(නිමල කොඩිතුවක්කු)
කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පිරිස් ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
ජාතිවාදය වැපිරීමෙන් සමාජ, සංවර්ධන සහ ආර්ථික වැඩපිලිවලට මරු පහරක් එල්ල වන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා ජාතිවාදී ප්‍රශ්න මතුවීමට ඉඩනොදී සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් සියලූ දෙනා කැප විය යුතු බවත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ පොසොන් උත්සවය සැමරීම පිළිබඳ කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (7) පැවති පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
‘‘අද මේ රැස්වීමට අපි මහා සඝරත්නයත් ප්‍රධාන ලේකම්වරුත් කැඳවලා තියෙන්නේ රටේ තියෙන ප්‍රධාන කාරණා කිහිපයක් ගැන කතා කරන්නයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා අපේ කටයුතු බොහෝමයක් නැවතුණා. ඒවා දැන් ආරම්භ කරගෙන යනවා. සමහර තැන්වල ඒ කටයුතු තවම ආරම්භ වෙලා නැහැ.
අපි සාමාන්‍ය තත්වයකට රට ගේන්නනම් මේ සංවර්ධන, පරිපාලන කටයුතු සිදුකළ යුතුයි. මේ කටයුතු සිදු නොවන නම් රට සාමාන්‍ය තත්වයකට, දියුණු තත්වයකට පැමිණිලා කියලා අපිට ප්‍රකාශ කළ නොහැකියි.
ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා මට දුන් ලේඛනවලට අනුව සමහර දිස්ත්‍රික්කවල කටයුතු ඉතා හොදින් කරගෙන යනවා. විශේෂයෙන්ම ගම්පෙරළියෙත් වැඩසටහන් ගණනාවක් කරලා තියෙනවා. රන්මාවත් වගේ ව්‍යාපෘති මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අවසන් කරලා ඒ විවෘත කිරීම් සිදු කළ යුතුයි.
සමහර වැඩසටහන් ඉතා සීඝ්රයෙන් කරන්න තියෙනවා. ඒ වගේම ගමට කෝටිය වගේ තවත් වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒවාට මුදල් ලැබුණාම ප්‍රමාදයකින් තොරව මේ කටයුතු සිදුකරන්න තියෙනවා.
දැනට එන ආරංචි හැටියට සමහර ව්‍යාපෘතිවල වැඩකටයුතු ආරම්භ කිරිමට නොහැකි වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිවල ගැටලූ තියෙනවා නම් විෂයභාර ඇමැතිතුමාට කියන්න. ඒ මට්ටමින් ඒවා විසඳන්න පුළුවන් අපි එම ගැටලූ විසඳගමු. නැත්නම් අපි මැදිහත්වෙලා මේ විදියට හරි ඒ ගැන සැකච්ඡා කළ යුතුයි.
මේ ව්‍යාපෘතිවල ප්‍රගතිය අපට මාසිකව අවශ්‍ය කරලා තියෙනවා. ඒ අනුව මම අමාත්‍යවරයාට කියලා තියෙනවා මාසිකව මේ ප්‍රගතිය ලබා දෙන්න කියළා. අතපසු වූ වැඩ කරගෙන යන්න දිස්ත්‍රික්කවලට රුකුලක් දෙන්න අපිට දැන් තියෙනවා.
අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන අංශයක් තමයි සංචාරක ව්‍යාපාරය. මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ තහනම් උපදේශනය නිසා රටවල් ගණනාවකින් ආපු සංචාරකයින් ආපහු පිටවෙලා තියෙනවා. සමහර හෝටල් වල එක කාමරයක්වත් පිරිලා නැහැ.
ඒ උපදේශන ඉවත්කරන්න අපි දැන් ක්‍රියා කරමින් ඉන්නවා. දැනට රටවල් කීපයක ඒවා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් තව කිහිපයක් අද හෙටම මේ තහනම ඉවත් කරන්න යනවා.
මේ සිද්ධියේදී මම තානාපතිවරුන් කිහිප දෙනෙකුට කතා කළා. ඒ අය කියන්නේ අපි එදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සූදානම් නොවී හිටියත් දැන් අවශ්‍ය කටයුතු ක්‍රියා කරගෙන යනවා කියලා. ඇත්ත වශයෙන්ම දැන් අයි. එස්. අයි. එස් ත්‍රස්ත කණ්ඩායම් ලංකාවේ නැහැ. මේ ත්‍රස්තවාදය රටින් ඉවත් කර ඇති බවට ඒ අය පිළිගන්නවා.
නමුත් මෙතන තව එක ප්‍රශ්නයක් තියෙනවා. මෙහේ ජාතිවාදී කෝලහාල ඇතිවෙයිද කියන තැනක ඒ අය ඉන්නවා. මේ විටින් විට ඇති වෙන සිද්ධි අද විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
වෙසක් උත්සවයේ දී සමහර අයට සැකයක් තිබුණා. තවත් සමහර අයට බියක් තිබුණා. අද ඒ සැකයයි බියයි දෙකම නැහැ. ඒ නිසා මෙවර පොසොන් උත්සවයත් ඒ වගේම සමරනවා.
දැන් හැම දිස්ත්‍රික්කයකම ඒ වැඩපිලිවල ක්‍රියාත්මක කරන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා. එයට සමගාමීව පන්සල් වලට ආධාර ලබාදීම, සියලූම ප්‍රදේශීය ලේකම් වලට දාන හා පිංකම් පවත්වන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා.යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එම හමුව සඳහා මහා සංඝරත්නය බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, පාංශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන්, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘කෙටිකාලීන වාසි ගන්න ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සනවා’