(මහේෂ් කිර්තිරත්න)
එළඹෙන නොවැම්බර් මාසය වන විට මේ රටේ ලොකුම දේශපාලන පෙරළිය සිදු කර රටේ පුංචි මිනිසා රජ කරන යුගය අරඹන බවත් සමස්ත රටේ ජනතාවගේ ආරක්ෂාව තමන් බාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (19) පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ඊරියගොල්ල ඉදිකළ 257 වෙනි වන ආදර්ශය ගම්මානය වන ශ්‍රීමත් ඇලික් අලුවිහාරේ ගම්මානය විවෘත කිරිමෙන් පසුව පැවති ජනහමුවට එක් වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අද වන විට ජාතික ආරක්ෂාව කියන වචනය බොහෝ විට කතා වෙනවා. බොහොම පටු ආකාරයට විග්රහ කරනවා. මිලිටරි ආරක්ෂාව ගැන. පටුවෙන් විග්රහ කරන ඇත්තො එතනින් නතර කරනවා. නුතන ලෝකයේ බොහෝ රටවල් විග්රහ කරන විට මිලිටරි ආරක්ෂාවට සිමා වෙන්නේ නැහැ. හරි ආකාරව කතා කරනවා නම් පුළුල් විග්‍රහයක් පාවිච්චි කරන්න ඕනෑ. ආර්ථික හා සමාජ ආරක්ෂාව විග්රහ කරන්න ඕනෑ. ශක්ති සම්පන්න ජාතික ප්‍රතිපත්තියක් හැදිය යුතුයි. අපේ රටේ ආරක්ෂක අංශවලට හොද මානසික ශක්තියකින් හොඳ ආත්ම තෘප්තියකින් ලබාදිය යුතුයි. අපේ ආරක්ෂක අංශය මාර්ග හා කුණු ඉවත් කරන්නන් බවට පත් කළා. එහෙම ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. පසුගිය පාලනය සමයේ සිදු යුද්ධය අවසන් වු අය වු ආරක්ෂක අංශයේ සාමාජිකයින් කාණු සුද්ධ කිරිම සඳහා යොදා ගත් බවත් ඇතැම් විට කුණු ඇදිම සඳහා යොදා ගත්තා. නගර සභාවේ වගකීම ආරක්ෂක අංශවලට ලබා දුන්නා. රටේ බුද්ධි අංශ සමඟ ඒකාබද්ධ වි රටේ ජනතාව ආරක්ෂා කිරිමට කටයුතු කරන බවත් සමුහ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරමින් රට පාලනය කරන බවද කීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන වසන්ත අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න යන මහත්ම මහත්මින් ඇතුළු පළාත් පාලන ආයතන නියෝජතයින් නිවාස ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘දේශපාලන පෙරළියෙන් පසු රටේ පුංචි මිනිසා රජකරන යුගයක් අරඹනවා’