IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ජනාධිපති අද හදිසි නීතිය ප්‍රකාශයට පත්කරාවි’

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) හදිසි නීතිය ප්‍රකාශයට පත්කරනු ඇති බවත් පාර්ලිමේන්තුවේදී ඒ සඳහා සහයෝගය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කොළඹ දී පැවැසීය. 
 
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සහාය පළ කරන බවත් විපක්ෂයේ අනෙකුත් පක්ෂත් ඊට සහාය දෙනු ඇතැයි විශ්වාස කරන බවත් තිලංග සුමතිපාල මහතා කීය. 
 
පුංචි බොරැල්ල තිලංග සුමතිපාල මහතාගේ නිවස පිහිටි පරිවර්තන කේන්ද්‍රයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදී සුමතිපාල මහතා එම කරුණු සඳහන් කළේය.  
 
“නැවත වරක් මම කනගාටුව ප්‍රකාශ කරනවා සියලු දෙනාටම. මේ ඛේදවාචකය නිසා අපි සියලු දෙනා සංවේගයට පත්වෙලා ඉන්නේ. 
 
මියගිය අයගේ ආදාහන කටයුතු අද සිදුවෙනවා. ඒ නිසා අද ජාතික ශෝක දිනයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. හැම නිවසකම සුදු ධජයක් ඔසවා කනගාටුව, දුක ප්‍රකාශ කරන්න, දුක බෙදාගන්නැයි අපි ඉල්ලා සිටිනවා. එමෙන්ම එමගින් අපි ත්‍රස්තවාදයට විරුද්ධ රටක් බවත් පෙන්නුම් කරනවා.
 
බුද්ධි අංශ ඔවුන්ගේ වගකීම් ඉටු කර තිබෙනවා. එහෙත් අදාළ පියවර ගැනීමේ හිඩැසක් පවතින බව පෙනීයනවා. රටේ දැන් තිබෙන්නේ සාමාන්‍ය නීතිය. හදිසි නීතිය නැතිව බුද්ධි අංශවලට ලැබෙන තොරතුරු අනුව ක්‍රියාකරන්න බැහැ. හදිසි නීතිය ගෙන එන්න දැඩි යෝජනාවක් තිබුණා. ඒ නිසා ජනාධිපතිවරයා අපේ පක්ෂයේ ඉල්ලීමට කන්දෙමින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනවා. අපි විපක්ෂයේ පක්ෂයක් ලෙස ඒ සඳහා පාර්ලිමේන්තුවේදී සහාය දෙනවා. 
 
විධායක ජනාධිපතිවරයාට තිබෙන බලතල භාවිත කරමින් ජනාධිපතිවරයා ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය පියවර ගන්න බව සිහිපත් කරන්න ඕනේ.
 
ජනමතයකට තුඩු දෙන කරුණු වෙනස් නොකළ යුතු බව අපි පැහැදිලිව කියා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැතිවරණ ප්‍රචාරණ ප්‍රකාශයේත් අපි පැහැදිලිව සඳහන් කළා. අද විධායක ජනාධිපතිවරයකුගේ අවශ්‍යතාව හොඳින්ම පෙනී යනවා. ජනතාව එය පිළිගන්න තත්ත්වයක් ඇති වී තිබෙනවා. 
අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි සැකය අපට තිබුණා. ඒ නිසා ජනාධිපතිවරයා තව පැය කිහිපයකින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරාවි. 
 
මේ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරයක දිගුවක් බවත් ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායමක්, විදෙස් රටක මූලධාර්මවාදී ආගමික කණ්ඩායමක් මේ පිටුපස සිටින බවත් දැනගන්නට ලැබී තිබෙනවා. බෝම්බ ප්‍රහාරවලට යොදාගෙන තිබෙන පුපුරණ ද්‍රව්‍ය එල්.ටී.ටී.ඊ. භාවිත නොකරපු විදියේ ඒවා. 
 
විමර්ශන කටයුතු සඳහා අපි ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට ද බලාපොරොත්තු වෙනවා.
 
මේ දක්වා සිදුවීම් ගැන සොයා බැලීම සහ නිර්දේශ ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කරනවා.
 
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනා විපතට පත්වූ අයට සහයෝගය ලබාදෙමින් දුක බෙදාගැනීම මුලින්ම කළ යුතුයි. දෙවැනුව රටතුළ සාමකාමී තත්ත්වයක් ඇති කළ යුතුයි. ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන් ලෙස හඳුනාගන්න ඕනේ. ජනතාවගේ සහයෝගය අවශ්‍යයයි.
 
ඊයේ පාන්දර ත්‍රස්තවාදියෙක් හඳුනාගෙන පොලිසිය දැනුවත් කරන්න ත්‍රී රෝද මහත්මයෙක් කටයුතු කර තිබුණා. ඒ නිසා මහජනතාවගේ සහයෝගය ඉතාම වටිනවා. 
 
මේ ප්‍රහාරය සුළුවෙන් තකන්න බැහැ. මේ තත්ත්වය උග්‍ර අතට හැරුණොත් දීර්ඝකාලීන අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. රටක් ලෙස ආණ්ඩුව, විපක්ෂය, ආගමික නායකයන්, ප්‍රජා නායකයන් ඇතුළු සියලු පාර්ශව එකමුතු විය යුතු බව අපි සිහිපත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම මතයේ සිටිනවා”.
 



අදහස් (22)

‘ජනාධිපති අද හදිසි නීතිය ප්‍රකාශයට පත්කරාවි’

Rata Perata Monday, 22 April 2019 01:58 PM

මෙයා කවුද මේ ප්‍රකාශ කරන්න..? වැරැද්ද කරපු අය හැංගිලා වගේ...

:       2       1126

RaveendraMonday, 22 April 2019 02:27 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි.. මෙයා මොකද මේ සීනි කිරන්න හදන්නේ ..? කතා කළ යුතු අය මොකද හැංගිමුත්තන් කරන්නේ..?

:       0       241

BamunuarachchiMonday, 22 April 2019 04:45 PM

අපරාදය වෙන බව දන්නා අය පල්ලි ආවේ නැහැ. හැංගිලා බලා හිටියා මොනවාද වෙන්නේ කියලා. වැඩේ වුනාට පස්සේ එලියට එන්න බයයි.

:       4       64

ShenTuesday, 23 April 2019 12:39 AM

රටේ ගරු ජනාධිපතිතුමා හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ නැතුව කවුද හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ? නූගත්කම ...

:       0       0

පිටිගල මිලානෝ Monday, 22 April 2019 02:14 PM

මේ කලබල අවස්ථාවේ මෙවන් ප්‍රකාශ කරන්න මෙයා කවුද? අඩුම ඡන්දයකින්වත් දිනලා ආපු කෙනෙක් නෙවෙයිනේ...

:       0       331

sena Monday, 22 April 2019 02:22 PM

ආරක්ෂක තත්වයේ හිඩැසක් තිබිලා තියෙනවාලු ඉතින් ආරක්ෂක මණ්ඩලයේ හිටපු අය මොකද කරලා තියෙන්නේ.

:       1       141

Amila Monday, 22 April 2019 03:11 PM

ඇයි අරයගේ කටේ පිට්ටුද? වගකිවයුතු මූලිකම කෙනා කරන්න ඕනෑ ප්‍රකාශ මිනිස්සු පරද්දලා ගෙදර යවපු අය කරන්නේ ඇයි?

:       0       146

rameen Monday, 22 April 2019 03:28 PM

ඔබ කවුද මෙවැනි වෙලාවක ප්‍රකාශ නිකුත් කරන්න?

:       0       155

Hafeel Monday, 22 April 2019 03:52 PM

මෙයා මොනවද දොඩවන්නේ. හමුදාපතිතුමා කියන්නේ අද පැවති ආරක්ෂක මණ්ඩල සාකච්චාවේදී හදිසි නීතියේ අවශ්‍යතාව ගෙන ජනාධිපතිතුමා දැනුවත් කල බවත්, ඒ අනුව තමයි මේක සිදුවෙන්නේ. මෙයා නිකම් ලකුණු දාගන්න දඟලනවා.

:       0       145

de silva Monday, 22 April 2019 03:56 PM

බුද්ධි අංශ මේ පිළිබඳව වාර්තාව ආරක්ෂක ඇමතිකම දරන ජනාධිපතිතුමාට දීලා තිබෙන්නේ මේ මාසේ මුල ඔහුට මේ පිළිබඳව පියවරක් ගන්න ඕනේ තරම් කල් තිබුනා

:       0       226

Kumar Monday, 22 April 2019 05:03 PM

මේ රටේ අශ්වයා පැන ගියාට පසු ගාලේ දොර වසනව වගේ කියලයි. මේ ප්‍රහාරය ගැන දැනගෙන මහජනයාට දැනුන් නොදුන් පාලකයෝ ගෙවල් බලා යවන එක තමා හොඳ.

:       0       135

Nalaka Monday, 22 April 2019 06:33 PM

මෙයා කව්ද කියලා අහන අය දන්නේ නැද්ද මෙයා ජනාධිපති එක්ක ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට පසුගිය අවුරුද්දේ ඉඳල වාඩිවෙන කෙනෙක් බව? රනිල්ටයි නියෝජ්‍ය ආරක්ෂක ඇමතිටයි තහනම් කරපු රැස්වීම්වලට ගිහින් මෙයාලා ගත්ත තීරණ දැන් වහන්න හදන්නේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම වෙනවා.

:       0       0

Dhammasiri himi Monday, 22 April 2019 06:48 PM

රට කාපු අය ගෙදර යවන්න තිබුණු වෙලාවේ ඡන්දෙ නොදී හැංගිලා පැනලා ගිහිල්ලා දැන් එනවා පොර ටෝක් දෙන්න. ලබන සැරේ ඡන්දය ඉල්ලන්න ආවොත් සිංහල මිනිස්සු බෝම්බ බැඳගෙන උඹලගේ ඇඟට පනින්න පුළුවන්. ඒ නිසා එන්න එපා මිනිස්සු අතරට ඡන්දෙ ඉල්ලන්න..

:       0       0

rasika Monday, 22 April 2019 09:40 PM

මහින්ද කොච්චර කිව්වද හදිසි නීතිය තියන්න කියලා. නමුත් ඉවත් කරන්න එපා කියලා, ඥානසාර හාමුදුරුවෝ කොච්චර කිව්වද ඔය මුස්ලිම් සංවිධානේ ගැන හොයන්න කියලා, බුදුපිළිම කැඩුවා, ඒවා ගැන හෙව්වේ නැහැ. හැබැයි හාමුදුරුවන්ව හිරේ දැම්මා, බුද්ධි අංශේ ක්‍රියාත්මක නිලධාරීන්ව දැම්මා හිරේ.. කැලේ කපලා පාකිස්තාන් කාරයින්ව පදිංචි කළා.. නැගෙනහිර ඔක්කොම හොරවැඩ කරනකල් සද්ද නැතුව හිටියා සහජීවනේ කියලා. අන්තිමට ගේ දොරකඩටම ඇවිත් මිනිස්සු සියගාණක් මරලා දැම්මා.. මැති ඇමැතිවරු රැකුණා.., අහිංසක ජනතාව මැරුණා.. දැන් මේ මෝඩ තීරණ නිසා වූ විපාක වලට මදිවෙන්නේ හමුදාවේ විරුවන්... වෙනරටක මේ වගේ විනයක් තියෙන දක්ෂ නිර්භීත හමුදාවක් තිබේ නම් ඔවුන් සදාකල් මේ හමුදාව රැකගන්නවා. එ්ත් අපි....?

:       0       0

ranjith Monday, 22 April 2019 11:21 PM

මේ එකඑකා බෝලේ පස් කරනවා. අන්තිමට අහිංසක මිනිස්සු මේ කරුමයට කරගැහුවා.. අහිංසක මිනිස් ජීවිත 300ක් විතර අහිමි කිරීමට වගකිව යුත්තෝ කව්ද කියලා දැනගන්න මේ අහිංසකයන් වෙනුවෙන් අධිකරණයට ගියා නම් හරි. එතකොට වගකීම් පැහැර හැරියේ මොකද කියලා හරියට එළිවෙයි. මහජන මුදලින් නඩත්තු කරන මේ දේශපාලකයෝ සහ අදාල නිලධාරීන් ජනතාව දැනුවත් කරේ නෑ කියන එක අද මොන්ටිසෝරි ළමයෙකුට වුණත් තේරෙනවා.

:       0       0

Duminda Tuesday, 23 April 2019 12:37 AM

මෙයාගේ මේ දේ වැඩක් නැහැ. මිනිස්සුන්ගේ යහපාලන බලාපොරොත්තුවට ගහපු දෙයක් මේ.

:       0       0

ලංකෝනිස් Tuesday, 23 April 2019 01:56 AM

ආරක්ෂක මණ්ඩලයේ හිඩැසක් තිබුනලු.ඔබත් ආරක්ෂක මණ්ඩලයට සහභාගිවුන බවක් අහන්න ලැබුනා.හිඩැස පුරවන්න බැරිවුනාද? මෙයින් පේනවා බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා.

:       0       0

nivataya Tuesday, 23 April 2019 02:12 AM

නොගැළපෙන කතා නවත්වන්න .කතා කළ යුත්තේ වගකීම් සගත පුද්ගලයෙකුයි.

:       0       0

Menaka Tuesday, 23 April 2019 03:16 AM

මේයාත් ආරක්ෂක රැස්වීමේ සාමාජිකයෙක්

:       0       0

Sena Tuesday, 23 April 2019 04:18 AM

මේ කව්ද ? මොනවද කියන්නෙ ?

:       0       0

සමන්ත Tuesday, 23 April 2019 04:37 AM

අපේ රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       0

Saththaya Tuesday, 23 April 2019 07:03 AM

හදිසි නීතිය දාන එක තව හිමින් කරන්න පුළුවන්නේ. තවමත් ජීවිත අහිමි වුනේ සුළු සංඛ්‍යාවක්. අහක ඉන්න අය නිකන් පනින්නේ ඇයිද කියලනම් තේරෙන්නේ නැහැ. මේ රටේ ඉන්නේ ඔක්කොම බදාගෙන කිසිම දෙයක් හරියට කරගන්න බැරි කට්ටියක්නේ. අන්තිමට ජනතාව දුක් විදිනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 217 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 595 1

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 535 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1353 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2818 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1834 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site