(නිමල කොඩිතුවක්කු)
ප්‍රතිත්‍රස්ත පනත ගැන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් විවිධ මත පළවෙන බැවින් මේ පිළිබඳ එක ස්ථාවරයක් ගත යුතු යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එමෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද ඉදිරියේදි ප්‍රකාශ කරන බවද ඔහු එහිදී පැවැසීය.
ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට විශ්වාස භංග යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ඒ සියල්ලක්ම ආණ්ඩුව ඉතා පහසුවෙන් පරාජයට පත් කළ බවද කීවේය.
එමෙන්ම තමන්ට එරෙහිව විවිධ චෝදනා නගන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිවත් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ප්‍රතිත්‍රස්ත පනත ගැන සාකච්ඡා කර තීරණයක් ගතයුතුයි’
shan Monday, 20 May 2019 10:29 AM
අලුතින් කිසිම ප්‍රතිත්‍රස්ත පනතක් හෝ ත්රස්තවාදීන් වෙනුවෙන් හෝ ඔවුන් විනාශ කිරීම සඳහා නව පනතක් රටට කිසිසේත් අවශ්‍ය නැත. තිබෙන පනතින් වසර 30ක යුද්ධය හා ත්‍රස්තවාදය විනාශ කළ හැකි වූවානම් වෙනකිසිම දේශයක් අවශ්‍ය නැත. මේවා ඩොලර්වලට හා ඡන්ද එල්බ ගැනීම් සඳහා යොදාගන්න සිංහලයා වැනසීම සඳහා කරන ක්රියාවන්ය.
පිටිගල මිලානෝ Monday, 20 May 2019 10:44 AM
ත්‍රස්තවාදය ගැන අපි බලාගන්නම්. ඔහේ කලබල නැතුව ඉන්නකෝ. මේක අපේ රට...
sunil milano Monday, 20 May 2019 10:46 AM
අනේ බබා, කිසිම දෙයක් දන්නේ නැහැ.
Rasika Monday, 20 May 2019 11:05 AM
ත්රස්තවාදීන් නැවතත් පටන් අරන් තියෙන්නේ... මාසයක නිශ්ශබ්දතාවයකින් පසුව...
Hafeel Monday, 20 May 2019 12:18 PM
මෙම ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ ජිනීවා සහ දෙමල ඩයස්පෝරාවේ වුවමනාවකට මිස රටේ ජනතාවගේ ඉල්ලීමට නොවේ. දැන්වත් රටේ ජනතාවගේ අදහස්වලට ඇහුම්කම් දෙන්න.
පුංචිරාල Monday, 20 May 2019 01:34 PM
ත්‍රස්තවාදියෝ මැඩලන්නට පනතක් තියෙද්දී ඔය අලුත් එකක් ගේන්නේ ඒකෙන් ආණ්ඩුවට එරෙහි විරෝධතා මැඩලන්ට පුලුවන් නිසාය කියලා කවුද මහත්තයෙක් ලියලා තිබුණාලු. අනේ මන්දා ආයුබොවන්ඩ අපිට ඕවා තේරුම් ගන්ට අමාරුයි.
Bandula. Monday, 20 May 2019 02:47 PM
එ්ක අපේ අය කරගනීවි.. ඔයා පාඩුවේ ඉන්න.
yamuna Tuesday, 21 May 2019 01:31 AM
ප්‍රතිත්‍රස්ත පනත ගැන සජිත් ප්‍රේමදාස මහතා කිව්වනේ .
janahitha Tuesday, 21 May 2019 02:08 AM
2015 ජනවාරි 08 ආරම්භ වුනේ ශුද්ධ වන්තයින්ගේ පාලන සමයක් බව ජනතාව දනී.
දිලුම් Tuesday, 21 May 2019 03:45 AM
ඒ ගමන්ම අගෙ ඉදන් කන කන අය ගැන බලාගන්නත් පනතක් හැදුවනම් හරි.
ranjith Tuesday, 21 May 2019 04:30 AM
පාර්ලිමේන්තුවේ කොහොම හරි ගැට ගහගත්තට මැතිවරණයේදී ජනතාව හරියට පිළිතුරු දේවි!
මහේන්ද්‍ර Friday, 24 May 2019 03:36 PM
රටේ සුළු ජාතියක් හැටියට ඉඳගෙනත් මොවුන් තුළ ඇති දේශපාලන බලය කොතරම්ද? වහාම මේ තත්වය පාලනය නොකළහොත් අනාගතයේ සිංහලයාගේ ඉරණම අතිශය ශෝකජනකයි...