(නිමල කොඩිතුවක්කු)
දේශපාලන කුමණ්ත්‍රණ සහ බෝම්බ ප්‍රහාර හමුවේ රුපියල ශක්තිමත් කරමින් දැවැන්ත ආර්ථික, සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.
නවතම මහ බැංකු වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 3.4 % අති ප්‍රමාණය වීම සහ ලෝන්ලි ප්ලැනට් සඟරාවට අනුව හොඳම සංචාරක ගමනාන්තය බවට තවමත් අපේ රට නම් කර තිබීමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක වී ඇති බව තහවුරු වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය.
‘‘2015 දී ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් පසුව අපේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පසු විශාල බලාපොරොත්තුවක් ඇතිව රට වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මතක කිරීමට අපි සැලසුම් කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වීමත් සමඟ කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා වෙනස් වුණා.
ජනාධිපතිවරයා විසින් ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් කැබිනට් ඇමැතිවරුන් ලෙස පත් කළාට පස්සේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාගේ බළල් අතක් ලෙස පාවිච්චි වෙමින් ජනාධිපතිවරයාගේ පිටිපස්සේ ඉඳන් එතුමාගේ කකුලෙන් ඇද්දා.
මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ බංකොලොත් කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මහතාට යළි මේ රටේ ජනාධිපතිවරයා වීමට තිබු අවස්ථාව නැතිකළා. ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සමඟ භේද භින්න කරලා මේ වැඩපිළිවෙළ කඩා කප්පල් කරන්න ඒ අය එදා ඉදලා සැලසුම් කළා. ජනාධිපතිවරයා මේ උගුලට අහුවුණා. ඒකෙන් රටට විශාල හානියක් වුණා.
මේ කුමණ්ත්‍රණය පුපුරා ගියේ පස්ස දොරෙන් යළිත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමත් සමඟයි. මේ සියලු කුමණ්ත්‍රණ පරාජයට පත්කරමින් එක්සත් ජාතික පක්ෂය රට ඉදිරියට ගෙන ගියා. කුමණ්ත්රණවලින් පසු අපිට පාස්කු ඉරිදා ප්‍රහාරයට මුහුණ දෙන්න වුණා.
මේ සියලු කුමන්ත්‍රණ අභියෝග හමුවේ රජය ගමට දෙන සංවර්ධන කටයුතු කිසි දෙයක් අඩු කළේ නැහැ. ආර්ථිකය, සංවර්ධනය ඉදිරියට ගෙන යමින් රජයක් ලෙස අපි දැඩි ස්ථාවරයක ප්‍රතිපත්තිගරුකව ඉදිරියට ගෙන ගියා.
මහ බැංකුව විසින් ජුනි 21 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 3.4% කින් අති ප්‍රමාණය වෙලා තියෙනවා. මෙතෙක් කල් රුපියල අවප්‍රමාණය වුණා. ඒ වගේම 2018 වසර අවසන් වෙන කර සෘජු විදේශ ආයෝජකයින්ගේ වර්ධනයක් ඇති වෙලා තියෙනවා. මේ සියලු දේ අරන බලපුවහම රට ආර්ථික සංවර්ධනය අතින් විශාල පිම්මක් ඉදිරියට ඇවිත් තියෙනවා’’ යැයි ද මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.
ඡායාරූප : ඉෂාන් සංජීව
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘බෝම්බ ප්‍රහාර හමුවේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් කරන්න රජයට හැකිවුණා’