(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණයකින් හෝ ජාතික මැතිවරණයකින් මිස පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් බලය ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ නොදරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මහතා අද (22) පැවැසීය.
තවත් දින 89න් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තම පක්ෂය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බැවින් කෙටි ක්‍රම මඟින් බලය ලබාගැනීමට තමන්ට වූවමනාවක් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාගැනීම වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී පවත්වනු ලබන ජනරැලියේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ හා ලොතරයි මණ්ඩලයේ රථවාහන විශාල ප්‍රමාණයක් දැනටමත් මාතර දිස්ත්‍රික්කය පුරාම සැරිසරන බව කී විජේසේකර මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ අංශ වෙත පැමිණිලි කරන බවද පැවැසීය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින බුද්ධික පතිරණ හා සාගල රත්නායක මහත්වරුන් ද එම වේදිකාවට ගෙන්වා පෙන්වන ලෙසට තමන් මංගල සමරවීර අමාත්‍යවරයාට අභියෝග කරන බවද කංචන විජේසේකර මන්ත්‍රීවරයා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ඔළුගෙඩි මාරුවකින් බලය ගන්න පොහොට්ටුව උත්සහ ගන්නේ නෑ’