IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘දිල්රුක්ෂිට තනතුරේ රැඳෙන්න නීතිමය අයිතියක් නෑ’

(නාලක සංජීව දහනායක)

චූදිතයකු සමඟ දුරකතන සංවාදයේ යෙදුණු දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට තවදුරටත් සොලිස්ටර් ජනරාල් ධූරයේ කටයුතු කිරීමට නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (23) පැවසීය.

ඇය එම තනතුරින් ඉවත් නොවන්නේ නම් වහාම ඇය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු කීය.

එහිදී මහාචාර්යවරයා මෙසේද කීය.

දේශපාලනඥයන්ගේ උවමනාව මත හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරියක වන දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පිළිගෙන තිබෙනවා. නීති හදන්න පුළුවන්කම තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි.

නමුත් පාර්ලිමේන්තුව අභිබවා යමින් නීතිය හදන්නත්, අවශ්‍ය පරිදි නීතිය කඩන්නත් ඇයට හැකියාව තිබෙන බව මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙනවා. ඇය මේ ආකාරයට කටයුතු කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් ලබාගන්නයි. නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජනරාල්ධූරය වැනි බාරධූර තනතුරක් හොබවන තැනැත්තෙක් කවදාවත් චූදිතයෙක් සමඟ මේ ආකාරයට සංවාදයේ යෙදෙන්නේ නැහැ.

මේ අනුව ඇයට තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඇය තනතුරින් ඉවත් වන්නේ නැත්නම් වහාම ඇය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙසට රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (12)

‘දිල්රුක්ෂිට තනතුරේ රැඳෙන්න නීතිමය අයිතියක් නෑ’

ravi Monday, 23 September 2019 10:48 AM

කාගේ හරි නැට්ටේ එල්ලිලා බොරුවට කෑගහනවා හැර වෙන කිසිම තේරුමක් නැහැ ඕක කියන්න තිබුනේ දැනට සුමාන දෙක තුනකට ඉස්සෙල්ලානේ....

:       176       193

Sujeewa Monday, 23 September 2019 10:50 AM

කවුරු මොනවා කිව්වත් අාචාර්ය ශිරාණි බන්ඩාරනායකත් කලේ මේ වගේම අධිකරණය ලැජ්ජා කළ දෙයක් තමායි.ඩීල් දමමින් ඇගේ අක්කාගේ නමින් සෙලින්කෝ ආයතනයෙන් නිවාසයක් ලබා ගැනීම. හිරේ යා යුතු ඇය, අද පොතකුත් අච්චු ගහලා. කාට කියම්ද?

:       351       653

saali Monday, 23 September 2019 11:01 AM

නීතියට බලපෑම් කළා නම් ඒ කවුරුන් දැයි හෙළි විය යුතුය. එමෙන්ම ඔබ පක්ෂයේ අය එසේ නොකළ බවත්, ඉදිරියේ දී නොකරන බවත් අපට තහවුරු කර දෙන්නේ නම් මැනවි.

:       0       226

sirimal Monday, 23 September 2019 12:02 PM

ඔබතුමාටත් ලැජ්ජාවක් කියල දෙයක් ඇඟේ ගෑවිලාවත් තියෙනවා නම් පොහොට්ටුවේ සභාපති කියන තනතුරේ පඹයෙක් වගේ එල්ලිලා ඉන්නත් කිසිම අයිතියක් නැහැ. මොකද පොහොට්ටුවේ සියලුම දේවල් කෙරෙන්නේ සභාපතිගේ හෝ සාමාජිකත්වයේ හෝ අවශ්‍යතා අනුව නොව එකම පවුලක කට්ටියකගේ උවමනා එපාකම් අනුවයි.

:       667       774

MaheeMonday, 23 September 2019 02:39 PM

මෙයාට විතරක් නෙමෙයි, සිරිමල්, දේශපාලනේට ගෑවිලා ඉන්න කාටවත් කාටවත් ලැජ්ජාවක් නැහැ. ඔවුන් කියන ගල් කෙප්ප, රැවටිලි පුරසාරම් රෙදි ඇඳගෙන කියන්න පුළුවන්කමෙන්ම පේන්නේ ඔවුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැති බවම තමයි. හැබැයි, බරපතල කාරණේ ඔවුන් එහෙම කියන එක නෙමෙයි. අපේ වහල්ලු ඒ රැවටිලි කතා දේව වාක්‍ය වගේ ඉස්මුදුනින් පිළිගන්න එකයි.

:       0       0

[email protected] Monday, 23 September 2019 12:23 PM

මෙතුමට වයර් මාරු වෙලා වගෙයි....

:       172       206

Chanak los angeles Monday, 23 September 2019 02:25 PM

මහාචාර්යතුමා නීති ඔස්තාර් කෙනෙක් විදියට මෙහෙම කියන්නේ. එතකොට ඔය අපරාධ නඩු වැලකට මාට්ටු වෙලා ඉන්න ඝෝඨාට ජනපති අපේක්ෂකයෙකු වෙන්න අයිතියකුත් නැහැනේද ?

:       0       0

Ajith Nissanka Monday, 23 September 2019 02:40 PM

චූදිතයකු සමඟ දුරකථන සංවාදයේ යෙදුණු දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට ඇත්තටම තව දුරටත් සේවය කළ නොහැක..! එතුමා සමග කිසිම පැහැදීමක් නොමැති වුණත් එම කතාව මම පිළිගන්නවා... දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය දේශපාලුවන්ට යට නොවී හරියට අවශ්‍ය පුද්ගලයින්ට නඩු පවරන්න තිබුණා. නඩු පැවරූ පසු හරි හෝ වැරදි චූදිතයකු සමඟ දුරකතන සංවාදයේ යෙදීම සදාචාරාත්මක නොවේ..

:       0       0

Rata Perata Monday, 23 September 2019 04:54 PM

අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සරවෙලා තමුන් ගැන හිතල බලන්න. මහාචාර්ය උනේ හොරටද?

:       0       0

chandima Monday, 23 September 2019 07:17 PM

එහෙම ගත්තොත් ඉතින් තනතුරේ රැඳෙන්න නීතිමය අයිතියක් නැති කට්ටිය මොනතරම් ඉන්නවද? ඔය යසඅගේට අවුරුදු පහෙන් පැන්ෂනුත් හදාගන්නේ ලක්ෂ ගණන් වලින්...

:       0       0

Vijitha Tuesday, 24 September 2019 12:52 AM

මෙතුමාලමනේ කීවේ අැවන්ගාඩ් නීත්‍යානුකුලයි කියලා. එහෙමනම් සේනාධිපති චුදිතයෙක් කියල කියන්නේ කොහොමද? මේ වගේ තමන්ගේ වාසියට ඕනෑම වැඩක් කරන අය ඇත්තටම රටටම නින්දාවක්.

:       0       26

Lebbe Tuesday, 24 September 2019 10:18 AM

මෙයා මහාචාර්ය වුනාට වැඩක් නෑ......

:       0       20

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1307 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 181 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 394 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 353 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site