IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘දෙවන වාර විභාගය එපා’

(චන්දන ප්‍රනාන්දු)  
                                 
රටේ පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් පාසල් නොපැවැත්වුණු මාසයක කාලය තුළ අධ්‍යාපන සම්පූර්ණයෙන්ම  බිඳ වැටී ඇති හෙයින් එය යථා තත්වයට පත්වන තුරු  දෙවන පාසල් වාර අවසාන විභාගය නොපවත්වන ලෙස ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.  

                               
රටේ සිදු වූ ඛේදජනක තත්වයන් හේතුවෙන් දරුවන් මානසිකව යම් බිඳවැටීමකට ලක්ව ඇති හෙයින් මෙම පාසල් වාරයේ ඉගැන්වීම කටයුතු සමග සිසුන්ට සුපුරුදු කාලසටහනට හුරුවීමටද කාලයක් අවශ්‍ය බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.


ඒ නිසා සිසු මනසට තවත් වෙහෙසකාරී තත්වයක් ඇති නොකර එම සිසුනට මනෝ උපදේශ සේවයක් පාසල් තුළ ඇරැඹීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා පැවසුවේය.


අධ්‍යාපන බලධාරීන්ට වඩා පාසල් තුළ පවතින සැබෑ තත්වය පිළිබඳ අවබෝධයක් ඇත්තේ විදුහල්පතිවරුන් වන තමන්ට බවත්, තම සංගමය විසින් එම  තත්ත්වය හා සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කර මෙම තීරණයට  එළඹුන බැවින් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය  යොමු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ලංකා විදුහල්පති සංගමය පැවසීය.



අදහස් (5)

‘දෙවන වාර විභාගය එපා’

nimal Tuesday, 21 May 2019 05:37 AM

වාර විභාග වෙනුවට වෙනත් විකල්ප අවශ්‍යයි. මේ යල්පැන ගිය වාර විභාග දිගටම නැති කර සිසු පෞරුෂය සංවර්ධනය කරන ඇගයීම් ක්‍රමයනට යමු

:       1       30

maaraya Tuesday, 21 May 2019 05:57 AM

රටේ පොල් හරක් ඉන්නේ. ළමයින්ගේ අනාගතේ විනාශ කරන ආණ්ඩුවයි, බලධාරීන් ගෙදරයවන්න ඕන

:       81       27

janahitha Tuesday, 21 May 2019 06:12 AM

මීට වඩා බෝම්බ පුපුරනවිට , මීට වඩා යුද පසුබිමක අපේ දරුවෝ පාසල් වැඩ හරියට කරා, උතුරේ ළමයි මීට වැඩිය යුද පසුබිමක සාර්ථකව වැඩ කරගත්ත.

:       5       89

shan Tuesday, 21 May 2019 06:44 AM

රටේ ඇතිවූන අනාරක්ෂිත බවට රටේ නායකයා ආරක්ෂක ඇමති වශයෙන් සම්පුර්ණයෙන්ම වග කිව යුතුය තවද පාසල් පටන් ගැනීමට කල් ගතවූ සති තුනක කාලයට අදාල විෂයන් වල පම වූ පාඩම් කොටස් පාසල් කාලයෙන් පසුව පැයක දෙකක කාලයක් යොදවා සහ සෙනසුරාදා දිනයේද මසක් කාලයක් පවත්වා ආවරණය කල හැකිවන්නේය.

:       14       4

Prabha Tuesday, 21 May 2019 07:05 AM

මේ විදුහල්පතිලත් ඉපදිලා තියෙන්නේ 2009 න් පස්සෙද?

:       12       59

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 401 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 80 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 701 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 710 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1143 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1047 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site