේ ත්‍රස්තවාදය දිරිගන්වන්නේ.

:       458       688

sudath Monday, 22 April 2019 11:32 AM

රටේ බහුතරය අප ශ්‍රී ලාංකීය ජාතිය ලෙස තේරුම් ගෙන ඒ අනුව කටයුතු කරමින් සිටිති. එහෙත් අන්තවාදී ආගමක් මුල්කරගෙන සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාවන්ට පළමුව එරෙහි විය යුත්තේ සැබැ මුස්ලිම් ජනතාවයි. නමුත් මුස්ලිම් නායකයන්ගේ පටන් බහුතරයක් තුල එවන් හැසිරීමක් දකින්නට නැත

:       1163       953

ABDUL SAMADMonday, 22 April 2019 12:06 PM

ඔබ වැරදි සුදත් සහෝදරයා. මම ඉන්නේ විදේශ රටක අද මම වැඩට ගියේ බොහොම කම්පනයෙන්. නොගිහින් බැරිකමට. සමස්ත මුස්ලිම් ප්‍රජාවම මේ සිද්ධියෙන් කම්පා වෙලා කියලා මම කියන්නේ ඒ බව මම හොඳ ආකාරව දන්නා නිසා. අනික ඔය පොලිසියට ලබාදුන්නා කියන ඔත්තුව ලබා දීපු පුද්ගලයත් මුස්ලිම් වන්න බැරිද?

:       1203       549

සංජීව Monday, 22 April 2019 12:23 PM

අබ්දුල් මම ඉන්න රටේ ඔය වගේම මුස්ලිම් සහෝදරයෙක් වැඩ කරනවා අපි එක්ක එත් එයාලා කැමති නැ පිළිගන්න ඇත්ත. සමස්ත මුස්ලිම් ප්‍රජාවම මේ සිද්ධියෙන් කම්පා වෙලා කියලා කියන්න බැ. මොකද මේවට අනුබල දෙන වැඩි පිරිසක් ඉන්න බව පේනවා කල්මුනේ, කාන්තන්කුඩි ආදී ප්‍රදේශ වල. මම කියන්නේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අදාල ආරක්ෂක අංශ වලට සහයෝගය දෙන්න බයයි. මාවනැල්ලේ සිද්දිය තමා හොදම උදාහරණය. ඔත්තුව දුන්න කෙනාට වෙඩි තිබ්බා.

:       739       404

kirthiMonday, 22 April 2019 12:26 PM

අබ්දුල් , පොලිසියට ඔත්තුවක් ලැබිලා නැ. ඉන්දියා මාධ්‍ය අනුව ඉන්දීයාවෙන් තමයි බුද්ධි අංශ වලට දැනුම් දිලා තියෙන්නේ

:       3       163

බිමේන්ද්‍ර දිසානායකMonday, 22 April 2019 01:03 PM

දැන් මේ ලිපියෙම තියනව "සමාජ ජාලවල නොයෙක් දේ හුවමාරු වුණත් මෙවැන්නක් වේයැයි තමන් නොසිතු බව පැවසූ ඉස්ලාම් නුරාවි මවුලවිතුමෝ" ප්‍රකාශයක්.. මේකම ඇතිනෙ තත්ත්වෙ හිතා ගන්ඩ. තමන්ට ප්‍රාණ බය දැනුනම විතරක් සහෝදරත්වය මතක් වෙන ඔබ වැනි පිරිස් ගැන අප්පිරියයි. හැමෝම එකම පිරිසක් කියන ඔබේ මිනිසුන් තමයි අන් අයට වඩා වෙනස් වෙන්න අඳින්නෙ පළඳින්නෙ ක්‍රියාවෙන් පෙන්නන්න.. බොරුවට බය උනාම විතරක් සහෝදරත්වය මතක් කරන්න එන්නෙ නැතුව..

:       1508       1110

HafeelMonday, 22 April 2019 04:13 PM

සුදත්, මුස්ලිම් කවුන්සිලයේ නියෝජ්‍ය නායක හිල්මි අහමඩ් අද දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මීට අවුරුදු තුනකට කලින්, බුද්ධි අංශයට අදාළ ත්‍රස්තවාදියාගේ නම, ලිපිනය, හැසිරීම ලිපි ලේඛන සමග දුන්නලු. ඒ පමණක් නොවේ ඔහු ගැන අනතුරු ඇඟවීමත් කලයි කියලත්. තවද හරින් ඇමති එදා රාත්‍රියේම ක්ෂණික ක්‍රිරයාත්මක වුනානම්, යම් තරමට හෝ මේ සිද්ධිය වළක්වාගන්න තිබුනා.

:       11       54

nisar Monday, 22 April 2019 11:38 AM

මේ අවාසනාවන්ත සිද්දිය ගැන අපි බොහොම කනගාටුවෙනවා. ඉස්ලාම් ආගමට සමීපතම ආගම ක්‍රිස්තියානි හා යුදෙව් ආගම වෙලා තිබියදීත් පිරිසක් විසින් ආගමේ නාමයෙන් කරපු මේ අමනුෂ්‍ය ක්‍රියාව තරයේ හෙළ දකිනවා

:       92       215

saama Monday, 22 April 2019 12:09 PM

මෙවන් අවස්ථාවක අපට අවශ්‍ය සාමය. සංහිදියාව හා එකිනෙකාට උදව් කරගැනීම පමණි. මනුශ්‍යත්වයේ නාමයෙන්!!

:       137       252

වික්‍රම Monday, 22 April 2019 12:11 PM

දැන් බොරුවට අඩන මුස්ලිම් ආගමික නායකයෝ ඔක්කොම පහුගිය අවුරුදු ගානක් තිස්සේ දැනන් හිටියා මේ අන්තවාදී අය ගැන හැබැයි කිසි දෙයක් කරේ නැහැ. දැනුත් කතා කරන්නේ තමන්ගේ මිනිස්සු ගැන මතක තියාගන්න ඔබ තුමාල ඔබලාගෙ මුස්ලිම් සමාජය තුල ආකල්ප වෙනසක් ඇති නොකෙරුවොත් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙන බව

:       780       1507

Nuwan Monday, 22 April 2019 12:15 PM

තමන්ගේ දෙවියෝ හැර වෙන දෙවියෝ නැහැ කියලා උදේ හවා කිව්වත් අපි තමා ආරක්ෂාවෙන්න ඕනේ... දැන් බොරුවට බයිලා ගහනවා. දැන් සැබෑ නිරුවත හෙළිවුණාම අහිංසක දුර්නිරූපනය දානවා. නැගෙනහිර තනිකර ගෝනි බිල්ලෝ වගේ සමාන්තර සමාජයක් වෙනම හදලා රටේ නීතිරීති පිළිපදින්නේ නැහැ.

:       855       767

කසුන් Monday, 22 April 2019 12:41 PM

මුස්ලිම් ජනතාව නිසා අපි කම්පනයෙන් !!!

:       243       2401

Banda Monday, 22 April 2019 01:03 PM

නුඹලා විතරක් නෙවෙයි මේ රටේ හැම ජාතියම බයෙන් ඉන්නේ.

:       3       2397

Bamunuarachchi Monday, 22 April 2019 01:21 PM

සිංහලයින්ට තිබුණු හොඳම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තේ නැහැ කියා මට සිතෙනවා...

:       357       141

mapa Monday, 22 April 2019 01:48 PM

අන්තවාදීන් නිසා සාමාන්‍ය ජනතාවගේ මනස විකෘති කිරීම තමයි මේකට ‌හේතුව... 70 දශකයට ‌පෙර ලස්සන සමාජයක් ‌ලෝකය පුරා පැවතීය. නමුත් 70 දශකය‌ෙන් පසු මූලධර්මවාදීන් නිසා මුස්ලිම් සමාජය විනාශව‌ෙලා තියෙනවා.

:       229       103

රොනී පෙරේරා Monday, 22 April 2019 01:53 PM

පොලිස් විමර්ෂණ අවසන් වනතෙක් මෙය කළේ කවුරුන්දැයි හරියටම කියන්න බැහැ. එතෙක් ඉවසන්න... නැත්නම් අනවශ්‍ය ගැටළු ඇති වෙලා‍ රට අගාධයට යන එක තමයි වෙන්නේ...

:       270       318

ඈපාMonday, 22 April 2019 03:40 PM

තවත් මොනවා කතා කරනවද? වගකිව යුතු මාධ්‍ය වලින් දැනටමත් ඇත්ත හෙළි කරලා ඉවරයි .

:       55       36

BamunuarachchiTuesday, 23 April 2019 07:44 AM

පොලිස් විමර්ශනවල ප්‍රතිපලත් රජයට ඕනා විදිහට වෙනස්වෙනවා. සංහිදියාවට තමයි මුල් තැන රට ජාතිය ආගමට නොවෙයි.

:       0       0

Jayantha Monday, 22 April 2019 01:53 PM

මේ නිසා අපිත් ඉන්නේ හරිම බයෙන්. මොකද කොයි වෙලේ අපිට දෙයිද කියා නොදන්නා නිසා...

:       0       47

ඉන්දික Monday, 22 April 2019 01:57 PM

සිංහල මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕනෑ මොකද්ද මේ වෙන්නේ කියලා..? ආගමේ නාමයෙන් යුද්ධ කරන එක මිනිස්සු මරන එක ඉස්ලාමයට අනුව අරුමයක් නෙවෙයි. ඒක අතීතයෙත් එහෙමයි අනාගතයටත් වෙනසක් නෑ. සහජීවනය තියෙන්නේ තමන්ගේ බලය වර්ධනය කරගන්න කල් විතරයි.. ඊට පස්සේ වැඩ පටන් ගන්නේ කඩුවෙන්, තුවක්කුවෙන්, බෝම්බෙන්... ඒ සිංහල ලේ කවලම් වෙලා සිංහල සමාජයේ එකට හැදුණු වැඩුණු අය හිටියා ... දැන් එහෙම අය අඩුයි. දැන් ඉන්නේ පොතේ කියලා තියන විදියට වැඩ කරන අය...

:       616       515

Gamage Monday, 22 April 2019 02:01 PM

ඉන්න විදියට පේනව කම්පනයෙන්ද නැද්ද කියලා. අපි නොදන්න මේ ගොල්ලන්ගේ කෙරුවාව.

:       197       214

Ayhula Monday, 22 April 2019 02:13 PM

මේ සියලු ව්‍යවසනයන්ට හේතුව බලලෝභී දේශපාලකයින්ගේ හැසිරීමයි.. එදත්, අදත් වෙනසක් නැහැ. සියලුදේ විනාශකර අවසන්...

:       1       205

randunu Monday, 22 April 2019 03:17 PM

අපොයි මෙයා කතාකරන්නේ බබා වගේනේ..

:       128       121

Rohan wijesinghe Monday, 22 April 2019 03:50 PM

මේ ආණ්ඩුව ගෙදර යවමු.

:       7       34

tharanga Tuesday, 23 April 2019 05:01 AM

මේ මොහොත රටක් විදියට අපි හැමෝටම විපතක් උන මොහොතක් විදියට සලකල අපේ අදහස් ප්‍රකාශ කරමු. රටේ ආරක්ෂාව සහ නීතිය ආණ්ඩුවට අදාල දෙයක්. අපි හැමෝටම ඕනේ සංසිදීම නම් අපි වෛරය ඇත අරින්නම වෙනවා.

:       0       135

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 508 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 849 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 496 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1362 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 71 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site